ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මං ආයෙත් ආවා 21 කොටසත් අරගෙන. කට්ටිය මේක බලන්න මඟ බලන් ඉන්න ඇති නේද? එහෙනම් මෙන්න බාගන්න. සුපුරුදු විදිහට මං පහුගිය කොටස ගැනත් ටිකක් කියන්නම්. ජෝෂ් සැලසුම් කළ විදිහට කට්ටියම පැනලා යනවා. නමුත් මේක ශාරක් දකිනවා. එයා අණදෙනවා කට්ටියව නවත්තන්න. මෙක් ආයා ඇතුලු කට්ටියට පැනලා යන්…

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මං ආයෙත් ආවා 21 කොටසත් අරගෙන. කට්ටිය මේක බලන්න මඟ බලන් ඉන්න ඇති නේද? එහෙනම් මෙන්න බාගන්න.
සුපුරුදු විදිහට මං පහුගිය කොටස ගැනත් ටිකක් කියන්නම්. ජෝෂ් සැලසුම් කළ විදිහට කට්ටියම පැනලා යනවා. නමුත් මේක ශාරක් දකිනවා. එයා අණදෙනවා කට්ටියව නවත්තන්න. මෙක් ආයා ඇතුලු කට්ටියට පැනලා යන්න ඉඩ දීලා ශාරක්ගේ හමුදාව නවත්තන්න යනවා. අන්තිමේදි මෙක් ඉතුරු වෙලා අනෙක් හැම කෙනෙක්ම පැනලා යනවා. අන්තිමේදි ජෝෂ්ව වාහනයට නංගාගන්න හදද්දි විකීව අහුවෙනවා. ඉතින් මොනවා කරන්නද? විකී ඇතුලේ තියලා අනෙක් කට්ටියම අරගෙන කාල් යනවා. විකී සහ මෙක් දැන් මාලිගාවේ හිරකාරයෝ විදිහට ඉන්නවා. කට්ටියම දැන් අන්තර්මුහුණත හොයන්න යන්න හදන්නේ. නමුත් මකර අධිරාජිණිය කැමති වෙන්නේ නෑ තමන්ගේ මිනිස්සු දාලා පැනලා යන්න. සන් කැමති වෙන්නෙත් නෑ ආයාව තනියම දාලා යන්න. ඒ වගේම කාල් කැමති වෙන්නෙත් නෑ විකීව දාලා යන්න. ඉතින් අන්තිමේදී අන්තර්මුහුණත හොයන්න යන්න ඉතුරු වෙන්නේ ජෝෂ් සහ කැතී විතරයි.
කැතීගේ ලෝකයට ගිය කැතීට සහ ජෝෂ්ට ටිකක් අමුතු අත්කැකීම් ටිකක් ලැබෙනවා. ඒවා මොනවද කියලා මතකයි නේද? අශ්කව හොයන බාරදූර කටයුත්ත කරන්න අශ්කාගේ ෆොටෝ එකක්වත් තිබුණා නම් ලේසියිනේ. ඉතින් ජෝෂ්ගේ කැමරාවේ තියෙනවා අශ්කගේ ෆොටෝ එකක්. ඒක මුද්‍රණය කරගන්න වෙන්නෙත් සල්ලි දෙන්නේ නැතුව. මොකද මේ දෙන්නා ලඟම සල්ලි නෑනේ. ඉතින් මේකටත් පොඩි උප්පරවැට්ටියක් දාලා කොහොම හරි ෆොටෝ එක මුද්‍රණය කරගන්නවා. කොහොම හරි ආභරණ කඩයක තිබිලා එයාලා ආභරණයක් හොයාගන්නවා මකර අධිරාජයාගේ ලාංඡන යතියෙන. ඉතින් කඩය අයිතිකාර කාන්තාවට බොරු කියලා අශ්කා ඉන්න තැන දැනගන්නවා. ඒ වගේම බොරු ගොඩාක් කියලා තමයි අශ්කා ඉන්න තැන හොයාගන්න යන්නේ.
අශ්කා කැතීගේ ලෝකෙ පෙනී ඉන්නේ හාලි කියන නමින්. අශ්කා ලෑස්ති වෙන්නේ ආභරණ ටික සහ අන්තර් මුහුණත විකුණන්න. මෙයා කඩයක මුදලාලි කෙනෙක් අල්ලාගෙන අන්තර්මුහුණත සහ ආභරණ ටික ඩොලර් 40,000 කට විකුණන්නයි ලෑස්ති වෙන්නේ. හවස 06.00 ට මුදලාලිව හමුවෙන්න ලෑස්ති වෙලා අශ්කා ආපහු යනවා. කැතී සහ ජෝෂ් මේක බලන් ඉඳලා ලෑස්ති වෙන්නේ අන්තර්මුහුණත අරන් දුවන්න. නමුත් පොලිස් නිළධාරියෙක් හිටිය නිසා වැඩේ ටිකක් ගැස්සෙනවා. ජෝෂ් සහ කැතී ගෙදරදි හමුවෙන්න හිතාගෙන දෙපැත්තට බෙදිලා දුවනවා. මේ අතර ජෝෂ් තමන්ගේ තාත්තා කාල්ව රූපවාහිනියේ දකිනවා.
කැතී ගෙදර යද්දි ජෝෂ් සෙල්ලම් කර කර ඉන්නවා. කාල් ජෝෂ්ට පා පන්දු උගන්වනවා. ඒ විතරක් නෙමෙයි කැතීත් ගෙදර ඉන්නවා. දැන් කැතී දැනගන්නවා මේකනම් එයාගේ ලෝකය නෙමෙයි කියලා. ඒ වගේම ජෝෂ් රැවටෙනවා අම්මා ආපහු ඇවිල්ලා කියලා. මේක කැතීගේ ලෝකය නෙමෙයි කියලා අවබෝධ කරගන්නට කැතීට නම් වැඩි වෙලාවක් ගියේ නෑ.
සන් සහ ආයා දැන් යන්නේ ජස්මින්ගේ ගමට. ඒ ජස්මින්ගේ ගෙදර හැංගෙන්න. නමුත් මේ දෙන්නව ලුහුබැඳගෙන ශාරක්ගේ හමුදාවත් එනවා. ඉතින් මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටසත් අරගෙනම බලන්න වෙනවා. එහෙනම් ඊලඟ උපසිරැසියත් අරගෙන ඉක්මනින්ම එන්නම්. එතකන් ඔයාලා සියලුම දෙනාට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E21.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
573 downloadsDownload Spellbinder.S02E21.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
5 comments
Ishanka
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharaka
Thaks bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks saho sub ekata..