Watch Trailer

Siren [S02 : E08] Sinhala Subtitles | ජයග්‍රහණ සහ අහිමිවීම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං පොරොන්දු වුණා වගේ ඔන්න අරගෙන ආව අටවැනි කතාංගය. ඉතිං දැන් දන්නවනෙ පහුගිය කොටසෙ ශෝන්ගෙ සිරුර මතු වුණාම සිදුවුණු සිද්ධි පෙළ. බෙන් ඇතුළු පිරිසට හිරේ ඉන්න වුණා මේ සිදුවීම සම්බන්ධව කට උත්තර ලබා දෙන්න. හැබැයි ඒ සිද්ධිය යට ගහන සිද්ධියක් වුණා නිකෝල් සහ රින් ඇතිකර ගන්නා එකඟතාවය නිසා. ඒ අනුව…

ආයුබෝවන්..!

ඉතිං පොරොන්දු වුණා වගේ ඔන්න අරගෙන ආව අටවැනි කතාංගය. ඉතිං දැන් දන්නවනෙ පහුගිය කොටසෙ ශෝන්ගෙ සිරුර මතු වුණාම සිදුවුණු සිද්ධි පෙළ. බෙන් ඇතුළු පිරිසට හිරේ ඉන්න වුණා මේ සිදුවීම සම්බන්ධව කට උත්තර ලබා දෙන්න. හැබැයි ඒ සිද්ධිය යට ගහන සිද්ධියක් වුණා නිකෝල් සහ රින් ඇතිකර ගන්නා එකඟතාවය නිසා. ඒ අනුව බෙන් ඇතුළු පිරිස නිදහ වුණත් ඒ වෙනුවෙන් රින්ට සිද්ධ වුණා සිය කැමැත්තෙන් හමුදා පරීක්ෂණ සඳහා සහය ලබා දෙන්න. මේක ඉතිං රින් තමන් ආදරය කරන යහළුවන් වෙනුවෙන් කරපු පරිත්‍යාගයක්.

ඉතිං අද බලාගන්න පුළුවන් මේ හැමදේම අතරෙ කලෙස්කෝ සමාගම තෙල් නිස්සාරණය සඳහා මුහුදු පතුල හාරන වැඩේ දිගටම කරගෙන යන හැටි. ඉතිං මේ නිසා බෙන් ඇතුළු පිරිසට ඉක්මනින් තීරණයක් ගන්න වෙනව. රින් ඇතුළු පිරිසට ආපහු ගෙදර යන්න නම් මේ තෙල් නිධිය මතු වීම කොහොමහරි වළක්වන්න ඕනෙ. මේ සඳහා බෙන් සහ පිරිස එකතුවෙලා ලොකු සැලැස්මක් දියත් කරනව. එතකොට බෙන් මේ වැඩ කරන්නෙ තමන්ගෙම තාත්තට එරෙහිව. හැබැයි අරමුණ යහපත් එකක්. අද කතාංගය මැද කොටසේ 18+ කොටසකුත් තියෙනව. ඒ නිසා අපහසුවට පත් නොවෙන්න මේ කොටස බලන්න කියල ඉල්ලා සිටිනවා. ඒ වගේම කතාංගය අවසාන වෙනකොට ජය ලැබීම් එක්ක විශාල අහිමි වීම් කීපයකුත් වෙනව. එහෙනම් ඉතිං Siren සඳහා මම මේ ලබා දෙන අවසාන උපසිරැසිය. නැවත ඉදිරි කතා මාලාවේදී හෝ මගෙන් උපසිරැසියක් මේ සඳහා ලබා දෙන්නෙ නැහැ. කොහොම වුණත් ඉදිරියට උපසිරැසි ලබා දෙන හැම කෙනෙකුටම සහය දෙන්න කියල ඉල්ලා සිටිනවා මේ කතා මාලා සියල්ල සම්පූර්ණයෙන්ම ඔබට ලබා දෙන්න. නැවත උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,563 downloadsDownload Siren-S02-E08.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,563 downloadsDownload Subtitles24 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Priyanwada

    Thanks for this

  3. Devinda

    බොහොම ස්තූතී උදයංග සහෝ අපි වෙනුවෙන් සබ් ගෙනාවට. මේ කතා මාලාව සහ ඔබ අපිට සබ් දෙන අනෙක් එවත් ආසාවෙන් අපි බලන්නෙ ඔබ වගේ අයගෙ කැපවීම නිසා.. සියලු දේටම බොහොම ස්තූතීයි.. ඉදිරියේදී එහෙනම් හමුවෙමු!! ජය වේවා!!

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 3 එකත් ඇවිත් තියෙන නිසා එකටත් සබ් අරන් එමුකො.....

  5. Ayesh

    උපසිරසියට ස්තුතියි

  6. Anonymous

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  7. Dilshan

    Sub එකට ගොඩාක් ස්තුතියි සහො ජයවෙවා

  8. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. chinthaka.max4

    thankx machan