කොහොමද යාළුවනේ… ඔන්න ආසාවෙන් බලන් හිටපු මායාබන්ධක රසික රසිකාවියන්ට 11 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් අදහස් දක්වපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තූතියි. මතකද පසුගිය කොටස? පෝල් වෙනත් ලෝකෙකින් ආවා කියලා රියානා කියන්නේ අර පියාඹන කුරුල්ලෙක් හදලා මුඩුබිමට යැව්ව කොල්ලට. එයා ෂෙන්ඩර්. දැන් ඉතින් එයත් මංකොල්ලාකාරයෙක්න…

කොහොමද යාළුවනේ… ඔන්න ආසාවෙන් බලන් හිටපු මායාබන්ධක රසික රසිකාවියන්ට 11 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් අදහස් දක්වපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තූතියි. මතකද පසුගිය කොටස? පෝල් වෙනත් ලෝකෙකින් ආවා කියලා රියානා කියන්නේ අර පියාඹන කුරුල්ලෙක් හදලා මුඩුබිමට යැව්ව කොල්ලට. එයා ෂෙන්ඩර්. දැන් ඉතින් එයත් මංකොල්ලාකාරයෙක්නේ. ඉතින් පෝල් රියානට දුන්න රේඩියෝව ෂෙන්ඩර්ට පෙන්නලා ඒකෙන් සින්දු අහන්න දෙනවා. ඊට පස්සේ ෂෙන්ඩර් විශ්වාස කරනවා පෝල් වෙන ලෝකෙකින් ආවා කියලා. ඒ නිසා කොරියොන්ටයි පෝල්ටයි උදවු කරන්න කියලා රියානා කියනවා. පෝල්ට උදවු කරන්න ඕනි නිසා ෂෙන්ඩර් පෝල්වයි කොරියොන්වයි එලියට එක්කන් යන්න උත්සාහ කරනවා. නමුත් අනෙක් අය මෙයාලව හොයාගන්නවා. ඒ නිසා කොහොම හරි වැඩේ බකල් වෙනවා. කොහොම හරි මේ වැඩේ නිසා මංකොල්ලාකාරයෝ හැංගිලා හිටපු කඳවුර ගැන අශ්කයි ග්‍රෙවෝනුයි දැනගන්නවා. දැන් මංකොල්ලාකාරයෝ ලෑස්ති වෙන්නේ කොරියොන්ව පිටුවහල් කරන්න. දැන් අශ්කයි ග්‍රෙවෝනුයි ඉන්නෙත් මංකොල්ලාකාරයන්ගේ කඳවුරට අතුල් වෙලා. නමුත් හැංගිලා.
මේ අතර කැත්‍රීනයි ඇලෙක්සුයි ඇලෙක්ස්ගෙ අයියාව අල්ලාගෙන කඳුකරයට යන්නේ රේඩියෝව සවි කරන්න. මෙයාලා රේඩියෝව සවි කරලා ඉවර වෙලා චොක්ලට් රැපර්ස්ලාගේ සින්දුවක් දානවා රේඩියෝව ලඟ තියලා. ඉතින් මේ සංගීතය අශ්කාගේ නෙත් ගලෙන් හැමෝටම ඇහෙනවා. කඳවුරේ ඉන්න හැම මංකොල්ලාකාරයෙකුටම ඇහෙනවා. ඒ වගේම අශ්කා නෙත්ගලෙන් කියනවා පෝල්ව අල්ලන්න හදන්නේ කියලා. ඒක ඇලෙක්ස්ටයි කැත්‍රීනටයි ඇහෙනවා. එයාලා කියනවා පෝල්ට හැංගෙන්න කියලා. අශ්කයි ග්‍රෙවෝනුයි වෙන කරන්න දෙයක් නැති නිසා පෝල්ව අල්ලන්න පන්නනවා. මේ අතර මංකොල්ලාකාරයන්ගෙ කඳවුරත් විනාශ වෙනවා. අශ්කා බල ඇඳුමින් ප්‍රහාර එල්ල කරනවා. කොහොම හරි මංකොල්ලාකාරයෝ ග්‍රෙවෝන්ව අල්ලා ගන්නවා. අශ්කා පෝල්ව අල්ලාගන්නවා. පස්සේ අශ්කා රාජ්‍යාධිකාරීන්ට නෙත්ගලෙන් කතා කරලා කියනවා මංකොල්ලාකාරයෝ කොරියොන්ව මැරුවා කියලා. නමුත් මංකොල්ලාකාරයෝ කොරියෝන්ට සමාව දෙනවා. මොකද එක මංකොල්ලාකාරයෝ තේරුම් ගන්නවා කොරියොන් නරක කෙනෙක් නෙමෙයි කියලා. මංකොල්ලාකාරයෝ කොරියෝන්ව විශ්වාස කරලා කොරියොන්ව නැවත මාලිගාවට එවනවා.
අශ්කා පෝල්වත් අරන් නැවතත් මාලිගාවට ගේනවා. මේ අතර කොරියොනුත් මාලිගාවට එනවා. නමුත් අශ්කා දන්නෙ නෑ කොරියොන් එනවා කියලා. අශ්කා රාජ්‍යාධිකාරීන්ට කියන්නේ කොරියොන්ව කන්දකින් පහළට තල්ලු කරලා මැරුවා කියලා. ඉතින් පෝල් අශ්කා අල්ලාගෙන ආයෙත් වෙඩිබෙහෙත් හදන්න ලෑස්ති වෙනවා. ඉතින් මේ පාරත් පෝල්ගෙ ගැටේට අශ්කා අහුවෙනවා. මේ පාර පෝල් රාජ්‍යාධිකාරීන් ලඟට දුවගෙන යන්නේ කොරියෝන් මැරුනේ නෑ කියලා කියන්න. කොහොම හරි මේ වෙද්දි කොරියොනුත් ඇවිල්ලා මාලිගාවට. අශ්කා ඇවිල්ලා පෝල්ව අල්ලාගද්දිම කොරියොනුත් එතන. ඉතින් අශ්කා කීව බොරුව අතේ පත්තු වුනා. රාජ්‍යාධිකාරීන් අශ්කට දඩුවම් කරයිද? බොරු කීවට කොරියොන් අශ්කට දඬුවම් දෙයිද? මේක දැනගන්න නම් මේ කොටස අරගෙන බලන්න වෙයි. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
642 downloadsDownload Spellbinder-S01E11.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
5 comments
Ishan Madusha
exit_9.1
Thanks bro... Ela wadak. Digatama denna
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E11] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

ස්තුතියි සහෝ උපසිරැසියට