Watch Trailer

Strike Back [S08 : E09] Sinhala Subtitles | කල මෝඩකම්වල පල-විපාක [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ටීම් එක දෙපැත්තෙන්ම කොටුවෙලා පහර කෑමට ලක් වෙලා ඉද්දි කොහොමහරි එතනින් පැනලා ගියා. ඒවගේම ඒ වරායෙන් අරන් ගිය ආයුධ මේ වෙද්දී තියෙන්නෙ එල්වීරා ලූනා කියන නෞකාවේ කියලත් දැනගන්න ලැබුනා. ඒක පස්සෙන් ගිය ටීම් එකට එතනදී සයෙෆ්ව අල්ලගෙන ලැබෙනවා. මිනිහව අල්ලගන්න කලින් ඇලෙක්සැන්ඩර් වයිට්හෝල් එකට කතා…

පසුගිය කොටසින්

ටීම් එක දෙපැත්තෙන්ම කොටුවෙලා පහර කෑමට ලක් වෙලා ඉද්දි කොහොමහරි එතනින් පැනලා ගියා. ඒවගේම ඒ වරායෙන් අරන් ගිය ආයුධ මේ වෙද්දී තියෙන්නෙ එල්වීරා ලූනා කියන නෞකාවේ කියලත් දැනගන්න ලැබුනා. ඒක පස්සෙන් ගිය ටීම් එකට එතනදී සයෙෆ්ව අල්ලගෙන ලැබෙනවා. මිනිහව අල්ලගන්න කලින් ඇලෙක්සැන්ඩර් වයිට්හෝල් එකට කතා කරලා ජේම්ස්ගෙන් ඇහුවම සයෙෆ්ට මොකක්ද කරන්න ඕන කියලා, එතකොට එයා කිව්වේ මරලා දාන්න කියලා. මතකනෙ එයාගෙ එහා පැත්තෙ කවුදෝ මන්දා ගෑණු කෙනෙකුත් හිටියා. ජේම්ස් ගැන මුල ඉදලම සැකයෙන් හිටිය නිසා ඇලෙක්සැන්ඩර් ඒ වෙලාවේ ටීම් එකේ අයට එකින් එක පැහැදිලි කරලා දීලා ජේම්ස්ගෙ හිතු මනාපෙට වැඩ කලා. ඒ සයෙෆ්ව මරණ නියෝගය වෙනුවට එයාව පණ පිටින් අල්ලගෙන, ජේම්ස්ට බොරුවට සයෙෆ් මැරුණා කියලා කෝල් එකකුත් දීලා.

ටීම් එක සයෙෆ්ව අල්ලගෙන ප්‍රශ්න කරද්දී මේ අයට ජේම්ස් ගැන, එතකොට සයෙෆ්ගෙ සහෝදරයා මහීර් වගේම එදා හොයාගෙන ගිය ෂරිෆ් ගැනත් සෑහෙන දේවල් දැනගන්න ලැබුනා. මේ තුන්දෙනාම සෑහෙන දේවල් හංගලා, ද්‍රෝහී වෙලා තිබුනා. මේවා මෙහෙම කියද්දීත් චෙට්‍රිට පිලිගන්නම බැරි වුනා. ඒක එයාගෙ මෝඩ කමද නැත්තම් බොලද කමද මං දන්නෙ නැහැ. හැබැයි ඔය දෙකෙන් මොකක්හරි හින්දා ටීම් එකේ ඉතිරි අයව එයා පාවලා දුන්නා ඇලෙක්සැන්ඩර් නියෝග කඩ කරලා හිතු මනාපෙට වැඩ කරලා එයාලා සයෙෆ්ව මැරුවා කියලා බොරුවක් කිව්වේ කියලා ජේම්ස්ට ආරංචිය ලැබිලා එයාලව කළු ලැයිස්තුවටත් (බ්ලැක් ලිස්ට්) දාලා හොය හොයා යද්දී. හැබැයි ජේම්ස් මොන දේ කලත් තමන්ගෙ ටීම් ගැන හිතාවි කියලා කැරොලීන් මේ දෙගොල්ලොම මරන්න සැලසුමක් දියත් කරලා තිබුනා. මේ පහර දීම් අතරතුරේදී ජේම්ස්ට බේරෙන්න නම් ලැබුනෙ නැහැ. එතනදී එයා ටීම් එක ගැන හිතලා මරාගෙන මැරුණා.

මුලින් 20 ටීම් එක සයෙෆ්ගෙන් ප්‍රශ්න කරද්දී එයා සදහන් කලා මහීර්ට සපයපු හාඩ් ඩ්‍රයිව් එකක් ගැන. ඉතිං මේකත් මේ අයට හොයාගන්න ලැබෙනවා වගේම සයෙෆ් කියපු හැමදෙයක්ම ඇත්තක් කියලත් දැනගන්න ලැබුනා. කැරොලීන්ගෙ ටීම් එකෙන් ඇවිල්ලා දෙගොල්ලන්ටම පහර දෙන්න ගත්තම ඔය කියන හාඩ් ඩ්‍රයිව් එක ආරක්ෂා කරන්න බාර දුන්නෙ චෙට්‍රිට. හැබැයි අන්තිමේදී සයෙෆ්ව මරලා තම තමන්ගෙ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න ඕනම වෙලාවේ ඇලෙක්සැන්ඩර්, වායට්, නෝවින් තුන්දෙනා චෙට්‍රිව හොයද්දි ආපහු වතාවක් එයා ටීම් එකට ද්‍රෝහී වෙලා යන්න ගියා.

මේ හැමදේම සිද්දවෙන අතරේ එදා බැංකුවෙදී ලෝරික් හා සයෙෆ් දෙන්නගෙ සංවාදය ගැන දැනගන්න ලැබෙන අරියානා ලෝරික්ව මරලා දාලා නැවත වතාවක් තමන්ගෙ හමුදාවට බැදෙනවා. එතනදී පැහැදිලි වුනා අරියානා අවුරුදු විස්සක් පුරාවටම මනුස්සයෙකුත් කසාද බැදගෙන, ළමයෙකුත් හදලා කාලය ගත කරලා මේ අයගෙ මොකක්දෝ මන්දා සැලසුමකට අනුවයි. මම හිතනවා බොහෝ දෙනා බලාපොරොත්තු වුන පිළිතුරු පහුගිය සතියෙ කොටසින් ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති කියලා.

අද කොටසින්

කලින් කිව්වා වගේම චෙට්‍රි මහා මෝඩ වැඩ කලානෙ. ඉතිං මේවට එයාට පල විපාක වෙනස් විදිහට ලැබෙනවා. හැබැයි ඒ එකක්වත් හොද විදිහට නම් නෙවෙයි. මේ අතරේ කලින් කොටසදී පහර දීමක් කරලා මරන්න හදපු CIA එකෙන් 20 එකේ ඉතිරි වෙලා ඉන්න අය පස්සෙන්ම පන්නනවා. නොහිතන විදිහට අද කතාවත් මුළුමනින්ම වෙනස් වෙලා යනවා. එහෙනම් ඉතිං බලලම ඉන්නකො. ලබන සතියෙ සට්‍රයික් බැක් අවසන් කොටසින් මුණගැහෙමු.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,361 downloadsDownload Strike-Back-S08-E09.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

6,361 downloadsDownload Subtitles29 KB

23 comments

  1. Sandaru Nimsara

    Sub ekata tnx bro

  2. LaHIRU MV

    සබ් එකට ස්තූතියි

  3. Hemal

    Thank you saho

  4. රංගික සිනෙත්

    නියමයි ඉතිරි කොටස එනකම් මග බලන් හිටියේ.ජය වේවා...බෝම තුති

  5. suranuwan

    thanks bro...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Suranjan

    Thanks jayawewa....!

  11. harshahjk

    බොහෝම ස්තූතියි සබ අරගත්තා ජයවේවා

  12. Ayesh Prashan

    Thank You

  13. oshanmp

    උපසිරැසියට ස්තූතියි! සුභ අළුත් අවුරුද්දක් වේවා!

  14. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  15. Bobby

    Thank you very much

  16. Manohari w

    Bohoma sthuthi.. Jaya wewa.

  17. Mihindu Sandakelum

    Thanks Bro

  18. BandaYB

    Jayen Jayama Wewa!

  19. chinthaka.max4

    thankxz machan

  20. Dewadithya

    Thanks for sub!

  21. Sajithlakshan

    thanks.....................

  22. ediya

    thanks for sub...

  23. Sahan Gayantha

    thanks a lot saho sub ekata