Watch Trailer

Spellbinder (1995) [S01 : E04] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 04 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. මං හිතනවා මායාබන්ධන රසිකයෝ පසුගිය කොටසත් රස විඳින්න ඇති කියලා. ඉතින් පසුගිය කොටසේ මොකද වුනේ? පෝල් රියානා එක්ක කැලේ මැදින් යද්දී මායාබන්ධකයෝ පෝල්ගෙ පස්සෙන් එනවා පියාඹන නැවෙන්. රියානා නැවතුනත් පෝල් රියානවත් ඇදගෙන දුවනවා. පෝල් දැනගන්නවා මායාබන්ධකයෝ හරියටම තමන්…

Spellbinder-TV

ඔන්න 04 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. මං හිතනවා මායාබන්ධන රසිකයෝ පසුගිය කොටසත් රස විඳින්න ඇති කියලා. ඉතින් පසුගිය කොටසේ මොකද වුනේ? පෝල් රියානා එක්ක කැලේ මැදින් යද්දී මායාබන්ධකයෝ පෝල්ගෙ පස්සෙන් එනවා පියාඹන නැවෙන්. රියානා නැවතුනත් පෝල් රියානවත් ඇදගෙන දුවනවා. පෝල් දැනගන්නවා මායාබන්ධකයෝ හරියටම තමන් පස්සෙන් එන්නේ මේ නෙත් ගල නිසා කියලා. පෝල් රියානව නවත්තලා ගඟ ලඟට දුවලා ගිහින් ලී කොටයක් උඩ නෙත්ගල තියලා පා කරලා යවනවා. පියාඹන නැව නෙත්ගල හඹාගෙන ගිහින් විදුලි ප්‍රහාරයක් එල්ල කරලා නෙත්ගල විනාශ කරනවා. රියානා කියනවා පෝල් මායාබන්ධකයන්ගේ නීතිය කැඩුව බව. පෝල් කියන්නේ තමන් එවා වැරදි බව නොදන්නා බවත් තමන් අනාගතයෙන් මෙහේ ආව බවත්.

පෝලුයි රියානයි කැලේ මැදින් යද්දී රෑ වෙලා නිසා එක තැනක නවතිනවා. ගිනිමැලයක් ගහගෙන කෑම උයාගන්නවා. මේ අතර පෝල් කල්පනා කරනවා මේ තමන් දකින්නේ හීනයක් කියලා. පෝල් රියානට කියනවා තමනිට හයියෙන් ගහන්න කියලා. නමුත් මේක ඇත්ත සිද්දියක්. පෝල් දකින හීනයක් නෙමෙයි. පොල් දුකින් තාරකා පිරුණු අහස දිහා බලාගෙන කල්පනා කරද්දි පෝල් දකිනවා තරු රටාවක්. මේ තරු රටාව නිසා පෝල් කල්පනා කරනවා එයා තමයත් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙම බව. එයා අතීතයට ගිහින් නෑ කියලා එයා කල්පනා කරනවා. නමුත් වෙච්ච දේ පෝල්ට හිතාගන්න බෑ. උදේ කෑම හදන්න දර හොයන්න යද්දි පෝල් දකිනවා මායාබන්ධකයන්ගෙ පතලක්. පෝල් මේකත් විපරම් කරලා බලනවා. පෝල් කාන්දම් කෑලි හොයාගන්නවා මේ ගල්වල තිබිලා.

පෝල් රියානට කියනවා අණදෙන කුළුණ ලඟට එක්කන් යන්න කියලා. රියානා ඒක ප්‍රතික්ෂේප කරන්නේ ඒක මායාබන්ධකයන්ගේ නීතිය කැඩීමක් නිසා. නමුත් පෝල් ලඟ තියෙන කැසට් වාදකය රියානට දෙනවා කියලා රියානා මේ වැඩේට කැමති කරවා ගන්නවා. ඉතින් රියානත් පෝල්ව අණදෙන කුළුණ ලඟට එක්කන් යනවා. මේ අතර පෝල්ගෙ ලෝකෙ හැමෝම මේ ප්‍රදේශය පීරමින් පෝල්ව හොයනවා. පොලීසිය ඇවිල්ලා මේ කම්බිය බැඳලා තිබ්බ ගහේ අත්ත කපනවා. මේ අතර අනෙක් ලෝකෙ මේ අණදෙන කුළුණ පාවිච්චි කරන්න කෙනෙක් එනවා මෙතනට. ඒ තමයි ක්ලේහිල්වල අණදෙන්නා. එයා නෙත්ගල අදාළ තැනින් තිබ්බම කලින් දවසෙ රෑ සිද්ධවුන දේම නැවත වෙනවා. නමුත් මේක කිසිම කෙනෙක් දකින්නෙ නෑ ගස් කපන මැෂින් එකේ සද්දෙ නිසා. හැමෝම බලන් ඉන්නේ ඒ දිහා. පෝල්ට මෙතනින් පිටවෙන්න රියානා උදවු කරනවා. පෝල් දුවගෙන ගියත්, පෝල් යද්දිම පෝල්ගෙ ලෝකෙ කේබල් එක බැඳලා තිබ්බ අත්ත කැපිලා වැටෙනවා. මේ නිසා දොර ආපහු වැහෙනවා. පෝල්ට යන්න බැරි වෙනවා. නමුත් මේ දේ කැත්‍රීනා දකිනවා. කැත්‍රීනා ඇලෙක්ස්ටත් පෙන්නනවා. නමුත් දොර වැහුනට පස්සේ කැත්‍රීනා කියනවා පෝල් දැක්කා කියලා. දැන් කට්ටියම හිතන්නේ කැත්‍රීනාට මොලේ අවුලක් කියලා. විකාර පේනවා කියලා. ඇලෙක්ස්ගෙන් මේක ඇහුවාම ඇලෙක්ස් කියන්නෙත් දැක්කෙ නෑ කියලා. මොකද ඇලෙක්ස් බයයි කවුරුත් එයාට පිස්සු කියලා හිතනවට.

රියානා පෝලුත් එක්කන් තමන්ගෙ ගමට යනවා. නමුත් රියානා පෝල්ව මඬුවෙ හංගලා තමයි තියන්නේ. ටික වේලාවකින් රියානා පෝල්ව බලන්න ආපහු එනවා. පෝල්ගෙ ගමන් මල්ලෙ තියෙන අමුතු බඩු ටික රියානා දකිනවා. පෝල් මේ ගැන රියානට විස්තර කරනකොට රියානගෙ සහෝදරිය මේක දැකලා අම්මලාට කියලා එක්කන් එනවා. නමුත් රියානා දෙමාපියන්ට මෙයා තමන්ව ගහගෙන යද්දි බේරා ගත්තා කියලා කියනවා. අම්මානම් කියන්නේ මෙයා අණදෙන්නට භාර දෙමු කියලා. ඉතින් මේ අතර අණ දෙන්නා මේ මඩුව ඇතුලට එනවා. ඉතින් පෝල්ට මොනවා වෙයිද? අණදෙන්නා පෝල්ව අරන් යයිද? ඉතුරු ටික හරියටම දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. ඊලඟ උපසිරැසියෙන් හමුවෙනකන් ජය වේවා!!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder, TV-show season 1 – 1995

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

737 downloadsDownload Spellbinder-S01E04.zip17 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

737 downloadsDownload Subtitles17 KB

7 comments

  1. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  2. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. Thithira Alahakoon

    Patta wade saho me wage tv series ekak krna eka godaaaaak watinwa.....

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Udara Damith B\K

    ස්තුතියි උපසිරැසියට

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sasiru

    thank you machan sub ekata.. keep it up..