ඔන්න 12 වෙනි කොටසත් අරන් ආවා. මායාබන්ධන රසික රසිකාවින් බොහෝම කැමැත්තෙන් බලාගෙන හිටියේ නේද සබ් එක එනකන්. කමෙන්ට් දාපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මතකයි නේද කලින් කලින් කොටස ඉවර වෙච්ච විදිහ? අශ්කා රාජ්‍යාධිකාරීන්ට බොරු කීවා කොරියොන් මැරුණා කියලා. කොරියොන්ව කන්දකින් පහළට තල්ලු කරනවා අශ්කා දැක්කා කි…

ඔන්න 12 වෙනි කොටසත් අරන් ආවා. මායාබන්ධන රසික රසිකාවින් බොහෝම කැමැත්තෙන් බලාගෙන හිටියේ නේද සබ් එක එනකන්. කමෙන්ට් දාපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මතකයි නේද කලින් කලින් කොටස ඉවර වෙච්ච විදිහ? අශ්කා රාජ්‍යාධිකාරීන්ට බොරු කීවා කොරියොන් මැරුණා කියලා. කොරියොන්ව කන්දකින් පහළට තල්ලු කරනවා අශ්කා දැක්කා කියලා කීවා. නමුත් අශ්කට දැන් කර කියාගන්න දෙයක් නැතුව හිර වෙනවා. ඒ නිසා අශ්කා කොරියොන්ට අභියෝගයක් කරනවා. අභියෝගයක් කියන්නේ මායාබන්ධකයන්ගේ නීතිය අනුව ද්වන්ද්ව සටනක්. සටනින් පරාජය වුන කෙනා දින්න කෙනාගේ ඉල්ලීම ඉටුකරන්න ඕනි. ඉතින් කොරියොනුත් අභියෝගය භාර ගන්නවා. මොකද කොරියොන් කැමති නෑ අශ්කට පරාජය වෙලා සමාව ගන්න. ඒ නිසා කොරියොනුත් අභියෝගය සඳහා හොඳින් පුහුණු වෙනවා. මේ පුහුණුවට පෝල් උදවු කරනවා. නමුත් කොරියොන් පරදියි කියලා පෝල් හිතනවා. මොකද පුහුණුවෙදි වෙන දේවල් පෝල් දකින නිසා. පෝල් කියනවා අශ්කාගෙන සමාව ගන්න කියලා.
නමුත් මේ වන විට ඒක කරන්න අපහසු බව කොරියොන් කියන්නේ අභියෝගය තහවුරු වී ඇති නිසා. නමුත් අශ්කාගේ හිතේනම් ලොකු භයක් තියෙනවා කොරියොන්ට මුහුණ දෙන්න. ඒ නිසා අශ්කා කොරියොන්ගෙ බල ඇඳුමේ විදුලි කේබල් හොරෙන් කපන්න ග්‍රෙවෝන්ට උපදෙස් දෙනවා. කොරියොන් පෝල් එක්ක කාමරයෙන් පිටතට ගිය වෙලාවේ ග්‍රෙවෝන් ඇවිල්ලා කොරියොන්ගෙ බලඇඳුමේ කේබල් එකක් කපනවා. තරඟයට සියල්ල සූදානම් වෙද්දී පෝල් හදන්නේ අශ්කා පරාජය වෙන හැටි පටිගත කරන්න. නමුත් මේ තරගය බලන්න යන්න අවසර තියෙන්නේ ආධුනිකයන්ට යි මායාබන්ධකයන්ටයි විතරයි. කෙසේ නමුත් කොරියොන් තරගයට පිටවෙලා ගියාට පස්සේ පෝල් දකිනවා කැපිලා වැටුනු කේබල් කෑලි. පොල් තරගය තියෙන තැනට යන්න හැදුවත් ආරක්ෂකයෝ පෝල්ට යන්න දෙන්නේ නෑ, කොහොම හරි පෝල් උප්පරවැට්ටියක් දාලා යන්න හැදුවත් ඒ වෙනකොට කොරියොන් අභියෝගයෙන් පැරදිලා ඉවරයි. ඒ බල ඇඳුම අබලන් වුන නිසා. කෙසේ නමුත් අශ්කාගේ ඉල්ලීම මත කොරියොන් මායාබන්ධක තත්ත්වයෙන් ඉවතර කර මුඩු බිමට පිටුවහල් කරනවා. නැවත පැමිණි අශ්කා පෝල්ගෙන් සුපුරුදු පරිදි වෙඩිබෙහෙත් හදන හැටි කියන්න කියලා බල කරනවා.
මේ වෙලාවේදී පෝල් සියලුම දේවල් පටිගත කරනවා පෝල්ගේ කැමරාවෙන්. ඉතින් මේ පටිගත කරපු දේ පස්සේ ගොඩාක් වටිනා දෙයක් බවට පත්වෙනවා. ඒ කොහොමද කියලා කතාව අවසන් වෙද්දි තේරෙයි. මේ පටිගත කිරීම ග්‍රෙවෝන් දකිනවා. හොරෙන්ම බලකොටුවට ඇතුල්වුන රියානා මේ වෙලාවේ පෝල්ට පැනලා යන්න උදවු කරනවා. ඉතින් දෙන්නම පැනලා දුවනවා. යාගන්න දිහාවක් නැති මේ දෙන්නා බලාගාරයට දුවනවා. අශ්කායි ග්‍රෙවෝනුයි මේ දෙන්නා හොයාගෙන මෙතනට ආවත් පෝල්ගෙ දක්ෂකම නිසා දෙන්නට මෙතනින් ගැලවිලා යන්න පුලුවන් වෙනවා. පෝල් යන්නෙ නිකන්ම නෙමෙයි. ග්‍රෙවෝන් ගලවලා තිබ්බ බල ඇඳුමත් අරගෙන. පෝල්ට අදහසක් තියෙනවා කොහොමද පැනලා යන්නේ කියලා. පෝල් රියානත් එක්ක කෙලින්ම යන්නේ පියාඹන නැවට. පෝල් පියාඹන නැව දියත් කරන්න හැදුවත් ඒක කරගන්න බැරි වෙනවා. පියාඹන නැවේ සද්දය නිසා මේ වෙලාවේ අශ්කයි ග්‍රෙවෝනුයි මේ පැත්තට දුවගෙන එනවා. දැන් මොනවා වෙයිද? පෝල් පියාඹන නැව දියත් කරයිද? අශ්කා පියාඹන නැවට එයිද? පොලුයි රියානයි අහුවෙයිද? හරියටම දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් 13 වන කොටසත් අරන් ඉක්මනටම එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
602 downloadsDownload Spellbinder-S01E12.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
5 comments
ඉෂාන් මදුෂ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
උපසිරසට ස්ථූතියි
Kavin
Niyamai Bro... Man maka baluwa season 2 enakam thamai balan inna ekath ikmanata denna bro hodaaa....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E12] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

ස්තුතියි සහෝ උපසිරැසියට