Solo Leveling [S01 : E02] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…
Solo Leveling Sinhala Subtitles
2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 2 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
කතා පසුබිම මොන වගේද කියල අපි දැන් කෙටියෙන් බලමු. අවුරුදු දහයකට කලින් සැබෑ ලෝකයත් වෙනත් මානයකුත් යා කරල අද්භූත දොරටු කිහිපයක් ලෝකෙ පුරා විවෘත වෙනවා. මේ දොරටු වලට එපිටින් ඉන්නෙ සාමාන්‍ය ආයුධ වලින් පරද්දන්න බැරි සත්ව විශේෂ. ඒ සත්ව විශේෂයන් පරද්දන්න තරමේ හැකියාවන් ගොඩ නගාගත්තු අය පස්සෙ බිහි වුනා. ඒ අය තමයි හන්ටර් ලා. ඒ හන්ටර් ලා එයාලගෙ බලයන් හැකියාවන් අනුව S, A, B, C, D සහ E කියල නිලයන් වලට බෙදල තිබුනා. ඒ අනුව මෙතන බලවත්ම අය තමයි S නිලයේ අය. බලයෙන් අඩුම අය තමයි E නිලයේ අය. මේ හන්ටර්ලා අතර සුව කරන්නන් ඉන්නවා. මෙයාලත් හන්ටර්ලා වගේම නිලයන් අනුව වර්ග වෙනවා. මේ හන්ටර් ලා අර දොරටු හරහා ගිහින් අර සත්තුන්ව විනාශ කරල දොරවල් වහනවා. මෙයාලට මේ ගමනෙදි සල්ලි හොයන්න ක්‍රමත් හම්බ වෙනවා. “සන්ග් ජින්වූ” කියන්නෙ මේ වැඩේ කරන්න එන E නිලයේ හන්ටර් කෙනෙක්. ඉතින් මේ සන්ග් ජින්වූ මේ එක දොරක් හරහා ගිහින් තමන්ගෙ කණ්ඩායමත් එක්ක අර සත්තුන්ව පරද්දලා සල්ලි ටිකක් හොයන්න එකතු වෙනවා. මේ දොරටු හරහා ගිහින් සටන් කරන තැනට කියන්නෙ “ඩන්ජන්” එකක් කියලයි. මේ ඩන්ජන් පවා අර වගේම එක් එක් නිලයන් අනුව වර්ග කරල තියෙනවා.
ඒ විදිහේ ඩන්ජන් එකක වෙන සටනකින් පස්සෙ, ඒ ගමනේ අවසාන හරියෙදි මේ කණ්ඩායමට දෙවොලක් වගේ තැනක් හම්බ වෙනවා. ඒ දෙවොල ඇතුලෙ හිරවුනු මේ කණ්ඩායමට, එක එක විදිහෙ ලොකු පිළිමවලින් පිරුණු මේ දෙවොලේ තිබිලා පුරාණ ලිපියක් හම්බ වෙනවා. දේව ආඥාවක සලකුණු තිබුනු ඒ ලිපියෙ කියවුනු දේවල් කවුරුවත් ගනන් ගත්තෙ නම් නෑ. අන්න එතකොට පිළිම වලට පණ එන්න පටන් ගන්නවා. බයේ පැනල යන්න හදන එක එක්කෙනා ක්ෂණයකින් නොයෙක් ආකාර වලින් මරණයට පත් වෙන්න පටන් ගන්නවා. දැන් ඉතුරු අය පැනගන්න පාරක් හොයනවා. ඒත් යන්න තැනක් නෑ. පණ ආපු පිළිම දරුණු සාහසික විදිහට එක එක්කෙනා මරන්න පටන් ගන්නවා. සන්ග් ජින්වූ ඇතුළු කණ්ඩායමේ ඉතුරු අයට මේ සිද්ධියෙන් බේරෙන්න පුලුවන් වේවිද? මේ දෙවොල මොකක්ද? මේ දේව ආඥාව මොකක්ද? ඒකෙන් කියවෙන්නෙ මොකක්ද? නරඹන්න මේ කොටස. මේ කොටස අතිශය උද්වේගකර කොටසක්. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි 3 වන කොටස තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : If I Had One More Chance
Aired Date : 2024.01.13
IMDB Rating : 9.2

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,482 downloadsDownload Solo-Leveling-S01-E02-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
9 comments
Akila Dilhara
Dasun
හිරිගඬු පිපෙන එපියක් මේකත්
Shammi Prasad
කතාව සුපිරියී.... ❤️❤️❤️ දිගටම එනවා සබ් එක ගන්න... keep it up මචන්
podda
mekanm pissuwak
Chanu
manga eka full kiyeuwa patta me series eka
Nipun
Willow season 1 eke sub tika danako
Anonymous
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Solo Leveling [S01 : E02] Sinhala Subtitles | පරිත්‍යාගය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Solo-Leveling-2.jpg)




Thanks for Sub...❤