Watch Trailer

Eternals (2021) Sinhala Subtitles | ඉටර්නල්වරු! [සිංහල උපසිරැසි]

“2021 වසරේ වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වූ සුපිරිම මාවල් සිනමාපටය ” 🙂 කොහොමද හැම කෙනෙක්ටම? මේ අරගෙන එන්නේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වෙච්ච මාවල් සිනමාපටය. ඇයි මම එහෙම කියන්නේ? ඒ ඇයි කියල අන්තිමටම කියන්නම්. ඊට කලින් සාරාංශ වශයෙන් යම් දේවල් ටිකක් ගැන පැහැදිලි කරගෙන ඉමු. සෙලෙස්ටි…

“2021 වසරේ වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වූ සුපිරිම මාවල් සිනමාපටය ” 🙂

කොහොමද හැම කෙනෙක්ටම? මේ අරගෙන එන්නේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වෙච්ච මාවල් සිනමාපටය. ඇයි මම එහෙම කියන්නේ? ඒ ඇයි කියල අන්තිමටම කියන්නම්. ඊට කලින් සාරාංශ වශයෙන් යම් දේවල් ටිකක් ගැන පැහැදිලි කරගෙන ඉමු.

සෙලෙස්ටියල්, ඉටර්නල්, ඩිවියන්ට්, මේ අය කවුද? ඔවුන් මොනවද කලේ?

මාවල් විශ්වය බිහිවෙන්නෙත් සත්‍යය ලෝකයේ තියෙන බිග් බෑන් තියරියෙන්මයි. ඉතින් ඒ කොස්මික් ඉවෙන්ට් එක වෙනවත් එක්කමයි සෙලෙස්ටියල්ලා බිහිවෙන්නේ. සෙලෙස්ටියල්ලට අයිති වැඩ වෙන්නේ විශ්වයේ ජිවය සම්බන්ධ විවිධ කාර්යයන්. විශ්වයේ ඉන්න හැම ජීවියෙකුගේම පරිනාමයට, වැඩිදියුණුවට, නවීන තාක්ෂණයට හේතු වෙන්නේ සෙලෙස්ටියල්වරු. මේ තමයි ස්පේස් ගෝඩ්ස්ලා. ගාඩියන් ඔෆ් ද ගැලැක්සි 2 ෆිල්ම් එකේ හිටිය ඊගො කියනව එයා සෙලෙස්ටියල්කෙනෙක් කියල. ඒත් ඒක හරියටම තහවුරු නැහැ. ඒ කොහොම උනත් එයා විශ්වය ආරම්භයේ වගේ ඉඳලම හිටිය කෙනෙක්. පෘථිවියේ ඉතිහාසය සමුහ ජීවි වඳවෙලා යෑම් අටකටද කොහෙද මුහුණ දීල තියෙනව කියනවනේ, ඒ කියන්නේ ජුරාසික් යුගය, ඊට පෙර යුගය, වගේ විධිය යුග වලට බෙදෙනවා වගේ මාවල් කොමික් වලදී විශ්වය යුග ගණනාවකට බෙදෙනව. ඒක හදුන්වන්නේ ඉන්කාර්නේෂන් එකක් කියල. වර්තමානයේ අපි ඉන්නේ අටවෙනි ඉන්කාර්නේෂන් එකේ.

ඉතින් පෘථිවිය වානරන් ඉන්න කාලේදී “ෆර්ස්ට් හොස්ට්” කියල හදුන්වන ස්ලෙස්ටියල්ල පෘථිවියට එනව. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ ඒ වෙනකොට පෘථිවිය මත සැරිසරමින් ඉන්න අපේ පුර්වජයා වෙන මේ වානරයින්ව.  “ගැමෙනොන් ද ගැදරර්” අපේ පුර්වජයාව ජීවි සාම්පලයක් විධියට එකතු කරගන්නවා. අහ්හ් මේ අය තමයි විශ්වය පුරාම මේ වගේ ජිවින්ගේ සාම්පල් එකතු කරගෙන යන්නේ පරීක්ෂණ කරන්න. ඉතින් මේ අරගෙන ගිය වානර ජීවි සාම්පලය ජානමය වශයෙන් වෙනස් කරනවා. ඒ සෙලෙස්ටියල් “සිරාන් ද ටෙස්ටර්” විසින්. ඔහු වානරයව ජානමය වශයෙන් වෙනස් කරලා හෝමෝ  ඩිසෙන්ඩස්ව නිර්මාණය කරනවා. මේ තමයි පෘථිවියේ මුල්ම ඩිවියන්ට්. ඔවුන්ව පෘථිවියට නිදහස් කරනවා.

ඊට පස්සේ අපේ වානර සාම්පලය “නෙසාර් ද කැල්කියුලේටර්” කියන සෙලෙස්ටියල්ට ලැබෙනවා. ඔන්න මිනිහ තමයි “හෝමෝ ඉමෝටල්” එහෙම නැත්නම් ඉටර්නල්වරුන්ව නිර්මාණය කරන්නෙ. ඊට පස්සේ වානර සාම්පල් ටික “ඕනෙග් ද ප්‍රොබෙර්” කියන සෙලෙස්ටියල්ට ලැබෙනවා. මිනිහ කරන පරීක්ෂණ කිසිම වැඩකට වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ළඟ තිබ්බ ජානයක් අපේ වානරයින්ට ඇතුල් කරල පෘථිවියට නිදහස් කරනවා. ඒ ජානය ඇතුලත් වානරයින් ස්භාවිකව පරිනාමයට ලක්වෙලා හරිම අපුරු පිරිසක් නිර්මාණය කරනවා. ඒ තමයි වත්මන් මාවල් සිනමා විශ්වයේ අනාගතය වෙන, එක්ස් මෙන්ල. කොහොම උනත් කියන්න ඕනා කොමික් වලයි ෆිල්ම් වලයි මේ සිදුවීම් සිද්දවෙන්නේ වෙනස් ආකාරයකට. කොහොම උනත් පාදම එකයි. ඒ දේවල් සිද්දවෙන්නේ ඇයි?  සහ කවුරුන් විසින්ද? කියන එක විතරයි වෙනස් වෙන්නේ.

ඔන්න ඔහොමයි අද මේ අරගෙන ඇවිල්ල තියෙන සිනමාපටයේ මුලිකම පිරිසෙහි ආරම්භය. ෆිල්ම් එකේදී තව විස්තර දකින්න ලැබෙයි ඔයාලට. ඉතින් මේ ඉටර්නල්වරුන්ව කොමික් එකක් විධියට නිර්මාණය කලේ Jack Kirby විසින්, ඒ 1976දි. 

කොමික් පසුබිම පැහැදිලි කළා ඇති මම හිතන්නේ, මොකද ෆිල්ම් එක බැලුවම හොඳට තේරෙන විධියට කතාව තියෙනව. ඒ නිසාමද කොහෙද ගොඩක් අය රැල්ලට කියන අපෝ මේක ජරාවක් කියල. ඇයි කියල ඇහුවම කියන්නේ සමලිංගික හාදුවක් තියෙනව, බොලිවුඩ් නැටුමක් තියෙනව කියල. අනේමන්දා ෆිල්ම් එක පැය දෙකහමාරක්, මේ කියන සීන් දෙක තියෙන්නේ විනාඩි 10ක් වගේ. ෆිල්ම් එකම මනින්න ඔය සිද්දි දෙක යොදාගන්න එක කොයි තරම් සාධාරණයිද කියල මම දන්නේ නැහැ. ඔය සින් දෙක නිසා මේක නොබලා ඉන්න හිතනවා නම් මම කියන්නම් ඔයාලට මගහැරෙන්න යන්නේ මොනවද කියල. අනාගත මාවල් ප්‍රධාන චරිතයක් වෙන එක්තරා ආකාරයකට අමරණීය බ්ලැක් නයිට්ගේ පසුබිම, බොහෝ දුරට දැනට අනුමානයක් වෙන මාෂල් අලිගේ “බ්ලේඩ්” චරිතය හඳුන්වාදීමේ පළමු කැමියෝ එක. බ්ලිප් එකෙන් පසු සිදුවීම්, ඉතාම විශාල බලයක් හිමි ඉටර්නල්වරු තානොස් එක්ක සටනට ආවේ නැත්තේ ඇයි? ඩිවින්ට්ලා මේ වෙනකම් එලියට ආවේ නැත්තේ ඇයි? මාවල් විශ්වයේ මුල්ම ගොළු චරිතය? ඒ චරිතය රඟපාන ඇත්තටම කථන ආභාධිත නිළිය. මාවල් සිනමා විශ්වයේ අනාගතය ඉටර්නල්වරුන්ගේ ආගමනයත් එක්ක කොයි දිහාවටද යන්නේ? ඒ විතරක් නෙමෙයි 2021 වසරේ ආව සිනමාපටවලින් වර්ණවත්ම සිනමා දර්ශන තිබ්බ සිනමාපටයක් තමයි ඔයාල මගහැරගන්න යන්නේ. 🙂

මේකේ කාස්ට් එක දැක්කම පිස්සු හැදෙනව.  Gemma Chan, Richard Madden, Kumail Nanjiani, Lia McHugh, Brian Tyree Henry, Barry Keoghan(Keanu Reeves, Luke Evans, Rami Malek සහ Ian McShane ව සලකා බලල තියෙනව බැරීට කලින්) , Harish Patel සහ විශේෂම හතරදෙනා, අනාගත මූන් නයිට් Kit Harington, සරාගී සහ සුරූපී Salma Hayek සමගින් අපේ හද සොරාගත් Angelina Jolie. ප්‍රධාන වශයෙන් මෙහි රංගනය වෙනුවෙන් එකතු වෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිද්දවෙන්නේ ඔස්කා සම්මානලාභී Chloé Zhao අතින් ඇයගේ සිනමාකරණ හැකියාවන් හරිම අපුරුවට මේකෙන් බලාගන්න පුළුවන්. Kumail Nanjiani කියල තියෙනව  Chloé Zhao සැබෑම දර්ශන යොදාගන්න සෑහෙන්න උත්සහ කළා කියල. ඒ කියන්නේ ග්‍රීන් ස්ක්‍රීන් ඉතාම අඩුවෙන් භාවිතා කළා කියන එක. ඒ වගේම කතාව රචනා කරන්නෙ Ryan Firpo සහ Kaz Firp දෙන්නා. Ramin Djawadiගේ අපුරු සංගීතයෙන් කර්ණ රසායනික වෙන මේ සිනමාපටය වෙනුවෙන් සුප්‍රසිද්ධ කොරියානු පොප් සංගීත කණ්ඩායම වෙන BTS කණ්ඩායමේ ගීතයකුත් ඇතුලත් වෙනවා, ඒ විතරක් නෙමෙයි තානොස්ගේ මල්ලි ඊරෝස් එහෙම නැත්නම් ස්ටාර්ෆොක්ස් විධියට වන් ඩිරෙක්ෂන් කණ්ඩායමේ හැරී ස්ටයිල් එකතු වෙනවා. එහෙමනම් ඔන්න ඔයාලට බාරයි.

මාත් එක්ක මේක අරගෙන එන්න හවුල් වෙච්ච චාමිකර සහෝදරයාටත් බොහොම ස්තුතියි 🙂

Director: Chloé Zhao

Writers: Chloé Zhao, Patrick Burleigh & Ryan Firpo

IMDB Ratings : 6.7

Release Date: 05  November 2021

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR/ WEB / IMAX WEB පිටපත් සඳහා ලබා දි ඇත.

55,365 downloadsDownload Eternals-2021-BR-Latest-Update.zip201 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට  සහ “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

55,365 downloadsDownload Subtitles201 KB

83 comments

  1. 1st comment

    thanks machan

  2. සංජන චමෝද්

    සුපිරියක්.... 🤗

    උපසිරැසියට ස්තූතියි

    දෙන්නටම. 🤪

  3. Anonymous

    SUPIRIMA FILM EKAK!!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...දිගටම කරගෙන යමු... ජය

  6. ishan

    thnx machn sub ekta

  7. Kushan

    Sub akta thanks

  8. Anonymous

    Thanks Brother

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. Anonymous

    Please update subtitle to IMAX web release

  11. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

  12. Kasun Kalahra

    එනකල් බලාගෙන හිටිය Sub එකක්... කට්ටිය මොකක් කිව්වත්, movie එක බලන්න ඕනිම එකක්...

    movie එකේ IMAX Copy එකක් ආපු ගමන්ම Download කළා... ඒත් හිතුණා මේක Sinhala subtitles එක්ක ම බලන්න ඕන movie එකක් කියලා... ඒ නිසාම Google search එකක් දාලා හොයාගත්තා Sinhala Subtitles දෙන site එකක තිබුණු Subtitle File එකක්... File එක download කරන්න කලින්, උන් දලා තිබුණු ලිපිය කියෙව්වා මං... ඒකෙන්ම එපා වුණා උන්ගෙ subtitles... 8-< ඊටපස්සේ බොහොම අමාරුවෙන් දවස් 2 ක් විතර ඉවසගෙන හිටියා, Baiscopelk.com එකෙන්ම් sub එක දෙනකල්...

    උඹලා විතරයි හොඳටම කරන්නේ... <3

    1. Kavishka

      Sub ඒවා ගොඩක් quality. අනිත් site වලට වඩා. කොහොමවුනත් Dc series වල sub දෙන නැවැත්තුව නිසා වැඩි සතුටක් නැත. මේක සාධාරනීකරණය කරා වගේ ඒවා සාධාරණීකරණය කරන්න කවුරුත් නෑ. හැමෝම තමන් කැමති දේ promote විතරයි.

  13. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ❀

  14. Anonymous

    Thanks to update to IMAX subtitle

  15. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!

  16. THISANGA

    imax web eke speacial eka mokdd

  17. THISANGA

    imax web eke speacial eka mokdd
    dannathi hinda ahanne

    1. විමා

      තිරයේ ප්‍රමාණය ලොකුයි.
      සාමාන්‍යය වෙබ් එක ක්‍රොප් කරපු තිරයක්.

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Asanga kb

    thank you kolla

  20. tharanka

    ela

  21. Nilush Angana

    Sub ekata thanx

  22. Anonymous

    Kit Harington ඉන්නෙ Black Knight ට , Oscar Isaac තමා Moon Knight

    1. විමා

      ඔව්, ඔයා හරි. ඒක වැරදීමක්. :)

  23. janitha indumina

    moon night kohedida bn enne

    1. විමා

      ඒක වැරදීමක් සහෝ, බ්ලැක් නයිට් ඉන්නෙ.
      කිට් හැරින්ටන්, නොහොම් ගේම් ඔෆ් ත්‍රෝන් එකේ ජෝන් ස්නෝට හිටිය කෙනා, එයා තමා අනාගත බ්ලැක් නයිට්.

    2. Chamindu

      Bluray එකට Update එකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් මචං

  24. kavinda gamage

    ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  25. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  26. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  27. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  28. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  29. pasindu

    baiscopedownloads.co ekee thiyena ekata galapenawaa needa ban

  30. KasunRe

    බොහොම ස්තූතියි සාහෝ......

  31. Anonymous

    Thanks

  32. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  33. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  34. Udara Damith

    එළනේ
    ඔන්න ගත්තා

  35. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  36. Anonymous

    The tender bar subtitles plz

  37. lakshan

    thanks .....................

  38. hukapan

    adoo.. comment danne nathuwa sub witarak ganin.. munta salli hambuwenawa hodata.. ubalata comment kannada yako.... comment danne na api.. sub witarak aran yanawa.. ubala magulak karannada.. comment higannoo

    1. විමා

      බයිස්කෝප් එකේ උන් සයිට් එකෙන් පහුගිය අවුරුදු ගාන පුරාවටම හම්බකරපු සල්ලි වලින් ගතකරන සුපිරි ජිවිත බලන්න. https://www.baiscope.lk/baiscopelk-csr-projects/

      පහුගිය දෙසැම්බර් වල දෙනියායේදී ගත්ත සුපිරි ආතල් එක. https://www.facebook.com/404075593664044/posts/114703010603…
      :) :) :)

    2. Reality

      Pake comment danna epa yako
      Uba wena site ekaka parayek neh
      Monawa karannada ubalai para,gobba,kujeetha site walata comment watune nathi ekata mun mnwa krnnada
      Anunge sub ussanne nathuwa qualityata sub krpn ethkota ubalatath comment watei ntnm ithin hmadama me comment asse walali walali tmai ubalata inna wenne

    3. Vishva

      Great work... keep it up baiscope team.

  39. Kavindu Edirimanne

    Thank you so much

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..

  41. navishka

    vampire diaries eke subs tikath dennako aiye

  42. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  43. indika 75

    thanks..

  44. Anonymous

    thanks bro

  45. Anonymous

    ela

  46. Anonymous

    ela bng..
    Spider man No way Home ekath ikmanata one kollo...

  47. Prabhaasoft

    Thanks Bro... Jaya Wewa...

  48. Roshan

    Thank you bro.Great work.

  49. Dinuka Deshan

    deadlock 2021 film eke sinhala sub eka denoko brother

  50. Dill

    Great,thanks....!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.