Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E23] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මං පොරොන්දු වෙච්ච විදිහටම 23 කොටසටත් උපසිරැසිය අරන් ආවා. පහුගිය කොටස් ගැන අදහස් දක්වලා තිබුණ හැම කෙනෙක්ටම ස්තූතිය පුද කරනව අතර සද්ද නැතුව උපසිරැසිය අරන් මාරු වෙන අයටත් කමෙන්ට් එකක් දාලා යන්න කියලා ආරාධනාවක් කරනවා. එහෙනම් සුපුරු…

Spellbinder-TV

සුභ දවසක් වේවා මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මං පොරොන්දු වෙච්ච විදිහටම 23 කොටසටත් උපසිරැසිය අරන් ආවා. පහුගිය කොටස් ගැන අදහස් දක්වලා තිබුණ හැම කෙනෙක්ටම ස්තූතිය පුද කරනව අතර සද්ද නැතුව උපසිරැසිය අරන් මාරු වෙන අයටත් කමෙන්ට් එකක් දාලා යන්න කියලා ආරාධනාවක් කරනවා.

එහෙනම් සුපුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. කැතී ජෝෂ් සහ අශ්කා කනත්තේ කාමරයක් ඇතුලේ හිරකරලා ආභරණ ටිකයි අන්තර්මුහුණතයි වගේම අශ්කට දෙන්න ගෙනාපු සල්ලියි අරගෙන දෙන්නා පැනලා යනවා. ජෝෂ් දොර කඩන්න අශ්කාගේ බලඇඳුම පාවිච්චි කරන්න ගිහින් එයාටම වදිනවා. ඉතින් පහුවදා උදේ වෙනකන්ම මේ දෙන්න නැගිටින්නේ නෑ. කැතී කෑගැහුවත් මේ කට්ටිය බේරාගන්න කවුරුත් එන්නේ නෑ. හොඳ නින්දකට පස්සේ අශ්කා නැගිටිනවා. ඒ අතරම ජෝෂසුත් නැගිටිනවා. අශ්කා නැගිටලා බලඇඳුම අරගෙන දොරට පහර දීලා දොර කටනවා. දැන් තුන් දෙනාම එකතු වෙලා බ්‍රයන් සහ බෙරී හොයන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. නමුත් අශ්කා කියන්නේ විශ්වාස කරන්න බැරි සතෙක් කියලා මේ දෙන්නම දන්නවා. කොහොම නමුත් අශ්කා එක්ක ගිවිසුමක් ගහගන්නේ අන්තර්මුහුනත දීලා ආභරණ සියල්ලම අශ්කා කියලා.
තුන් දෙනත් එක්කම බ්‍රයන්ගේ සාප්පුවට යන්නේ බ්‍රයන්ව හොයාගෙන. මේ වෙනකොටත් බ්‍රයන් කඩයත් වහලා දාලා යන්න ගිහින්. දැන් හොයපන්කෝ. කඩේ ඇතුලට ගිහින් බැලුවත් මෙයාලා ගිය තැනක තොරතුරක් හොයාගන්න නම් බැරි වෙනවා. බලඇඳුම පාවිච්චි කරද්දි අණතුරු ඇඳවීමේ සංඥා වැදුන නිසා පොලීසියෙන් එතෙන්ට එනවා. ඒනිසා තුන් දෙනාටම දුවන්න සිද්ධ වෙනවා. මේ අතර අශ්කාගේ බලඇඳුම ගලවා තබා මේ මෙහෙයුම කරන්න ජෝෂ් යොජනා කරන්නේ අශ්කා අනවශ්‍ය තැන්වලත් බලඇඳුම පාවිච්චි කරන නිසා. අශ්කාත් සාමාන්‍ය විදිහට ඇඳුමක් ඇඳගෙන මෙහෙයුම පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවෙදි තමයි අශ්කා දැනගන්නේ මේ කැතීගේ ලෝකය නෙමෙයි කියලා. කැතී සහ ජෝෂ් ලෑස්ති වෙන්නේ කාල්ගෙන් උදවු අරන් මේ පරණ බඩු වෙලෙන්දා හොයාගන්න. කාල්ගේ මාර්ගයෙන් ලිපිනය හොයාගෙන මෙයාගේ ගෙදරට යද්දි මෙයා ගෙදරත් අතහැරලා දාලා ගිහින්. කොහොම හරි අන්තිමේදි දේපල වෙළඳාම් ආයතනයකට ගිහින් බ්‍රයන්ගේ දුරකථන අංකය හොයාගන්නවා. ඊට පස්සේ එයා ඉන්න තැන එයාගෙන්ම අහගෙන බලද්දි මෙයා ඉන්නේ පුංචි බෝට්ටුවක.

සන්ගේ ලෝකයේ මේ අතරේ මොකද වෙන්නේ කියලා මතකද? ගබ්බෝගේ පවුල සහ ඩෙන්ගේ පවුල එකතු වෙලා මකර අධිරාජිණිය සහ සන් සමඟ වගා කටයුතු පටන්ගෙන. නමුත් ගමේ අනෙක් කට්ටිය කැමති නෑ. වැඩිහිටිතුමා ඇවිල්ලා මේකට විරුද්ධ වෙන අතර ඊට පස්සේ තමයි මෙයා දැනගන්නේ මේ මකර අධිරාජයා කියලා. ඉතින් වැඩිහිටිතුමා ගම හැමතැනම කියලා වෙන්න ඕනි ඊට පස්සේ හැම කෙනෙක්ම සන්ට සහ ආයා ඔලුව නමලා ගරු කරන්නේ.

ඉතින් ඊට පස්සේ මොකද වුනේ කියලා දැනගන්න මේ කොටසත් අරන් බලන්නකෝ. එහෙනම් පුලුවන් ඉක්මනට ඊලඟ කොටසත් අරන් එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E23.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

605 downloadsDownload Spellbinder.S02E23.zip17 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

605 downloadsDownload Subtitles17 KB

11 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  2. kushani sanjula

    yalu The Vampire Diaries akt sub denna puluwnda

  3. Lahiru Lakmal

    Thanks for sub...

  4. Rashmika

    thanks yalu.... ow ane Vampire Diaries ekatath sub eka demuko

  5. Práðèép Üðäýàñgå

    එලම... තව 3යි එපි.. දිගටම යමු මචෝ... ජය...

  6. Ishanka

    Elzzz.thanks for sub..

  7. Kalum

    Sub akata thnx macho.....

  8. Roshan

    thanks bro

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. jeewan

    ගොඩක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!
    මෙකේ [S02 : E22] උපසිරැස 7 සහ 12 නැහැ නේ