ආයුබෝවන් මිත්‍රවරුණි..! ඔන්න ආයෙත් හමුවෙන්නෙ සෙවනැලි දඩයක්කාරයෝ එක්ක දඩයමේ යන ගමන්. එහෙනම් බලමු කලින් කොටසෙ මොනවද වුණේ කියල. පසුගිය කොටසින්.. ඉතිං කලින් කොටසෙදි රෆායෙල් කියපු තොරතුරු අනුව සයිමන් ඉසී එක්ක යනව පරණ වැම්පයර් හොයාගෙන. එහෙම යන සයිමන්ට ඇත්තටම පුරාවෘත්ත වල එන “කේන්” හමු වෙනව. මේ කේන් ලඟ තම…

ආයුබෝවන් මිත්‍රවරුණි..!
ඔන්න ආයෙත් හමුවෙන්නෙ සෙවනැලි දඩයක්කාරයෝ එක්ක දඩයමේ යන ගමන්. එහෙනම් බලමු කලින් කොටසෙ මොනවද වුණේ කියල.
පසුගිය කොටසින්..
ඉතිං කලින් කොටසෙදි රෆායෙල් කියපු තොරතුරු අනුව සයිමන් ඉසී එක්ක යනව පරණ වැම්පයර් හොයාගෙන. එහෙම යන සයිමන්ට ඇත්තටම පුරාවෘත්ත වල එන “කේන්” හමු වෙනව. මේ කේන් ලඟ තමයි සයිමන්ගෙ නළලෙ තියෙන සලකුණේ සැබෑ සලකුණ තියෙන්නෙ. ඉතිං මෙහෙම හමුවෙන කේන්, සයිමන්ට කියනව සලකුණ ඉවත් කරන විදිය ගැන. ඒක හරිම වේදනාකාරීයි කියල දැක්කනෙ. සයිමන් නොමැරී මැරුණ, සිලී රැජිණ කිව්ව විදියට සලකුණ අයින් කරන්න ගිහින්. කොහොමහරි මේ වෙලාවෙ සයිමන් මැරෙන්න යන නිසා ඉසී ලොකු තීරණයක් ගන්නව. මතක ඇතිනෙ කට්ටියට ඉසී යින්-ෆින් වලට ඇබ්බැහි වෙලා නිසා වැම්පයර් කෙනෙක් ඉසීගෙන් ලේ බිව්වොත් ආපහු ඒ ඇබ්බැහිකම ඇති වෙනව. නමුත් ඉතිං ඉසී තමන්ගෙ ජීවිතයට වෙන අනතුර ගැන හෝ නොහිතා සයිමන්ට ලේ බොන්න දෙනව. මේ අතරෙ ජොනතන් ක්ලැරී එක්ක පැරිස් වල රවුම් ගහගහ තමයි ඉන්නෙ. ලූක් දුන්නු ඉඟි අනුව වැඩ කරල ජේස් හොයා ගන්නව ක්ලැරී ඉන්නෙ පැරිස් වල කියල. ඒ නිසා කට්ටිය පැරිස් වලට යනව. ජොනතන් “උදාතරු අසිපත” කියල පවුලේ පෞරාණික අසිපතක් හොය හොයා ඉන්නෙ. ඒකෙ රහස අපි තාම දන්නෙ නෑ. මෙහෙම ඉන්නකොට තමයි ඇලෙක්, ජේස් සහ ලූක්, ක්ලැරී ඉන්න තැනට යන්නෙ. එතනදි කාටවත් මොකුත් කරගන්න බැරි වෙනව, මොකද ජොනතන්ට කරන ඕනම දෙයක් ක්ලැරීට බලපාන නිසා. ඒ අවසරයෙන් ජොනතන් පැන ගන්නව.
අද කොටසින්..
යින්-ෆින් විෂ නිසා ආයෙත් ඉසී අසනීපයෙන් ඉන්නෙ. මේ අතරෙ ජොනතන් කොහේහරි ඉඳගෙන ක්ලැරීට වද දෙනව. කට්ටියට මතකද මන්ද “හයිඩි” කියන වැම්පයර් කෙල්ල. එයා තමයි සයිමන්ට, එයාගෙ සහෝදරීගෙ ලේ බොන්න සලස්සල සයිමන්ගෙ අම්මව පිස්සු වට්ටන්නෙ. ඊට පස්සෙ සයිමන්, ජොර්ඩන් එක්ක එකතු වෙලා එයාව පේට්‍රෝ එකට අල්ලල දුන්න. හැබැයි එයා මඟදි පැන ගත්තනෙ. ඔන්න අද එයා ආයෙත් කරලියට ඇවිල්ල මහ විනාශයක් කරනව. ලූක් මේරිස් එක්ක එකතු වෙලා උදාතරු අසිපත ගැන විස්තර හොයනව. ඉසීගෙ ඉල්ලීමකට අනුව, ග්‍රින්ලොව් කියල කෙනෙක් ක්ලේව් පහළ ලෝක වාසීන්ට වධහිංසන කරන එක ගැන විස්තර කියන්න ඉසී හොයාගෙන එනව. නමුත් ඉසීට ඒ තොරතුරු ගන්න වෙන්නෙ නෑ. මේ අතරෙ මායා-සයිමන් ආදර කතාව අවසාන වෙලා ඉසී-සයිමන් ආදර කතාව දළුලා වැඩෙයි කියල හිතන්න පුළුවන් කාරණා මතු වෙනව. ඒ වගේම ලූක්ගෙ රැලට අලුත් ඇල්ෆා කෙනෙක් එහෙම පත් වේවි කියල හිතන්නත් පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්.. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,690 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E13.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
47 comments
sachintha
dsdkavishka
Thenks bro
suranuwan
thank you.....
kavith palansuriya
අයියේ සබ් එක ස්තූතියි. Supergirl SO4E13 ටයි 14 ටයි සුබ් එක දාන්න :D
උදයංග සම්පත් හතරසිංහ
ඉක්මනට දෙන්නම් මල්ලි.. ජොබ් එක එක්ක මම හිරවුණා.. ඒත් කොහොමහරි හෙට අනිද්ද වෙද්දි දෙනව..
kavith palansuriya
thanks
thatte
S.P.Prashath Madushanka
sub dennadda bro ithiri tikata.asawen balana awe kathawa thawa epi 9ine thiyenne A tikatath sub dennako please.
Wishwa1
dannnm masa 5k withra una plz sub eka d3nnkooo
Shashi
උපසිරැසියට ස්තුතියි
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmina_Nurasha
Thanks
Sahan Sulakkhana
අනේ සහෝ ඊළඟ කොටහත් sub එක දෙන්න,උපසිරසියට ස්තුතියි සහෝ......!!
sandali himasha
S3 : E14 , E15 Sub දාන්නේ නැද්දා...
Yehan_binara
Mchan Epi 14 15 16 17 sub dennakoo,,sub nathuwa download krla thiygena balan innwa bn...
Mr.pamz
Thanks
nimeshdesilva
thanks aiyeeee, anith 14 idan thiyana episode wala sub thuth dennakoooo
Sahan Sulakkhana
ane meke ithuru tikatath sub dennko, aduma thrame season 3 eka iwara wenkmwath.
Rumesh Perera
Machan sub dena eka maga nawaththanna epa kollo. Mechchara kal apita meke sub dunna wage ithuru tikak demu. Cheers !!
Chathinka Pinipun
තව කොටස් 10ක් තියේනේ..
Marian Avanthi Gunathilake
eelaga kotas tikatath denawada? bohoma pin..
madawaththa
Tnx brother..
thatte
Plzz ඉතුරු එපිසෝඩ් ටිකේ සබ් ටිකත් දාන්නකෝ
Heshan
දාපු සබ් ටිකට තෑන්ක් අයියේ ඉතුරුටිකේ සබ් දාන්නෙ කවද වගේද
Rumesh Perera
කියන්නනම් කනගාටුයි මච්චර කාලයක් නම් බයිස්කෝප් එකෙ මෙහෙම උනේ නැහැ..
අලුතෙන් එන ටීවී සීරීස් වලට සබ් දෙන්න කලින් පටන් ගත්ත ඒවට සබ් දීල ඉන්න.
Supergirl, Shadowhunters, Legends of tomorrow කීයක් නම් මග නැවත්තුවද? ඕගොල්ලොන්ගේ ෆෑන්ස් ලට සලකනව කියන්නෙ අලුතෙන් එන එන ටීවී සීරීස් වලට සබ් දෙන එක නෙමෙයි, දෙන එක හරියට දෙන එක මේවගෙ මග නවත්තන් නැතුව.සබ් කරන්න කට්ටිය අඩු ඇති.. එහෙමනම් අලුතෙන් එන එවට සබ් දෙන එක නවත්තල අවුරුදු ගානක් තිස්සෙ දුන්න දේ ඉවර කරල ඉන්න එකයි කරන්න ඕනෙ…
කොහොම උනත් මෙතෙක් කාලයක් තමන්ගෙ වෙලාවන් කැප කරගෙන අපි සඳහා මේවාට සබ් දුන්න සියලු දෙනාට බොහොම ස්තූතියි. මෙය වැරදියට ගන්න එපා. මේ සඳගා අවදානය දෙන්න. ස්තූතියි.
dx12
Ow bn eka aththa.
Nadeesha rox alahakoon
Ow bn thawa kotas 9k witharane thiyenne.
Heshan
Plzz ඉතුරු එපිසෝඩ්ටිකේ සබ් එකත් දාන්නකෝ
MAALnath
Thanks ..................good luck ....................
Rumesh Perera
මෙකයි සහෝල මෙගොල්ලො කරන්නෙ... බයිස්කෝප් සයිට් එක දැන් හොද තැනක තියෙන්නෙ කව්රු නිසද කියල මෙගොල්ලොන්ට දැන් මතක නෑ.
මේ සයිට් එක ලංකාවේ පලවෙනි තැනට ගන්නකන් මෙගොල්ලො මේ සයිට් එකට එන සියලු දෙනාට අහුන්කන් දුන්න. සයිට් එකට එන කට්ටියගෙ වැඩි කැමැත්ත අනුව සබ් දුන්න අපි කමෙන්ට් එකක් දැම්මම එව ගැන බලල එවට උත්තර දුන්න කොටින්ම කිවුවොත් ඇඩ්මින් එකයි මෙකට එන අයයි පවුලක් වගෙ හිටියෙ.කියන්නත් කනගාටුයි දැන් මේකෙ එහෙම දෙයක් නෑ. මොකද මේ සයිට් එක ලංකාවේ උඩටම අවිත් ඉවරයි. ඉතින් අපෙ අදහස් මේගොල්ලොන්ට වැඩක් නෑ. අපි මේ දෙන දේවල් බැලුවත් එකයි නැතත් එකයි.. දැන් මේකෙ තියරිය මේගොල්ලො දෙන දේ අපි බලන්න ඔනෙ. එගොල්ලොන්ට ඔනෙ නම් ඔනෙ දෙයක් මගින් නවත්වල අලුතෙන් ආපු දෙකට සබ් දෙනව.. හැබැයි එක නෙමෙයි වෙන්න ඔනෙ. පටන් ගත්ත දේ ඉවර කරල ඉන්න එකයි.. මොකද මේවගේ ටීවී සීරීස් එක්ක කී දේනෙක් නම් කාලයක් තිස්සෙ රැදිල ඉන්නවද?? එක ගැන හිතන්න.
සබ් දෙන අය අඩුනම් ඉන්න අයට අලුතෙන් එන එන එවට සබ් දෙන්න කලින් මග නැවතුන එව, දුන්න එවගෙ අලුත් සීසන් වලට දෙන්න කියල දැනුවත් කරන්න. උදාහරණයක් විඩියට Siren Season 02 වගෙ එවට දෙන්න. එවා අසාවෙන් බලන්න පුලුවන් කතා..
සමහර විට මගේ මේ අකවුන්ට් එක අයින් කරයි මේ කමෙන්ට් එක දැම්ම කියල. කමක් නෑ.. මේ දේ ඇඩ්මින් එකටත් එන කට්ටියටයි දැනගන්න මිසක් වැරදි අදහසකින් මෙක දානව නෙමෙයි. අපි කගෙ අතිනුත් වැරදි වෙනව. අපි එව හදාගෙන ඉසසරහට යමු. ජය වේව!!
lliioonn
aniwa eka atta bn
S.P.Prashath Madushanka
thanks bro sub ekata
shihan madu
aei yakuuuu ithuru tikata sub denne nettee
menaka787
ithuru tika ko
Nadeesha rox alahakoon
Ithuru kotas tikatath sub tika diyanko bn puluwn ikmnt. Subt thanx bn
lliioonn
bro wade ele ituru sub tikath danawada ?
Wishwa1
meka gnath slaka blnna
kushan nimesh
ela ithuru sub tika dawanawada press
Wishwa1
ethuruwata sub dennakoo bro
Piumi vinodya
next episodes walatath sub denwdo
dehan95
සීසන් 3, 13 වෙනි කොටස වෙනකං සබ් දුන්නට තැන්ක්ස්. ඒත් ඇයි දැන් නතර කලේ.... download කරන ගාන අඩු හින්දද නතර කලේ .... සීරිස් එක පටන් ගත්දිමදි කිවුවා ඉවර වෙනකං දෙනවා කියල... තව කොටස් 9 යි තිබ්බෙ... අනිත් එක මේ finale series එක..තව දුරටත් renewed කළේත් නැ...sub download කරපු ලංකාවේ shadowhunters fansලට මේක අසාධාරණයක්....
මේ කතාව මේ අවුරුද්දෙ ඇමරිකාවේ peoples choice award & teen choice award වල හොඳම sci fi & fantasy series එක විදිහට සම්මානත් ගත්තා....මං පවා vote කලා people choice award එකේදී.... ලොකේ හරිම ජනප්‍රියයි වගේම මං බලපු හොඳම fantasy series එක....හරිම කනගාටුයි කතාව මග නතර වුන එක ගැන...මේක Netflix original කතාවක් නම් ඔහොම මග නතර වෙන්නේ නැ....දැන් මේ site එකේ දෙන්නම Netflix series... Netflix series ඇත්තටම සුපිරියි...ඒත් මෙහෙම අනිත් tv channel වල කතා මග නතර කරන එක........වැඩක් නැ මෙහෙම comments දැම්මත්... upcoming n series * dec 20 the witcher/ dec 24 lost in space s2, upcoming series on January including october faction,the chilling adventures of sabrina part 3 , dracula මේ කතා ටික නම් උඩ පැනගෙන දෙයි.....
#saveshadowhintersPiumi vinodya
Anith episode walata sub one
Wishwa1
ikmnta sub eka denna thwa epi 9i thyenne supergirl sub dena ekth magin nawathuwa mekath nawathalada aye shadowhunters sub denne nadda..?
Piumi vinodya
Ituru sub tikath ikkmnata dennko
Chamod_Sasitha
ai meka nathara kale thawa poddane thiyenne dukai mehema weddi. iwara wenakalma denawa kiyalath mehema kalama awl yanawa
chinthaka.max4
thankx machan
Sandarunimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය