Solo Leveling [S01 : E07] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…
Solo Leveling Sinhala Subtitles
2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 7 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
ගෙදර වියදම් වලට සල්ලි හොයා ගැනීමේ අරමුණින් හන්ටර්ලා කණ්ඩායමක් එක්ක ඩන්ජන් වැටලීමකට සහභාගී වෙන සන්ග් ජින්වූට නොසිතූ දේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඩන්ජන් එකේදී හොයා ගත්තු මානා පළිඟු විශාල ප්‍රමාණයම රැගෙන යාමේ අරමුණින් ඩන්ජන් බොස් අතින් මැරේවි කියන අදහසින්, මේ හන්ටර් කණ්ඩායමේ අය ජින්වූ ඇතූළු ජින්වූ ළඟින් හිටපු මේ වැටලීමේදී අඳුර ගත්තු යූ ජින්හෝ කියන හන්ටර්වත් ඩන්ජන් එක ඇතුලෙ හිර කරලා පැනල යනවා. ඒත් level up වෙලා ඉන්න ජින්වූ මේ බොස්ව පරද්දනවා. හන්ටර් කණ්ඩායමේ අය හය දෙනාම ජින්වූව සහ ජින්හෝව මරා දැමීමේ අරමුණින් තමන්ගෙ ආයුධ ඔසවද්දි, ජින්වූට ඉතා හදිසි කුවෙස්ට් එකක් එනවා. ඒ තමයි තමන්ගෙ ජිවිතයට තර්ජනයක් වෙන මිනිස්සු හය දෙනාව මරන්න කියන කුවෙස්ට් එක. ඉතින් ජින්හෝ ඇතුළු හැමෝවම පුදුම කරමින් තමන්ට තමන්වත් පුදුම කරමින් ජින්වූ මේ හන්ටර් කණ්ඩායම සමූල ඝාතනය කරනවා.
මේ ඝාතනයන් වුනේ කොහොමද කළේ කවුද කියන එක හැබෑ ලෝකෙට ප්‍රශ්නයක්. මොකද ඩන්ජන් එකක් ඇතුලෙ වෙන දේ බලාගන්න ක්‍රමයක් නෑ. වුනු දේ දන්නෙ ජින්වූගේ ළඟින් හිටපු ජින්හෝ විතරයි. ඉතින් මේ ජින්හෝ ජින්වූට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ වගේම අලුත්ම කුවෙස්ට් එකකට සහභාගී වෙන්න ජින්වූට පුලුවන් වෙනවා. ඒ වගේම ඒක තමයි මෙතෙක් ලැබුනු භයානකම කුවෙස්ට් එක. මොකක්ද මේ කුවෙස්ට් එක? ජින්හෝගෙ යෝජනාව මොකක්ද? නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි අපි 8 වන කොටස තුළින් මුණ ගැහෙන්නේ නෑ. මොකද මීළඟ සතියෙදි Solo Leveling 8 වෙනි කොටස වෙනුවට 1 සිට 7 කොටස දක්වා recap episode එකක් තමයි නිකුත් වෙන බවට දැනුම් දීලා තියෙන්නෙ. ඒ කියන්නෙ 8 වෙනි කොටස නිකුත් වෙන්නේ සති දෙකකට පස්සෙ. එහෙනම් 8 වෙනි කොටසින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Let’s See How Far I Can Go
Aired Date : 2024.02.17
IMDB Rating : 8.7 (2024.02.20)

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,006 downloadsDownload Solo-Leveling-S01-E07-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
6 comments
Nuwan
Akila Dilhara
Thanks for Sub...❤
Kalsara Muthulel
Late una neh poddak
podda
suprima kathawak thamai ithin. subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Advertisement
![Solo Leveling [S01 : E07] Sinhala Subtitles | ශක්තියෙන් යා හැකි දුර… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Solo-Leveling-2.jpg)




Supiri bn tnq ❤️