මායාබන්ධන රසික රසිකාවියන්ට කොහොමද ඉතින්. ඔන්න මං පොරොන්දු වුන විදිහටම 22 කොටසත් අරගෙන ආවා. ඔයාලානම් ඉතින් කමෙන්ට් එකක්වත් දාන්න මතක් කරලා නෑ. කමක් නෑ ඉතින් මොනවා කරන්නද නේද? මං මගේ පොරොන්දුව නම් වෙලාවටම ඉටු කරනවා. ඉතින් සුපුරුදු විදිහටමං පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. කැතී සහ ජෝෂ් දෙන්නා තමන්ගේ ලෝ…

මායාබන්ධන රසික රසිකාවියන්ට කොහොමද ඉතින්. ඔන්න මං පොරොන්දු වුන විදිහටම 22 කොටසත් අරගෙන ආවා. ඔයාලානම් ඉතින් කමෙන්ට් එකක්වත් දාන්න මතක් කරලා නෑ. කමක් නෑ ඉතින් මොනවා කරන්නද නේද? මං මගේ පොරොන්දුව නම් වෙලාවටම ඉටු කරනවා.
ඉතින් සුපුරුදු විදිහටමං පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. කැතී සහ ජෝෂ් දෙන්නා තමන්ගේ ලෝකයට කියලා හිතාගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනත් ලෝකයකට. ඒ ලෝකෙත් ඉන්නාව මෝගන් පවුලක්. ඒ විතරක් නෙමෙයි හැම දෙයක්ම හැම මූණක්ම කැතීගේ ලෝකයේ තියෙන මූණුවලට සමානයි. ඉතින් ගෙදර ආවට පස්සේ තමයි දැනගත්තේ මේ එයාලගේ ගෙදර නෙමෙයි කියලා. නමුත් මෙයාලා ගේ ඇතුලට යන්නේ කන්න මොනවා හරි හොයාගන්නත් එක්ක. ඉතින් මේ ලෝකේ කාල් නම් තරුවක්. ඒ කියන්නේ පාපන්දු තරුවක් වෙලා ඉඳලා දැන් එයාගෙම රූපවාහිනී වැඩසටහනක් කරනවා ස්පෝර්ට් ක්‍රේසි කියලා.
කැතී සහ ජෝෂ් දෙන්නා ටවුන් එක පැත්තට යාගන්න ටෝනිගෙන් තමයි උදවු ඉල්ලන්නේ. මේ ලෝකෙ ටෝනි කැතී ගැන අදහසක් තියාගෙන ඉන්නේ. නමුත් ටෝනි නම් ජලනල කාර්මිකයෙක්. ඒ නිසා කැතී කැමති නෑ. කොහොම නමුත් කැතී සහ ජෝෂ් දෙන්නා මෙයාව අන්දවලා කඩය ඇතුලට රිංගාගෙන ඉන්නේ අන්තර්මුහුණත ගන්න. කොහොම නමුත් අශ්කා කපටියි කියලා දන්නවානේ. අශ්කා මේ ගනුදෙනුව කඩේ ඇතුලේ කරන්නේ නෑ. එයා කට්ටියම අඟගහගෙන කනත්තකට එක්කන් යනවා. කනත්තේ ආරක්ෂිත තැනක තමයි මෙයා අන්තර්මුහුණත ඇතුළු ආභරණ ටික හංගලා තියෙන්නේ. ඉතින් මේ ගනුදෙනුව කරන තැනට කොහොම හරි ටෝනිගේ උදවුවෙන් කැතී සහ ජෝෂ් දෙන්නත් එනවා. ඉතින් මේ ගනුදෙනුව කරන සතුට වෙනුවෙන් ෂැම්පේන් ටිකකුත් බොනවා. අශ්කාගේ ෂැම්පේන් වීදුරුවට නිදිබෙහෙත් දාලා දෙන්න බෙරී අමතක කළේ නෑ. අශ්කා රවට්ටලා ආභරණ ටිකයි සල්ලියි දෙකම අරන් පනින මුදලාලියා අශ්කා කාමරය ඇතුලට දාලා ලොක් කරනවා. එකෙන් බේරිලා යන්න ජෝෂ් අශ්කාගේ බලඇඳුම පාවිච්චි කරන්න උත්සාහ කළත් ඒ පහර නැවතත් ජෝෂ්ටම වදිනවා.
මේ අතර මකර රාජධානියේ නම් එච්චර හොඳ දේවල් නෙමෙයි වෙන්නේ. ආයා සහ සන් ජස්මින්ගේ ගෙදරට යන්නේ ශාරක්ගේ හමුදාවෙන් බේරෙන්න. ජස්මින්ගේ ගෙදරත් දැන් බලෙන්ම මිලේච්ඡ පවුලක් ජීවත් වෙනවා. ඒ තමයි ගබ්බෝගේ පවුල. ඉතින් ජස්මින්ගේ තාත්තා හැම වෙලේම ඉන්නේ කොක්ක දාගෙන. නමුත් මකර අධිරාජිණිය සහ එයාගේ මල්ලි ආවම ප්‍රතික්ෂේප කරන්න බෑනේ. එයාලා බොහොම කැමැත්තෙන්ම ගෙදර තියාගන්නවා. නමුත් නම් වෙනස් කරනවා. ඒ ගා සහ මිලෝ කියලා.
ඉතින් එතන ඉඳන් මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ඊලඟ කොටස බලන්නම වෙනවා. කැතීලා හිවෙලා ඉන්නකුටියෙන් එලියට යයිද? කවුරුහරි ඇවිල්ලා බේරාගන්නකන් ඉන්න වෙයිද? එහෙනම් මේ කොටස බලලා ඉන්න උපසිරැසිත් එක්කම. එහෙනම් පුලුවන් ඉක්මනින් 23 කොටස අරන්න එන්න පොරොන්දු වෙමින් දැනට නවතිනවා. සියලුම මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E22.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
564 downloadsDownload Spellbinder.S02E22.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
15 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ
23 න් වෙනි කොටසත් හැකි ඉක්මනට දාමුඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
kavinda
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
kawesha dissanayaka
dsrip?
Ishanka
Thanks saho sub ekata elzz..
Umesh
Hmee pai coment karanawoooo...mekadihata dannme naethi umata api oka nalanwaoooo......
Kalum
Sub akata thnx macho....
Udara Damith B/K
සිංහල
උපසිරැසියට
ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
yeshu
tnx
tharaka
thanks bro...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tennakoon
episode 22 to 26 sub nehene. ganna widiyak kiyannako
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු
෴෴ජය වේවා෴෴