Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E04] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? මකර රජදහනත් අරගෙන එනකන් මඟ බලන් හිටියා නේද? ඔන්න 04 වෙනි කොටසත් අරගෙන ආවා. කමෙන්ට් එකක් දාලා ගියපු හැම දෙනාටම ගොඩාක් ස්තූතියි. සද්ද නැතුව අරන් ගිය අයත් ගොඩාක් ඉන්නවා. කොහොම වුනත් කමක් නෑ. ගොඩක් දෙනෙක් බාගතකරපු නිසා හිතට සතුටකුත් තියෙනවා. දවල් රෑ නොබලා උපසිරැසි හදන එකත් ටිකක් අ…

Spellbinder-TV

ඉතින් කොහොමද යාළුවනේ? මකර රජදහනත් අරගෙන එනකන් මඟ බලන් හිටියා නේද? ඔන්න 04 වෙනි කොටසත් අරගෙන ආවා. කමෙන්ට් එකක් දාලා ගියපු හැම දෙනාටම ගොඩාක් ස්තූතියි. සද්ද නැතුව අරන් ගිය අයත් ගොඩාක් ඉන්නවා. කොහොම වුනත් කමක් නෑ. ගොඩක් දෙනෙක් බාගතකරපු නිසා හිතට සතුටකුත් තියෙනවා. දවල් රෑ නොබලා උපසිරැසි හදන එකත් ටිකක් අමාරු වැඩක්. කොහොම නමුත් ගොඩක් අපහසුතා මැද්දේ තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් උපායගත් දේ නම් ටිකක් අඩුයි. ඒ කීවේ කමෙන්ට්. කොහොම වුනත් මං වැඩේ අතෑරලා දාන්නේ නෑ. තවත් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපරිමයෙන් සේවය කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් වැඩි බයිලා නැතුව පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. ඒක ගැන කියවන්නේ මොකද? ඒක අපි බැලුවනේ නේද? ඒත් කමක් නෑ නොබලපු කෙනෙක්ට දැනගන්නයි ඒ වගේම අමතක වුන අයට මතක් වෙන්නයිත් එක්ක ටිකක් කියන්නම්. කැතී, මෙක්, අශ්කා කියන තුන් දෙනා මකර රජදහනට ගොඩ බැස්සා. අශ්කා ඔරකල්ට වැඩ කෑලි දාන්න ගිහින් ටිකක් බය වුනා ඔරකල්ගෙ අනතුරු ඇඟවීම් සංඥාව වැදුන නිසා. කොහොම නමුත් ආයා කුමරිය ආව නිසා මෙක් ගෙන් විස්තරය අහගෙන මේ කට්ටිට ගැන ආයා කුමරිය දැනගන්නවා. තමන්ගේ රාජධානියේ අමුත්තන් ඉන්නවා කියලා දැනගත්ත මකර අධිරාජයා මේ කට්ටියම මාලිගාවට එක්කන් එන්න කියලා අණ දෙනවා. මොනවා කරන්නද ඉතින්. දැං යන්න එපායැ මකර රජා බලන්න.

ඉතින් මකර අධිරාජයාට මේ කට්ටියව හඳුන්වා දෙන්නේ ශිෂ්‍ය මෙක්. මේ අතර මකර අධිරාජයා අශ්කාගෙන් අහනවා තමන් බලන්න එද්දි ගෙනාව තෑග්ග මොකක්ද කියලා. ඉතින් අශ්කාට දෙන්න දෙයක් නෑ. ඒ නිසා මකර අධිරාජයා නොහොත් සන් අශ්කා එක්ක ටිකක් ඔරොප්පු වෙනවා. අශ්කා ලොකු කතාවක් කියලා බලඇඳුම ගැන සංදර්ශනයක් නැත්තන් ඩිමෝ එකක් දෙන්න එලියට යනවා. කොහොම නමුත් ඔරකල් කියන්නේ බලවත් ආයුධයක් කියලත් මේ වෙලාවේදී අශ්කා දැනගන්නවා. මකර අධිරාජයා අශ්කාගේ බලඇඳුම ගලවලා අශ්කට පත්වීමක් දෙනවා. ඒ තමයි මකර අධිරාජයාගේ සෙල්ලම් හමුදාවේ අණදෙන නිළධාරියාගේ තණතුර.

කැතී නම් සාක්කුවේ තිබුණ චොකලට් එකක් දීලා මකර අධිරාජයාගේ හිත දිනාගන්නවා. කැතීට ඉන්න හොඳ කාමරයක් දීලා ඇඳුම් පවා දෙනවා. ඒ වගේම මාලිගාව ඇතුලත නිදහස ලබා දීලා ඔරකල්ට සම්බන්ධ වෙන්න පුලුවන් වළල්ලකුත් දෙනවා. අශ්කා සෙල්ලම් කාමරයේ දාලා සන්ගේ සෙල්ලම් හමුදාව පිරිසිදු කරවනවා.

ඉතින් මේ අතර මකර රජදහන ආක්‍රමණය කරන්න ශාරක් කියලා ආක්‍රමණියකයෙක් එනවා තමන්ගේ හමුදාවත් එක්කම. මකර රජදහන කියන මේ සමෘද්ධිමත් රාජ්‍යය අල්ලාගන්න එන මේ ශාරක් කියන මිලේච්ඡයාට මකර අධිරාජයා විසින් පහර දෙනවා. මේ පහරදීම කරන්නේ යෝධ යුධභටයා.

ඉතින් කැතීගේ අම්මයි තාත්තයි දැන් නම් ගොඩාක් බය වෙලා. මේ දෙන්නා කැතීගේ අතුරුදන් වීම ගැන ජෝෂ් කියන කතාව විශ්වාස කරන්නේ නැත්තේ එයාගේ ඔලුව ගහේ වැදිලා පිස්සු කියවනවා කියලා හිතලා. නමුත් ගොඩක් රෑ වන තුරුම කැතී එන්නේ නෑ. එයා හොයන්න හැම තැනම ඇවිදිනවා. නමුත් කැතී කොහේ හම්බ වෙන්නද? කැතී විනෝදජනක කෙනෙක් නිසා මකර අධිරාජයා කැමති නෑ කැතීව ගෙදර යවන්න. මේ නිසා අශ්කත් එක්ක මාලිගාවෙන් පැනලා මෙක් හොයාගෙන යනවා. කොහොම නමුත් කැතීට එයාගෙ ලෝකෙට යන්න ලැබෙන්නේ නෑ. මොකද මකර අධිරාජයා එයාලා පැනලා ගියා කියලා දැනගන්නවා. චොකලට්වලට රහවැටුන සන් මෙක්ට අණකරනවා කැතීගේ එයාව කැතීගේ ලෝකෙට අරන් යන්න කියලා.

මේ අතර කැතීගෙ දෙමාපියෝ කැතීව හොයාගෙන ඇවිදිනවා. එකපාරටම ජෝෂ් දකිනවා කැතීව අරන් අතුරුදන් වුන මෙක්ගේ අන්තර්මාන බෝට්ටුව. ඒ නිසා වේගෙයන් ඒ පැත්තට ජීප් එකේ යනවා. සන් හිතන්නේ එයා පස්සේ රාක්ෂයෙක් පන්නනවා කියලා. එයා මෙක් එක්ක දුවලා ගිහින් බෝට්ටුව නැගලා ආපහු මකර රාජධානියට යනවා. ඒ වගේම බෝට්ටුව හප්පන්න ලෑස්ති වුන ජීප් එකත් බෝට්ටුවත් එක්කම මකර රාජධානියට යනවා. මකර රාජධානියේ මේ බෝට්ටුව යන්නේ රාජධානියේ සීමාවෙන් එලියට. රාක්ෂයා තමන් එක්කම මේ ලෝකෙටත් ඇවිල්ලා ඉන්නවා දැකපු සන් බෝට්ටුවෙන් පැනලා දුවනවා. මෙක් සන් පස්සෙන් පන්නනවා. මේ අතර මකර අධිරාජයා දැකපු ශාරක් ඇතුළු හමුදාව සන් අල්ලන්න පස්සෙන් පන්නනවා. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටසත් අරන් බලන්න. එහෙනම් මායාබන්ධන රසික රසිකාවිය්ට ජය වේවා!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E04.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

837 downloadsDownload Spellbinder.S02E04.zip16 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

837 downloadsDownload Subtitles16 KB

16 comments

  1. Ishan Madusha

    ස්තුතියි සබ් එකට

  2. Mayura

    Niyamai niyamai kollo... Deehan ithuru tikath sata sata gaala

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  4. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  5. Roshan

    stargate tv series ekatath sub oni macho

  6. King Ruwan

    thanx saho sub ekata.... digatama demu... budu saranai.....

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ....ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න...

  8. sanka

    machan download karaganna link eka hoya ganne be. mama fb eken msg ekak damma...puluwanam ewapanko...loku udauwak...

    1. Chinthaka Bandara

      Saho mage fb ekata msg ewapu hema kenektama man torrent link dunna. Mata ayeth message ekak danna.

  9. Jack

    බොහෝම ස්තුතියි සහෝ.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharaka

    බොහොම ස්තූතියි සහෝදරයා..පොඩි ලොකු කියලා වෙනසක් නැතුව තාමත් ආසාවෙන් බලන කතාවකට උපසිරිසි ගන්වලා අපට ලබා දුන්නට.

  12. yeshu

    tnx

  13. Tharindu Athukorala

    බොහොම ස්තූති.ජය වේවා

  14. Jayantha wikramasingha

    ඇත්තටම සුපිරි වැඩක් .ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ඔයාට.සුභ අනාගතයක් ඔබට !!!

  15. Anoj Rukshan

    Sub එකට ස්තුතිය ❤
    ජයම වේවා