Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E19] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. කොහොමද මකර රජදහන? උපසිරැසි ටික හොඳද නරකද කියලාවත් යන්න හොඳේ. සද්ද නැතුවම අරන් යනඑක හොඳ නෑ නේද? ඉතින් ඔන්න පොරොන්දු වුන විදිහටම 19 කොටස අරන් ආවා. ඔන්න මේක නම් සද්ද නැතුව අරන් යන්න එපා හරිද. ඉතින් සුපුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. කැතී මොලොක්ස්ගේ දඩයම් කාරයන්ට ව…

Spellbinder-TV

ඉතින් කොහොමද යාළුවනේ. කොහොමද මකර රජදහන? උපසිරැසි ටික හොඳද නරකද කියලාවත් යන්න හොඳේ. සද්ද නැතුවම අරන් යනඑක හොඳ නෑ නේද? ඉතින් ඔන්න පොරොන්දු වුන විදිහටම 19 කොටස අරන් ආවා. ඔන්න මේක නම් සද්ද නැතුව අරන් යන්න එපා හරිද.

ඉතින් සුපුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. කැතී මොලොක්ස්ගේ දඩයම් කාරයන්ට විරුද්ධව සටන් කරන්න ගියාට ටිකක් අමාරු වුනා. නමුත් කැතීව බේරාගෙන පතලට අරන් යන්න ජේස්ට සහ තාත්තාට පුලුවන් වුනා. කොහොම හරි දැන් දඩයක්කාරයෝ නවත්තන්න එකම දෙයයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. පතල් දෝනාව පුපුරවාහරින්න විතරයි. ඉතින් කට්ටිය මේකට ලෑස්ති වෙද්දි තමයි කැතීට සිහිය එන්නේ. ඉතින් කැතී පතල් දෝනාව පුපුරවා හරින එකට එච්චර සතුටු නෑ. මොකද කැතීට බෑ පොළව යටට වෙලා අවුරුදු ගානක් ඉන්න. කැතී ආවේ මෙහෙයුමකට කියලා කැතී දන්නවානේ. ඉතින් කැතී බලන් හිටියේ නෑ. පැනලා දුවනවා. කැතීගේ පස්සෙන් ජේස් දුවගෙන යන්නේ කැතීව ආපහු අඩහගහෙන එන්න හිතාගෙන. කොහොම හරි කැතීව දඩයක්කාරයෙකුට මුනගැහෙනවා. ජේස් ගල් පෙරලලා දඩයක්කාරයාව නවත්තනවා. මේ වෙලාවෙදි කැතී ජේස්ට ඇත්තම කියනවා තමන් මෙහේ ආවේ වෙනත් ලෝකෙකින් කියලා. ජේස් කැමතිත් නෑ ආපහු පොලව යටට යන්න. ඒ නිසා දෙන්නම පොළව මතුපිටට එනවා. මෙක්වත් හමුවෙනවා. දැන් කට්ටියම උත්සාහ කරන්නේ මොලොක්ව නවත්තන්න. මොලොක්ස්ට පණ ආවේ කොහොමද කියලා ජේස් දැනගන්නවා.

මොලොක්ස් කියන්නේ යකඩ ඇදලා අරගෙන කුඩා යන්ත්‍ර නිර්මාණය කරන කර්මාන්ත ශාලාවක් වගේ. ඉතින් මොලොක්ස් දඩයක්කාරයෙක් ඇදලා අරගන්නවා දැකපු කැතීට අදහසක් පහළ වෙනවා දඩයක්කාරයෙක් ඇතුලේ හැංගිලා මොලොක්ස් ඇතුලට යන්න පුලුවන් නේද කියලා. ඉතින් කොහොම හරි මේ විදිහට මොලොක්ස් ඇතුලට රිංගා ගත්ත කැතී මොලොක්ස්ගේ කේබල් ටික ඔක්කොම ගලවලා දානවා. මොලොක්ස් නවතිනවා.
මේ අතර සන් දිගටම මාලිගාව ඇතුලේ හොල්මන් කරනවා. ශෘරක් නම් හොඳටම බය වෙලා. සන්ගේ හොල්මන් කිරිල්ලට දැන් නම් සෙන්සෝ ඇතුලු ගොඩක් දෙනෙක්ගේ උදවු ලැබෙනවා. ශාරක් නම් හොඳටම බය වෙලා. ශාරක් බය වෙච්ච වෙලාවට ඕනිම කෙනා තමයි පේනකියන්නා. සන්ගේ හොල්මන දැක්ක පේනකියන්නා ශාරක්ටත් වැඩිය බය වෙනවා. ඉතින් අශ්කා නම් මේවට බය නෑ. අශ්කා මෙතෙන්ට එද්දී ශාරක් ඌරු තෙල් ගාගෙන ඉන්නවා. ශාරක්ට හොල්මන් කරපු හොල්මන් ටික ඔක්කොම අල්ලලා දෙනවා.

මොලොක්ස්ව නවත්තපු කැතී සහ මෙක් දෙන්නා නැවතත් මකර රජදහනට එන්න පිටත් වෙන්නේ ඒ ලෝකයේ අයට පොරොන්දුවකුත් දීලා. ඔරකල්ව හයිකරාට පස්සේ ආයෙත් මේ ලෝකෙට ඇවිල්ලා උදවු කරන්න. ඉතින් එතන ඉඳන් මොකද වුනේ කියලා හරියට දැනගන්න නම් මේ කොටසත් අරගෙනම බලන්න වෙනවා. එහෙනම් පුලුවන් ඉක්මනින් ඊලඟ උපසිරැසියත් අරගෙන එන්නම්. ජය වේවා!!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E19.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

686 downloadsDownload Spellbinder.S02E19.zip14 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

686 downloadsDownload Subtitles14 KB

13 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  2. Kalum

    Sub akata thnx macho...

  3. praneeth madu

    ela mco

  4. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  5. රයන් ද සිල්වා

    නියමයි සහෝ 20 වෙනි කොටසෙන් හමු වෙමු

  6. උදාර දිල්ශාන්

    මැක්සා කොල්ලෝ
    ඊලග කොටහත් දෙමු

  7. Lahiru

    Thanks for sub..

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Udara Damith B/K

    සිංහල

    උපසිරැසියට

    ස්තූතියි

  10. jeewan

    Spellbinder – Land Of the Dragon Lord (1997) S02 : E07] සහ S02 : E012 සබි නැහැනේ යාලුවනේ.......

    1. Chinthaka Bandara

      සහෝ... ඒ සබ් දෙකම ඉතා හොඳින් නිවැරදිව ධාවනය වෙනවා. මං පරීක්ෂා කරලා බැලුවා. නැවත බාගත කර බලන්න. බාගත වීමේදී ප්‍රශ්නයක් ඇතිවෙන්න ඇති. අදහස් දැක්වුවාට ස්තූතියි. ජය වේවා!!!

  11. Ishanka

    Elz.sub ekata thaks macho

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P