Watch Trailer

Solo Leveling [S01 : E08] Sinhala Subtitles | නැවතත් පැරණි සගයන් සමඟ… [සිංහල උපසිරසි]

Solo Leveling [S01 : E08] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…

Solo Leveling Sinhala Subtitles

2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 8 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. පසුගිය සතියේ අලුත් කොටසක් විකාශය වුනේ නෑ. ඒ වෙනුවට 1 සිට 7 වෙනි කොටස දක්වා Recap episode එකක් තමයි විකාශය වුනේ. ඒ අනුව සති දෙකකට පසුව එන 8 වෙනි කොටසයි මේ අරන් එන්නේ.

ඩන්ජන් වැටලීමේ අතරතුරේදි හය දෙනාගෙ සමන්විත වුනු හන්ටර් කණ්ඩායම තමන්ගේ ජීවිතයට තර්ජනයක් වුනු නිසා, හදිසි කුවෙස්ට් එකකට අනුව සන්ග් ජින්වූ විසින් ඒ මුළු කණ්ඩායමම සමූල ඝාතනය කරනවා. ඒකෙන් පසුව ජින්වූගේ ශක්තිය දැකපු හන්ටර් කෙනෙක් අලුත් හන්ටර් ගිල්ඩ් එකක් වෙනුවෙන් වැටලීම් දහ නවයක් කරන්න සහභාගී වෙන්න සන්ග් ජින්වූට ආරාධනාවක් ආවත්, ජින්වූ ඒක පිළිගන්නෙ නෑ. ජින්වූ දිගටම තමන්ගෙ සුපුරුදු ව්‍යායාමයන් කරගෙන්න ඉන්න කොට තමයි සීක්‍රට් කුවෙස්ට් එකකට මඟ පෑදෙන්නෙ. “ජීවයේ අමෘතය”(Elixir of Life) කියන ඕනිම ලෙඩක් සනීප කරන්න පුලුවන් විදිහේ දෙයක් වෙනුවෙන් තමයි මේ ඩන්ජන් එක තියෙන්නෙ. ඉතින් මේක කොහොමහරි අරගෙන සදාකාලික නිද්‍රා රෝගයේ ඉන්න තමන්ගෙ අම්මව සනීප කරන්න ජින්වූ හිතනවා.

ඒ අමෘතය හොයාගෙන ඩන්ජන් එකකට ඇතුල් වුනා විතරයි ජින්වූට මුහුණ දෙන්න වුනේ කෙලින්ම ඩන්ජන් බොස්ට. අපායේ දොරටු ආරක්ෂකයා විදිහට හඳුන්වන සර්බරස් කියන ඔලු තුනේ බල්ලට තමයි මුහුණ දෙන්න වුනේ. දරුණුම සටනකට පස්සෙ කොහොමහරි අන්තිමේදි මරණය පෙනි පෙනී හරිම අමාරුවෙන් ඒ ඩන්ගන් බොස්ව පරද්දන්න ජින්වූ සමත් වෙනවා. හැබැයි අර ජීවයේ අමෘතයට තව හුඟක් දුරයි. තව තවත් ශක්තිමත් වෙලා ලෙවල් වලින් ඉහළට ගිහින්ම ආපහු මේ කුවෙස්ට් එකට එනවා කියල හිතාගෙන ආපහු සාමාන්‍ය ලෝකෙට ජින්වූ යනවා. දැන් ජින්වූට තියෙන්නෙ ශක්තිමත් වෙන්න, සටන් කරන්න, ලෙවල් වලින් ඉහළට යන්න. ඒක කරගන්න පුලුවන් ඩන්ජන් වලින් විතරයි. ඉතින් ආයෙත් වතාවක් ඩන්ජන් වැටලීමකට ජින්වූ යනවා. නොසිතූ විදිහට වැටලීම් කණ්ඩායම විදිහට ජින්වූට මුණ ගැහෙන්නෙ තමන් දන්න කිහිප දෙනෙක්වමයි. කවුද ඒ කිහිපදෙනා? මේක මොන විදිහෙ තත්වයක්ද? නරඹන්න මේ කොටස. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි 9 වන කොටස තුළින් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : This is Frustrating

Aired  Date : 2024.03.02

IMDB Rating : 7.3 (2024.03.05)

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,160 downloadsDownload Solo-Leveling-S01-E08-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

7,160 downloadsDownload Subtitles17 KB

7 comments

  1. podda

    supiriyka.... thanks sahola

  2. Akila Dilhara

    Thanks for Sub...

  3. KelVix

    Ado dawas 2,3 danna barida iwasillak na

  4. Anonymous

    Episode 9 ekath ikmanata dannako

  5. Thevinuperera

    Episode 9 sub eka godak prakkuine ban

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...