Watch Trailer

Solo Leveling [S02 : E11] Sinhala Subtitles | බලවතුන් ගිල ගන්නා ප්‍රභාවක් පැමිණෙයි! [සිංහල උපසිරසි]

Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 11 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඒ වගේම අපි Season 2 හි අව…

Solo Leveling Season 02 Sinhala Subtitles

සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 11 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඒ වගේම අපි Season 2 හි අවසානයට ටිකක් ළඟා වෙලයි ඉන්නෙ. ඉතින් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.

ටිකෙන් ටික දරුණු අතට හැරෙමින් තිබුනු ජෙජු දූපතෙන් එන මැජික් මෘග ප්‍රහාර තවත් තීව්‍ර වෙමින් තිබුනා. ක්‍රමක්‍රමයෙන් පරිණාමය වෙන කූඹීන්ගේ ප්‍රහාර තමයි මේ මැජික් මෘග ප්‍රහාරය විදිහට නම් කෙරුනේ. ජාතික තර්ජනයක් වෙමින් තිබුනු මේ තර්ජනය මැඩ පවත්වන්න අසල්වැසි කොරියාවෙනුත් S නිලයේ හන්ටර්වරු, ජේජු දූපත වැටලීම වෙනුවෙන් ජපන් S නිලයේ හන්ටර්වරු සමඟින් එකතු වෙනවා. හැබැයි අලුත්ම S නිලයේ හන්ටර් වෙන සන්ග් ජින්වූ මේ වැටලීමට එකතු වෙන්නේ නෑ. ඒ තමාගේ අම්මාගේ අවදිවීම එක්ක තමන්ගේ පවුල සමඟින් ගත කරන කාලය ඊට වඩා වටිනා නිසයි.

මේ අතරෙදි ජේජු දූපතේ අභ්‍යන්තරයේ තවත් අඳුරු ශක්තිමත් බියජනක දේක උපත සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් කූඹි ගුලක් පාලනය කරන්නේ රැජිණක් විසිනුයි. ඊටත් ඉහළින් යන්න පුලුවන් කෙනෙක් මේ කූඹි ගුලක හිටියොත් ඒක මොන විදිහේ දෙයක් වේවිද? S නිලයේ හන්ටර්වරු මේ වැටලීම කරන්නේ කොහොමද? කූඹි මැජික් මෘගයන් විනාශ කර වැටලීම සාර්ථක වේවිද? මින් පෙර නොවූ විරූ ආකාරයේ බලවතෙක්ට S නිලයේ හන්ටර්වරු හැමෝම මුහුණ දෙනවා. ඒ බලවත් ප්‍රභාව මොකක්ද? මෙතෙක් Solo Leveling කතාවේ අපි අත් නොවිඳි දරුණුම Boss Fight එකක් තමයි මේ එන්නේ? ඉදිරියේදී මොකක් වේවිද? නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මුලින් කිව්වත් වගේ Season 2 හි අවසානයට අපි ළං වෙලයි ඉන්නේ. මීළඟට Solo Leveling: Arise from the Shadow හි අවසාන කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : It’s Going to Get Even More Intense
Released Date : 2025.03.15
IMDB Rating : 9.8

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,007 downloadsDownload Solo-Leveling-A.K.A-Ore-dake-Level-Up-na-Ken-S02E11.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Nxt Season BT12All BT1Nxt Season BT12

 

Subtitles

4,007 downloadsDownload Subtitles13 KB

5 comments

  1. Akila

    Thanks for Subtitle... ❤️

  2. Anonymous

    super

  3. Anonymous

    epi 12 ekath dnnako

    1. Nirmal Vimukthi

      Dila thiyennee anee!!!

  4. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.