ඔන්න එහෙනම් Siren අවසන් කොටස අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ රින්ගෙ අදහසට එකඟ නොවුණු ඩොනා මුහුදට ගිහින් එයාගෙ කිඳුරු කණ්ඩායමක් එක්ක ෂෝන් මැකුලර්ගෙ බෝට්ටුවට පහරදුන්නු වෙලාවෙ සැන්ඩර්ගෙ තාත්තා ඒ කියන්නෙ ෂෝන් මැකුලර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. නවවෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති ඒ සිදුවීම…

ඔන්න එහෙනම් Siren අවසන් කොටස අරගෙන එන්නයි මේ සූදානම…
~~පසුගිය කොටසින්~~
රින්ගෙ අදහසට එකඟ නොවුණු ඩොනා මුහුදට ගිහින් එයාගෙ කිඳුරු කණ්ඩායමක් එක්ක ෂෝන් මැකුලර්ගෙ බෝට්ටුවට පහරදුන්නු වෙලාවෙ සැන්ඩර්ගෙ තාත්තා ඒ කියන්නෙ ෂෝන් මැකුලර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. නවවෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති ඒ සිදුවීමට මුහුණ දුන්නු හැමෝම වගේ ඇත්ත සිද්දිය වහන් කරන්න උත්සහ කරන විදිහ. ඒත් සැන්ඩර්ගෙ හිතේ නම් කිඳුරන්ගෙන් පළිගන්න ලොකු ඕනකමක් තියෙනවා. මේ අතරවාරෙදි තමයි බෝට්ටුවට පහරදුන්නු කිඳුරන් එක්කලා ඩොනා බ්‍රිස්ටල් කෝව් වලට එන්නෙ. ඩොනාට නම් ඕනිවෙලා තියෙන්නෙ රින්ව ආපහු එක්ක යන්න වුණත් ඩොනා එක්ක එන අනිත් දෙන්නගේ අරමුණ වෙන්නෙ රින්ව මරන එකයි. මේ දෙගොල්ලන් අතරෙ වෙන ගැටුමෙදි ශෙරිෆ්ට තුවාලවෙනව ඒ වගෙම සැන්ඩර්ගෙ ඉවසීමක් නැතිකම නිසා ඩොනාට වෙඩි වදිනවා. ඩොනාගෙ කිඳුරු ගීතයට වහ වැටිල ඉන්න ඩෙකර් හාදයට නම් ඩොනාට සිද්දවෙන දේ නිසා ලොකු කම්පනයක් ඇතිවෙනවා. සැන්ඩර්ගෙ කලබලකාරී වැඩේ නිසා මිනිහට පොලිස් කූඩුවේ නතරවෙන්න සිද්දවෙනවා. රින්ව මරන්න ආපු කිඳුරො දෙන්නා ඒ අදහස අතෑරලා ආපහු මුහුදට යනවා. මිස් හෙලන්ගෙ හිතේ ලොකු රහසක් හංඟගෙන ඉන්නව කියල පේන්න තියෙනවා. කොහොම වුණත් බෙන්ගෙ වැඩ පිළිවෙල නිසා මැඩීගෙ හිතේ ලොකු ගැටළුවක් වගෙම දුකකුත් ඇතිවෙලයි තියෙන්නෙ. මැඩී පැහැදිලි කරපු දේවල් වගෙම තමන්ටම දකින්න ලැබෙන දේවල් නිසා ශෙරිෆ් නම් කිසි දෙයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ. තාත්තගෙ මරණය නිසා සැන්ඩර් ගොඩක්ම දුකෙන් වගෙම ලොකු කළකිරීමකිනුයි ඉන්නෙ.
~~අද කොටසින්~~
සැන්ඩර්ගෙ වෙඩිල්ල නිසා තුවාල ලබපු ඩොනාගෙ තත්වය බරපතළ වෙලයි තියෙන්නෙ. ඒ නිසා බෙන් තීරණය කරනවා ඩෙකර් හාදයගෙ උදව් අරගන්න. ඒත් ඒ වැඩේට අනිත් කට්ටියගෙ නම් වැඩි කැමැත්තක් පේන්න නැහැ. කොහොම හරි ඩෙකර්ගෙ ප්‍රතිකාර වලින් ඩොනා යම් සුවයක් ලැබුණත් නොහිතපු විදිහට ඩොනා මියයනවා. ඩොනාගෙ මරණය නිසා ඇතිවෙන දුක දරාගන්න බැරුව ඩෙකර් හාදයත් මුහුදෙ ගිලිල සියදිවි නහගන්නවා. බෙන්ගෙයි මැඩීගෙයි අතරට රින් ආපු නිසා ඒ දෙන්නගෙ සම්බන්දය ගැන මැඩී තීරණයක් අරගන්නවා. බෙන්ගෙ පරම්පරාවෙ ඉතිහාසය ගැන වගෙම හෙලන්ගෙ අතීතය ගැනත් මෙච්චර කාලෙකට හෙළි නොවුණු රහස් ගොඩක් හෙලන් බෙන්ට කියනවා. මෑතකදි ටවුමෙ සිද්දවුණු දේවල් ගැන නගර කවුන්සිලය ශෙරිෆ්ගෙන් වගෙම ටෙඩ් පොව්නේල්ගෙනුත් දිගට හරහට ප්‍රශ්න කරනවා. සැන්ඩර්ගෙයි කැල්වින්ගෙයි අතරෙත් ජෙනීන් නිසා ලොකු පටලැවිල්ලක් ඇතිවෙනවා. රින්ගෙයි බෙන්ගෙයි අතරෙ තියෙන සම්බන්දය නිසා බෙන්ට නරකක් සිද්දවෙයි කියල හිතන රින් බෙන්ගෙන් ඈත්වෙලා යන්න තීරණයක් අරගන්නවා. කොහොමින් කොහොම හරි අද කොටසෙදි අපි නොහිතපු විදිහෙ සිදුවීම් ගොඩක් බලාගන්න ලැබෙයි…

මුල් කොටසෙ ඉඳන්ම ඉහළ IMDb අගයක් වගෙම ඉහළ ප්‍රතිචාර ලැබුණු නිසාවෙන්, මේ වෙද්දිත් freeform නාළිකාව විසින් Siren කතාමාලාව දෙවෙනි කතාමාලාවක් දක්වා දීර්ඝ කරල අවසන්. එහෙනම් 2019දි දෙවැනි කතාමාලාවෙන් ආයෙත් හමුවෙමු…
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
61 comments
Ruk96
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසි නිර්මානයකින් නැවත හමුවෙමු...
ජය
පුලුවන්නම් Luke cage season 2 එකට සෙට් වෙමුRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තවත් අලුත් කතාවක් අරන් එමු...
පුලුවන්නම් Marvel කතා අරන් එන්න බලන්න...
Cloak & Dagger එකයි Luke Cage Season 2 එකයි සෙට් වෙලා...Chathura Abesiriwardhana
ජයවේවා!!
Lakshan
Thanks bro.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sankalpatest
THANKS SUB WALATA BRO. GOOD LUCK.
ranga11112
Thank saho...season dekat karamu awama...
jaya weva...Asitha.pramoth
Sub deepu speed ekata pissu hedila inne.thanx saho
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………………ජයවේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
darshana100
ikmanin sub dunnata godak thanks yalu oyat budusaranai
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Asiri Ushan
Thank you saho... sub tika ikmanta dunnata
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Rangana.lk
තැන්ක්ස් වේවා !!!
See soon 2019 buddy good luckරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks bro....
Dushan Tharuka
Thanks bro
lochana nuwan
Thanks bro
Ayesh Prashan
Thank You
naughty
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
harshani11112
ස්තුති ඉසුරැ සහො..... ගොඩාක් පිං ඔයාලගේ කාලය කැප කරලා මෙහෙම සබ් ටයිප් කරලා අපිට දෙනවට...
සිංහල ටයිපින් කියන්නෙ ගොඩාක් කාලය යන වැඩක්... ස්තුති සහො....iDinesh
Thanks Machan
Kanchaka
Thanks bro
ushan@hett
thankx brooo....
ghostn536
කතා සෙට් එකට බොහොම ස්තුතියි
Salinda Wijayabandara
katha set ekatama sub dunnata patta thanks machan... jayen jayama wewa kolloo....
sanath bandara
thanks bro
sasala
thanks
podda
thanks bro!!!
gimhana
machan Season 2 awilla.
nimeshdilshan
season 2 awilla sub denavada
sandaruwan isuru
thanks bro.season 2 ekath ikmanata danna
sineth devapriya
Season 2 bagena balan inne sub denakan bro
sineth devapriya
අවදානය ගන්න දාන්නෙ s2 සබ් ඕනේ.....
sineth devapriya
Season 2 demuko saho
Rumesh Asanka
thank you
Asiri Ushan
මචං Season 02 එකටත් ඉක්මනින් sub දෙනව ද?
sineth devapriya
S2 denna kwruth nadda
shevin
season 2 ekata sub dennako saho
Rashiiddamalgoda
season 2 awith sub demu ko bro.
Rumesh Perera
සීසන් 01 එකට අපිට සබ් දුන්න වගේ සීසන් 02 එකටත් අපිට ස්බ් එක ඉක්මනට දෙන්න.
Asiri Ushan
මචං Season 02 එකටත් ඉක්මනින් sub දෙනව ද?
chamith993
season 2 sub diyanko bn
Rumesh Perera
මෙකයි සහෝල මෙගොල්ලො කරන්නෙ... බයිස්කෝප් සයිට් එක දැන් හොද තැනක තියෙන්නෙ කව්රු නිසද කියල මෙගොල්ලොන්ට දැන් මතක නෑ.
මේ සයිට් එක ලංකාවේ පලවෙනි තැනට ගන්නකන් මෙගොල්ලො මේ සයිට් එකට එන සියලු දෙනාට අහුන්කන් දුන්න. සයිට් එකට එන කට්ටියගෙ වැඩි කැමැත්ත අනුව සබ් දුන්න අපි කමෙන්ට් එකක් දැම්මම එව ගැන බලල එවට උත්තර දුන්න කොටින්ම කිවුවොත් ඇඩ්මින් එකයි මෙකට එන අයයි පවුලක් වගෙ හිටියෙ.කියන්නත් කනගාටුයි දැන් මේකෙ එහෙම දෙයක් නෑ. මොකද මේ සයිට් එක ලංකාවේ උඩටම අවිත් ඉවරයි. ඉතින් අපෙ අදහස් මේගොල්ලොන්ට වැඩක් නෑ. අපි මේ දෙන දේවල් බැලුවත් එකයි නැතත් එකයි.. දැන් මේකෙ තියරිය මේගොල්ලො දෙන දේ අපි බලන්න ඔනෙ. එගොල්ලොන්ට ඔනෙ නම් ඔනෙ දෙයක් මගින් නවත්වල අලුතෙන් ආපු දෙකට සබ් දෙනව.. හැබැයි එක නෙමෙයි වෙන්න ඔනෙ. පටන් ගත්ත දේ ඉවර කරල ඉන්න එකයි.. මොකද මේවගේ ටීවී සීරීස් එක්ක කී දේනෙක් නම් කාලයක් තිස්සෙ රැදිල ඉන්නවද?? එක ගැන හිතන්න.
සබ් දෙන අය අඩුනම් ඉන්න අයට අලුතෙන් එන එන එවට සබ් දෙන්න කලින් මග නැවතුන එව, දුන්න එවගෙ අලුත් සීසන් වලට දෙන්න කියල දැනුවත් කරන්න. උදාහරණයක් විඩියට Siren Season 02 වගෙ එවට දෙන්න. එවා අසාවෙන් බලන්න පුලුවන් කතා..
සමහර විට මගේ මේ අකවුන්ට් එක අයින් කරයි මේ කමෙන්ට් එක දැම්ම කියල. කමක් නෑ.. මේ දේ ඇඩ්මින් එකටත් එන කට්ටියටයි දැනගන්න මිසක් වැරදි අදහසකින් මෙක දානව නෙමෙයි. අපි කගෙ අතිනුත් වැරදි වෙනව. අපි එව හදාගෙන ඉසසරහට යමු. ජය වේව!!
Dewnisavindya
අනේ season 2 subtitles දෙන්නකෝ... season 2 download කරගෙන බලන් ඉන්නෙ ඔයාල subtitles දෙනකම්.. plz
Hashan M. Priyadarshana
මේකෙ season 02 එකට සබ් දෙන්නෙ නැද්ද මචං :(
Piumi vinodya
Season 2 sub denawada
Piumi vinodya
Season 2 onee
Isuru
දැන් ඉතින් බයිස්කෝප් එකේ සබ් දෙන්නෙ වැඩිය කට්ටිය බලන එවට නෙමෙයිනෙ.. ඇඩ්මින් එකේ කට්ටිය ආස විවුස් 700-800 වගෙ තියන එවට විතරයි.. විවුස් 3000-5000 තියන එව එහෙමමයි.. ඉස්සර තමයි ඉතින් මේවගේ කට්ටිය බලන කට්ටිය ආස එවට සබ් දුන්නෙ.. දැන් ඉතින් එගොල්ලො ආස, දෙන්න ඔනෙ නිසා දෙන පොඩි පොඩි මෙලෝ රහක් නැති කතාමාලා විතරයි අපි බලන්න ඕන. අනික කොච්චර තියනවද මග නවත්තපුව.. එව එහෙමමයි.. එල එල අවුකල් නෑ ඔහොම යමු.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩක් ස්තුතී ඉක්මනට කතාසමය දුන්නට ජයවේවා!!