ඔන්න එහෙනම් අද තමයි දවස, ජනවාරි 31 අරඹපු මේ රූපවාහිනී කතා මාලාව මාසයකුත් සතියක් වගේ කාලයකින් ඉවර කර ගන්න ලැබුනා. මේ කතාවට උපසිරැසි හදලා නිකන් මමත් මේ කතාවේ ජිවත් වෙනවා වගේ තමයි දැන් හැඟෙන්නේ. මොකද මෙහි කියන වචනයක් වචනයක් පාසාම අවධානය යොමු කරලා කතාවට පුදුම විදිහට මට සමීප වෙන්න සිද්ධ උනා. එහෙත් මෙය න…

ඔන්න එහෙනම් අද තමයි දවස, ජනවාරි 31 අරඹපු මේ රූපවාහිනී කතා මාලාව මාසයකුත් සතියක් වගේ කාලයකින් ඉවර කර ගන්න ලැබුනා. මේ කතාවට උපසිරැසි හදලා නිකන් මමත් මේ කතාවේ ජිවත් වෙනවා වගේ තමයි දැන් හැඟෙන්නේ. මොකද මෙහි කියන වචනයක් වචනයක් පාසාම අවධානය යොමු කරලා කතාවට පුදුම විදිහට මට සමීප වෙන්න සිද්ධ උනා. එහෙත් මෙය නිමක් දකින්න වෙන්නේ දැනට විකාශනය වන කතාවත් අවසානයක් දැකලා තමයි. ඒ කියන්නේ Spartacus : War of the Damned කියන කතා මාලාවත් සමඟ. බලමු ඉක්මනටම ඒ දවසත් උදා වේවි. කලින් සතියේ මම පොරොන්දුවක් උනානේ චන්ද විමසීමක් කරලා අද ඔයාලට කියනවා කියලා.
එහෙනම් චන්ද ප්‍රතිපලය නිකුත් කරන්න තමා හදන්නේ, මම ඔයාලගේ මනාප සියල්ලක්ම සලකා බලා තීරණය කළා මීළඟ කතා මාලාව Spartacus : Vengeance නෙමෙයි Spartacus : God of the Arena කියන එක එකයි කියලා. මම ගණන් කරලා බැලුවා මනාප කීයද කියලා එයින් වැඩි මනාප 2 කින් තමා මේ Mini Series එක තෝරා ගන්න සිද්ධ උනේ. මමත් පුද්ගලිකව විශ්වාස කළා මීළඟ කතා මාලාව මේක වෙනවා නම් හොඳයි කියලා, මොකද මෙහි පෙන්වන එක චරිතයක් Vengeance සහ War of the Damned කතා මාල දෙකේ ඉතා ජනප්‍රිය වෙනවා. ඒ නිසා ඒ චරිතයේ ආරම්භය දැන ගෙන ඉන්න එක හොඳයි. තව කියනවනම් අපි මේ අවසාන කල කතා මාලාවේත් සමහර තැන් වල අතීත සිදුවීම් සඳහන් වෙනවා. ඒවා උන අකාරය මේ Mini Series එක මඟින් පෙන්වනවා. ඒ හැම එකක්ම නිරවුල් කරගෙන Vengeance එක පටන් ගනිමු.
Spartacus : Vengeance ඉල්ලපු යාලුවෝ තරහ වෙන්න එපා එහෙනම්. මොකද මේක කොටස් 6 ක් විතරයි තියෙන්නේ. සති දෙකක් හෝ තුනකින් මේක අවසන් කරන්න තමා අදහස. එහෙම උනාම ගොඩක්ම බලන ඔයාලටම තමා පහසුව. එහෙනම් මම කතාව දෙසට හැරෙන්නම්,
කලින් කොටසේදී දැක්කනේ සිහින කියන ඒවා බොඳ වෙලා යන හැටි. හැමෝගෙම බලාපොරොත්තු බිඳ වැටෙනවා. “බැටියාටස්” හොඳින් බැරි නම් නරකින් හරි තමන්ගේ ඉලක්ක වලට යනවා. එකට බාධාවක් වෙන්නේ කව්රුන්ද ඒ කෙනා එතනින් ඉවත් කරන්න මේ පහත මිනිහා පසුබට වෙන්නේ නැහැ. කොහොමහරි “බැටියාටස්” අනුග්‍රාහකත්වය “ග්ලෙබර්ගෙන්” කොල්ල කා ගන්නවා. “ඉලිතියා” වැටෙන්න පුළුවන් පහලටම වැටෙනවා. “බැටියාටස්ගේ” බිරිඳට දරුවෙක් ලැබෙන්න යනවා. එත් “බැටියාටස්” හිතන් ඉන්නේ ඒ ඔහුගේ දරුවෙක් කියලා. “ක්‍රික්සස්ට” ඔහුගේ පෙම්වතිය අහිමි වෙනවා ඒ වගේම ඔහුටත් දඬුවම් ලැබෙනවා ද්‍රෝහී වෙනවා කියලා. “ස්පාටකස්” තමන්ගේ පළිගැනීමේ අදහස වෙනුවෙන් සැලසුම් කරනවා. ඔහොම තමයි කලින් කොටස අවසන් උනේ.
අවසාන කොටස ඇරඹෙන්නේ එතන සිටන්, අද කතාව බලනකොට පෙනේවි ඔයාලට කලින් සිද්ධ වුනු දේවල් වරින් වර අවසන් මොහොතේ සිද්ධ වෙන දේවල් වලට සම්බන්ධ උනේ කොහොමද කියලා පෙන්වන දර්ශන කිහිපයක්. අද කතාවේ රූප රාමු පෙළ ගැස්ම වෙනදට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. අනිත් එක තමයි මම අද කතාව ගැන මොකුත්ම කියන්නේ නැහැ. මොකද කතාවේ නමින්ම තේරෙනවා ඒක. බලන්න බලලා මේ මුළු කතා මාලාව ගැන ඔයාලගේ අදහස් කියන්න. හැම කොටසක්ම වාගේ දහසකට අධික පිරිසක් නරඹලා තියෙනවා. ඒ වගේම හැම කොටසකටම වගේ 50 කැට වඩා කොමෙන්ට් ලැබිලා තියෙනවා. ඒක නිසා මගේ මහන්සියේ ප්‍රථිපලයක් තියෙනවා කියල හිත ඇතුලේ ලොකු සතුටකුත් තියෙනවා. එත් එක්කම පොඩි දුකක් තියෙනවා මෙහි රඟපාපු Andy Whitfield මෙතනින් පස්සේ දකින්න නොලැබෙන එක. මේ නළුවාගේ රඟපෑම ඇත්තටම විශිෂ්ඨයි. මොනවා කරන්නද අපි හැමෝටම අයිති ඉරණම නේ මරණය කියන්නේ. ඉතින් ඒ නළුවට මේ අවස්ථාව උපහාරයක් වේවා කියලත් මම ප්‍රර්ථනා කරනවා. මම විතරක් නෙමෙයි මේ වෙබ් පිටුවට පුද්ගලික කාලය වැය කරලා උපසිරැසි නිර්මාණය කරන හැමෝම සතුටු වෙන්නේ ඔයාලගේ අදහස් සුබ පැතුම් වලින්. ඒක තමා අපි ලබන ලොකුම ලාභය මේ තුලින්. ඒ නිසා අකුරකින් හරි ඒ සතුට මට ලබා දුන්න ඔයාලා හැමෝටමත් ගොඩක් පින්. හැමදාම කියනවා වගේ එහෙනම් නැවත හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
27,481 downloadsDownload Spartacus.S01E13.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
146 comments
d2dinu
venu
pattama patta amchan
lasanatha!!!!!!
maxxa meyka denakm balagena unne
quik
thanks
nuwan
niyamai...thanks sub walata
elakiri
එලම කිරි මචං සුපිරි
lasidu
ජය වේවා!!!! පට්ට ඉක්මනට පළමු එක ඉවර කලානේ
Isuru
ela patta
ccnp
Thanks
tharanga
අදම බලනවා... ජය
mihin ලංකා
නියම සහෝ මේක නම් පට්ට ටීවී සීසන් එක.. දිගටම අනිත් ඒවාත් දෙන්න ජයම වේවා!
chami
jayama wewa! thx
katha kolla
hureeeeeeeeeeee .......... wadi manapayata & thanks ...sub walata sahooooooooo great work :D
ganidu
බොහොම පින් මචෝ
Fernando
maxxxa wadak bosss
එරංග
තැන්ක්ස් වේවා
zumo man
thnxz so muchz
chandana
thnxxxxxxxxxxxxxx
chamath cafe
පට්ට පතුරු ටි වී සීසන් එක. අනිවා බලන්න ඕනේ
ositha
PATTA PATA PATA THANKS
srimal
jaya wewa!
hh
hureyuiiiiii!!!!!!! sub deeelllaaaaa thxxxxxx
d2dinu
පළමු series එක සාර්ථකව අවසන් කිරීම පිලිබදව සුබ පතනවා.ඔබේ වටිනා කාලය අන් අයගේ උසස් රස වින්දනය උදෙසා කැප කිරීම පිලිබදව මම මගේ ආචාරය ඔබට පුද කරනවා.
pubudu
ela macho ohoma yan
ns
බොහොම ස්තුතියි...
eranga chandiam
thanks machan
ajith
thanks
රොයිලි
හුරේ මම ඡන්දය දීපු පැත්ත තමා එහෙනම් දිනලා තියෙන්නේ. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamara
thanks sooooo.... much
oyata godak issththi ..
kiyanna wachana naha
jaya wewa .. wadiwadiyen labewaupali
maxxa saho apith gannawa
Sadun
හසන්ත සහෝ නියමයි
දිෂාන්
බෝම පිං හසන්ත මල්ලි මම නම් චන්දෙ දුන්නෙ Spartacus : Vengeance වලට
ඒත් හසන්ත මලයගේ පූර්විකාව කියව්වම නම් දෙන ඕනිම එනන් බලන්නම හිතෙනවනවැ.
ඒ හින්ද Mini Series එන බලලම ඉන්නවා. මේ කථාව නම් හරිම සංවේදී. ඇත්තටම අපිත් මේ කථාවේ හිටිය වගේම දැනෙනව. අපි මේ ජීවිතෙන් මුදවන්න එපා. අනික් කොටස් ටිකත් ඉකිමනටම දෙන්න . ජයවේවා හසන්ත මලයා.....pradeep nilanga
මෙවෙනකල් අපට ලබාදුන් කතාමලාවට බොහෝම ස්තුතියි මිලග කතාමාලාවත් එනතුරු අපි අසානේ බලාසිටිනවා
Anushka
හරිම ආසාවෙන් බලපු කතාවක් , කවදාවත් නැතුව හැම කොටසකටම කමෙන්ට් කරා. ඊලග කතාවත් ඉක්මනට දෙන්න පුළුවන් වෙන්න හා හසන්ත ඔයාගේ වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල හදවතිම්ම ප්‍රර්ථනා කරනවා.
Andy Whitfield ගැනත් හරිම කණගාටුයි. එයාගේ තාත්වික රගපෑම මේ කතාව අපේ හිතට වදින්න ලොකුම හේතුවක් උනා.sisira
tnks......jaya wewa
g-a-n-d-u
ජයම වේවා!
d zone
mage jivitheta balapu supirima aka pissu denawanawa
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එහෙනම් ඉතින් මුල් වැඩේ ඉවර කළා නේද.... ආයේ මෙච්චර ඉක්මනින්මදීපු ඒක නම් ගොඩාක් වටිනවා, අනේ මන්ද මේක ගැන කොහොම වර්ණනා කරන්නද කියලා,
කොහොම හරි මමත් කිව්වේ මීලගට දෙවැනි සීසන් එක දෙන්න කියල, ඒ වැඩෙත් හරි ඉතින්... එහෙනම් ඔන්න අපි ඊලග එක දෙනකම් ඉන්නවා හොදේ..... ජය වේවා-HacKrisH-
තෑන්ක්ස්... මමත් hd rip එක විසි කරලා dvdrip එකක් බා ගත්තා. සබ් ගැලපෙනවා නියමෙට. මිනි එක ඊලඟට දෙන එක හොඳයි. නැත්තම් ඒක අන්තිමට බලලා වැඩක් නෑ.
“චූටී මල්ලි”
මිනි එක දෙන හොදයි
මොකද මාත් කිව්වෙ පිලිවෙලකට දෙමු කියලනෙ
පලවෙනි සීසන් එක ඉවර කරමින් තමාගෙ වටිනා කාලය දහස් ගනනකගෙ රසවින්දනය උදෙසා කැපකල ඔබට බොහොම පිංravindu
kiyanna wadan na...mare maru..ubata jayen jaya machan....ela!!!!!!!!!!!!!!!!!!
NPDJs
pic eka dakiddima kathawa therenewa machan.....
kalin deak kianna one a mokakda dannawada machan ube sub eka nisa me kathawa rahata balanna puluwan une.
meke kotas enakan hamadama ue idan ra wenakan bisecope ekata awith balanne.me wenuwen apita ubata denna tihyenneth me comnt eka witharane a nisa mama tikak digata lianna hithuwe..
jaya wewa saho. me wade oyama digatama karagena yanna..
meke watinakama apita hugak therenawa machan moko lankawen ath wela wenama rataka wena sanscruthiyakata huru wena apita me widiata lankawe idan film ekak balana widiata idak labenne me site ekata pin sidda wenna..hamoma wage ape set ekath anith katha tikath balanna balan innawa...
“හසන්ත වික්‍රමරත්න” saho bohoma pin........malperera
මේක අද ඇවිල්ලා තියෙනව දැක්කම පුදුම සතුටක් තියෙන්නේ අයේමත් ඉක්මනටම හමුවෙමු ජය වෙවා.
Eranda
සහෝ දිගටම කරන්න ..වැඩේ නියමයි..මමත් මොන වැඩේ තිබ්බත් මුලින්ම බයිස්කෝප් එකට ගොඩ වෙලා යන්නේ මේක දාලද කියල බලලා...ගිනි ගින්දර :) :)
thisan
thx machan
Gala
Andy Whitfield වගේ කඩවසම් නළුවෙක් මින් ඉදිරියට දක්නට නොලැබෙන එක ගැන දුකයි.
ඒත් ඉතිං මොනා කරන්නද ... යන්න වෙලාව ආවම යන්නම වෙනවනේ
වෙන මහන්සියට බොහොම ස්තුතියි.
දිගටම යං
ජය වේවා....රතුඇස්කොට්
උබනම් දෙයියෙක් නෙමේ දෙවාලයක් මචො !
තැන්ක්ස් වෙවා :Dindika
ela..ela...jaya wewa...ohoma yan..math balan inna barima thana season 2 baluwa..mokada wenna yanne kiyala.. Andy Whitfield nathi ekatanam adenawaaaaa....
ruwan
bohoma sthuthi yaluwa may dunna katahwata ithuru awath ikmanata denna suba pathum i mean new storiya
chatura
thanks machan.elama kiri,sadaa jaya umbata.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


එළ එළ, ජයවේවා!