The Trunk Season 01 Sinhala Subtitles පලවෙනි කොටස බැලුවද…ටිකක් අමුතු කතාවක් නේද… ඉස්සරහට කියලත් වෙනසක් නැහැ ඉතිං… එහෙනම් අපි අද දෙවෙනි කොටස බලමු. මේ කොටසෙන් Noh In-ji ගෙ අතීතය දිගහරිනව වගේම මේ අපූරු රස්සාවට Noh In-ji එකතු වුනේ ඇයි කියලා පෙන්නනවා. එයාගෙ පරණ පෙම්වතා විවාහයට දවස් කීපයකට කලින් අතුරුදහන…

The Trunk Season 01 Sinhala Subtitles

පලවෙනි කොටස බැලුවද…ටිකක් අමුතු කතාවක් නේද… ඉස්සරහට කියලත් වෙනසක් නැහැ ඉතිං…

එහෙනම් අපි අද දෙවෙනි කොටස බලමු. මේ කොටසෙන් Noh In-ji ගෙ අතීතය දිගහරිනව වගේම මේ අපූරු රස්සාවට Noh In-ji එකතු වුනේ ඇයි කියලා පෙන්නනවා. එයාගෙ පරණ පෙම්වතා විවාහයට දවස් කීපයකට කලින් අතුරුදහන් වුනාට පස්සෙ තාමත් Noh In-ji ඒ අතීතය ආරක්ෂා කරමින් ජීවත් වෙනවා. ඒ අතරෙදිම Han Jeong-won එක්ක ගිවිසුම්ගත විවාහයකට ඇතුලුවෙන Noh In-ji තමන්ගෙ හැඟීම් වලට මූණ දෙමින්ම මේ ජීවිත දෙක අතර සියුම් සමතුලිතතාවයක් ඇති කරගන්න සමත් වෙනවා. Noh In-ji ගෙ මැදිහත් වීමෙන් පස්සෙ පලවෙනි වෙනස විදිහට Han Jeong-won බෙහෙත් නොගෙන නිදා ගැනීම ගැන Jeong-wonගෙ හිටපු බිරිඳ Lee Seo-yeon කැමැත්තක් දක්වන්නෙ නැහැ. ඒක Seo-yeon ගෙ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති කරනවා.

ඒ ඊර්ෂ්‍යාව නිසා Seo-yeon දැන් ආයෙමත් Jeong-wonගෙ වගේම Noh In-ji ගෙ ජීවිත වලට මැදිහත් වෙන්න හදද්දි ඒ දෙන්නා තම තමන්ට පුරුදු වෙලා ගැඹුරු සම්බන්ධයකට පාර කපන්නයි හදන්නෙ. ඒත් මේ හැමදේම මැද්දෙ මේ දෙන්නටම නොවිසඳුණු ගැටළු වගේම බාහිර පීඩන, ඒ විතරක් නෙවෙයි හොල්මන් කරන අතීතයෙනුත් අඩුවක් වෙන්නෙ නම් නැහැ.

 

The Trunk Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

536 downloadsDownload The-Trunk-S01E02-1.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Trunk Season 01 Sinhala Subtitles

 

Previous BT1All BT1Nxt Season BT12

 

Subtitles

536 downloadsDownload Subtitles20 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.