Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E14] Sinhala Subtitles | රෝස මලෙන් හාදුවක්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! මම දන්නව මට මේ කතා මාලාව එක්ක ලොකු චෝදනාවක් ආව, සීරීස් එක මඟ නතර කළා කියල. නමුත් මං තැන් කීපකයකම පොරොන්දු වුණා මොන යම් වෙලාවක හෝ මම මේ සීරීස් එක සහ ටෙරර් සීරීස් එක සම්පුර්ණයෙන්ම ලබා දෙනව කියල. මේ උත්සාහ කරන්නෙ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. අමනාපයක් නිසා නෙවෙයි, මට කියන්න වෙනව ඇයි මම මේ […]

ආයුබෝවන්..!

මම දන්නව මට මේ කතා මාලාව එක්ක ලොකු චෝදනාවක් ආව, සීරීස් එක මඟ නතර කළා කියල. නමුත් මං තැන් කීපකයකම පොරොන්දු වුණා මොන යම් වෙලාවක හෝ මම මේ සීරීස් එක සහ ටෙරර් සීරීස් එක සම්පුර්ණයෙන්ම ලබා දෙනව කියල. මේ උත්සාහ කරන්නෙ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. අමනාපයක් නිසා නෙවෙයි, මට කියන්න වෙනව ඇයි මම මේ සීරීස් එක නතර කරල වෙන ඒවට මාරු වුණේ කියන කාරණාව ගැන. ඒකට ප්‍රධානම හේතුව මේ කතා මාලාව නරඹන පිරිස ඉතාම අඩු වීම. මේ වගේ එක එපියක ලයින් 600+, 700+, 800+ ලයින් ප්‍රමාණයක් උපසිරැසි ගන්වල, බාගත කරන ප්‍රමාණය 200ක් නම්, ඒ උපසිරැසිය වෙනුවෙන් ගත්ත මහන්සියට වටිනාකමක් ලැබෙනව ද? ඔබ එක උපසිරැසියක් හරි නිර්මාණය කරපු කෙනෙක් නම් මං කියන්න අවශ්‍ය නැහැ මේ උපසිරැසියක් කරන්න ගතවෙන කාලය සහ ඒකට මහන්සි වෙන්න අවශ්‍ය ප්‍රමාණය ගැන. ඒ කරල අපිට මොනවද ලැබෙන්නෙ?

හුදෙක් ආත්ම තෘප්තියක් විතරයි. ඒකත් නැති වෙන තැන් ඕන තරම් තියෙනව, පුංචි වරදක් හරි, ප්‍රමාදයක් හරි නිසා අහන්න වෙන බැනුම් ප්‍රමාණය සලකා බැලුවම. මේ වෙනකොටත් උපසිරැසිකරුවන් අපහසුවට පත් වෙන, උපසිරැසි කිරීමේ තෘප්තිය නැති වෙලා යන සිදුවීම් ඕන තරම් වෙනව. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. එහෙම සර්ව සම්පූර්ණ නම් ඒ අය සිංහල උපසිරැසියක් දාගෙන චිත්‍රපටියක්, සීරීස් එකක එපිසෝඩ් එකක් බලන්නෙත් නෑ. එහෙම නැත්තං සයිට් එකකින් සබ් එක දානකල් මඟ බලාගෙන ඉන්නෙත් නෑ. මේ එකක්වත් මම කාගෙවත් හිත රිද්දන්නවත්, කවුරුවත් ඉලක්ක කරල කිව්වවත් නෙවෙයි. බයිස්කෝප් එකේ පරණ සබ් එකක කමෙන්ට් තීරුවක් නිකමට කියවල බලන්න. ඒ කාලෙ වරදක් පෙන්නල තියෙන හැටි, නොදන්න දෙයක් කියල දීල තියෙන හැටි, කොච්චර සංයමයකින්, ලෙංගතුව සිද්ධ වෙලා තියෙනව ද කියල. යම් කෙනෙක් තමන් තුළ තියෙන මනුෂ්‍ය ගුණාංග මරා ගත්තට පස්සෙ කරන්න බැරි අපරාධයක් නෑ. මේ හැමදේම කරන උපසිරැසිකරුවාගෙ ආත්ම තෘප්තිය බිඳ වැටුණු දවසක ඒ කෙනා සබ් දෙන එක නතර කරනව. ඒකෙ පාඩුව අපි හැමෝටම සම සේ විඳින්න වෙනව. මේ ටික කිව්වෙ නොකියාම බැරි නිසා. තරහ අවසර, කාගෙවත් හිත රිද්දන්න නෙවෙයි මං උඩ කී කතාව කිව්වෙ.

හරි, ඔන්න ඉතිං නතර වුණු තැන ඉඳල ආයෙත් පටන් ගමු මේ කතා මාලාවේ අවසාන කතාංගයන් 9. කට්ටියට මතක ද දන්නෙ නෑ, යින්-ෆින් විෂ නිසා ආයෙ ආයෙත් ඉසී අසනීප වෙමින් ඉන්නෙ. මේ අතරෙ ජොනතන් කොහේහරි ඉඳගෙන ක්ලැරීට වද දෙනව. කට්ටියට මතකද මන්ද “හයිඩි” කියන වැම්පයර් කෙල්ල. එයා තමයි සයිමන්ට, එයාගෙ සහෝදරීගෙ ලේ බොන්න සලස්සල සයිමන්ගෙ අම්මව පිස්සු වට්ටන්නෙ. ඊට පස්සෙ සයිමන්, ජොර්ඩන් එක්ක එකතු වෙලා එයාව පේට්‍රෝ එකට අල්ලල දුන්න. හැබැයි එයා මඟදි පැන ගත්තනෙ. ඔන්න අද එයා ආයෙත් කරලියට ඇවිල්ල මහ විනාශයක් කරනව. ලූක්, මේරිස් එක්ක එකතු වෙලා උදාතරු අසිපත ගැන විස්තර හොයනව. ඉසීගෙ ඉල්ලීමකට අනුව, ග්‍රින්ලොව් කියල කෙනෙක් ක්ලේව් පහළ ලෝක වාසීන්ට වධහිංසන කරන එක ගැන විස්තර කියන්න ඉසී හොයාගෙන එනව. නමුත් ඉසීට ඒ තොරතුරු ගන්න වෙන්නෙ නෑ. ඒ වගේම ලූක්ගෙ රැලට අලුත් ඇල්ෆා කෙනෙක් එහෙම පත් වුණා.

අද කතාංගයෙන්..

ඉතිං හයිඩිගෙ හිතේ ලොකු සැලැස්මක් තියෙන බව අපි දැක්කනෙ. ඔන්න ඒක අද ක්‍රියාත්මක වෙනව. මේක සමූල ඝාතනයක් බවට පත් වෙන්නෙ, ජෝර්ඩන් හට රිදී තලයකින් පහරකුත් වැදිල. වෘකයන්ට රිදී විෂයි කියල අපි දන්නවනෙ. ඉතිං මායා ජෝර්ඩන්ව කොහොමහරි බේර ගන්නව වුණත්, මේ දෙන්න ජේඩ් වුල්ෆ් එක ඇතුළෙ හිර වෙනව. ජෝර්ඩන් ඉන්නෙ රිදී විෂ වීම නිසා පණ අදිමින්. මේ අතරෙ ජේස් සහ ක්ලැරී දෙන්න කාලෙකට පස්සෙ විනෝද වෙන්න කියල එළියට යනව. මේ සිදුවීම ඔක්කොම කණපිට හැරෙනව ජොජොනතන් නිසා. ඒ වගේම මැග්නස්ට එයාගෙ මායා බලය ආපහු ලැබුණ වුණත් ඒකට ලොකු වන්දියක් ගෙවන්න වෙනව. ඇලෙක් සහ මැග්නස් “උදාතරු අසිපත” හොයාගෙන යනව. මැග්නස්ගෙ මායා බලය ඔහුට සම්පුර්ණයෙන්ම ලැබුණ ද? නැත්තං වරදක් තියෙනව ද? එතකොට ක්ලැරී ඇයි වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ? උත්තර ඕන කට්ටිය මෙතැන් ඉඳල සෙවනැලි දඩයමට එකතු වෙන්න. ඊලඟ කතාංගය එක්ක හැකි ඉක්මනින් මුණ ගැහෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,227 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E14.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,227 downloadsDownload Subtitles27 KB

18 comments

  1. Anonymous

    tnx bro mekata sb 1 denawata

  2. malithmadhushan45

    සුපිරි තමා අහ්හ් උදයංග අයියේ

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :) නවත්තන්නෙ නැතුව සබ් දෙන්න.. දිගටම මේක බලන අයත් ඉන්නවා ආත්මාර්ථකාමීකමකට දිගටම සබ් දෙන්න කියනව කියලත් හිතෙනව මොකද ඔයාගෙ පැත්තෙන් හිතුවම ඔයා සාධාරණයි

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. Sabdaru

    Thanks aye meka dunnata saho

    1. MAALnath

      Thanks ..............good luck ....................

  6. Anonymous

    thank you very much. jayen jayama wewa

  7. Sahan Sulakkhana

    sub ekata bohomathma sthuthiyi sahodarayaa, ape illeem walata ahumkn deem agan, me kathaa maalawa iwara welaa thiyna eke me tikath deelama iwarayakma karalaa daamu. oyaata jaya wewa!

    1. dehan95

      ස්තූතිය ඔයා ආයේ ෂැඩෝහන්ටර්ස් සිරීස් එකට සබ් දෙන එකට..සීරිස් එක ඉවර වෙලා මැයි 6 වෙනිදට අවුරුද්දක් වෙන්නත් කිට්ටුයි.විශේෂයෙන් පොරොන්දුව ඉෂ්‍ට කරන එක අමතක වුන එක නැති එක ගැන...සුබ පතනවා...ඉතිරි ටිකත් දීලා ෂැඩෝහන්ටර්ස් ඉවර කරමු..ලංකාවේ මේ සීරිස් එකේ ෆැන්ස්ලා අඩු වුන එක ගැන කනගාටුයි. මේක සුපිරි ෆැන්ටසේ සිරීස් එකක්..ඒක මේ සිරීස් එක ලබපු සම්මාන ඔප්පු කරනවා..#saveshadowhunters

  8. Savindu_Ishan

    Thanx ❤️❤️ Fringe සීරීස් එකේ ඉතුරු එපි ටිකටත් පුලුවන් නම් දෙන්න බලන්න. අප⁣රාදෙ සුපිරිම සීරීස් එකක්.

  9. Rasindu Perera

    අම්මෝ සබ් දෙන්න පටන් අරන්....
    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකේ ඉතුරු එපි ටිකත් දීලා දාමු..
    තව ටිකයිනෙ තියෙන්නේ....
    බලන කට්ටිය අඩු උනත් Series එකම complete තියෙන එක සයිට් එකටත් හොදයිනේ....

  10. Devinda

    මචෝ බොහොම ස්තුතීයි ඔබගෙ පොරොන්දුව ඉෂ්ඨ කිරීම සම්බන්ධව. එවාගේම ඔබගෙ මහන්සිය තරමට ඩවුන්ලෝඩ් 200ක වත් ප්‍රතිඵල ලබෙන් නැති වීම ගැන ඔබ ඉහත සදහන් කිරීම එක හෙලා මා පිලිගන්නවා.. ඔබට නෙමෙයි කාට උනත් තමන් මහන්සියෙන් දෙයක් කරල අපි වෙනුවෙන් දුන්නම එකට මඩ බැනුම් චෝදනා එල්ල කරනවනම් ඒක වැරදී.. කෙසේ වෙතත් සැලෙන්න එපා සහෝ දාරයා.. දිගටම ඉමු.

    ඒවගේම මගෙන් පොඩි උපදෙසක් දෙන්න කැමති, එනම් මෙම බයිස්කොප් එකේ ඔනේ තරම් තියනව ඩවුන්ලෝඩ් 50ක් වත් එන්නෙ නැති ටීවී සීටීස් හැබැයි නොකඩවා සබ් දෙන ඉතින් මන් කියන්න කැමතී එවගේ තේරුමක් නැති ඒව කරන එක නවත්වල මග නැවතුනු මේවගේ කතා මාලා ඒ සබ් කරුවන් ට ලබා දෙන්න. එවගෙම 200 ඩවුන්ලෝඩ් වලට පමනක් සීමාවක් දාන්න.. එතනින් අඩු එව නවත්වන්න.. මොකද සහෝ 200 කිවුවාම පොඩි ගානක් වගේ පෙනුනට 200ක් කියන්නෙ ඇත්තටම ලොකු පීරිසක්..

    ජය වේව!!

    1. Devinda

      සහෝ මට තව පොඩි නිවැරදි කීරීමක් කරන්න අතපසු උනා.. මෙම කතා මාලාවේ දෙවනි සීසන් එකේ බාගත කිරීම් එනම් ඩවුන්ලෝඩ් ප්‍රමාණය 200න් නෙමෙයි සහෝ 2000+න් උඩ තියෙන්නෙ. එවගෙම මෙහි තුන්වන 03 සීසන් එකේ බාගත කිරීම් එනම් ඩවුන්ලෝඩ් ප්‍රමාණය 500+ තියෙන්නෙ.. ඉතින් සහෝ ඔබගේ මහන්සිය අපතේ ගිහින් නෑ ඔබගේ මහන්සියට ප්‍රතිඵල ලැබිලයි තියෙන්නෙ සහෝ.

      මෙය දොසක් නොවන බවත් හුදෙක් නිවැරදි කීරීමක් පමණයි. ජය වේව!!

  11. Thamira

    Kuhakayo mona kiuwath machan mekata digatama sub diyan. Mokada meka asawen balan un gena hithalawath. සබ් එකට thanks bro

  12. suranuwan

    thanks bro..

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. chinthaka.max4

    thankx machan

  15. Sandaru Nimsara

    Sub ekata thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.