ආයිබෝවන් යාළුවනේ..! මං හිතන්නෙ කට්ටිය බලාගෙන හිටපු කතා මාලාවක් තමයි Stranger Things කියල කියන්නෙ. කොහොමහරි අපේ කීපදෙනෙක් දායක වෙලා, තුන්වැනි කතා මාලාව උපසිරැසි ගැන්වීම ආරම්භ කළා. හසායියාගෙ ආරාධනාවක් නිසා මටත් දායකත්වය ලබා දෙන්න හැකියාවක් ලැබුණ. ඉතිං ආරළු බූරළු ඕන නෑනෙ. පළවෙනි කොටසෙ මොනවද වුණේ කියල…

ආයිබෝවන් යාළුවනේ..!
මං හිතන්නෙ කට්ටිය බලාගෙන හිටපු කතා මාලාවක් තමයි Stranger Things කියල කියන්නෙ. කොහොමහරි අපේ කීපදෙනෙක් දායක වෙලා, තුන්වැනි කතා මාලාව උපසිරැසි ගැන්වීම ආරම්භ කළා. හසායියාගෙ ආරාධනාවක් නිසා මටත් දායකත්වය ලබා දෙන්න හැකියාවක් ලැබුණ. ඉතිං ආරළු බූරළු ඕන නෑනෙ. පළවෙනි කොටසෙ මොනවද වුණේ කියල මතක් කරගමු.
පළමුවැනි කොටසින්..
මෙවර කතා මාලාව පටන් ගන්නකොටම අපි දැක්ක රුසියානුවන් පිරිසක් යම් ආකාරයක පරීක්ෂණයක් කරන හැටි. ඒක වෙන්නෙ Stranger Things පළමුවැනි කතා මාලාවට සමගාමිව. ඒ කියන්නෙ දැනට අවුරුද්දකට කලින්. කොහොමද ඒ පර්‍යේෂණය අසාර්ථක වෙලා, එතන සංහාරයක් වෙනව. ඔවුන් උත්සාහ කරන්නෙ, යම් කිසි දෙයකට විශාල විද්‍යුත් ආරෝපණයක් ලබා දීල, විවර කිරීමක් කරන්න. පළමුවැනි උත්සාහය අසාර්ථක වුණාට පස්සෙ, දෙවැනි උත්සාහයට අවස්ථාවක් ලැබෙන්නෙ තරුණ විද්‍යාඥයෙකුට. ඒ වගේම මේ වෙනකොට, මයික් සහ එල් දෙන්නගෙ ආදර පලහිලව්ව සෑහෙන දුර ගිහින්. කොහොමහරි මේ අතරෙ කොහේහරි ගිහින් හිටපු ඩස්ටින් ගෙදර එනව. ඒ ඇවිල්ල, තමන්ගෙ පෙම්වතිය කියල කියාගන්න සූසී, කියල ගෑණු ළමයෙකුට දුරස්ථ ඇමතුමක් ගන්න ඩස්ටින් උත්සාහ කරනව. මේකට යාළුවො සෙට් එකම සහභාගි වුණත්, රෑ වෙනකං ඩස්ටින්ට සූසීව සම්බන්ධ කරගන්න ලැබෙන්නෙ නෑ. අවසානෙට විල් පවා එතනින් ගියාට පස්සෙ ඔන්න ඩස්ටින්ට එකපාරම මොකක්හරි අහන්න ලැබෙනව. ඒක තමයි මේ කතා මාලාවේ යතුර වෙන්නෙ. මේ අතරෙ බිලී නැත්තං මැක්ස්ගෙ අයියට හදිසි අනතුරක් වෙනව. ඒකත් එක්ක තමයි අද කතාවට පදනම සැකසෙන්නෙ.
අද කොටසින්..
බිලීට එල්ලවුණු ප්‍රහාරය එක්ක, අපි දැක්ක මීයෝ සෑහෙන කලබල වෙලා ඉන්නව. මේක ඒ හැටි හොඳ සුබ ලකුණක් නම් නෙවෙයි. කොහොමහරි බිලීගෙ ප්‍රහාරයෙන් පස්සෙ බිලී හැසිරෙන්නෙ හීනයක ජීවත් වෙනව වගේ. මේ අතරෙ තමයි නැන්සිට අමුතු ඇමතුමක් එන්නෙ, මීයො වගයක් වයසක ගැහැණු කෙනෙක්ගෙ ගෙදර තිබුණු ඔක්කොම පොහොර ටික කාල කියල. නැන්සි, ජොනතන් එක්ක යනව මේ ගැන හොයන්න. මේ අතරෙ ඩස්ටින් යනව ස්ටීව් හොයාගෙන, රුසියානු පණිවුඩය ඉංග්‍රීසි වලට පරිවර්තනය කර ගන්න. එතනදි ඩස්ටින්ට තව කෙනෙක්ගෙ උදව් ලැබෙනව. මේ ඔක්කොම වෙන අතරෙ මීයන්ගෙ සෑහෙන ලොකු වෙනසක් වෙලා වගේම මීයන් නිසා ඉස්සරහට ඉතාම දරුණු වාතාවරණයක් උදා වෙන්න යනව. එහෙනම් බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියල. ජය වේවා..!
“සතිය දීර්ඝයි..
බටහිරදී නිල් සහ කහ එකට හමුවූ විට,
රිදී පූසා ආහාර ලබා ගනී.”
-රුසියානු රහස් පණිවුඩය-
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
30,758 downloadsDownload Stranger-Things-S03-E02.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
37 comments
sachintha
dx12
Sub ekta thanks bro.
Good luck.Ravindu Yasanga
ස්තූතියි මිත්‍රයා .. ඔබට ජය :)
Ishan Madusha
ස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..පොඩි ඉල්ලීමක් කරන්නත් තියේ. Netfilx එකේ Black Summer සීරිස් එකට සබ් දෙන්න පුලුවන්නම් සෑහෙනන් වටිනවා. කතාව හොදයි. අනික waking dead වගෙත් නෙමේ. Zombie attack එකක් පටන් ගන්න කතාවක් තමා තියෙන්නේ. ඇඩ්මින් මඩුල්ලෙන් පොඩ්ඩක් සලකා බලන්න.. බුදුසරණයි..ජය වේවා!!!!
htw
Eka hodaia bn.
Ayesh Prashan
Thank You.. ituru epi tikatath ikmanata sub denna
Dushan Tharuka
Thanks Bro
Stranger
thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඊලග කොටසත් ඉක්මනටම අරන් එමු...Pacha
Thanx
sadajana
thank you
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Amalka Himeshan
Thanks bokka
suresh kumara
සබ් එකට ස්තුතිය සහෝ
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
EM Nishshanka
Thanks mcn
Thilankadissanayake
hugaak thanks
Vishan Poorna
Thanks.....Keep it up...!!!!!!
priyan99
Thanks saho sub ekata
Kawshan98
fatta
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
uvi
බොහොමත්ම ස්තුති
Mr.pamz
Thanks brother
Lahiru Lakshan
thanks machn....
Sandarunimsara
Sub ekata tnx
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata
melinda
thank you
chinthaka.max4
thakx machan
Dewadithya
Thanks for Sub!
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි අයියේ...
lakshan
thanks ..........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S03 : E02] Sinhala Subtitles | වියරු මීයන්..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Stranger-Things-S03-1.1.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු