බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුබ දවසක් වේව. ඔන්න ඉතින් අද අරන් එන්නේ මේ අවුරුද්දේ TNT නාලිකාවෙන් අරන් එන අළුත්ම කතාමාලාවේ පළවෙනි කොටස. හැමෝම දන්නවනේ මොකක්ද කියලා, ඔව් SNOWPIERCER තමා කතාමාලාවේ නම. එහෙනන් කට්ටිය ට්‍රේලර් එක එහෙම බලල කතාවට සෙට්වෙන්නකෝ. ට්‍රේලර් එක බැලුව කියන්නේ ආය දෙකක් නෑ කෙළින්ම පළවෙන…

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුබ දවසක් වේව. ඔන්න ඉතින් අද අරන් එන්නේ මේ අවුරුද්දේ TNT නාලිකාවෙන් අරන් එන අළුත්ම කතාමාලාවේ පළවෙනි කොටස. හැමෝම දන්නවනේ මොකක්ද කියලා, ඔව් SNOWPIERCER තමා කතාමාලාවේ නම. එහෙනන් කට්ටිය ට්‍රේලර් එක එහෙම බලල කතාවට සෙට්වෙන්නකෝ. ට්‍රේලර් එක බැලුව කියන්නේ ආය දෙකක් නෑ කෙළින්ම පළවෙනි කොටස බලල ඊළග කොටස එනකන් ඇගිලි ගැන ගැන ඉදියි කට්ටිය. ඔව් මේ කතා මාලාව සති පතා විකාශයවෙන කතාමාලාවක් ඒ වගේම දැනටමත් දෙවෙනි සමයට දීර්ඝ කරල තියෙන්නෙ. ඒ වගේම අපි බලාපොරොත්තුවෙනවා තවත් ඉදිරියට කතා සමයන් දීර්ඝවෙයි කියලා. ඉතින් මේ කතා සමයට අවසර ගන්න ටිකක් මහන්සිවෙන්න වුනා. මොකද සති පතා එන රීනිව් වෙන කතා මාලවක් කියන්නේ යකා බැදගත්තා වගේ තමා. විමායිය කිව්වේ දෙවෙනි කතාසමය එද්දි වලෙන් නැගිටල ඇවිත් හරි කමක් නෑ උපසිරසිය දෙන්න කියලා. කොහොමහරි බයිස්කෝප් පහතමාලේ අපි සෙට් එක අපේ අළුත්ම සාමාජිකයා බිම්සර යසාන් මලයත් එක්ක මේ වැඩේට අත ගැහුවා.
මේ කතා මාලාව කවිශාල් රසින්ත, බිම්සර සහ මම එකතුවෙලා තමා ඔයාලගේ රසවින්දනයට අරන් එන්නෙ. ඒ වගේම හැම සතියකම බදාදට තමා ඇමරිකානු වෙලාවෙන් රෑ නවයට කතා මාලාව විකාශය වෙන්නෙ. ඒ වගේම මේ කතා මාලාවේ 2013 ෆිල්ම් එකක් නිකුත්වෙලා තියෙනවා. ෆිල්ම් එක බලපු අයනන් ටිකක් හොල්මන් වෙලා යයි. තව පොඩි ජාතිවාදී සීන් එකකුත් යනව වගේ. මොකද ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා සුදු ජාතිකයෙක් ඒත් ටීවී සීරීස් එකේ කළු ජාතිකයෙක්. ඒක පොඩ්ඩක් රේටින් වලට බලපාල තියෙනවා. රීවිව් කියෙව්වොත් ඒක ඔයාලට තේරෙයි. සුපිරිම කතාමාලාවක ආරම්භය කියල වගකීමෙන් කියන්න පුළුවන් මොකද පලවෙනි කොටස සෑහෙන අල්ලලා ගියා මටනන්. දැනට පේන්න තියෙන විදිහටනන් ෆිල්ම් එකට වඩා සෑහෙන්න වෙනස් කතාව ඒ වගේම ඒ වෙනස සෑහෙන්න හොදයි කියලයි මට හිතෙන්නෙ. එහෙනන් පහලින් කවිශාල් කතා මාලාව ගැන වැඩි දුර විස්තරයක් කරල ඇති ඒකත් කියවල කතා මාලාව ගැන අවබෝදයක් අරගෙනම කතාව බලන්න පටන් ගන්න. හැමෝටම ජයවේවා. හතරවෙනි කොටසෙන් නැවත හමුවෙමු.
ලිපිය – මලිත් වීරමුණි
අද මේ උණු උණුවේ අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් වුන කතාමාලාවක්…. ඔව් ඔව් සමහර අය ආසාවෙන් ඇඟිලි ගැන ගැන හිටිය Snowpiercer කතාමාලාව තමා. මේ කතාමාලව නිකුත් වුනේ TNT කියන චැනල් එක හරහා.. සමහරු හිතාගෙන ඉන්නවා මේකත් Netflix එකේ කියලා.. නෑ නෑ වරද්ද ගන්න එපා.. එයාලා මේක ස්ට්‍රීමින් කරන්න රයිට්ස් අරගෙන විතරයි. ඔරිජිනල් අයිතිය තියෙන්නේ TNT නාලිකාවට.. ඒ කියන්නේ The Last Ship කරපු චැනෙල් එකට. සතියක එක ගානෙ තමා එපිසෝඩ් එන්නේ.. පලවෙනි කතා සමය එන්නත් කලින්ම මේක දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් අනිවාරෙන් සුපිරිම සිරීස් එකක් වෙනවා නියතයි. හරි කතා ඇති මේ සිරීස් එකට පාදක වෙච්ච පසුබිම බලන්න.
Le Transperceneige කියන්නෙ ජැක් ලොබ් සහ ජීන් මාක් රොචෙට් විසින් නිර්මාණය කරන ලද ප්‍රංශ ග්‍රැෆික් නවකතාවක්. (ග්‍රැෆික් නවකතා කියන්නේ චිත්‍ර කතා වගේම තමා වෙනස අතින් ඇදපුවා නෙමේ ග්‍රැෆික් වලින් ඇඳපුවා)
ඒක කැස්ටර්මන් විසින් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ ග්‍රැෆික් නවකතාව ප්‍රථම වරට 1982 දී Le Transperceneige යන මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතර පසුව එය The Escape කියලා නම් කරලා තියෙනවා. 1999 දී ප්‍රකාශයට පත් කරන ලද The Explorer සහ 2000 දී ප්‍රකාශයට පත් කරන ලද The Crossing යන ග්‍රන්ථ ලේඛක බෙන්ජමින් ලෙග්‍රෑන්ඩ් විසින් ජැක් ලොබ් වෙනුවට තවත් වෙළුම් දෙකකින් ඉදිරියට කරගෙන යනවා. සිව්වන වෙළුම විදිහට ඊටත් පස්සේ Terminus කියන නමින් ඔලිවියර් බොකෙට් විසින් තව කොටසක් රචනා කරලා කරලා 2015 දී ප්‍රකාශයට පත් කරනවා. Le Transperceneige හී ඉංග්‍රීසි පරිවර්තනයක් ටයිටන් කොමික්ස් (Titans Comics – ටයිටන් කොමික්ස් කියලා මෙතන මේ කියන්නේ Titans Comics කියලා පොත් කොමික්ස් සඟරා බෙදාහරින සමාගමට.) විසින් 2014 දී නිකුත් කලා.

එහි වෙළුම් දෙකක් තිබුනා එනම් Snowpiercer : The Escape සහ Snowpiercer : The Explorers (මේ වෙළුම් දෙකට පෙර ප්‍රංශ භාෂාවෙන් රචනා කලා මුල් වෙළුම් තුනම ඇතුලත් උනා. ඒ කියන්නේ The Escape, The Explorers සහ The Crossing කියන වෙළුම් තුනම ටයිටන් කොමික්ස් විසින් වෙළුම් දෙකකට නිකුත් කලා.)

ටයිටන් කොමික්ස් විසින් ඉංග්‍රීසි බසින් තුන්වන වෙළුම විදිහට Terminus 2016 දී නිකුත් කරනවා.

පසුව 2019 දී පූර්ව කතා මාලාවක් (Prequel – ඔරින්ජිනල් පොත් හතරට ඒම නැත්තම් ටයිටන් කොමික්ස් විසින් නිකුත් කල වෙළුම් තුනට පාදක වූ කාල රාමුවට පෙර සිද්ධි දාමයන් පාදක කරගෙන නිකුත් කල ඒවා.) ආරම්භ කලා.
ඒ Prequel සිරීස් එකට තවත් කොටස් වශයෙන් වෙළුම් තුනක් නිකුත් වුනා. ඒ ටික ගැනත් කෙටියෙන් කියන්නම්.
1 වන කොටස: වඳවීම (Extinction)
මේ කොටස අයිස් යුගයට හේතු වූ වඳවීමේ සිදුවීමට පෙර සිදුවීම් අලලා නිර්මාණය කරලා තියෙන්නේ.

2 වන කොටස: එළිදරව්ව (Apocalypse)
මෙම කොටසින් වඳවීමේ සිදුවීමෙන් දින කිහිපයකට පසුව සිදුවෙන සිදුවීම් වලින් නිර්මාණය කරලා තියෙනවා.

3 වන කොටස: සමූල ඝාතනය (Annihilation)
මෙම කොටසින් වඳවී යාමේ සිදුවීමෙන් පසුව සහ 2 වන කොටසිනුත් පසුව සිදු වෙන සිදුවීම් වලින් නිර්මාණය කරලා තියෙන්නේ.

දැන් බලනවා ඇති මේ කතාවේ හරය මොකද්ද කියලා. එතකොට උඩ කියලා තියෙන අයිස් යුගය මොකද්ද කියලා.හරි මම කෙටියෙන් කතාවේ තේමාව කියන්නම්. වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ.. බලලම දැනගන්න තියන්නම්.
හැමෝම වගේ දන්නවනේ අද වර්තමාන ලෝකයේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගෝලිය උෂ්ණත්වය ඉහල යාම.. අන්න ඒ කරුණ තමා මේ කතාව ආරම්භයට හේතු වෙන්නේ.. ලෝකයේ ගෝලිය උෂ්ණත්වය ඉහල යාම නිසා එය වලක්වා ගන්න සෙරම් එකක් එක රටකින් හදනවා Cw-7 කියලා.. ඒක ඒ විදිහටම මේ සිරීස් එකේ තියේද කියන්න බෑ.. මම කියන්නෙ පොතේ තියෙන දේ.. ඉතින් ඒ සෙරම් එක ඉහල වායුගෝලයට ඒම නැත්තම් වලාකුළුවලින් උඩට විහිදුවන්න රටවල් ඔක්කමගේ කැමත්ත අරගන්නවා.. ඒත් මේ සෙරම් එකෙන් හිතපු දේ උනා.. ගෝලිය උෂ්ණත්වය අඩු උනා හැබයි ශූන්‍ය අගය දක්වාම.. ඒ කියන්නෙ කිසිම සතෙක්ට දරාගන්න බැරි තත්වෙටම.. ඒකෙන් ලෝකේ සියළුම ජීවින් වඳවෙලා යනවා. ඒ නිසා ඒ යුගයට කියන්න ගන්නවා අයිස් යුගය කියලා. ඒත් එක ධනවත් පුද්ගලයෙක් සතුව විශේෂිත දුම්රියක් තියෙනවා මේ කිඋඅන කාලය වෙනකොට.. ඒ දුම්රියේ කෝච්චි පෙට්ටි 1001 සහිත වෙනවා.. අඩුම වශයෙන් සැතපුම් දොලහක් පමණ දිගක් වෙනවා.. මේ කෝච්චියේ සියළුම පහසුකම් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ලෝකේ තියෙන සෑම වර්ගයකම දේවල් මේ කෝච්චි පෙට්ටි 1001 ඇතුලේ තියෙනවා.. ඒ කියන්නෙ එක කෝච්චි පෙට්ටියක් සැලුන් එකක්. තව එකක් හෝටලයක්. තව එකක් බාර් එකක්. ඔය වගෙ වතුර සැපයුම් අංශය, කෑම සැපයුම් අංශය, ගෙවතු අංශය වගේ එකි මෙකි නොකී හැම්දෙයක්ම මේකේ තියෙනවා. ඉතින් මේ කෝච්චියේ යන්න පුළුවන් ප්‍රමාණයට පිරිසක් පමණක් අර ව්‍යසනයෙන් බේරිලා මේ කෝච්චියේ දිවිගෙවනවා.. සමහරු ඉපදිලා තියෙන්නෙත් මේ කොච්චියෙමයි.. ඉතින් මේ කෝච්චිය ලොකේ වටෙම යනවා.. ඒ කියන්නේ රේල් පාර ලෝකේ වටේටම දාලයි තියෙන්නෙ. එක රවුමක් යන්න හරියටම අවුරුද්දක් යන විදිහට තමා රේල් පාර නිර්මාණය කරල තියෙන්නෙ. මේ කෝච්චියේ දෙපාර්ශවයක් ඉන්නවා.. ඉස්සරහ කොටසේ ඉන්නෙ පෝසත්තු.. පිටුපස කොටසේ දුප්පත් අය.. දුප්පත් අය ඉන්න ඕන පෝසත් අයගේකීමට යටත්ව.. ඉතින් ඒ වහල් කම නැති කරගන්න කරන විප්ලවයක් තමා මේ කතාවේ තේමාව වෙන්නෙ. ඊටවඩා කියන්නෙ නෑ. ඉතුරුවා කතාව රසවින්දයෙන්ම ලබාගන්න.
අනික තමා Snowpiercer කියන නමින්ම 2013 මේ කතාව රැගත් සිනමා පටයක් නිර්මාණය උනා. කවුරුත් දන්න Chris Evans ඒ කියන්න කැප්ටන් ඇමරිකා අයියා තමා ප්‍රධාන චරිතේ කරන්නේ. අධ්‍යක්ෂකවරයා තමයි Bong Joon-ho.. දන්නෙ නැද්ද.. ඒනම් වහ ටික කමු… 2019 ඔස්කාර් සම්මාන උළෙලේ වීරයා තමයි ඒ. ඔව් ඔව් ලෝකෙම හොල්ලපු Parasite සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා.
හිතාගන්නකො ඒකෙන්ම කොහොමද කියලා. අනික තමා මේ ලොක්කා අපි මේ කියන අලුත් Snowpiercer සිරීස් එකේ නිශ්පාදකයෙක් විදිහට එකතු වෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. මේක එකෙන්ම අපේ භාෂෙවෙන් කිව්වොත් පහරක්.. නැරඹිය යුතුම එකක්. ඔය තොරතුරු ටික ඇති කියලා බලන එක නොබලන එක ඔයාලට භාරයි. කාලෙකට පස්සෙ සුපිරි Sci-Fic, Action සිරීස් එකක් කියලා නම් බය නැතුව කියන්න පුළුවන්.

ලිපිය – කවිශල් රසින්ත

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,879 downloadsDownload Snowpiercer-S01-E01.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
24 comments
Jeewantha
Rohith
Ela bro
PRIYANKARA APONSO
Thank you
Anonymous
ස්තූතීයි
dehan95
ස්තූතියි සබ් එකට.ඒ වගේම පුලුවන් නම් මැයි 18 ඩ්සී යුනිවර්ස් හී නවතම කතා මාලාව වන ස්ටාර් ගර්ල් සීරිස් එකට සබ් කරන්න කියලා සයිට් එකෙන් ඉල්ලා ඉන්නවා
indika75
උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි.ඇත්තටම අලුත් TV Series ගන්න බයයි අතරමඟ නවතියි කියලා.දිගටම දෙනවනම් ඉතිං..........
Shaggie
සබට බොහොම ස්තූතියි සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
මාලක ප්‍රසාද්
මලිත් සබ් එකට ස්තූතියි ❤ ආදරෙයි. කවිශල් ආටිකල් එක පට්ට නියමයි බලන් හිටිය සීරියස් එක.....
Sandarunimsara
සබ් එකටත් ලිපියටත් බොහොම ස්තුතියි සහෝ❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Navi1996
ඔහොම කියනකොට නම් බලන්නම හිතෙනවා..බොහොම ස්තූතියි සබට
prasanga
thanks...
chamee1234
තැන්ක්ස් බ්‍රෝ....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...කාලෙකට පස්සේ වීක්ලි එන සුපිරි සීරිස් එකකට සෙට් වෙන්න පුලුවන්...ලිපියත් මරු...ජය වේවා!
විමා
සබට තුති මලේ මෙන්න බලනවා...
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කෞශල්‍ය දුෂ්‍යාන්
S01E02 Ekatat Sub Demu Ikmanatama. Jaya wewa
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Kavinu
සබට තුති බන්!
Lahiru Lakshan
thanks.....
Anonymous
Thnaks for Sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


අළුත්ම කථා මාලාවක්. විස්තරාත්මක ලිපියටත් ස්තුතියි. එහෙනම් සබ් එක ගත්තා.