ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ පස්වෙනි කොටස… හ්ම්ම්.. හරි දැන් කට්ටියට යම් තරමකට තේරෙනව ඇති කතාව මොන වගේද ගලාගෙන යන්නෙ කියල. ඒත් ඉතිං හරියටම කියන්න බෑ මොනව මොනව වේවිද කියල. හරි පසුගිය කොටස් ගැන පොඩ්ඩක් මතක් කරගනිමු. පසුගිය කොටසෙදි අපි දැක්ක ජේස්ට දැන් එයාග…

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ පස්වෙනි කොටස… හ්ම්ම්.. හරි දැන් කට්ටියට යම් තරමකට තේරෙනව ඇති කතාව මොන වගේද ගලාගෙන යන්නෙ කියල. ඒත් ඉතිං හරියටම කියන්න බෑ මොනව මොනව වේවිද කියල.
හරි පසුගිය කොටස් ගැන පොඩ්ඩක් මතක් කරගනිමු. පසුගිය කොටසෙදි අපි දැක්ක ජේස්ට දැන් එයාගෙ මතකය අහිමි වීගෙන යනව කියල. හැබැයි ඇත්තටම වෙන්නෙ නම් අර යක්ෂ අම්මණ්ඩිගේ බලයට යටත් වුණු වෙලාවට ජේස්ට තමන් කවුද කියන එක අමතක වෙන එක.. ඒකත් වෙන්නෙ ජේස්ට නින්ද ගිහින් තිබුණොත් තමයි. අවදියෙන් ඉන්න වෙලාවට ඇයි එහෙනම් ජේස්ගෙ පාලනය ගිලිහෙන්නෙ නැත්තෙ. ඒකට උත්තරයත් ඔන්න පහුගිය සතියෙ අපි දැන්ගත්ත. ඒ තමයි ජේස්ගෙ හිතේ ක්ලැරීට තියෙන අපිරිමිත ආදරය.. ඒ වගේම ලූක් ජේස්ට ඔහුගේ අම්මට වැළඳිලා තිබුණු මානසික ආබාධය ගැන වගේම ඒකට නිසි ප්‍රතිකාරයක් නොලැබුණු නිසා ඈට සිද්ධ වුණු දේත් පැහැදිලි කරනව.. ඒ වගේම පැහැදිලි කරන්න බැරි හේතුවක් මත ජේස් බකමූණ වෙලා ගිහින් අර “මෝර්ගන්” කියන කෙල්ල භූතාවේශයෙන් මුදවනව.. මේ අතරෙ රෆායෙල්ට එයාගෙ සහෝදරිය “රෝසා” නැතිවුණා වගේම පහුගිය කොටසෙදි අර හිර කරගෙන ඉඳපු කෙල්ලපැනල ගිහින් කරපු ගාලගෝට්ටිය නිසා තව පොඩ්ඩෙන් රෆායෙල්ට ජීවිතෙත් අහිමි වෙනව. කොහොමහරි ඉසී, ක්ලැරී දෙන්න ගිහින් එයාවත් බේර ගන්නව. තව ලූක්ගෙ ඉල්ලීමකට අනුව සයිමන් තමන්ගෙ හිටපු නවාතැන අතෑරල දාල පිටමං වෙනව. ඔන්න ඔය අතරෙ ඔහුට අරුම පුදුම විදියට “කයිල්” කියල හාදයෙක් හමු වෙනව. ඒ වගේම කයිල්ගෙ නවාතැනේ නවතින්නත් සයිමන්ට අවස්ථාව ලැබෙනව. ඒත් තාමත් කයිල් කියන්නෙ අබිරහස් චරිතයක්.. අවසාන පොඩ්ඩෙදි දැක්කනෙ අර යක්ෂ අම්මණ්ඩි යනව මැග්නස්ව හමු වෙන්න. ඒ ඇයි..?
ඔන්න අද කතාවෙදි අපිට දැනගන්න පුළුවන් ඇයි යක්ෂ අම්මණ්ඩි මැග්නස්ව හමු වෙන්න ගියේ කියල.. මේ හමු වීමෙන් පස්සෙ මැග්නස්, අර යක්ෂණීට රැවටිලා කරපු වැඩේ නිසා ජේස්, ක්ලැරී දෙන්නටම ලොකු ගැටළුවක් ඇති වේවි අනාගතේදි.. ඒ වගේම ජේස් තීරණය කරනව නිහඬ නගරයේ නිහඬ සහෝදරයන් හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න. ඊට කලින් ජේස්, යනව සයිමන්ට පොඩ්ඩක් උදව් කරන්න.. ඒ ගිහින් සයිමන්ගෙ නවාතැනේදි ජේස්ට ඇතිවුණු සැකයක් නිසා කයිල්ගෙ කාමරේ කඩාගෙන ඇතුළු වෙලා පොඩි විපරම් පාරක් දානව.. ඒකෙදි කයිල් කියන හාදය කවුද, මොනවද කරන්නෙ, ඇයි සයිමන් පස්සෙ යන්නෙ කියන ඔක්කොටෝම උත්තර ලැබෙනව.. ඔන්න ඇලෙක්ට, මැග්නස්ගෙ පරණ ආදර කෝනතරයක් අහු වෙලා ඊර්ෂ්‍යාවෙන් පුපුර පුපුර ඉන්නෙ.. ඒක අස්සෙ ඉසී අර ඩොකා එක්ක පැටලේවිද කියලත් නිකමට හිතෙන සිදුවීම් කීපයක් වෙනව.. ඉසී අද තනියම යකෙක් එක්කත් හැප්පෙනව.. ක්ලැරී මේ අතරෙ ජේස්ට උදව්වක් ගන්න පුළුවන්ද බලන්න ඉතෝරියල් කියන සුරදූතය කැඳවනව.. එතනදි වෙන සිදුවීමට නං මං එච්ච්ර ආස නෑ.. ඔන්න එහෙනම් බලන්නකො මොකෝ වෙන්නෙ කියල.. ඊලඟ කොටස අරගෙන ආපහු එන්නම්..
බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,531 downloadsDownload Shadowhunters-S03E05.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
13 comments
lahiru sadaruvan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Randi
සිංහල උපසිරැසියට ස්තූතියි.
suranuwan
thanks bro.....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්.....
මේකත් cancel කරලා නේ..උදයංග සම්පත් හතරසිංහ
සිරාවටම.. අඩෝ මං දන්නෙ නෑනෙ.. එහෙනම් ඉතිං සොරි තමයි :/
උදයංග සම්පත් හතරසිංහ
ඔව්.. කැන්සල් කරල.. අවුලක් නෑ Season 3B එනව..
Udara Damith Dissanayaka
ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Snake_Eye
thnx bro
MAALnath
Thanks ...............good luck ....................
Sandarunimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thank you so much aiye