Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E24] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මං 24 කොටසත් අරගෙන ආවා පොරොන්දු වෙච්ච විදිහටම. මං හිතනවා පහුගිය කොටස් ටික ඔක්කොම රසවිඳින්න ඇති කියලා. ඉතින් අදහස් දක්වලා ගියපු අයට ගොඩාක් ස්තූතියි ඔයාලගෙ වටිනා කාලය කැප කරපු එකට. සද්ද නැතුව අරන් ගියත් ඉතින් මේකටවත් කමෙන්ට් එකක් දාලා යන්න හොදද? සුපුරුදු විදහට මං පහුගිය කොට…

Spellbinder-TV

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මං 24 කොටසත් අරගෙන ආවා පොරොන්දු වෙච්ච විදිහටම. මං හිතනවා පහුගිය කොටස් ටික ඔක්කොම රසවිඳින්න ඇති කියලා. ඉතින් අදහස් දක්වලා ගියපු අයට ගොඩාක් ස්තූතියි ඔයාලගෙ වටිනා කාලය කැප කරපු එකට. සද්ද නැතුව අරන් ගියත් ඉතින් මේකටවත් කමෙන්ට් එකක් දාලා යන්න හොදද?

සුපුරුදු විදහට මං පහුගිය කොටස ගැන විස්තරයක් කරන්නම්. ජස්මින්ගේ ගෙදර හැංගිලා හිටිය ආයා ශාරක්ගේ හමුදාව ඇවිල්ලා අරන් යනවා. ගබ්බෝගේ ළමයි දෙන්නා සන්ව හංගාගෙන බොරුවක් කියනවා. ඒ නිසා සන් බේරෙනවා. ශාරක් අද හවසටම ආයාව විවාහ කරගන්නයි හදන්නේ. ජස්මින් සන්වත් එක්කන් ආයාව බේරාගන්න ප්ලෑන් එකක් ගහන්නයි සූදානම. සන් කෙල්ලෙක් විදිහට ඇඳම් අන්දවාගෙන බෝට්ටුවෙන් එක්කන් යන්නේ ආයා යන පාරට.

කැතී, ජෝෂ් සහ අශ්කා දැන් එකතු වෙලා බ්‍රයන් හෙවීමේ මෙහෙයුම කරගෙන යනවා. කොහොම හරි අන්තිමේදි බ්‍රයන් ගත්ත නැව හොයාගන්න මේ තුන්දෙනා සමත් වෙනවා. ඉතින් මේ තුන් දෙනාට මේ නැව ඇතුලට පැනලා මේ අන්තර්මුහුණත සහ ආභරණ පැහැරගන්න තරම් ශක්තියක් නෑ. මොකද නැවේ පිරිස වැඩියි. බ්‍රයන් ලෑස්ති වෙන්නේ මේ ආභරණ ටික වෙන්දේසි කරන්න.

බලඇඳුම ගේන්න ගිය ජෝෂ් තවම ආවේ නෑ. ජෝෂ්ටත් පොඩි ප්‍රශ්න ටිකකට මූණ දෙන්න සිද්ධ වුනා. ජෝෂ් දැක්ක විකී මෝගන් හිතන්නේ මේ තමන්ගේ පුතා කියලා. ඉතින් එයා කියන දේ අහන්නේ නැතුව බලෙන්ම ජෝෂ්ව ගෙදරට එක්කන් යනවා. මේ අතර මේ ලෝකෙ විකීගේ පුතා ජෝෂ් පරිගණක පන්තිය ඉවර වෙලා ආපහු එනවා. මේ දෙන්නා කාමරේදි හමුවෙලා කතාකරලා දෙන්නත් එක්කම බලඇඳුමත් අරන් යනවා බෝට්ටුව තියෙන තැනට. එයාලා බෝට්ටුවට යද්දි කැතී සහ අශ්කා බෝට්ටුව ඇතුලට ගිහිල්ලා. අශ්කා අත්අඩංගුවට පත් වෙලා. කැතී වතුරට බැහැලා පීනලා ගිහින් තමයි බේරුනේ. මේ අතර ජෝෂ්ලා දෙන්නා නැවට ඇතුල් වෙනවා. පහළ කාමරේ හිරවෙනවා. කැතීව පේන්න හිටියත් පොඩි ජනේලයෙන් කැතීටෙ පණිවිටයක් දෙන්න අමාරු වෙනවා.

ඉතින් ඒවිදිහට තමයි ඒ කොටස ඉවර වුනේ. කතාව එතන ඉඳන් මොනවා වෙයිද? ජෝෂ්ලා දෙන්නා මෙතනින් පැනගනියිද? කැතීට මෙයාලා පණිවිඩය දෙයිද? හරියටම දැනගන්න නම් මේ කොටස අරගෙනම බලන්න වෙනවා. එහෙනම් ඊලඟ කොටසත් අරන් ඉක්මනින්ම එනකන් ජය වේවා කියලා පතනවා.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E24.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

691 downloadsDownload Spellbinder.S02E24.zip16 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

691 downloadsDownload Subtitles16 KB

14 comments

  1. leo

    stranger-things last ep ake sub denn ,

  2. Tharaka

    පොඩි කාලේ පට්ටම ආසාවෙන් බලපු නිසයි මේක මුලින්ම බලන්න හිතුවේ. ඒත් පොඩි කාලේ වගේම ඒ ෆීල් එක එයි කියලා හිතුවේ නැහැ. දැන් නම් සබ් එක දෙනකන් ඉවසිල්ලක් නැහැ. සබ් එක ආයි සුපිරියටම කරලා තියෙනවා. ගොඩක් ස්තූතියි සහෝදරයා.

    1. Roshan

      මාත් එකගයි. ගොඩක් ස්තූතියි සහෝදරයා.

  3. yeshu

    tnx

  4. ishanka

    thanks saho sub ekata elazz..

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  6. Udara Damith B/K

    ගොඩක් ස්තූතියි

  7. Lahiru Lakmal

    Thanks for sub.
    කවුරුහරි legend of tomorrow ඒකෙ sub දෙන්නකෝ..

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Lahiru Lakmal

    50වැනි උපසිරසයට සුභපැතුම්!
    උපසිරසයට තුති...

  10. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  11. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    25 වෙනි කොටසෙන් හමු වෙමු

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Ransilu Max

    sub ekata thanks bohoma amaruwen sub eka download kare ai sub auto extract wennatte , log wennama onada