කොහොමද යාළුවනේ? ඔන්න මායාබන්ධන 10 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසත් අරන් එනකන් මඟ බලාගෙන හිටියා නේද? ඉතින් ඔන්න පොරොන්දුව ඉටුකළා. සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. මතකයිනේ සන් තරුවක් වුනා. වෙළඳ දැන්වීමකට රඟපාන්න අවස්ථාවක් උදාවුනා. නමුත් අන්තිම දර්ශනයෙන් බෝට්ටුව විනාශ කරන්නයි ලෑස්ති වුනේ…

කොහොමද යාළුවනේ? ඔන්න මායාබන්ධන 10 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසත් අරන් එනකන් මඟ බලාගෙන හිටියා නේද? ඉතින් ඔන්න පොරොන්දුව ඉටුකළා. සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්.
මතකයිනේ සන් තරුවක් වුනා. වෙළඳ දැන්වීමකට රඟපාන්න අවස්ථාවක් උදාවුනා. නමුත් අන්තිම දර්ශනයෙන් බෝට්ටුව විනාශ කරන්නයි ලෑස්ති වුනේ. ඉතින් ටෝනි මේකට මැදිහත් වෙලා නියම රඟපෑමක් කළා. ඒ නිසා බෝට්ටුව විනාශ කරන්න අවස්ථාවක් ආවේ නෑ. කොහොම හරි කැතියි සනුයි දෙන්නා බෝට්ටුවට නැගලා සන්ගේ ලෝකෙට පැනගත්තා. නමුත් දැන් මකර රජදහනේ සියලුම දෙනා හිතාගෙන ඉන්නේ සන් මියගියා කියලා. ඔරකල්ව පාලනය කරන්න සන් ලඟ වළල්ලකුත් නෑ. ඔරකල් දන්නෙත් සන් මැරිලා කියලා. දැන් මකර අධිරාජයා වෙන්නේ ආයා කුමරිය. ඉතින් සන්ව දැක්ක මිනිස්සු දුවනවා. මොකද සන් මැරිලා නිසා. සන් ඔරකල් හොයාගෙන ඇවිල්ලා මාලිගාවට පණිවිඩයක් යවනවා. නමුත් ආයා කුමරිය පත්කරගත්ත අලුත් උපදේශකයා ආයා කුමරියගේ කනෙන් රිංගනවා කියලා ඔයාලට මතකයි නේද? ඉතින් ඔරකල්ගේ පණිවිඩය අහගන්නෙත් උපදේශක අශ්කා. අශ්කා ඔරකල් හරහා බලලා සන්ව අඳුනා ගන්නවා. ඊට පස්සේ වැඩේ ගැස්සෙන්න යන බව දැනගෙන අශ්කා පුලුවන් ඉක්මනින් සන් ඉන්න තැනට යනවා. ගිහින් සන්ව අල්ලන් කැතියි සනුයි දෙන්නා වෙන ලෝකෙක හිර කරන්නයි ලෑස්ති වෙන්නේ. කොහොම හරි මේ දෙන්නා බෝට්ටුවෙන් පැනගෙන අශ්කව ගොනාට අන්දවලා අශ්කාගේ අශ්වයා පිට නැගලා මාලිගාවට යන්න යනවා. අතරමඟදී එයාලා අශ්වයා දීලා රෙදි අරගෙන ඒවා ඇඳගන්නේ වෙස් මාරු කරගන්න.
මේ අතර ෆින් ගමේ අද උත්සවයක්. ඒ තමයි පත්වීම් ලබා දෙන උත්සවය. ජස්මින් බොහොම සතුටින් යනවා දියකිඳුරා ප්‍රාර්ථනය ඉටු කරලා ඇති කියලා. මොකද ජස්මින් කැමති විනෝදය සපයන්නෙක් විදිහට පත්වීම් ලබන්න. නමුත් ඒක හරියන්නේ නෑ. ඒ කියන්නේ දියකිඳුරා ප්‍රාර්ථනාව ඉටු කරලා නෑ. ඉතින් ගමේ සියලුම දෙනා මේකට දුක් වෙනවා. මේ කාලගෝට්ටිය මැද කැතියි සනුයි මෙතෙන්ට එනවා. ඉතින් කැතීට බැරිද මේ දියකිඳුරා අඳුරාගන්න? නේද? කැතී දැනගන්නවා ජෝෂ්ට වැඩේ වරදින බව. ඒනිසා ජෝෂ්ව අරන් යන පස්සෙන් ගිහින් සන් එක්ක එකතු වෙලා කොහොම හරි ජෝෂ්ව බේරාගන්නවා. බේරාගෙන මාලිගාව පැත්තට තමයි දුවන්නේ. මේ අතර මාලිගාවට ඉදිරිපත් කිරීමක් කරන්න යන ජස්මින්ව මුනගැහෙනවා. මේ තුන් දෙනාම මාලිගාවට යන්න ගියත් අතරමඟ ආරක්ෂක භටයෝ දාලා. ඒකට පොඩි උපක්‍රමක් කරලා පනින්න හැදුවත් ජෝෂුයි කැතියි අහුවෙනවා. ඉතින් මේ දෙන්නා මොනවා කරයිද? කොහොම හරි පැනලා දුවයිද? නැත්තන් ජස්මින් උපක්‍රමයක් යොදයිද මෙයාලා බේරාගන්න? ඒක හරියටම දැනගන්න මේ කොටසත් අරගෙනම බලන්න වෙනවා. එහෙනම් පුලුවන් ඉක්මනින් ඊලඟ කොටස අරගෙන එනකම් මායාබන්ධන රසික රසිකාවියට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E10.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
704 downloadsDownload Spellbinder.S02E10.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
8 comments
Asitha Madusanka
Ishan Madusha
ස්තුතියි සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
Ishanka
Elzzz thank sahoo
King Ruwan
thanks saho... budu saranai......
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
me sub dowload karanna bane...NO ACCESS kiyala enawa...kohomada mewa ganne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Niyamai machan me sub eka enakam mai ude idan balgena htiye jaya wewa.....