ඔන්න එහෙමනම් හතරවෙනි කතාමාලාවටත් ආවා. තුන්වෙනි කතාමාලාවේ මතක ඇතිනේ අර කෙහෙල්මල් ප්‍රේරක වගයක් නිසා වෙච්ච දේවල් ටික. හැමදේම හොදින් සිද්දවුනා. නමුත් එහෙම හතරවෙනි කතාමාලාවත් තියෙයිද? මං කෙලින්ම කාරණාවට ආවා කියලා ඔයාලට තේරෙන්න ඇති අද දෙන කොටසේ මාතෘකාව දැක්කම. බැක්ස්ටර්ව කට්ටියක් පැහැරගෙන ගිහින් මරන්නයි…
ඔන්න එහෙමනම් හතරවෙනි කතාමාලාවටත් ආවා. තුන්වෙනි කතාමාලාවේ මතක ඇතිනේ අර කෙහෙල්මල් ප්‍රේරක වගයක් නිසා වෙච්ච දේවල් ටික. හැමදේම හොදින් සිද්දවුනා. නමුත් එහෙම හතරවෙනි කතාමාලාවත් තියෙයිද? මං කෙලින්ම කාරණාවට ආවා කියලා ඔයාලට තේරෙන්න ඇති අද දෙන කොටසේ මාතෘකාව දැක්කම.
බැක්ස්ටර්ව කට්ටියක් පැහැරගෙන ගිහින් මරන්නයි හදන්නේ. මේක දකින්නේ ඩොල්ටන් විතරයි. ඇයට කරගන්න දෙයකුත් නැහැ. මොකද ඇයගේ පිස්තොලේ උණ්ඩ ඉවරයි.ඒ හන්දා ඇයට මැදිහත් වෙන්නත් බැහැ. නමුත් ඇය වෙන හැමදේම එයාගේ දුරකථනයෙන් පටිගත කරගන්නවා. බැක්ස්ටර්ට ඒ ඉන්න කට්ටිය වද දෙද්දී , තට්ටේ තියෙන මිනිහෙක් ඇවිල්ලා බැක්ස්ටර් වෙඩිතියලා මරලා දානවා. ඒ තට්ටේ තියෙන මිනිහා කවුද? මේ වෙච්ච කිසිම දෙයක් තාම මයිකල් හා ස්කොට් දන්නේ නැහැ. මොකද තුන්වෙනි කතාමාලාවේ අවසානයේ අවසානය සාමාන්‍ය අතින් බැලුවම හොද අවසානයක් නිසා හා මේ දෙන්නට එපා තිබුණු හන්දා මේ දෙන්නා නිවාඩුවට ගිහින්. නිකන් නිවාඩුවක් නෙවේ රෝඩ් ට්‍රිප්. අහලා ඇතිනේ මොකද්ද කියලා. මේ දෙන්නා කන බොන ගමන් ආයේ කොහේ හරි යනවා. ස්කොට් වෙන වෙන ආසහවල් පවා ඉෂ්ට කරගන්නවා. නමුත් අහරමගදී මේ දෙන්නා යන බයික් එකේ වේගේ වැඩි කියලා පොලිසිය නවත්තලා දඩ ලියන්න හදද්දී රිච්මන්ඩ් හෙළිකොප්ටර් එකකින් ඇවිල්ලා විස්තරේ කියලා , මේ දෙන්නව එක්කගෙන යනවා. අද ඒවගේම කතාවට අලුත් චරිතයක් එකතු එනවා. ඒ කර්නල් පිලිප් ලොක්. මොහු ගොඩක් ඉහල තත්වෙක ඉන්න ලොක්කෙක්. හරියටම කිව්වොත් අර Strike Back පළමු කතාමාලාවේ හියු කොලින්සන්ට නියෝග දුන්න, කළු තට්ටේ තියෙන ඩයල් එක.අන්න ඒ තනතුර තමයි මේ පිලිප් ලොක් කියන්නේ. පිලිප් ලොක් මෙතනදී කියනවා, මයිකල් හා ස්කොට් නිවාඩු ගිහින් ඉන්නකොට ඩොල්ටන් හා බැක්ස්ටර් මෙහෙයුමකට යද්දී තමයි මේ බැක්ස්ටර් ව හා ඩොල්ටන්ව කට්ටිය අල්ලගෙන. ඒ මොකක් කරන්න ගිහින්ද? ඒ වෙඩි තියපු මිනිහා කවුද? පිලිප් ලොක් විතරක් නෙවේ, තව අලුත් චරිතයක් එකතු වෙනවා. ඒ කිම් මාර්ටින්ස්. ඇයත් අද ස්කොට් හා මයිකල්ට උදව් කරනවා අද කරන මෙහෙයුමදී. ඒවගේම ස්කොට්ගේ පරණ ආදරය ,මුණ ගැහෙනවා. රෙබෙකා.
මේ කොටසත් බලන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් ඉතින් මීලග කොටසින් මුණගැහෙමු. ජය..!!!!
198 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න
948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,890 downloadsDownload Strike-Back-S04E01.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
15 comments
malinda
චාරුක ඉඳුනිල්
බොහොම ස්තූතියි චාමර සහෝ සබ් එකට
නලින්
ස්තුතියි චාමර සහෝ
ස්තුතියි!!! වේවා!ජය වේවා!
Elderman
Ela kollek neh
achi
නියම වැඩක් චාමර සහෝ!
සුපිරි!!!R.D
එල සහෝ........පට්ටටම සබ් එක කරනවා ඔයා..........දිගටම ඔහොමම යන්.බොහොම ස්තුතියි .
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
bobby
මේ සිරියස් එකට මම පුදුම ආසයි. ස්තතියි සබ් වලට
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janith
Thanks saho.jaya wewa!!!
Dilan
Thanks broo
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
720p එකට අප්ඩේට් කරන්න 350mb ekataSahan Gayantha
thanks a lot saho sub ekata
Ruwan
මේ සබ් download කරාට open කරන්න බෑනෙ. මොකක්ද ප්‍රශ්නෙ. ???
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Strike Back [S04 : E01] | බැක්ස්ටර්ගේ මරණය.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Strike-Back-TV-SE4-1.jpg)

menna 4th genalla.niyamai saho.
mara speed akakne.however thanks for sub.