ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න පොරොන්දු වුන විදිහටම මකර රජදහනේ 14 වෙනි කොටසත් අරන් ආවා. පහුගිය කොටස් රසවිඳින්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් උපසිරැසි හොඳට තිබුනද? මොකුත් ගැටළු තිබුණා නම් කමෙන්ට් එකකින් කියන්න. මං උදවු කරන්නම්. සුපුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්න…

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න පොරොන්දු වුන විදිහටම මකර රජදහනේ 14 වෙනි කොටසත් අරන් ආවා. පහුගිය කොටස් රසවිඳින්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් උපසිරැසි හොඳට තිබුනද? මොකුත් ගැටළු තිබුණා නම් කමෙන්ට් එකකින් කියන්න. මං උදවු කරන්නම්.
සුපුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. කැතීට ඔප්පු කරන්න බැරිවුනා එයා ආවේ වෙනත් ලෝකයකින් කියලා. ඒ නිසා බේරුම්කාරයා කැතීව ලෙම්ට සහ ගුවීන්ට භාර දුන්නා. ඉතින් මේ දෙන්නා හරිම සතුටින් කැතීව ගෙදර අරන් ආවා. දැන් පොත්වල තියෙන විදිහට කැතීට සලකනවා. මොකද මේ කට්ටියට කිසිම අදහසක් නෑ ළමයෙකුට සලකන විදිහ ගැන. මොකද මෙයාලා අවුරුදු දෙතුන්සීයක් වයසයි. නමුත් දරුවෝ නෑ. මොකද වසංගතයකට දුන්න බෙහෙතක් නිසා තමයි මෙයාලා අමරණීය වෙලා තියෙන්නේ. අමරණීය වුනා වගේම මෙයාලාට දරුවන් සෑදීමේ හැකියාවත් නැතිවෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙයාලා යාන්ත්‍රිකයෝ හදාගෙන එයාලගේ උදවු අරගන්නේ. ලෙම් සහ ගුවීන් පරණ පොතක් හොයාගන්නවා ළමයි හදන විදිහ තියෙන. ඒකේ තියෙන විදිහට කෑම කවලා දැන් කැතීව ඉස්කෝලෙ යවන්නයි ලෑස්ති වෙන්නේ. කැතී ඉස්කෝලෙට යද්දි නගරයේ ඉන්න මිනිස්සු ඔක්කොම එතනට ඇවිල්ලා ඉන්නේ කැතීට උගන්නනවා බලන්න. උගන්වන ගුරුවරු තමයි බේරුම් කාරයෝ දෙන්නා. බේරුම් කාරයෝ උගන්වන වෙලාවට ප්‍රශ්න අහන්න තහනම් කරලා තියෙන්නේ. ප්‍රශ්න අහන්නේ නැතුව ඉගෙන ගන්න ඕනි. ඉතින් කැතී නම් නිකන් ඉන්නේ නෑ. දිගට හරහට ප්‍රශ්න අහනවා. එ වගේම බේරුම් කාරයෝ දෙන්නට එපා වෙන්නම ප්‍රශ්න අහනවා. ඉතින් මේක ප්‍රයෝජනයයට ගත්ත හියුගෝ ලෑස්ති වෙන්නේ කැතීගේ අයිතිය ලබාගන්න. මේ අතර කැතී පැනලා යන්න උත්සාහ කරනවා. ඉතින් කැතීව හොයන්න මිනිස්සු නගරය පුරාම දුවනවා. ඊට පස්සේ කැතීව හොයාගන්නවා. ඒනිසා පැනලා දිවුවට වැඩක් වෙන්නේ නෑ. හියුගෝ කැතීව හොයාගන්නවා. නමුත් ගුවීන් කැතීව හියුගෝගෙන් බේරාගෙන අරන් එනවා. කැතී අන්තිමේදි කැමති වෙනවා ලිම් සහ ගුවීන් එක්ක එයාලගේ ගෙදරට යන්න.
මේ අතර අශ්කා ශාරක්ව අන්දාගෙන මකර රජදහනට පහර දෙන්න එනවා. අශ්කා මන්තරයක් මතුරනවා යෝධ යුධභටයා නැති වෙන්න. ඉතින් ජෝෂ්ට තමයි ඉස්සර වෙලාම මායිම තරණය කරන්න සිද්ධ වෙන්නේ. ජෝෂ් මායිම තරණය කරලා ඉස්සර වෙලාම එන්නේ ජස්මින් ඉන්න ෆින් ගමට. ඒ එන්නේ ශාරක්ගේ ආක්‍රමණය ගැන අනතුරු අඟවන්න. නමුත් ෆින් ගමේ මිනිස්සු ඒක පිලිගන්නේ නෑ. එයාලා ලෑස්ති වෙන්නේ ජෝෂ්ට දඬුවම් කරන්න.
ඉතින් බේරුම්කාරයා තීරණය කරනවා කැතීව මාසයක් ගානේ හැම පවුලකටම බෙදලා දෙන්න. ඒ කියන්නේ කැතී මාසෙන් මාසෙට දෙමාපියෝ මාරු කරන්න ඕනි. එකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද හැම කෙනෙක්ටම අවස්ථාවක් ලැබෙන්න කලින් කැතී ලොකු වෙන නිසා. ඒකට පිලියමක් විදිහට කැතීට අමරණීය බෙහෙත විදින්න තීරණය වෙනවා. දැන් කැතීව රෝහලට අරන් යන්නේ අමරණීය බෙහෙත විදින්න. ඉතින් කැතී අමරණීය වෙයිද කියලා දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් ඊලඟ කොටසත් අරන් ඉක්මනින්ම එන්නම්. එතකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E14.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
644 downloadsDownload Spellbinder.S02E14.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
8 comments
ඉෂාන් මදුෂ
Ishanka
Elz.thanks sub ekata
Práðèép Üðäýàñgå
සුපිරි මචො, තනියෙන් මෙ ගහන් යන ගේම ඇත්තටම අගේ කරන්න වටිනවා.. ජය...!
Udara Damith B/K
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shadow
Thzzz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සබ් එකට