Watch Trailer

The 100 [S07 : E01] Sinhala Subtitles | අභිරහසක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

එසේනම් මිත්‍රවරුනි මේ සූදානම THE 100 හත්වැනි කතාසමය ආරම්භ කරන්නටයි. ඊට මත්තෙන් අපි පෙර කතාමාලාවන්හි සංක්ෂිප්ත මතකාවර්ජනයක යෙදෙමු. පළමු කථාමාලාව. න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙ…

එසේනම් මිත්‍රවරුනි මේ සූදානම THE 100 හත්වැනි කතාසමය ආරම්භ කරන්නටයි. ඊට මත්තෙන් අපි පෙර කතාමාලාවන්හි සංක්ෂිප්ත මතකාවර්ජනයක යෙදෙමු.

පළමු කථාමාලාව.

න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙන් පෘථිවිය ජීවිත්වීමට සුදුසුදැයි යන්න පරික්ෂා කිරීමට තරුණයින් 100 දෙනෙකු පෘථිවිය වෙත එවනවා.ඒ අතරින් ක්ලාක්,බෙලමි,ඔක්ටෙවියා,ජස්පර්,ෆින්,වේල්ස්,මොන්ට්,මර්ෆි යන අය මුලිකත්වයක් ගත්තා නොවෑ.පෘථිවියේ පාරිසරික තත්වය සහ වාතය ජිවය පැවතීමට යෝග්‍ය ලෙස තමා තියෙන්නේ. නමුත් ඔවුන්ට වෙනත් තර්ජනයක් එල්ල වෙනවා. ඒ තමා පෘථිවියේ ජිවත්වෙන්නන් හෙවත් ‘භුමිවාසින්”. ඉතින් මේ භුමිවාසින් සමග අහසින් පැමිණි අයට සටන් වැදීමට සිදුවෙනවා. පිරිස් බලයෙන් අඩුවුනත් ඔවුන්ගේ තාක්ෂනය සහ දැනුම ඔවුන්ගේ වාසියට හේතුවක් වුනා.අවසානයේ සටනකින් භුමිවාසින් 300කට අධික පිරිසක් මරා දමා ජය ගැන්මට ඔවුන් සමත්වෙනවා. නමුත් ඒ හා සමගම නව තර්ජනයක් මතුව එනවා.

දෙවැනි කථාමාලාව.

පළමු කතාමාලාව අවසානයේ කදුකරවාසින් විසින් ඔවුන්ව අල්ලාගන්නවා. මේ වෙද්දී අභ්‍යවකාශයේ හිටපු පිරිසත් පෘථිවියට ඇවිත් ඉවරයි. කවුද මේ කදුකරවාසින් කියන්නේ? ඔවුන් ම්ලේච්ඡ හෝ ග්‍රෝත්‍රික ජන කොටසක් නෙවෙයි.මවුන්ට් වෙදර් නම් භූගත හමුදා කදවුරක දිවි ගෙවන ආකාශ වැසියන් මෙන්ම ඉහල තාක්ෂණයකට උරුමකම් කියමින් දිවි ගෙවන පිරිසක්.භුමිවාසින් පවා මොවුන්ට බියක් දක්වනවා. ඔවුන් මිත්‍රශීලි ලෙස පෙනී හිටියත් ඇතුලතින් ඔවුන් භුමිවාසින්ටත් වඩා රුදුරු බව ක්ලාක් දැනගන්නවා.අවසානයේ ඇය ඒ ස්ථානයෙන් පලාවිත් තම මිතුරන් සහ භුමිවාසි ජනයා කදුකර වාසීන්ගෙන් මුදාගැනීමට දෙපක්ෂයේ ඒකාබද්ධ සේනාවන් සමග සටනකට මුල පිරුවත් භුමිවාසි නායකයා අවසන සටනින් ඉවත්ව යන්නේ කදුකරවාසින් සමග ඇති කරගත එකගතාවයක් නිසාවෙන්. මේ නිසා ක්ලාක් තීරණය කරනවා තනිව තම මිතුරන් මුදාගැනීමට. ඒ සදහා ඇය සියලුම කදුකරවාසින් ඝාතනය කරනවා.

තෙවැනි කතාමාලාව.

තෙවැනි කතාමාලාව පටන්ගනිද්දී කට්ටියටම මතක ඇතිනේ ක්ලාක් ආකේඩියාවේ නැහැ. ඇය වනයකට වෙලා තනියම තමා දිවි ගෙවන්නේ. කදුකරවාසින්ව ඝාතනය කළ නිසාම ඇයට වන්හේඩා නැතිනම් මරණයේ පාලකයා කියලා නමක් එහෙමත් පට බැදෙනවනේ.ඒවගේම කතාව ආරම්භයේදී අයිස් ජාතින් සමග යුද්දෙකට එහෙමත් මුල පුරන්න වෙනවා. කොහොමින්හරි ආකේඩියාව දහතුන්වන ගෝත්‍රය ලෙස කමාන්ඩර්ගේ(ලෙක්සාගේ) පාලනය පිළිගැනීමත් සමග එය අවසන් වෙනවා. ඒවගේම කට්ටියට මතකද දන්නේ නැහැ කතාවේ මැද හරිය වගේ වෙද්දී ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ ආලෝකයේ නගරය. ඒ ජාහා ආලෝකයේ නගරයට ඇතුල්වෙන යතුරුත් සමග නැවත පැමිණීමත් සමග. මේ ආලෝකයේ නගරයට ආකේඩියාව මෙන්ම බොහොමයක් ගෝත්‍රික ජනයාද නතු වෙනවා. නමුත් අවසන සුපුරුදු ලෙස ක්ලාක් ඔවුන්ව බේරගන්න මුල පුරනවා. ආ ඒවගේම තෙවන සමය කතාමාලාවේ ප්‍රධාන චරිත සමුගැන්මකට ලක්වූ සමයක් වූහ.

සතරවැනි කතාමාලාව

තුන්වන කතාසමයට පාදක වුනේ ආලෝකයේ නගරය කියලා මතකයිනේ. ඉතින් මේ ආලෝකයේ නගරයේ පාලක තැන වුනේ ඇලී. ඇලී කියලා කියන්නෙ මනුස්සයෙක් නොව කෘතීම බුද්ධියක් බවත් මතකයිනේ. ඉතින් ක්ලාක් ආලෝකයේ නගරයට ගිහින් ඇලීව විනාස කරන මොහොතේ ඇය පවසනවා තමන් උත්සහ කලේ මානව වර්ගයා බේරාගැනීමට බව. ඉතින් ඇලී පවසන ආකාරයට න්‍යෂ්ටික බලාගාර උනුවිම නිසාවෙන් ඇතිවෙන මහා පිපිරීමෙන් ලෝකය විනාශ වීමට නියමිතයි. ඉතින් හතරවන සමයට පාදක වන්නෙ මේ විනාශයෙන් බේරීමට දරන උත්සාහයන් සහ ගෝත්‍ර අතර ඇතිවෙන බල අරගලයන්. විවිධ උත්සාහයන් දැරීමෙන් අනතුරුව හමු වූ බංකරයක ආධිපත්‍යය සදහා සටනක් පැවත්තුනා මතක ඇතිනේ. ඒකෙන් ජය ගත්තේ ඔක්ටේවියා. ඉතින් ඔක්ටේවියා තීරණය කළානේ සෑම ගෝත්‍රයක් සමගම එය සමව බෙදාගන්න. නමුත් මේ මොහොතේ ක්ලාක්, බෙලමි ඇතුළු පිරිස යානයකින් අභ්‍යවකාශ ගත උනා මතකයිනේ. ක්ලාක්ටනම් හැබැයි යන්න උනේ නෑනේ. කොහොමහරි ක්ලාක් දිවි බේරගෙන තවත් අළුත් සාමාජිකයෙක් සමග ඉන්නකොටම අභ්‍යවකාශයෙන් යානයන් කඩාපාත් වෙන තැනින් තමා හතරවන කතාසමය අවසන් උනේ.

පස්වන කතාමාලාව.

පස්වන කතාමාලාව ආරම්භ වෙන්නේ ෆ්‍රයම්පායා එනම් ලෝක විනාශයෙන් පසුවයි. පිරිසක් ඔක්ටෙවියාගෙ නායකත්වය යටතේ භූගත බංකරයකට යද්දී පිරිසක් අභ්‍යවකාශගත උනා මතකයිනේ. ඒ යද්දී ක්ලාක්ව මග ඇරුනා. නමුත් ෆ්‍රයම්පායාගෙන් ක්ලාක් දිවි බේරගන්නවා. ක්ලාක් පමණක් නෙවෙයි තවත් දැරියක්,ඒ කියන්නෙ මැඩි ක්ලාක් සමග හිටියා.ඉතින් මේ දෙන්නගෙම ජීවිත බේරෙන්නෙ නයිට්බ්ලඩ් නිසා. ඒවගේම තමයි ලෝකයම විනාශ උනත් සුළු භුමි ප්‍රදේශයක් නොනැසී බේරිලා තිබ්බා. නමුත් ක්ලාක්ට ප්‍රශ්නයකට මූණ දෙන්නට වුනා එලිජියස් යානාවෙන් පැමිණි පිරිස නිසා. කොහොමහරි මේ එක්කම වගේ අභ්‍යවකාශ ගත වෙච්ච බෙලමි ඇතුළු පිරිසත් ඇවිල්ලා ක්ලාක්ව බේරගන්නවා වගේම භූගත බංකරයෙ සිටි ඔක්ටෙවියා, එහෙමත් නැත්නම් රතු රැජිණ ඇතුළු පිරිස මුදා ගන්නවා. නමුත් සැබෑම ගැටළුව මතු වෙන්නෙ ඉන් අනතුරුව. පෘථිවියේ ජිවය පවතින අවසන් බිම්කඩ උදෙසා එලිජියස් යානාවෙන් පැමිණි සිරකරුවන් පිරිසත් රතු රැජිණගෙ නායකත්වයෙන් යුතු ගෝත්‍රයත් සටන් වැදුනා. අවසානයේ ඒ සටන අවසන් වෙන්නෙ මහා අවියක් දියත් කරලමින් සදහටම පෘථිවිය වනසා දමමින්. මේ මොහොතේ සමස්ත පිරිසම එලිජියස් යානාවෙන් යළි අභ්‍යවකාශ ගත වුනා.

හයවන කතාමාලාව.

පස්වැනි කතාසමය අවසානයේ ලෝක විනාශය සමගින් පෘථිවිය අතහැර ගිය පිරිස නව ලෝකයක් වෙත පිය නගනවා. මේ ලෝකය ඔවුන්ට සොයා දෙන්නෙ මොන්ටි සහ හාපර් විසින් විශාල කැප කිරීමක් කිරීමෙන්. ඉතින් මේ නව ලෝකය එනම් සැන්ටම් වෙත ගමන් කිරීමෙන් අනතුරුව සාමකාමී දිවි පෙවෙතක් ගෙවීමට සිතුවත් එහිදීත් විවිධ ගැටළුවලට මූණ දෙන්නට වෙනවා. සැන්ටම්හි පාලක ප්‍රයිම්වරු සහ ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ සටන්වලට මැදිවන්නටත්, රසෙල් ප්‍රයිම්ගෙ කූට උපායන්ට හසුවෙන්නටත් ක්ලාක් ඇතුළු පිරිසට සිද්ධ වෙනවා. මතකනෙ, ජොසෆින් ක්ලාක්ව ධාරකයා කරගන්නවා. නමුත් ක්ලාක්ගෙ වාසනාවට දිවි බේරුනා වුනත් ක්ලාක්ගෙ මව එතරම් වාසනාවන්ත වුනේ නෑ. ඒ වගේම තමා කේන් පවා මේ කතාසමයෙන් සමුගත්තා. ඒ වගේම මතක ඇති මැඩිගෙ හිස තුළ ෂෙයිඩ්හෙඩා කළ සන්තෑසිය. ඉතින් විශාල සටනක් කිරීමෙන් පසුව ප්‍රයිම්වරු පරදන්නට හැකි වුනත් කතාමාලාව නිමා වුනේ අමුතුම ආකාරයක ගැටළුවක් ඉතුරු කරමින්.

ඒ ගැටළුව වුනේ ගේබ්‍රියල් විසින් සොයාගත් පාෂාණයක් මගින් යම් දොරටුවක් විවර වී එයින් පැමිණි තරුණියක්, එනම් ඩියෝසාගෙ දියණිය වූ හෝප් විසින් ඔක්ටේවියා ඝාතනය කිරීමෙන්. එසේම තරුණියක්ව පැමිණි හොප්ව ඔක්ටේවියා එක්වරම හදුනා ගත්තෙ කෙසේද යන්නත් ප්‍රශ්නයක් වුනා. ඉතින් මේ ආකාරයට වෙනස්ම මානයකට යමින් සයවන කතාමාලාව අවසන් වූයෙ ප්‍රේක්‍ෂක අපට බොහෝ ගැටළු ඉතුරු කරමින්. එසේම මේ සදහා කාල තරණය සහ මැජික් සම්බන්ධ බවට තියරි පවා ගොඩ නැගුණා.

ඉතින් ඒ අහිරහසේ සුලමුල කෙමෙන් කෙමෙන් දිග හැරෙන්නට වන THE 100 7 වැනි කතාමාලාව හෙවත් අවසන් කතාමාලාවේ ආරම්භයයි අද මෙලෙස සනිටුහන් කෙරෙන්නෙ. එසේනම් අද කොටස ගැන කිසිත් නොකියාම මා සමුගන්නවා. ලබන සතියේදී යළි හමුවෙමු.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

30,169 downloadsDownload The-100-S07-E01.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

30,169 downloadsDownload Subtitles71 KB

92 comments

  1. Sandarunimsara

    අම්මෝ මේක දෙනකම් බලාගෙන හිටියේ.බොහොම ස්තුතියි සහෝ❤

  2. Uvindu

    Ammo godak sthuthi bro.meka daanakan Ada ude idala balan hitiye.sub ekata godak sthuthi..

  3. Suranga

    තෑන්ක්ස් මචං ,
    විඩියෝ එක අරං බලාගෙන හිටියේ සබ් එක දානකම් ..
    කතාවේ ප්‍රස්න ටික විසදයිද දන් නෑ ... නැත්තම් එවා කල්පනා කරලම පිස්සු වග්‍රෙ

    1. Anonymous

      link eka denawada bro

  4. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  5. Anonymous

    Thanks brother keep it up

  6. Dhanushka Dilranga

    Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. Rvmendis85

    Thanks a lot bro....

  8. indika75

    thanks..

  9. Anonymous

    Thank You

  10. Anonymous

    ස්තුතියි සහෝ..

  11. Shehan putha

    ස්තුතියි සහෝදරය !
    ජය වේවා !

    1. Tharanga

      ස්තූතියි සොහොයුරා

  12. geeganagamage

    ගොඩාක් ස්තුතියි

  13. Anonymous

    තැන්ක්ස් බ්‍රෝ.....Dc universe හි නවතම ස්ටාර් ගර්ල් කතා මාලාවට සබ් ලබාදෙන්න බලනවද මේ සයිට් එකෙන් ...ඒ වගේම සුපර් ගර්ල් සිසන් 5ට නැවත සබ් ලබා දෙන්න උත්සහකරනද...2021 සමර් සීසන් වෙනකන් මේ කතා මාලාව යන්නේ නැති නිසාත් ..ඒ කතා මාලාවට සැලකිය යුතු රසිකයන් පිරිසක් ඉන්නවා ...ඒ හින්දා නැවත සලකා බලන්න.the cw කතා මාලාවන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ....

    1. Nuwandika Dilshan

      Aniwarenma

  14. Nuwandika Dilshan

    Thanks ☺️

  15. A JAYANATH

    සිංහල උපසිරැසට ස්තූතියි.....

  16. Anonymous

    Thanx bro!!supergirl season 5 walata sub denna puluwnda?season 4 walin nawaththala dala.ithuru tikata sub dunnoth loku deyk bro!

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. චින්තක

    ස්තුතියි! මිත්‍රයා...

  19. Achi

    අම්මෝ...බොහොම ස්තුතියි ආ සබ් එකට

  20. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  21. Lasith

    Godak kal idan balan hitiya meka enakan apu gamanma mekata sub karanna patan gaththa eka nam elama. Thanka all.

  22. Dewadithya

    Thanks for sub!

  23. Tharindu tharanga

    ammo balagena hitiye enakam thanks bro.

  24. Anonymous

    thanks a lot..

  25. Anonymous

    Thanks bro

  26. උදයංග සම්පත් හතරසිංහ

    ගොඩාක් ස්තූතියි නිලා ❤❤

  27. shashika

    thanks machaaan

  28. Lahiru_Malshan

    Thnks bro

  29. Anonymous

    Thanks aiye.

  30. Anonymous

    bohoma sthuthi saho...

  31. Nishi

    දවසකින් සබ් එක අරන් අාවට ගොඩක් ස්තුතියි....

  32. විමා

    සබට තුති බන්.
    මෙන්න ගන්නවා

  33. ireshdhanu

    thanx bro

  34. Vishal

    සබ් එකට තෑන්ක්ස්
    ජය වේවා.......

  35. Kavinu

    සබට තුති අයියේ! ❤️
    පස්වෙනි සීසන් එකෙන් පස්සේ බලන එක අතෑරුණා!!
    දැන් අන්තිම සීසන් එකත් ඉවර වුණාම නවත්තපු තැන ඉඳන් ආපහු පටන් ගන්නෝනේ ❤️
    ජය වේවා!!!

    1. Anonymous

      ප්ලීස් අනේ ඒම නම් කරනා එපා..... කතාව එකදිගට සම්බන්දයක් තියෙනවා.... ප්ලීස් සීසන් 5යී 6යී බලලම මේක බලන්න ප්ලීස් මෙච්චර සුපිරී සීරීස් එකක් අතඇරල මගින් පටන් ගන්නඑපා ප්ලීස්ස්ස්ස්ස්ස්

  36. Anonymous

    Niyamai.....thanks for the sub.....

  37. සී එස්....

    තෑන්ක්ස් බ්‍රෝ මේ තරම් ඉක්මනට සබ් දෙනවට ඊලග ඒවටත් ඉක්මනටම දෙමූ.... මම නම් ඔක්කොම්ද් ආවට පස්සේ එක දවසට බලල ඉවරයක් කරන්නේ..... එතකොට තමයි ආතල් එක... මේකෙනම් කොටස් 16ක් නේද ? මාස 4ක් ඉන්න පුලුවන් වෙයිද දන්නෑ... බලමුකෝ. ආයෙත් තෑන්ක්ස් සබ් එකට .... සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. ජය.. ...... සබ් පට්ට ඔයාගේ....... නියමෙටම තියෙනවා.වැරදි අඩුපාඩු නැතිම තරම්....

  38. lahiru chathuranga

    thanks bro

  39. Anonymous

    Thank u so much brother

  40. Manoj

    balagena hitapu tv series 1k. venada dc lage series yana kale meka beluva. me para godak parakkuyi vage. episode apu gaman ikmanata sub 1 denna bro. tharjana garjana medde madukapriya soho meke apu gamana matakayi. e gena katha nokara imu. tnx bro sub 1ta. digatama meka oyama karanna.

  41. suranuwan

    thanks bro..

  42. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!

  43. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් සබ් එකත් අරන් ඇවිත්...
    දිගටම මෙහෙමම සබ් දෙමු...

  44. sahangayantha

    thanks a lot saho sub ekata

  45. SanjulaJeter

    Thanks

  46. senarath

    ස්තුතියි blindspot season 5 සින්හල සබ් දේන්නකො

  47. oshanda

    thanks sahoo..denakam balagena hitiye

  48. warunaamarasuriya

    sub ekat abohoma sthuthi ayyye
    game of thrones, the 100 me wage tikak diga tv series poddak kiyannakooo plz plz plz plz

  49. Pubudu Abeysundara

    ඉක්මනින් ම උපසිරැසි ලබා දීම පිළිබඳව ගොඩක් ස්තූතියි. ඇත්තටම මේ episode එක telecast වුන දවසෙ ඉඳලා බලාගෙන හිටියෙ උපසිරැසි දෙනකම්. Thank you very much
    Nilupul

  50. Dilshan

    ෆට්ට Rip දෙකටම Sub දිලා.... ඉස්සර්හටත් එවගෙ දෙන්න..ජයවෙවා!

Load more comments