Watch Trailer

She-Hulk: Attorney at Law [S01 : E04] Sinhala Subtitles | ඇත්ත මැජික් බොරු මැජික්… [සිංහල උපසිරසි]

ඔන්න උපසිරසි අරගෙන ආවා She-Hulk: Attorney At Law කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකට. මේක නම් කරලා තියෙන්නේ “Is This Not Real Magic?” කියලයි. මේ එපිසෝඩ් එකේදී අපට බලාගන්න පුළුවන් ඩොනී බ්ලේස් කියන නවක මායාකාර ශිල්පියා මිස්ටික් ආර්ට්ස් වැරදි විදියට පාවිච්චි කරන්න ගිහිල්ලා වෙන වින්නැහිය සහ ඒකට වොන්ග් සහ Sh…

ඔන්න උපසිරසි අරගෙන ආවා She-Hulk: Attorney At Law කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකට. මේක නම් කරලා තියෙන්නේ “Is This Not Real Magic?” කියලයි. මේ එපිසෝඩ් එකේදී අපට බලාගන්න පුළුවන් ඩොනී බ්ලේස් කියන නවක මායාකාර ශිල්පියා මිස්ටික් ආර්ට්ස් වැරදි විදියට පාවිච්චි කරන්න ගිහිල්ලා වෙන වින්නැහිය සහ ඒකට වොන්ග් සහ She-Hulk එයාට විරුද්ධව නඩු පවරන විදිය.

පසුගිය කොටසින්

කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ඇබොමිනේෂන් හෙවත් එමිල් බ්ලොන්ස්කිගේ නඩු විභාගය. ජෙන් ඒක දිනලා එමිල් බ්ලොන්ස්කිව නිදහස් කරගත්තා මතක ඇතිනේ. ඒවගේම අපි දැක්කා මේ නඩුව අතරේදිම ඩෙනිස් සම්බන්ධ වෙන නඩුවකුත් යනවා; නිව් ඇස්ගාඩියානු රූපය මාරු කරන කෙනෙක් සම්බන්ධව. එපිසෝඩ් එකේ අන්තිම හරියේදි අපි දැක්කනේ මිනිස්සු හතර දෙනෙක් ඇවිල්ලා ජෙන්ට පහර දෙන විදිය. ඉතින් මේ විදියට අපට හඳුන්වලා දුන්නේ මාවල් කොමික්වල ඉන්න තවත් හතුරන් පිරිසක් වන Wrecking Crew එකයි. එයාලගේ රූපයක් පහතින් තියෙනවා.

ඊළඟට මේ තියෙන්නේ ඇවෙන්ජර්ස්ලාගේ හොඳම animated series එකක් විදියට සලකන Avengers: Earth’s Mightiest Heroes (EMH) කියන සීරීස් එකේ මෙයාලව නිරූපණය කරපු විදිය.

කොමික්වලදී නම් මේ Wrecking Crew එකෙන් එක්කෙනෙක් ගිහිල්ලා ලොකීගෙන් බලය හොරකම් කරගෙන අනික් තුන් දෙනාටත් බෙදලා දීලා සෑහෙන දෙයක් සිද්ධ වෙලා තමයි මෙයාලව නිර්මාණය වෙන්නේ. කොහොම වුණත් ඒ ඔරිජින් එක අදාළ නෑ, මොකද MCU එකේ Wrecking crew එක නම් එයාලගේ ආයුධ අරගෙන තියෙන්නේ ඇස්ගාඩියානු කාර්මිකයෙක් මංකොල්ල කාලා කියලා තමයි එයාලා කියන්නේ. Wrecking Crew එක මේ විදියට හඳුන්වලා දුන්න එක ගැන නම් ෆැන්ඩම් එකේ එච්චර හොඳ හිතක් තියෙනවා කියලා පේන්නේ නෑ. ඒකට හේතු වුණේ මෙයාලාගේ බලයන් අඩු වශයෙන් නිරූපණය කිරීම හා එයාලව අඳුරගන්න බැරි තරමටම වෙනස් කිරීම බව සලකන්න පුළුවන්.

කොහොමහරි කාටහරි කුලියට වැඩ කරනවා කියලා තමයි පේන්නේ. එයාලගේ බොස් කවුරු වුණත් එයාට මොකක් හරි දෙයකට She-Hulk ගේ ලේ වුවමනා කරලා තියෙනවා. ඉතින් මේ නායකයා කවුරු වෙන්න පුළුවන්ද? ඒ The Incredible Hulk එකේ සුළු වෙලාවකට අපි දැක්ක හල්ක්ගේ තවත් හතුරෙක් වන ‘ලීඩර්’ වෙන්න පුළුවන්ද? නැත්නම් මේ වෙන කෙනෙක්ද? කොහොමහරි මේ කතා සමයේ ප්‍රධාන හතුරා මෙයා බව තමයි දැනට නම් පේන්නේ.

Episode 3 QR Code

සුපුරුදු මාවල් සම්ප්‍රදාය අනුව මේ එපිසෝඩ් එකෙත් QR code එකක් තිබුණා. මේක ස්කෑන් කළාම අපිව අරන් යන්නේ She-Hulkගේ ඔරිජින් එකෙන් පස්සේ නිකුත් වුණු කලාපය වන The Savage She-Hulk #2 (1980) වෙතටයි. ඉතින් කැමති නම් කියවලා බලන්න.

 

එහෙනම් අදට සමුගන්නවා. පස්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌️.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

4,488 downloadsDownload She-Hulk-Attorney-at-Law-S01-E04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,488 downloadsDownload Subtitles25 KB

7 comments

  1. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Thank you

  6. Dewadithya

    Thanks for Sub!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.