Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E13] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මං 13 කොටසත් අරගෙන ආවා. පහුගිය උපසිරැසි ගැන අදහසක් දක්වලා ගිය ටික දෙනාට ගොඩාක් ස්තූතියි. ඉතින් වැඩිම පිරිසක් අරන් ගිහින් තිබ්බේ සද්ද නැතුව. කමක් නෑ. මං තරහා වෙන්නේ නම් නෑ. නමුත් මටත් දෙයක් ඉතුරු කරලා ගියොත් තමයි මං ගොඩක් සතුටු වෙන්නේ. මේ කොටස නම් සද්ද නැතුව අරන් යන්න එපා. අදහසක…

Spellbinder-TV

කොහොමද යාළුවනේ. ඔන්න මං 13 කොටසත් අරගෙන ආවා. පහුගිය උපසිරැසි ගැන අදහසක් දක්වලා ගිය ටික දෙනාට ගොඩාක් ස්තූතියි. ඉතින් වැඩිම පිරිසක් අරන් ගිහින් තිබ්බේ සද්ද නැතුව. කමක් නෑ. මං තරහා වෙන්නේ නම් නෑ. නමුත් මටත් දෙයක් ඉතුරු කරලා ගියොත් තමයි මං ගොඩක් සතුටු වෙන්නේ. මේ කොටස නම් සද්ද නැතුව අරන් යන්න එපා. අදහසක් විතරක් තියලා යන්න කියලා ඉල්ලනවා.

ඉතින් එහෙනම් සුපුරුදු විදහටම පහුගිය කොටස ගැන විස්තරයක් කරන්නම්. රොබෝලා ඉන්න ලෝකෙක හිරවුන කැතී පිස්සෝ වගේ දෙන්නෙකුගේ ගෙදර හිරකරගත්තා. එතනින් පැනලා යන්න දුවද්දි යාන්ත්‍රකියෙකුගේ ඇඟේ ඔලුව හැප්පුන කැතීට සිහි නැති වුනා. ඊට පස්සේ ලිම් සහ ගුවීන් කැතීව දොස්තර එල්වෝ ලඟට එක්කන් යනවා. දොස්තර එල්වෝ කැතී ගැන විස්තර දැනගන්නවා. ඒ වගේම එයා ලොකු විස්තරයක් කියනවා මේ ලෝකෙ ගැන. ඊට පස්සේ තමයි කැතී දැනගන්නේ මේ ලෝකේ ඉන්නේ අමරණියයන් කියලා. ඒ වගේම කැතී තමයි මේ ලෝකෙට ඉන්න එකම ඇත්ත ළමයා කියලා. ඒ වගේම මෙක් ගැනත් දොස්තර එල්වෝ අහගන්නවා.

ඒ වගේම ශාරක්ගේ උපක්‍රමයට අහුවුන අශ්කා සහ ජෝෂ් ශාරක්ගේ හිරකාරයෝ වුනා. දැන් ශාරක් ලෑස්ති වෙන්නේ මකර රජදහන ආක්‍රමණය කරන්න. නමුත් අශ්කාට ඕනි ශාරක්ට එයා උදවු කළා වගේ රඟපාන්න. මොකද අශ්කා දන්නවා එයා ඔරකල් විනාශ කළා කියලා. ඒ නිසා ශාරක්ට සීමාව තරණය කරන්න පුලුවන් කියලා. ශාරක් කැමති නෑ අශ්කාගේ උදවු ගන්න. අශ්කා කියනවා යෝධ යුධභටයා විනාශ වෙන්න අශ්කාට මතුරන්න පුලුවන් කියලා. ඉතින් අශ්කාගේ මායා බලයෙන් කරන්න සිද්ධවෙන පළවෙනිම දේ තමයි ගැටගහලා තියෙන එක ගලවාගෙන නිදහස් වෙන එක. ජෝෂ්ගේ මොළය නිසා අශ්කා මෙතනිනුත් බේරෙනවා. ඒ වගේම ජෝෂ්ගේ අම්මාගේ පරිගණකයයෙන් නිර්මාණය කරපු වැඩසටහනික් ශාරක්ව අන්දනවා.

අමරණීයයන්ගේ ලෝකයේ හිරවුන කැතීට නම් පුදුම ඉල්ලුමක් තියෙන්නේ. මොකද ඇත්තටම එයා තමයි ඒ ලෝකෙට ඉන්න එකම සාමාන්‍ය දරුවා. ඒනිසා ලිම් සහ ගුවීන්ගේ ගෙදර ඉන්න කැතීව හියුගෝ හොරකම් කරගෙන අරන් යනවා. ඒනිසා ලිම් සහ ගුවීන් නීතියේ පිහිට පතන්න බේරුම්කාරයා ලඟට යනවා. ඉතින් එයා බෙදාගන්න මිනිස්සු ඔක්කොම දහසක් දේ කියනවා. ඒ වගේම විශාල ගැටුම් ඇතිකර ගන්නවා. කැතී මෙක්ගේ බෝට්ටුව පෙන්නන්න ඒක තිබුන තැනට යනවා. නමුත් බෝට්ටුව වත් මෙක්වත් එතන නෑ. ඒනිසා කැතීට ඔප්පු කරන්න බැරි වෙනවා එයා වෙනත් ලෝකෙකින් ආවා කියලා. ඒ නිසා එයාව ලිම් සහ ගුවීන්ට භාර දෙනවා.

මෙක්ට මොකද වෙන්නේ? දොස්තර එල්වෝ ඇවිල්ලා එයාව ගෙදරට එක්කන් යනවා. ඒ කැතී ගැන කියලා. කැතී හිරකාරයෙක් වෙලා නිස් එයාව බේරාගන්න මෙක්ගේ උදවු ඕනි කියනවා. මෙක් ආපහු යන්න හිතන්නේ මකර රජදහන බේරාගන්න ඕනි නිසා. නමුත් දොස්තර එල්වෝ කියනවා කැතී ඉන්නෙත් අනතුරක කියලා. ඒ නිසා මෙක් දොස්තර එල්වෝ එක්ක යනවා.

ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටසත් අරන් බලන්නම වෙනවා. එහෙනම් පුලුවන් ඉතරම් ඉක්මනට ඊලඟ කොටසත් අරන් එන්න පොරොන්දුවක් දීලා අදට නවතිනවා. එහෙනම් ජය වේවා!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E13.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

672 downloadsDownload Spellbinder.S02E13.zip18 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

672 downloadsDownload Subtitles18 KB

12 comments

  1. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. Práðèép Üðäýàñgå

    ස්තුති සබට මචෝ...!

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  4. Kalum

    Sub akata thanx macho...

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Ishanka

    Elz.thanx sub ekata

  7. Tharaka

    bohoma isthuthy sahodaraya...jaya wewa..

  8. lahiru

    niyamai, scorpion s3 ekatath sub dennako

  9. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  10. කවීන් ලහිරු

    පට්ට සහෝ
    සබ් එකට තෑන්ක්ස්

  11. Rasindu Perera

    එල...එල....සබ් එකට තැන්ක්ස්...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P