ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න 14 කොටසත් අරන් ආවා. මායාබන්ධන රසික රසිකාවියන් මඟ බලන් ඉන්න ඇති මේක ගේනකන් නේද? පසුගිය කොටස ඉවර වුන තැන මතකයිද? පොලුයි රියානයි ක්ලේහිල්වලට ඇවිල්ලා. හොර රහසේම මඬුවෙ ඇඹරුම් ගලට හයි කරලා තිබුණ දම්වැල ගලවන්නේ පෝල්ගේ ලොකෙට යන දොර ඇරගන්න. සද්දෙ ඇහිලා තාත්තා එද්දි පෝලුයි රියානයි…

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න 14 කොටසත් අරන් ආවා. මායාබන්ධන රසික රසිකාවියන් මඟ බලන් ඉන්න ඇති මේක ගේනකන් නේද? පසුගිය කොටස ඉවර වුන තැන මතකයිද? පොලුයි රියානයි ක්ලේහිල්වලට ඇවිල්ලා. හොර රහසේම මඬුවෙ ඇඹරුම් ගලට හයි කරලා තිබුණ දම්වැල ගලවන්නේ පෝල්ගේ ලොකෙට යන දොර ඇරගන්න. සද්දෙ ඇහිලා තාත්තා එද්දි පෝලුයි රියානයි දකිනවා. කොහොම නමුත් රියානගෙ තාත්තා පෝල්ට යන්න උදවු කරනවා. මේක කොහොම හරි අණදෙන්නා දකිනවා. මේ අතර පෝල් අශ්කාගේ සැබෑ තත්ත්වය රියානගෙ තාත්තාට පෙන්වනවා කැමරාවෙන්. අශ්කා පෝල් පස්සෙ පන්නන්නේ මොකටද කියලා රියානගේ තාත්තා බ්‍රෝන් දැනගන්නවා. මේ නිසා බ්‍රෝන් එක හිතින්ම පෝල්ට උදවු කරනවා. කෙසේ නමුත් පෝල් රියානගෙ ගෙදරයට ගියාට පස්සේ රියානගෙ අම්මා නම් ලෑස්ති නෑ පෝල්ට උදවු කරන්න. එයා මායාබන්ධකයන්ට ගොඩක් ගරු කරනවා වගේම මායාබන්ධකයන්ට පක්ෂපාතියි.
නමුත් අන්තිමේදි රියානගේ අම්මා මාරන් දැනගන්නවා අශ්කා එන්නේ එයාලගෙ පවුලම අල්ලන් දඬුවම් දෙන්න කියලා. ඒ නිසා හරක් නිදිබෙහෙත් දාපු තේ දීලා කට්ටියම නිදිකරනවා. ඊට පස්සේ අර අත්අඩංගුවේ ඉන්න කට්ටියම නිදහස් කරලා කට්ටියම හැංගෙනවා. කොහොමහරි අශ්කා ගමට එන්නේ උදේම. එද්දි කට්ටියම නිදි. පෝල් පේන්න නෑ. අශ්කා පිස්සු වැටිලා වගේ පෝල් හොයනවා කැමරාව ගන්න. මොකද මේ කැමරාව රාජ්‍යාධිකාරීන් ලඟට ගිය ගමන් අශ්කට දඬුවම් විඳින්න සිද්ධ වෙන නිසා. පෝල් චේන් එකත් අරන් අණදෙන කුළුන ලඟට යනවා. අශ්කයි ග්‍රෙවෝනුයි දෙන්නත් අණදෙන කුළුණ ලඟට යනවා. මේ අතර රියානත් පෝල්ට උදවු කරන්න අණදෙන කුළුණ ලඟට යන්න පිටත් වෙනවා. පෝල් අණදෙන කුළුණට දම්වැල සම්බන්ධ කළත් දොර ඇරුණේ නෑ. මේ අතර අශ්කයි ග්‍රෙවෝනුයි අණදෙන කුළුණ ලඟට ඇවිල්ලා පෝල්ව අල්ලා ගන්නවා. කොහොම හරි ග්‍රෙවෝන් තල්ලු කරලා පෝල් පැනලා දුවනවා.
මේ අතර පෝල්ගෙ ලෝකෙත් යම් දෙයක් සිද්ධ වෙනවා. ඇලෙක්සුයි කැත්‍රීනයි කතාකරගෙන හිටිය විදියට ලාරා කන්දට යන්න මේ දෙන්නට අමාරු වෙනවා. මොකද කැත්‍රීනව ගෙදර හිරකරනවා. නමුත් ඇලෙක්ස්ගෙ උදවුවෙන් කැත්‍රීනා හොරෙන් ගෙදරින් පැනලා කෝච්චියේ ලාරා කන්දට යනවා. කේබල් එක සවි කරන්න කලින් රේඩියෝවෙන් කතා කරනවා. මේ වෙලාවේ අශ්කා ඉන්නේ අණදෙන කුළුණ ලඟ. අශ්කටත් පෝල්ගෙ ලෝකෙට පනින්න තමයි හිත තියෙන්නේ. ග්‍රෙවෝන් පෝල් පස්සෙන් පන්නනවා. මේ අතර රියානත් එතනට එනවා පෝල්ට උදවු කරන්න. කොහොම හරි ග්‍රෙවෝන් තල්ලු කරලා බිම දාලා ග්‍රෙවෝන් ඇඳන් ඉන්න බලඇඳුමත් ඇඳගෙන පෝල් ආපහු අණදෙන කුළුණ ලඟට එනවා. දොර ඇරෙද්දිම අශ්කත් එතනට එනවා පෝල්ගෙ මඟ හරස් කරලා. පෝල් බලඇඳුම පාවිච්චි කළත් අශ්කව පරද්දන්න බැරි වෙනවා. අශ්කා බල ඇඳුමෙන් ප්‍රහාරයක් එල්ල කරලා අණදෙන කුළුණ විනාශ කරනවා. අශ්කා පෝල්ගෙ ලෝකෙට පනින්න ලෑස්ති වුනත් රියානා මඟ හරස් කරනවා. පෝල් කොහොම හරි දොරෙන් මෙහා පැත්තට ආවා. කේබල් එක බිම දාන්න ලෑස්ති වෙද්දිම පෝල් දකිනවා අශ්කා රියානට බල ඇඳුමින් පහරක් එල්ල කරන්න ලෑස්ති වෙනවා. පෝල් ආයෙත් පැනලා රියානව බේරා ගන්න අතරෙම අණදෙන කුළුන පුපුරලා විනාශ වෙනවා. මේ නිසා දොර වැහෙනවා. රියානා පෝල්ගේ ලෝකෙ හිරවෙනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ කොටස අරන් බලන්නම වෙනවා. රියානා ආපහු යයිද? පෝල් දොර අරියිද? එහෙමත් නැත්තන් රියානා පෝල්ගෙ ලෝකෙටම වෙලා ඉඳියිද. එහෙනම් 15 වෙනි කොටසත් අරන් ඉක්මනින්ම එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
593 downloadsDownload Spellbinder-S01E14.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
7 comments
Eranga Mahesh Mapa
Madusha
ස්තුතියි සහෝ
Nayani Jayathilaka
godak thanks Sub 1ta. man 14ma baluwa.. ithuru tikath enakan balagena inne....
Season 2 tath sub denawa neda?
Godak honda wadak....
welldone..a
sanka
thanks machan sub walata.... niyama katawak api podi kale balapu.......!!!!!!!!!! waiting for season 2.... jaya wewa!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E14] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

Torrent file eka denna puluwanda?