Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E15] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? හොඳින් ඉන්නවද? ඔන්න මං අදත් පොරොන්දුව ඉටු කළා. මෙන්න ගෙනාවා උණු උණුවෙන්ම 15 වෙනි කොටසට උපසිරැසිය. පහුගිය කොටස බලන්න ඇති කියලා විශ්වාස කරනවා. සද්ද නැතුව උපසිරැසිය අරගෙන යන්න නම් එපා. කමෙන්ට් එකක් දාලා යන්න හරිද? ඉතින් සුපුරුදු විදහට පහුගිය කොටස ගැන විස්තරයක් කරන්නම්. කැතී හැමදාම ළමයෙ…

Spellbinder-TV

කොහොමද යාළුවනේ? හොඳින් ඉන්නවද? ඔන්න මං අදත් පොරොන්දුව ඉටු කළා. මෙන්න ගෙනාවා උණු උණුවෙන්ම 15 වෙනි කොටසට උපසිරැසිය. පහුගිය කොටස බලන්න ඇති කියලා විශ්වාස කරනවා. සද්ද නැතුව උපසිරැසිය අරගෙන යන්න නම් එපා. කමෙන්ට් එකක් දාලා යන්න හරිද?

ඉතින් සුපුරුදු විදහට පහුගිය කොටස ගැන විස්තරයක් කරන්නම්. කැතී හැමදාම ළමයෙක් විදිහට තියාගන්න ඕනි නිසා අමරණීය බෙහෙත විදින්න රෝහලට අරගෙන ගියා. ඉතින් මේක නවත්තන්න ගුවීන් කේබල් ටික ගලවලා දැම්මා. මෙතෙන්ට ආව දොස්තර එල්වෝ කීවේ අමරණීය බෙහෙත මේ වෙද්දි කල් ඉකුත්වෙලා කියලා. ඒ නිසා අමරණීය බෙහෙත විද්දානම් කැතී මැරෙන්න ඉඩ තියෙනවා කියලා කීවා. ඒ නිසා ඒ වෙලාවේ කැතීට අමරණීය බෙහෙත විද්දේ නෑ. අලුත් බෙහෙත් දියරයක් හදන්න දවස් කීපයක් ගතවෙන නිසා බෙහෙත විදිනකන් කැතීව ලිම් සහ ගුවීන්ට භාර දෙනවා. කැතී කැමැත්තෙන්ම වගේ මෙයාලා දෙන්නත් එක්ක යන්නේ මෙක් හමුවෙන්න යන බලාපොරොන්තුවෙන්. මොකද දොස්තර එල්වෝ කැතීට රහසක් කීවා මෙක් එයාගේ ගෙදර ඉන්නවා කියලා. කැතීට මිදුලට වත් යන්න දෙන්නෙ නැතුව තියාගන්නේ බේරුම් කාරයෝ කීව නිසා. ඉතින් කැතී යාන්ත්‍රිකයෙක් විදිහට වෙස් වළාගෙන ගෙදරින් පනින්නේ දොස්තර එල්වෝගේ ගෙදරට යන්න. මෙතනින් පැනලා කැතී ගිහින් තියෙන්නේ ඊටත් වඩා විශාල අනතුරකට. දොස්තර එල්වෝ කැතීව කාමරයක හිර කළේ මෙක් එක්ක එකතු කරලා අලුත් මානව පරම්පරාවක් බිහි කරන්න.

අශ්කා ශාරක් එක්ක එකතු වෙලා මායිම පහු කළා. අශ්කාගේ මන්තරය නිසා යෝධ යුධභටයා ආවේ නෑ. ඒනිසා මාලිගාව අල්ලාගත්තම භාගයක් අශ්කට ඕනි කියලා ශාරක් පොරොන්දු කරවාගත්තා. ජෝෂ් ෆින් ගමේ මිනිස්සු අල්ලන් දඬුවම් දෙන්න හදනවා බොරු කළා. ජෝෂ් අණතුරු ඇඟවීමක් කළා මිලේච්ඡයෝ පහර දෙන්න එනවා කියලා. නමුත් ගම් වැසියෝ මේක පිලිගත්තේ නෑ. කොහොම නමුත් ගම ආක්‍රමණය කරන්නට ශාරක් ඇතුලු හමුදාවට වැඩි වෙලාවක් ගියේ නෑ. කොහොම හරි ජස්මින්ගේ උදවුවෙන් බෝට්ටුවකින් මාලිගාවට පැන්න ජෝෂ් විස්තරේ කියලා ලෑස්ති වෙන්නේ ශාරක් බය කරලා පරාජය කරන්න. නමුත් අශ්කා නිසා ඒකත් ව්‍යර්ථ වෙනවා. මකර අධිරාජිණිය පරාජය බාර ගන්නේ තමන්ගේ මල්ලි වන සන් ශාරක්ගෙ ග්‍රහණයට හසුවුන නිසා. ඉතින් මාලිගාවේ දොරකඩ ලඟටම ආව ශාරක් ඊලඟට මොනවා කරයිද? ඒක ගැන හරියටම දැනගන්න නම් මේ කොටසත් අරගෙනම බලන්න. එහෙනම් ඊලඟ කොටස අරන් ඉක්මනින්ම එන පොරොන්දුව පිට මං දැනට නවතින්නම්. එහෙනම් මායාබන්ධන රසික රසිකාවියනට ජයම වේවා!!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E15.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

644 downloadsDownload Spellbinder.S02E15.zip14 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

644 downloadsDownload Subtitles14 KB

13 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  2. Práðèép Üðäýàñgå

    ස්තුති සබට... !

  3. praneeth madu

    ගොඩක් ස්තුතියි

  4. රයන් ද සිල්වා

    තෑන්ක්ස් සහෝ සබ් එකට….

  5. කවීන් ලහිරු

    පට්ටම සහෝ මේකනම් සුපිරිම එපියක් වගේ
    ඊලග කොටසත් සබ් එක දාමු….

  6. උදාර දිල්ශාන්

    ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසියට චින්තක සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  7. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට තෑන්ක්ස් බ්‍රෝ
    ෴෴ජය වේවා෴෴

  8. Udara Damith B/K

    ගොඩාක් ස්තූතියි

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Jack

    බොහෝම ස්තුතියි මචෝ...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  13. Ishanka

    Thanks saho sub ekata.