Solo Leveling [S01 : E03] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…
Solo Leveling Sinhala Subtitles
2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 3 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
මේ වෙනකොට නිකුත් වුනේ කොටස් 2 ක් විතරක් වුනාට, විශේෂයෙන් දෙවෙනි කොටස අපේ භාෂාවෙන් කිව්වොත් ඒක ඇඟේ මයිල් කෙලින් වෙන ජාතියේ කොටසක් කිව්වට වරදක් නෑ. හරිම බියජනක සිද්ධි දාමයක් තමයි ඒ කොටසින් දකින්න ලැබුනේ. ඉතින් අද කතාවට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් කෙටියෙන් මතක් කර ගනිමු. E නිලයේ හන්ටර් කෙනෙක් වුනු සන්ග් ජින්වූ, තමන්ගෙ කණ්ඩායමේ අයත් එක්ක වටලන්න ගිය ඩන්ජන් එක සම්පූර්ණයෙන්ම සුද්ධ කරල දැම්මට පස්සෙ, ඒ ඩන්ජන් එක ඇතුලෙන් තවත් තැනකට යන්න පාරක් මතු වෙනවා. ඒ පාරෙන් ගියාම හැමෝටම හම්බවෙන්නෙ දෙවොලක් වගේ තැනක්. ඒ දෙවොලේ අති විශාල පිළිම ගොඩකුත් තියෙන බව දකින්න ලැබෙනවා. ඒ දෙවොලේ පුවරුවක තිබුනු දේව ආඥාවක් නිසා එක පාරටම නොදුටු නොසිතූ නොවිරූ දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එක පාරටම පිළිමවලට පණ ඇවිත් එක එක්කෙනා ගානෙ එක එක ක්‍රම වලින් ඒ කණ්ඩායමේ අයව මරාගෙන මරාගෙන යන්න පටන් ගන්නවා. ඇතුළට ආපු ගමන්ම දෙවොලේ දොරත් වැහුනු නිසා එළියට යන්නත් බෑ. කණ්ඩායමේ අයව මෙහෙම මරන්නේ මේ ආඥාවට ගරු නොකරපු නිසයි කියල සන්ග් ජින්වූ හිතනවා.
ඉතින් කොහොමින් කොහොමහරි මේ මරණයන් වළක්වා ගන්න ජින්වූ ඇතුළු පිරිස දේව ආඥාව අනුව කටයුතු කරන්න පටන් ගන්නවා. අවසානයෙදි හැමෝටම පණ බේරගෙන්න යන්න නම් දෙවොලේ මතු වුනු අල්තාරයක් ළඟ එක්කෙනෙක්ට පරිත්‍යාගයක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අන්තිමේදි ඒකට ඉදිරිපත් වෙන්නෙත් සන්ග් ජින්වූ ම තමයි. ජින්වූගේ කැපකිරීම නිසා කණ්ඩායමේ ඉතුරු වුනු කිහිප දෙනාට පණ පිටින් බේරිලා යන්න පුලුවන් වෙනවා. දෙවොල ඇතුලේ ඉතුරු වුනු සන්ග් ජින්වූට අර පිළිම ටික දුන්නෙ නැති වදයක් නැති තරම්. ඉතින් දැන් සන්ග් ජින්වූට මරණය විතරද ඉතුරු වෙලා තියෙන්නෙ? කොටස අවසානයෙදි යම් තිරයක දිස් වෙන පණිඩියක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමන් “Player” කෙනෙක් වෙන්න සුදුසුකම් ලැබුවායි කියන කාරණාව. මොකක්ද මේ පණිඩිඩය? ජින්වූට සිද්ධ වුනේ මොකක්ද? මේක කතාවේ ඉදිරිය ගැන ඉඟි පළ කරන ජාතියේ කොටසක්. ඒ වගේම මේ කොටසෙදිත් අපිට කතාවටම ආවේණික වචන කිහිපයක් හම්බ වෙනවා. නරඹන්න මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි 4 වන කොටස තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : It’s Like a Game
Aired Date : 2024.01.20
IMDB Rating : 8.5

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,113 downloadsDownload Solo-Leveling-S01-E03-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
6 comments
Akila Dilhara
Shammi Prasad
Thanks for the sub brother ❤️❤️
Dilshan buddika
සුපිරි ❤️
Madush
4 සබ් එක කවද්ද දෙන්නෙ බ්‍රෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Solo Leveling [S01 : E03] Sinhala Subtitles | ශක්තිය උරගා බැලීම වෙනුවෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Solo-Leveling-2.jpg)




Thanks for Sub Brother...❤