ඔන්න පොරොන්දු වුන විදිහටම 11 වෙනි කොටසත් අරන් ආවා. ඉතින් පහුගිය කොටස් රසවින්දා ද? වැරදි අඩුපාඩු නම් ගොඩාක් තියෙන්න ඇති නේද? මං හිතනවා ඒවා කතාව රසවිඳින්න අපහසු වෙන විදිහේ ඒවා නෙමෙයි කියලා. ඉතින් අදහසක් දක්වලාම උපසිරැසිය අරන් ගියොත් මං තරහා වෙන්නේ නෑ හරිද. සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන පොඩ්ඩක් කියන…

ඔන්න පොරොන්දු වුන විදිහටම 11 වෙනි කොටසත් අරන් ආවා. ඉතින් පහුගිය කොටස් රසවින්දා ද? වැරදි අඩුපාඩු නම් ගොඩාක් තියෙන්න ඇති නේද? මං හිතනවා ඒවා කතාව රසවිඳින්න අපහසු වෙන විදිහේ ඒවා නෙමෙයි කියලා. ඉතින් අදහසක් දක්වලාම උපසිරැසිය අරන් ගියොත් මං තරහා වෙන්නේ නෑ හරිද.
සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. අමතක කෙනෙක් ඉන්නවානම් මතක් වෙන්නත් එක්ක. ෆින් ගමේ දියකිඳුරෙක් විදිහට හිරකරන් හිටිය ජෝෂ්ව බේරා ගත්තේ කැතියි සනුයි දෙන්නා. ඒ ජස්මින්ගේ තාත්තා වතුරට තල්ලු කරලා. තුන් දෙනාම පැනලා යනවා. අතර මඟදී රාක්ෂයෙක් ඇවිල්ලා මේ කට්ටියම බේරා ගන්නවා. මතකයි නේද ඒ ටික?
ජස්මින්ට මොලේ පෑදෙනවා කොහොමද මාලිගාවට යන්න ඕනි කියලා. දැන් කට්ටියම මකරෙක් විදිහට වෙස් මාරු කරගෙන යන්නයි හදන්නේ. මොකද කිසිම ප්‍රශ්නයක් නැතුව මාලිගාවට යන්න පුලුවන් වෙන්නේ මකරෙකුට විතරයි.
ඔන්න හදිසියේම මකරෙක් මාලිගාවට එනවා. මේ සංචාරක නැටුම් කණ්ඩායමක්. මෙයාලා මාලිගාවට ඇවිල්ලා තියෙන්නේ මකර අධිරාජයා වෙනුවෙන් සංදර්ශනයක් පවත්වන්න. නමුත් උපදේශක අශ්කා මේකට ඉඩ දෙන්නේ නෑ. මොකද මකර අධීරාජිණිය මේ වෙලාවේ ශෝකයෙන් ඉන්න නිසා. නමුත් මකරා ඇතුලු නැටුම් කණ්ඩායම මේ දේ අහන්නේ නැතුව මාලිගාවේ ප්‍රධාන දොර ලඟට යනවා. අශ්කා මෙයාලාගේ පස්සෙන් පන්නන්නේ මෙයාලාව නවත්තන්න. නමුත් මේ අවස්ථාවේ ආයා මෙතෙන්ට එනවා. එයා සන්ව අඳුරා ගන්නවා. ඊට පස්සේ සන් විස්තරය කියනවා. මේ අතර අශ්කා මාලිගාව ඇතුලට දුවගෙන ගිහින් ප්‍රධාන ඔරකල් ලඟට යන්නේ ආයාගේ මුහුණේ අනුරුවට හදාගත්ත ඉටි මුහුනින් ඔරකල්ව පාලනය කරන්න. නමුත් හදිසියේම මේ ඉටි වෙස් මුහුණ බිඳෙනවා. දැන් අශ්කාට ඔරකල් පාලනය කරන්න බැරි වෙන නිසා අශ්කා ඔරකල්ගේ අන්තර්මුහුණත ගලවා ගන්නවා. ඒ කියන්නේ ඔරකල් සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙනවා. අශ්කා පැනලා යන්නයි හදන්නේ. අශ්ව කරත්තයක් අරන් මෙක්ගේ බෝට්ටුව තියෙන තැනට යනවා. කැතියි මෙකුත් බයිසිකලෙන් අශ්කා ප්සසෙන් පන්නනවා. ඒ වගේම ජෝෂ් අශ්කාගේ කරත්තයේ එල්ලිලා යනවා. කොහොම නමුත් අශ්කා මාස්ටර් ලිංට කියන්නේ ඔරකල් අලුත්වැඩියාවට එයාගෙ ලෝකයට අරන් යනවා කියලා. කැතී සහ මෙක් දෙන්නා කොහොම හරි ඔරකල්ව අරන් බෝට්ටුවෙන් පනින්න හදන්නේ ඔරකල්ව බේරා ගන්න. අශ්කා බල ඇඳුමෙන් ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් මෙක් සහ කැතී බෝට්ටුවෙන් පැනලා යනවා. අශ්කට මොනවා වෙයිද? ඒ ගැන දැනගන්න නම් මේ කොටස අරගෙනම බලන්න වෙනවා. එහෙනම් පුලුවන් ඉක්මනට ඊ ලඟ කොටසත් අරන් එනකන් ජයෙන් ජයම වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E11.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
702 downloadsDownload Spellbinder.S02E11.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
10 comments
Kasuni
Chinthaka Bandara
කවුද මල්ලි ඔයාට බලන්න කීවේ. මං මේක දැම්මේ කැමති අයට බාගන්න මිසක් වෙලාව නාස්ති කරගන්න මෙමෙයි. කොමෙන්ටුවට ස්තූතියි.
Chinthaka Bandara
මල්ලි නෙමෙයි නංගි නේද? කැමති නම් බලන්න. මේක ඉල්ලපු කීප දෙනෙකුත් හිටියා. ඒකයි දැම්මේ. කමෙන්ටුවට ස්තූතියි
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Ishan Madusha
ස්තුතියි සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
tnx mco keep going
King Ruwan
Thanks saho sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

kauda ayye balapuwa blanne ... time waste .. good luck