Watch Trailer

True Detective [S03 : E05] Sinhala Subtitle | සාක්ෂි ඇටවීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න ඔයාලට පස් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වේන් හේස් සහ රෝලන්ඩ් වෙස්ට් සිදු කරන පරීක්ෂණයෙදි ප්‍රාදේශීය දේව සභාව සහ පර්සෙල් ළමයින්ගේ සිද්ධිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා යම් ඉඟියක් ඔවුන්ට ලැබෙනවා. ඉතින් මොවුන් මේ දේව සභාවට එන කට්ටියගෙන් ප්‍රශ්ණ කරන්න සූදානම් වෙ…

ඉතිං යාළුවනේ ඔන්න ඔයාලට පස් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වේන් හේස් සහ රෝලන්ඩ් වෙස්ට් සිදු කරන පරීක්ෂණයෙදි ප්‍රාදේශීය දේව සභාව සහ පර්සෙල් ළමයින්ගේ සිද්ධිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා යම් ඉඟියක් ඔවුන්ට ලැබෙනවා. ඉතින් මොවුන් මේ දේව සභාවට එන කට්ටියගෙන් ප්‍රශ්ණ කරන්න සූදානම් වෙනවා. ඒ අතර අර හොය හොයා හිටිය එක ඇහැක් අන්ධ උන පුද්ගලයා කියලා හිතන්න පුළුවන් විදිහේ කෙනෙක් හොයාගන්නත් මේ දෙන්නා සමත් වෙනවා. ඒත් ඔහුගෙන් හරිහමන් සාක්ෂියක් අහගන්න බැරි වෙනවා. සමහරවිට ඒ ඔවුන් හොයන පුද්ගලයා නොවී වෙන පුද්ගලයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ අතරේ ටොම් පර්සෙල් මේ වෙනකොට හොඳටම මානසිකව වැටිලා ඉන්නේ.

විල් පර්සෙල් හෙවත් පිරිමි ළමයගෙ බයිසිකලය ගැන අපේ රහස් පරීක්ෂකවරු දෙන්නට දැනගන්න ලැබෙන්නේ මේ වෙලාවෙ තමයි. ඒ අතරේ ඇමීලියා යනවා ළමයි දෙන්නගෙ අම්මා, ලූසි ව හොයාගෙන. ගිහින් ලූසිගෙන් විස්තරයක් දැනගන්න හැදුවත් ඒක එච්චර සාර්ථක වෙන්නෙ නෑ..

මේ කොටසෙදි අර වුඩාඩ් හාදයට නෙලපු සෙට් එක ඔහු පස්සෙන් පන්නනවා. ඒ අතරේ විල් පර්සෙල් ගෙ බෑග් එක තැනක තිබිලා පොලිසියට හසු වෙනවා. ඉතිං යාළුවනේ. මෙදා පාර මොනවද අලුතින් හම්බවෙන හොඩුවාවල්? වුඩාඩ් ට මොනවා වේවිද? විල් ගෙ බෑග් එක හම්බෙන්නේ කොතන තිබිලද? විල් ගෙ බයිසිකලේට උනේ මොකක්ද? කියලා මේ කොටස නරඹලා දැනගන්න. මීලඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,226 downloadsDownload True-Detective-S03-E05.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

2,226 downloadsDownload Subtitles34 KB

10 comments

  1. PramothC

    Thanks.... අයියේ කාලෙකින් ඔයාගෙ සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බැලුවෙ නෑ.. සුපිරි ෆිල්ම් එකක් දෙන්නකො.. බලාගෙන ඉන්නව හොඳේ..

  2. Bandara

    blacklist s07 sub dennako

    1. sachintha

      Blacklist S07 ටත් සබ් දෙනකන් හුගක් කල් ඉදන් බලන් ඉන්නවා...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. kasun@rko

    Thanks broo sub ekata

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :)

  6. Chandima Prasad

    thankz sub ekata...

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. akalankagayan

    Thnx ....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P