වැඩිම පිරිසක් මග බලාගෙන ඉන්න House Of The Dragon කතා මාලාවේ හත්වෙනි කතාංගය අරන් මේ එන්නේ. ඔයාලා නොඉවසිල්ලෙන් බලන් ඇති කලින් සතියෙන් පස්සේ මොනවද වෙන්නේ කියලා බලාගන්න. ඉතිං ඒ කොටසේ වුණු දේවල් ගැන පැහැදිලි අවබෝදයක් ලබාගන්න අද ලිපිය කියවන්න කියලා ආරාධනා කරනවා. මොකද GoT වගේම තමා, HotD වලදිත් මාටින්ගේ වි…

වැඩිම පිරිසක් මග බලාගෙන ඉන්න House Of The Dragon කතා මාලාවේ හත්වෙනි කතාංගය අරන් මේ එන්නේ. ඔයාලා නොඉවසිල්ලෙන් බලන් ඇති කලින් සතියෙන් පස්සේ මොනවද වෙන්නේ කියලා බලාගන්න. ඉතිං ඒ කොටසේ වුණු දේවල් ගැන පැහැදිලි අවබෝදයක් ලබාගන්න අද ලිපිය කියවන්න කියලා ආරාධනා කරනවා. මොකද GoT වගේම තමා, HotD වලදිත් මාටින්ගේ විශ්වයේ අතීතය සහ අනාගතය යා කරන සිදුවීම් ගොඩක් ඇතුලත් කරලා තියෙනවා. ඉතිං කතාවේ හරිම රස අරගන්න ඒ දේවල් ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඕනෙමයි. එහෙනම් තවත් පරක්කු නොකර ලිපියට යමු.
පසුගිය කොටසින්
සීරීස් එකේ මේ වෙනකන් ගත්ත දිගම “ටයිම් ජම්ප්” එක වුණේ හයවෙනි කොටසෙයි. මේ කොටසේ සිදුවීම් ආරම්ඹ වෙන්නේ පස්වෙනි කොටසේ රෙණෙයිරාගේ විවාහයේ සිදුවීම් වෙලා අවුරුදු දහයකට පස්සේ. ඉතිං කතාවේ ප්‍රධාන චරිත කිහිපයකම මුහුණුවල ඉඳන් හැසිරීම් පවා සෑහෙන දුරට වෙනස් වෙලා තිබුණා.
විශේෂයෙන්ම මෙතනදි මතක් කරන්න ඕනේ පළවෙනි කොටස් පහේදි රෙණෙයිරා ටාගේරියන් සහ ඇලිසන්ට් හයිටවර් චරිත රඟපෑ Milly Alcock සහ Emily Carey දෙන්නා පස්වෙනි කතාංගයෙන් පස්සේ කතා මාලාවෙන් සමුගත්තා. ඔවුන් වෙනුවට ආයේ අපිට බලාගන්න ලැබෙන්නේ Emma D’Arcy සහ Olivia Cooke දෙදෙනාවයි. අපි ආදරය කරපු මුහුණු දෙක කතා මාලාවෙන් සමුගත්තත් ඒ හා සමානව චරිතවලට සාධාරණයක් කරන්න පුලුවන් දෙදෙනෙක් ඉදිරි ගමනට එක්වුණා.
එපිසෝඩ් එක ආරම්ඹ වුණෙ රෙණෙයිරා තමන්ගේ තුන්වෙනි දරුවාට උපත දෙන දර්ශනයෙන්. බලන් ඉන්න අමිහිරි තරමටම මේ දර්ශනය ප්‍රායෝගිකව පෙන්වන්න සමත් වුණු මේ දර්ශනයෙන් තමයි අලුත් රෙණෙයිරාවත් අඳුන්වා දීම කළේ.
උපතෙන් පස්සේ ඇයට තුන්වෙනි වතාවටත් පිරිමි දරුවෙක් ලැබුණ සුබ ආරංචිය හෙදියක් විසින් ඇයට රැගෙන එනවා. මේ මොහොතෙම තමා ඇලිසන්ට්ගේ සේවිකාවක් විසින් රැජිණ රෙණෙයිරාගේ පුතාව දකින්න කැමැත්තෙන් ඉන්න බව පණිවිඩුයකින් අරන් එන්නේ. ඉතිං ඇලිසට්න් ගාවට රෙණෙයිරාම බොහොම අමාරුවෙන් දරුවාව අරගෙන ගියත් මගදි ඇයට ලේනෝර්ගේ උදවුවත් ලැබෙනවා. ඒ වගේම අවුරුදු දහයකට පස්සේ ක්‍රිස්ටන් කෝල්වත් අපිට බලාගන්න පුලුවන් වෙනවා. රෙණෙයිරාගේ සහ ලේනෝර්ගේ විවාහයේදී ක්‍රිස්ටන් කරපු දෙයින් පස්සේ ඔහුගේ පක්ෂපාතීත්වය රෙණෙයිරාගෙන් ඈත් වෙලා ඇලිසන්ට්ගේ හා එක් වී තියෙනවා. තාමත් ක්‍රිස්ටන් කෝල් යහතින් ඉන්න නිසා ඔහු සහ රෙණෙයිරා අතර වුණු සිදුවීම තාමත් රහසක් බව තහවුරු වෙනවා.
අලුත ඉපදුණු දරුවාව මේ විදිහට කැඳවන්න හේතුව මේ වතාවත් රෙණෙයිරා නීතියට එරෙහිව ගිය බව ඇස් දෙකෙන්ම දැකගන්න ඇලිසන්ට්ට අවශ්‍යය වුණ නිසයි. ඇලිසන්ට් රෙණෙයිරාට හානියක් කරන්න පුලුවන් කරුණු කාරණා මේ විදිහට හාරවුස්සන එකෙන් පේන්නෙ වසර දහයකට කලින් විවාහයේදි වුණු සිදුවීම්වලින් පස්සේ ඔවුන් අතර තිබුණු මිත්‍රත්වයක් සම්පූර්ණයෙන්ම වෛරයකට පෙරළී තියෙන බව ඔප්පු වෙනවා. රෙණෙයිරාගේ මේ දරුවන් තුන්දෙනාම ඇගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වෙන ලේනෝර් වැලාරියන්ගේ දරුවන් නම් නෙවෙයි. ඔවුන් රජුගේ දෙවෙනියා වුණු ලයනල් ස්ට්‍රෝංගේ පුතාගේ දරුවන්.
මේ දේ රෙඩ් කීප්වල ඉන්න අනිත් හැමෝටම දකින්න ලැබුණත් විසේරිස් ඒ දේ පෙනි පෙනිත් ප්‍රතික්ෂේප කරන බවයි පෙනෙන්න තියෙන්නේ. දරුවාව අතට ගත්ත ගමන්ම ලේනෝර්ගේ පෙනුමක් ගෑවිලාවත් නැති ළමයාට ලේනෝර්ගේ නහයම පිහිටලා තියෙන බව විසේරිස් කියනවා මේ මොහොතේ වෙන තවත් විශේෂ සිදුවීමක් තමා අලුත් කුමාරයාව “ජොෆ්‍රී” විදිහට ලේනෝර් නම් කිරීම. මීට කලින් කාවද ජොෆ්‍රී විදිහට හැඳින්නුවේ කියලා මතක ඇතිනේ? ඒ තමා ලේනෝර්ගේ මිත්‍රයා වගේම පෙම්වතාත් වුණු ජොෆ්‍රී ලෝන්මවුත්. පස්වෙනි කොටස අන්තිමේට ඔහු සර් ක්‍රිස්ටන් අතින් පහර කාලම මරණයට පත්වුණා.
ඊට පස්සේ දර්ශනයේදි අපිට බලාගන්න හැකිවෙනවා රෙණෙයිරාගේ වැඩිමල් පුතා වෙම ජෙසාරිස්ව (ජේස්) සහ දෙවෙනි දරුවා ලුසේරිස්ව. රෙණෙයිරාගේ දරුවන්ගේ ඇත්තම තාත්තා වෙන සර් හාවින් ස්ට්‍රෝංවත් දකින්න පුලුවන්.
මෙතනදි අපිට මකර බිත්තරයක් බලාගන්නත් ලැබෙනවා. මේ බිත්තරයෙන් උපත ලබන්නේ ජොෆ්‍රී වැලාරියන්ගේ අනාගත මකරා වෙන Tyraxes කියන මකරයි.
ඊට පස්සේ අපිට ඩ්‍රැගන්පිට් එකේ සිදුවීමක් බලාගන්න පුලුවන් වෙනවා. මෙතන පෙන්නපු මේ ඩ්‍රැගන්පිට් එක කියන්නේ වෙස්ටරෝස්වල ටාගේරියන් වංශයේ රාජකීය මකරුන් ගාල් කරන්න යොදාගන්න විශාල ගොඩනැගිල්ලකට. Game Of Thrones හත්වෙනි සීසන් එකේ ඩැනේරිස් ඩ්‍රොගොන් පිටේ නැගිලා සර්සිව මුනගැහෙන්න එන්නෙත් මේ ඩ්‍රැගන්පිට් එක තිබුණු ස්ථානයට. නමුත් GoT වකවානුව වෙද්දි ටාගේරියන්වරුන් වෙස්ටරෝස්වලට රජකම් කියන්න සොහිටිය නිසත්, මකරුන් වඳවෙලාම ගිහින් තිබුණු නිසත් ඩ්‍රැගන්පිට් එක නටඹුන් වෙලයි තිබුණෙ.

(Game Of Thrones හත්වෙනි අදියරේදි ඩ්‍රැගන්පිට් එක)
දෙවෙනියට අපිට බලාගන්න ලැබෙනවා Dance of the Dragon වල අතිශය වැදගත් චරිතයක් වෙන දෙවෙනි ඒගෝන් ටාගේරියන් කුමාරයාව. ඒගෝන් තමා විසේරිස්ගේ ජීවතුන් අතර ඉන්න වැඩිමල් දරුවා. ඉස්සරහට DotD එකේ රෙණෙයිරාගේ ප්‍රධානම ප්‍රතිවාදියා වෙන්න ඉන්නෙත්.
මෙතනදිත් අපිට තවත් මකරෙක්ව බලාගන්න පුලුවන් වෙනවා. ඒ මකරා තමා ජෙසාරිස් වැලාරියන් කුමාරයාගේ වර්මැක්ස්. ජෙසාරිස් තාමත් වර්මැක්ස්ව හීලෑ කරගන්න හුරු වෙමින් ඉන්න බවත් පෙන්නුවා.
ඊට පස්සේ ඉන්නවා ඉස්සරහට ගොඩක් අයගේ කැමතිම හෝ අකමැතිම චරිතය වෙන්න නියමිත, විසේරිස් සහ ඇලිසන්ට් දෙදෙනාගේ තුන්වෙනි දරුවා වෙන ඒමන්ඩ් ටාගේරියන් කුමාරයා. ඒමන්ඩ්ට අනිත් වැලාරියන් ළමයින්ට වගේ ඉපදෙද්දීම බැඳෙන්න බිත්තරයක් නොලැබුණු නිසා ඔහුට මකරෙක් හිටියේ නෑ.
මේ අතරේ ඇලිසන්ට් තමන්ගේ දුව වෙන හෙලේනා ටාගේරියන් එක්ක ඉන්නවා බලාගන්න පුලුවන්. හෙලේනා කියන්නේ විසේරිස් සහ ඇලිසන්ට් දෙදෙනාගේ දෙවෙනි දරුවා. හෙලේනා කියන්නේ ඒගෝන් සහ ඒමන්ඩ් දෙන්නටම වඩා වෙනස් අහිංසක කුමාරිකාවක්.
මෙතනට ඒමන්ඩ් එනවා වගේම ඔහු සහ ඇලිසන්ට් අතර කතා බහක් යනවා. ඒමන්ඩ් මකරෙක් නැති නිසා තමන්ට සහෝදරයින්ගෙන් වෙන හිරි හැරකම් ගැන ඇලිසන්ට්ට කියනවා. ඒමන්ඩ් මෙහෙම කියද්දී “You will have a dragon one day” කියලා ඇලිසන්ට් කියනවා.
අපි මෙතනදි දැකපු ලස්සනම දෙයක් තමා ඇලිසන්ට් මේ වචන කිහිපය කියද්දිම හෙලේනා අහම්බෙන් වගේ තමන්ගෙ අතේ හිටිය සතා දිහා බලාගෙන “You will have to close an eye” කියලා කීම. ටාගේරියන් ඉතිහාසය ගැන දන්න අයට නම් මතක් වෙන්න ඇතිනේ මේ කතාව සිදුවීමට ගැලපෙන්නේ කොහොමද කියලා.
120AC කාලෙ වෙද්දී පොතේ හැටියට නම් රෙණෙයිරාගේ සැමියා වෙන ලේනෝර් වැලාරියන් මිය යන්න ඕනේ. ඉතිං ලේනෝර්ගේ මළ ගෙදරට රාජකීය පවුල සහභාගී වෙනවා. ඒමන්ඩ්ට මකරෙක් හිටියෙ නැති නිසා මගදි ඩ්‍රැගන්ස්ටෝන්වලින් නැවතිලා බිත්තරයක් තෝරගත්තා නම් හොඳයි කියලා විසේරිස් ඒමන්ඩ්ට කියනවා. මේ කතාවෙන් ඒමන්ඩ්ට හොඳටම කේන්ති ගිය බවයි කියවෙන්නේ. මේ කාලෙ වෙද්දී ඩ්‍රිෆ්ට්මාක්වල හිටිය වේගාර්ට ලෙයේනාත් මිය ගිහින් හිටිය නිසා රයිඩර් කෙනෙක් හිටියේ නෑ. ඉතිං රෑ වෙනකන් ඉඳලා කාටත් හොරෙන් වේගාර්ව ක්ලේම් කරගන්න ඒමන්ඩ් යනවා. ඒමන්ඩ් කරන්න යන දේ රෙණෙයිරාගේ බාල පුතා වෙන ජොෆ්‍රී දකිනවා. ජොෆ්‍රී කෑගහද්දිම වේගාර් පිටේ නැගිලා ඒමන්ඩ් අහසට නැගෙනවා. ඒ මොහොතේ තමා මෙච්චර කාලයක් මකරෙක් නොසිටිය ඒමන්ඩ් රාජධානියේ හිටිය බලවත්ම මකරාව තමන්ගේ පාලනයට අරගන්නේ. ඒත් බිමට එද්දිම ඒමන්ඩ්ව හොයාගෙන ජේස්, ලුසේරිස් දෙන්නම ජොෆ්‍රී එක්ක ඇවිල්ලා ඉන්නවා. ඒමන්ඩ් සහ ඔවුන් තුන්දෙනා අතර ලොකු බහින් බස්වීමක් යනවා වගේම මෙතනදි ඒමන්ඩ් “ස්ට්‍රෝංස්” කියලා ඔවුන්ට අපහාස කරනවා. එතනින් පස්සෙ තමා සටනක් ඇති වෙන්නේ. මෙතනදි ලුසේරිස් තමන්ගෙ කිණිස්සෙන් කරන ප්‍රහාරයකින් ඒමන්ඩ්ගේ දකුණු ඇහැ නැති වෙනවා. මේ සිදුවීමේ රිෆරන්ස් එකක් විදිහටයි හෙලේනා අහම්බෙන් අර කතාව කියන්නේ. ඉතිං ඒමන්ඩ් සීරීස් එකට අනුව වේගාර්ව හීලෑ කරගන්න විදිහයි, ඔහුට ඇහැක් අහිමි වෙන විදිහයි අද බලාගන්න පුලුවන්.
මෙතනින් පස්සේ සීන්ස්වල අපිට ඇලිසන්ට් ප්ලේ කරන ගේම් එක මොකද්ද කියලා පැහැදිලිවම බලාගන්න පුලුවන්. ඒමන්ඩ්ට රෙණෙයිරාගේ ළමයින් කරන හිරිහැර ගැන ඇය විසේරිස්ට කිව්වත්, රෙණෙයිරාට ගොඩක් පක්ෂපාතී විසේරිස් නිදහසට කාරණා ඉදිරිපත් කරනවා.
මෙතනදි ඇලිසන්ට් රෙණෙයිරාගේ ළමයින්ගේ මකර බිත්තර බිඳුනද කියලත් තමන්ට පුදුම බව කියනවා. ටාගේරියන් සම්ප්‍රදායට අනුව වංශයේ අලුත ඉපදෙන ගොඩක් දරුවන්ට උපතේදිම මකර බිත්තරයක් හිමිවෙනවා. මේ බිත්තරය පිපිරිලා එන මකරා එක්ක තමා ඒ දරුවා එතනින් පස්සේ බොන්ඩ් වෙන්නේ; බැඳීමක් ඇති කරගන්නේ. සඳහන් වෙන විදිහට හැම පිරිසිදු ටාගේරියන් කෙනෙක්ගෙම බිත්තරය බිඳෙනවා.
ඉතිං රෙණෙයිරාගේ ළමයින් ස්ට්‍රෝංගේ රුධිරය ගලන අය වෙන නිසා සැබෑ ටාගේරියන්වරුන්ට වෙනවා වගේ ඒ බිත්තරය බිඳුනද කියලා තමන්ට සැක බවයි ඇය මේ කියන්නේ.
කොහොම වුණත් රෙණෙයිරා ලේනෝර් හා එක් නොවී නීතියට පිටින් ගිහින් වෙන කෙනෙක් එක්ක ළමයි බිහි කරපු බව කොච්චර විසේරිස්ට කියන්න උත්සහ කළත්, විසේරිස් නිදහසට කරුණු ඉදිරිපත් කරලා ඒවා ප්‍රතික්ෂේප කරනවා. අද රිදී අශ්වයගේ කතාවත් ඒ විදිහට විසේරිස් කියපු “excuse” එකක්. ඉතිං ඔය දේ ගැන ඇලිසන්ට් ක්‍රිස්ටන්ට කියනවා. කලින් කොටස්වල රෙණෙයිරා එක්ක දිවෙන් දිව ගාගෙන උන්නු ක්‍රිස්ටන් රෙණෙයිරාට “Spoiled C–t” කියලා ආමන්ත්‍රණය කරනවා. හපොයි මෙහෙමත් ආදරවන්තයෙක්!
ඇලිසන්ට් මෙච්චර දේවල් කරන්නේ තමන්ගේ පුතා වෙන ඒගෝන්ට අයන් ත්‍රෝන් එක ලබාදෙන්න කියලා හැමෝම දන්න රහසක්. අනිත් පැත්තෙන් ඒගෝන් කියන්නේ තමන්ගෙ උරුමය ගැන හරි හමන් වැටහීමක් නැති නොමේරූ කෙනෙක්. කොල්ලගේ ඔලුවට තාමත් තමන් කිරුළ ලබාගන්න ඕනේයි කියල අදහසක් ගිහින් නැහැ. ඒකයි ඒගෝන් රෙණෙයිරාගේ ළමයින් එක්ක වුණත් සමගියෙන් ඉන්නේ. ඉතිං රෙණෙයිරා රජවුණු කාලෙක ජේස් අනුප්‍රාප්තිකයා වෙන බවත්, ඒ කාලෙදි ඔවුන්ගේ මාර්ගය හරස් කරන් ඉන්න තමන්ට වගේම ඒමන්ඩ්ටත් මරණය උරුම වෙන බවත් ඇලිසන්ට් ඒගෝන්ට කියනවා. ඔය විදිහට ටික ටික ඒගෝන්ගේ ඔලුවේ බල තණ්හාව ඇතිවෙන්න පටන් ගන්නවා.
ඊළඟ දර්ශනයෙන් මාත් ඇතුලුව හුඟදෙනෙක් සීසන් එක පුරාම මග බලාගෙන හිටිය වේගාර්ගෙ සම්ප්‍රාප්තිය සිද්ද වුණා. මේ කාලෙ වෙද්දී වේගාර්ගේ රයිඩර් වෙන්නේ කෝලිස්ගේ දුව, ලෙයේනා වැලාරියන්. ලෙයේනා සහ ඩේමන් මේ වෙද්දී විවාහ වෙලා ඉන්නේ. ඔවුන්ට නිවුන් දුවලා දෙදෙනෙකුත් ඉන්නවා. ලෙයේනාට තුන්වෙනි දරුවෙකුත් ලැබෙන්නයි ඉන්නේ. මේ මුලු පවුලම වෙස්ටරෝස්වලින් ඈත් වෙලා පෙන්ටෝස්වල සංචාරය කරමින් ඉන්නවා. පෙන්ටෝස්වල වංශාධිපතීන්ගෙන් නම් ඔවුන්ට ලොකු ඉල්ලුමක් තියේ. සහය ලබාගන්න එක එක යෝජනා අරන් එනවා. නමුත් ලෙයේනාට අවශ්‍යය වෙන්නේ ආයෙත් තමන්ගේ වැලාරියන් පවුලේ අය ගාවට යන්නයි. කොහොම වුනත් ඩේමන්ගේ කලින් විවාහය එක්ක බලද්දි දැන් එක නරකම නෑ. ඩේමන් ඇයට තමන්ගෙම ක්‍රමයකට ආදරය කරනවා. ඒත් නිතරම තමන් පස්සෙන් කරදර සහ මරණය පැමිණෙන නිසා ලෙයේනා සමග බැඳීමත් අවාසනාවන්ත විදිහට අවසන් වෙනවා.
දරුවා ප්‍රසූත කිරීම නොහැකිවීමෙන් ලෙයේනා සියදිවි හානිකරගන්නවා. ඔයාලට මතක ඇති පළවෙනි කොටසෙදි විසේරිස්ගේ පළවෙනි බිරිඳ වුණු ඇමාටත් මියයන්න වුනේ දරු ප්‍රසූත කිරීමකදිමයි. ලෙයේනාටත් ඊට සමාන ඉරණමක්ම අත් වෙන්න තිබුණත්, ඇය විසින්ම තමන්ගේ මරණය තෝරගන්නවා. එදා විසේරිස්ගේ රැජිණ සහ පුතා මියගියාට පස්සේ, එයින් තමන්ට ලැබෙන වාසි මතක් කර කර සමරපු ඩේමන්ට තමන්ගෙ බිරිඳ සහ දරුවා මියගිය වේදනාවට මුහුණ දෙන්න සිදුවෙලා. ඉතිං එදා විසේරිස්ට දැනුණ වේදනාව මොන වගේ එකක්ද කියලා අද ඩේමන්ටත් තේරුම් යන්නට ඇති.
මේ දේවල් වෙද්දී වෙස්ටරෝස්වලදී ක්‍රිස්ටන් කෝල් සහ හාවින් ස්ට්‍රෝන් අතර බහින් බස් වීමක් දුරදිග ගිහින් සටනක් ඇති වෙනවා. හයවෙනි කොටසේ ව්‍යාකූලත්වය ආරම්ඹ වෙන්නේ මේ සිදුවීමෙන් බව කියන්න පුලුවන්. ඉතිං තමන් ඉස්සරහට එන කුණාටුව දකින රෙණෙයිරා ඒ දේ සමනය කරගන්න උත්සහයක යෙදෙනවා. ඉතිං ඇය තමන්ගේ ප්‍රතිවාදියා වෙන ඇලිසන්ට්ගේ දුවට විවාහ යෝජනාවක් කරනවා. රෙණෙයිරා උත්සහ කරන්නේ ජේස් සහ හෙලේනා විවාහ කර දීලා ඇති කරගන්න බැඳීමෙන් මේ මතවාදවලට අවසානයක් තියන්නයි. ඒත් ඇලිසන්ට්ගේ හිතුවක්කාරකමෙන් ඒ යෝජනාව එක එල්ලේම ප්‍රතික්ෂේප කරනවා.
ඔය අතර තමන්ගේ පුතා රෙණෙයිරා එක්ක එකතු වෙලා කරපු වරද දැන් දැනත් හිතට එකඟව රජුට සේවය කරන්න බැරි නිසා තමන්ගෙ ධුරයෙන් අස් වෙන්න ලයනල් ස්ට්‍රෝං උත්සහයක් ගන්නවා. ඒත් විසේරිස් ඒකට ඉඩදෙන්නෑ. ඒත් හාවින්ව හැරහල්වලට යවන්න රජු එකඟ වෙනවා. හාවින් කියන්නේ තමන්ගේ සැබෑම තාත්තා බව ජේස් දැනගන්නවා.
ලේනෝර්ගේ උපදෙස පිලිගෙන කුණාටුවට මුහුණ නොදී එයින් ඈත් වෙලා යන්න තීරණය කරනව රෙණෙයිරා ඩ්‍රැගන්ස්ටෝන්වලට පිටත් වෙනවා. මේ දේවල් වෙද්දී හැමෝටම රහසින් ලැරිස් සහ ඇලිසන්ට් තමන්ගේ ගේම් එක ප්ලේ කරනවා. ඔවුන් දෙන්නා අතර යන සාකච්ඡාවකදී ඇලිසන්ට් කියනවා තමන්ගේ තාත්තා Hand එක විදිහට නැති එක ලොකු අඩුවක් කියලා. මේ වචන ටික අල්ල ගත්ත ලැරිස් තමන්ගේ දරුණු මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. ලයනල් සහ හාවින් දෙන්නා ඉද්දිම හැරන්හල් ඔහු ගිණි තියනවා. දැන් තේරෙනවා ඇතිනේ කවුද මේ කාලේ හිටිය හරිම ලිට්ල්ෆිංගර් කියලා. කොහොම වුණත් මේක ඇලිසන්ට්ටවත් ඕන වුණු දෙයක් නෙවෙයි. මේක ලැරිස් හිතුමතේට කරපු වැඩක්. මිනිහා පස්සේ ඒ වෙනුවෙන් ප්‍රතිගෙවීමකුත් බලාගෙන ඉන්න බව කියනවා. ඔන්න ඔය ටික තමා කලින් කොටසේ සිද්ද වුණේ.
හයවෙනි කොටසෙන් දැකගන්න පුලුවන් වුණු විශේෂ චරිත
• විසේරිස් සහ ඇලිසන්ට්ගේ දරුවන්
දැන් කතාවේ ළමයින් වුණත් සෑහෙනට ලොකු වෙලා ඉන්නේ. ඉතිං මේ වෙනකොට අපිට විසේරිස් සහ ඇලිසන්ට් දෙන්නගේ දරුවන් තුන්දෙනාම බලාගන්න පුලුවන් වුණා. ඔවුන්ව වයස පිලිවෙලින් ගත්තාම
• දෙවෙනි ඒගෝන් ටාගේරියන්
• හෙලේනා ටාගේරියන්
• ඒමන්ඩ් ටාගේරියන්
පිලිවෙලට නම් කරන්න පුලුවන්.
මෙතනින් ඒගෝන් කියන්නේ කතාවේ ඉන්න ප්‍රබලම සහ වැදගත්ම චරිතයක්. මම පළවෙනි කොටසෙ ලිපියෙන් මතක් කළාත් වගේ ටාගේරියන් සිවිල් යුද්ධය හෙවත් මකරුන්ගේ නර්ථනය ආරම්ඹ වෙන්නේ ඒගෝන් ටාගේරියන් මූලිඛ සංධානය හේතු කරගෙනයි. ටාගේරියන් ඉතිහාසයේ හිටිය ලස්සනම මකරෙක් වෙන සන්ෆයර්ගේ රයිඩර් වෙන්නෙත් දෙවෙනි ඒගෝනුයි.
හෙලේනා ටාගේරියන් ඉතිහාසයේ සිටි අහිංසකම කුමාරිකාවක්. ඇයව මකර සිහින දකින්නියක් (Dragon Dreamer) විය හැකි බවටත් කලින් කොටසෙන් ඉඟි දුන්නා. ඒකට එක උදාහරණයක් විදිහට මම අර උඩ කිව්ව ඒමන්ඩ්ගේ ඇස වහන්න වෙන සිදුවීම අරගන්න පුලුවන්. කොහොම වුණත් ඇය ඩ්‍රැගන් ඩ්‍රීමර් කෙනෙක්ද කියලා නම් පොත්වල දක්වලා නැහැ.
ඒමන්ඩ් කියන්නේ ටාගේරියන් ඉතිහාසයෙ හිටිය දක්ෂම සහ දරුණුම සටන් කරුවෙක්. කලින් කොටසේ හිටිය දුර්වල පොඩි එකාද කියලා කියන්න බැරි මට්ටමට ඒමන්ඩ්ගේ චරිතය ඉස්සරහට වෙනස් වෙනවා. ඒ වෙනසේ ආරම්ඹය අද කොටසෙන් සිදුවෙනවා.
• රෙණෙයිරාගේ සහ ලේනෝර් වැලාරියන්ගේ දරුවන්
සිහසුණේ උරුමක්කාරියටත් ඇලිසන්ට්ට වගේම දරුවන් තුන්දෙනෙක් හිටියත් ඇයගේ වාසනාවට හෝ අවාසනාවට ඔවුන් තුන්දෙනාම පිරිමි දරුවන් වෙනවා. වයස පිලිවෙලින් ගත්තම
• ජෙසාරිස් වැලාරියන්
• ලුසේරිස් වැලාරියන්
• ජොෆ්‍රි වැලාරියන් පිලිවෙලට සඳහන් කරන්න පුලුවන් ඔවුන්ව. මේ ළමයින් නමට වැලාරියන් වුණාට මේ කිසිම කෙනෙක් ලේනෝර්ගේ දරුවන් නෙවෙයි. ඔවුන් තුන්දෙනාම රෙණෙයිරා සහ හාවින් දෙන්නගේ අනියම් සම්බන්ඳය නිසා ඉපදුණු දරුවන්.
වැඩිමක් දරුවා විදිහට ජෙසාරිස් තමා රෙණෙයිරාගෙන් පසු සිහසුණට උරුමක්කාරයා විය යුත්තේ. කලින් කොටසේ දැකපු වර්මැක්ස් කියන මකරාගේ අයිතිකරු ඔහුයි.
• ලෙයේනා වැලාරියන්
ලෙයේනා කියන්නේ සීරීස් එකේ හිටිය හොඳම චරිතයක්. ඒත් කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහට කලින් කොටසෙදි ලෙයේනා ජීවිතයෙන් සමුගන්නවා. කොහොම හරි පොතේදි නම් මේ සිදුවීම් වෙන්නේ වෙනස්ම විදිහකට. පොතට අනුව නම් ලෙයේනා පුතෙක්ට උපත දුන්නත් සුලු වෙලාවකින් ඔහු මියයනවා. එයින් පස්සේ ලෙයේනා ගොඩක් දුර්වල වෙනවා. මිය යන්න කලින් අවසන් වතාවට ඇය වේගාර් පිටේ යන්න උත්සහ කළත්, අතර මගදී ටවර් එකේ පඩිපෙලෙන් වැටිලා ඇය මිය යනවා. ඇයගේ අප්‍රාණික සිරුර සොයාගත්තේ ඩේමන් බවයි පොතේ නම් සඳහන් වෙන්නේ.
• වේගාර්

House Of The Dragon කාලවකවානුව වෙද්දී රාජධානියේ සිටි විශාලම මකරා වුණේ වේගාර්. පළවෙනි ඒගෝන්ට විජයග්‍රහණයට උදවු වුණු මකරු තිදෙනාගෙන් මේ වෙද්දී ඉතුරුව සිටි එකම මකරා වෙන්නෙත් වේගාර්. වේගාර් ගැහැණු සතෙකුත් වෙනවා. මකරු වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න විශාල වෙනවා. ඉතිං HotD සිදුවීම් වෙන කාලය වෙද්දී රාජධානියේ හිටිය වයසින් වැඩිම මකරා නිසා වේගාර් අනිත් හැම මකරෙක්ටම වඩා ප්‍රමාණයෙන් විශාල වුණා. මේ නිසාම ඒ කාලය මකරුන් අතර රැජිණ වුණේ ඇයයි. මකර නර්තනයේදී වේගාර් සහ ඒමන්ඩ් සමග හැප්පෙන්න වෙන කිසිම මකරෙක්ට හෝ වැලේරියන් කෙනෙක්ට පුලුවන් වුනේ නෑ.ඒ මේ කාලෙදි වේගාර්ට පොඩි හරි අභියෝගයක් වෙන්න හිටියේ ඩේමන් කුමාරයාගේ කැරැක්සිස් විතරයි.
වේගාර්ගේ පළවෙනි ධාවකයා පළමු ඒගෝන්ගේ සහෝදරිය සහ බිරිඳ වුණු විසෙන්යා ටාගේරියන් රැජිණයි. ඇයගේ මරණයෙන් පස්සේ වේගාර්ව තවත් වැලේරියන්වරුන් තුන්දෙනෙක් විසින්ම පදවලා තිබෙනවා. ඒ අතරින් ලෙයේනා වැලාරියන් සුවිශේෂියි. තමන්ට වයස අවුරුදු දොළහ වෙනකන්ම මකරෙක් හිටියෙ නැති ලෙයේනාට අන්තිමේදි රාජධානියේ විශාලම මකරා වුනු වේගාර්ගේ අයිතිය ලැබෙනවා. වේගාර්ට හුඟක් ආදරේ කරපු ඇය ඩේමන් සමග මකරුන්ගේ පිටේ නැගිලා ලෝකය වටේම සංචාරය කරලා තියෙනවා. පොතේ වගේම ටීවි සීරීස් එකෙත් ලෙයේනාගේ මරණයට වේගාර් හේතු වෙනවා. ලෙයේනාගෙන් මරණයෙන් පස්සේ ඒමන්ඩ් ටාගේරියන් කුමාරයා වේගාර්ව හීලෑ කරගන්නවා.
එහෙනම් ඔන්න දිග ලිපියේ අවසානයට අපි ඇවිල්ලයි ඉන්නේ. මේ කොටස ගැන කිසිම දෙයක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෑ. මොකද හත්වෙනි කොටස ගැන ඇති තරම් දේවල් අපිට ඊළඟ සතියෙන් කතා කරන්න පුලුවන් වේවි. එහෙනම් පුරුදු විදිහටම අටවෙනි කොටසත් අරන් ලබන සතියෙත් ඔයාලව මුනගැහෙන්න එන්නම්. ආයෙත් හමුවෙමු…!
S01 E07 : “Driftmark”
Director : Miguel Sapochnik
Writer : Kevin Lau
Runtime : 1h
Released Date : October 2, 2022
IMDB Rating : 9.5
Age Rating : TV-MA

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
28,487 downloadsDownload House-of-the-Dragon-S01-E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #MaxxA
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
41 comments
Gihan
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
Thanks brow
No one
ඉක්මනට සබ් දාල, සුපිරි ආ .
sahan
khmda bn mechchr ikmnt denne... adarei
Anonymous
සබ් 1 එනකං බලං හිටියේ ගොඩක් ස්තූතියි
Danushka
ආදරෙයි පැලෙන්න බයිස්කෝප් ටීම් එකට ඈ......................
Anonymous
Ikmnatama sub dala .niyamai kiyala wadak na .
Hashan
Ikmnatama sub dala .niyamai kiyala wadak na .
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
DMT SANJEEWA
Thanks Brother ...
viraj
thanks.......
Nisanda
Thank You Very much. Subtitles hondata thiyenawa. Kalin episode ekata wada kalin meka dunnata thank you
Nisanda
Thank You Very much. Subtitles hondata thiyenawa. Kalin episode ekata wada kalin meka dunnata thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
bimsara
adarei sago..
Sahan Gayantha
thanks a lot saho sub ekata
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Nalin
Thank you sub ekatai lipiyatai
Anonymous
Thankyou
Anonymous
Thank you
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Roshan
Thnx bro...great job...good luck...
Dewadithya
Thanks for Sub!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Pavith Wijesooriya
සබට සහ ලිපියට තුති වේවා...
anuradha
jeffrey dahmer series ekatath sub dennako
Anonymous
මේ ලිපියට පිං කියලා තමයි කියන්න තියෙන්නේ
Anonymous
Thanks....jayawewa....!
Anonymous
Aluth sub eka naddo
sandun
sub eka dpn bn redda
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤
lakshan
thanks .........................
Bruce
Thans sub ekata,. Jayawewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Janindu
Thanks kollo sub ekata
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
damith niwanthaka
Sub ekatai lipiyatai 2tama tjanks bro. Jaya wewa....!!!
Advertisement
![House of the Dragon [S01 : E07] Sinhala Subtitles | ඩ්‍රිෆ්ට්මාක් [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/House-of-the-Dragon-1.0.jpg)



Thanks for sub