Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E20] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? මං හිතනවා හැමෝම 20 අරන් එනකන් මඟ බලන් හිටියා කියලා. උපසිරැසිය අරගෙන මාරු වෙන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාලම යන්න ඈ. පුරුදු විදිහට කතාව ටිකක් කියන්නම්. මෙක් සහ කැතී මොලොක්ස්ව විනාශ කරලා ආපහු මකර රජදහනට එන්න පිටත් වෙනවා. ඒ ආපහු ඇවිල්ලා මේ අයට උදවු කරනවා කියලා පො…

Spellbinder-TV

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? මං හිතනවා හැමෝම 20 අරන් එනකන් මඟ බලන් හිටියා කියලා. උපසිරැසිය අරගෙන මාරු වෙන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාලම යන්න ඈ.

පුරුදු විදිහට කතාව ටිකක් කියන්නම්. මෙක් සහ කැතී මොලොක්ස්ව විනාශ කරලා ආපහු මකර රජදහනට එන්න පිටත් වෙනවා. ඒ ආපහු ඇවිල්ලා මේ අයට උදවු කරනවා කියලා පොරොන්දුවකුත් දීලා. ඉතින් සන්ගේ ලෝකෙට ආව කැතී සහ මෙක් දෙන්නා ශාරක්ගේ හමුදාවේ අත්අඩංගුවට පත්වෙනවා. මොකද අශ්කා කලින්ම අණ දීලයි තිබුනේ බෝට්ටුවෙන් ආව කෙල්ලෙක් ඉන්නවානම් අල්ලාගන්න කියලා. අශ්කා තමයි මේ දෙන්නා පිලිගන්න මි ලඟට එන්නේ. මේ දෙන්නට වෙලා තියෙන දේ හිතාගන්න බෑ. අශ්කා මාලිගාවේ ඉන්නේ ඇයි කියල එක ලොකු ගැටළුවක්. අශ්කා කැතී සහ මෙක් ඉන්න තැනට යන්න ලෑස්ති වෙද්දී ශාරක් එයාව නවත්තන්න ලෑස්ති වෙනවා. නමුත් අශ්කා අශ්වයෙක් පිට නැගලා කැතීලා ඉන්න තැනට යනවා. ඒ වගේම අන්තර්මුහුණතත් අරගෙන කැතීගේ ලෝකයට යන්න ලෑස්ති වෙද්දිම කැතී ගල් පාරක් දෙනවා. ඒක වදින්නේ බෝට්ටුවේ මාන පාලන දණ්ඩට. නමුත් අශ්කා කැතීගේ ලෝකයට යනවා. ඒ වගේම ඒ ලෝකයේ පොඩි කුරුට්ටෝ දෙන්නෙකුගේ වැඩක් නිසා අශ්කව දාලා බෝට්ටුව ආපහු සන්ගේ ලෝකයට එනවා.

මේ අතර මාලිගාව ඇතුලෙත් ගලවාගැනීමේ මෙහෙයුමක් සිද්ධ වෙනවා. ජෝෂ් තමයි මේ වැඩටික කරගෙන යන්නේ. කවුරු බේරාගන්නද? අම්මා තාත්තා, ආයා සහ සන්ව. දැන් ඒ අතරට එකතු වෙනවා කැතී සහ මෙක්. මොකද එයාලා ඔක්කොම එකම කූඩුවක දාලා වහන නිසා.

අශ්කාත් ඒ ලෝකෙන් ගිය නිසා දැන් ශාරක්ගේ විවාහය නවත්තන්න දැන් කෙනෙක් නෑ. ශාරක් ලෑස්ති වෙන්නේ එයාගේ පේනකියන්නා කීව විදිහට හෙටම විවාහය සිද්ධ කරන්න. ඒ නිසා රෑ එලි වෙනකන් සියලුම දෙනා වැඩ. ඒක කාල්ට සහ ජෝෂ්ටත් ගොඩක් හොඳ දෙයක් වුනා. කාල් කැඩුනු ජීප් එක හදන අතරේ ජෝෂ් වෙස් මාරු කරගෙන හැම කෙනෙක්ටම පැනගන්න අවශ්‍ය කරන දේවල් ටික ලබා දෙනවා. වැඩ ටික හරියටම ගිහින් අන්තිම වෙලාවෙදි පොඩ්ඩක් ගැස්සෙනවා. මොකද ශාරක් ඇවිල්ලා ආයාව එක්කන් යනවා මංගල ඇඳුම අන්දලා බලන්න. එයාලා ආපහු එන්නේ පාන්දර. එලිය වැටුනටත් පස්සේ. මොනවා කරන්නද. එයාලා සැලැස්මේ විදිහට හොරෙන්ම පැනලා යනවා. ශාරක් මේක දකිනවා. එයා අණ දෙනවා මේ කට්ටිය නවත්තන්න කියලා. ඉතින් මෙයාලා පැනලා යයිද? ශාරක් මෙයාලව අල්ලා ගනියිද? අන්තර්මුහුණත බෝට්ටුව ඇතුලේ තියෙයිද? හරියටම දැනගන්න නම් කේ කොටසත් අරන් බලන්නම වෙනවා. එහෙනම් මං ඊලඟ කොටසත් අරන් ඉක්මනින්ම එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E20.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

583 downloadsDownload Spellbinder.S02E20.zip17 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

583 downloadsDownload Subtitles17 KB

11 comments

  1. Práðèép Üðäýàñgå

    සුපිරි .. තැන්ක්ස් මචො සබට...

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  3. Ishanka

    Thanks macho sub ekata

  4. J-Koocha

    සබට පින්... The Adventures of Sherlock Holmes ටීවි සීරිස් එකේ සබ් මග නැවතිලා ගොඩක් කල්... කව්රුහරි ඒක බලන්නකෝ

  5. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. කවීන් ලහිරු

    පට්ටම සහෝ
    ගෝඩාක් පිං මේකට සබ් ලබා දෙනවට...

  7. උදාර දිල්ශාන්

    මැක්සා කොල්ලෝ
    21 වෙනි කොටසෙන් හමු වෙමු

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. tharaka

    thanks bro...!!

  11. tharindubavantharathnayake

    තෑන්ක්ස් අය්යෙ ඔයාල මේ කරන උදව්වට... නිකන්ම සබ් එක විතරක් බාගෙන යන්න යන්න හිතෙන්නෙත් නෑ ඔයාල මේ කරන උදව්වට... අඩුම තරමින් comment එකක් හරි දාල යන්න හිතුනා...