හොදයි එහෙමනම් ඔන්න අදනම් ආව දවසෙම ඉවරයක් කළා. දැන් වෙලාව රාත්‍රී 11.50යි. හොදයි එහෙමනම් කෙටියෙන් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.අද පරීක්ෂක මැගී සොයර්ට පිටසක්වල මළමිනියක් ලැබෙනවා. ඉතින් එයා කාරාගේ අක්කට තමා කතා කරලා එන්න කියන්නේ.කාරාගේ අක්කටත් පරීක්ෂක සෝයර් ගැන හිතක් පහලවෙලා වගේ මේ පිටසක්වල ඝාතනය ගැන…

Supergirl TV S2-1

හොදයි එහෙමනම් ඔන්න අදනම් ආව දවසෙම ඉවරයක් කළා. දැන් වෙලාව රාත්‍රී 11.50යි. හොදයි එහෙමනම් කෙටියෙන් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.අද පරීක්ෂක මැගී සොයර්ට පිටසක්වල මළමිනියක් ලැබෙනවා. ඉතින් එයා කාරාගේ අක්කට තමා කතා කරලා එන්න කියන්නේ.කාරාගේ අක්කටත් පරීක්ෂක සෝයර් ගැන හිතක් පහලවෙලා වගේ මේ පිටසක්වල ඝාතනය ගැන හොයාගෙන යද්දී මේවට හේතුව වෙන්නේ රහසිගතව පවත්වාගෙන යන සටන්පොලක්.ඒක පවත්වාගෙන යන්නේ රුලේට් කියලා ගෑනු කෙනෙක්. ඉතින් මෙතනට සුපර්ගර්ල් ගියාම එතන ඉන්න සටන්කාරයෙක් සුපර්ගර්ල්ට වැටෙන්නම ගහනවා කියමුකෝ. ආ අගහරුගේ අවසන් දියණිය මෙගැන් එහෙමත් මෙතන ඉන්නවා.

ඔය අස්සේ වින් මොන් එල්ගේ බලයන් මොනාද කියලා පරික්ෂා කරනවා. මේ දෙන්නා DEOඑකෙන් පිටවෙලා ගිහින් හොද පිස්සුවකුත් නටනවා. ඒවගේම මොන් එල්ගේ ලෝකේ ගැනත් අද ලාවට වගේ පෙන්නනවා.මේ ටික ඇති වෙයි වගේ. කතාවට අලුතින් කඩාපාත් වුන ඩැක්සම් හාදයා ගැන පොඩි විස්තරයක් කරන්නයි මේ ලෑස්තිය. මේක කරන්න විශේෂයෙන්ම හේතු වුනේ සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා මේ මොන් එල් කියන්නේ සුපර්බෝයි ද කියලා.මොන් එල් කියන්නේ සුපර් බෝයි නෙවේ හොදද කට්ටිය.සුපර් බෝයි කියන්නේ කොන් එල්ට.එහෙනම් අපි බලමු මේ මොන් එල් ගැන තියෙන විස්තර මොනවද කියලා.

මොන් එල්ව මුලිකවම දන්නේ LAR GAND සහ පසු කාලයක valor ලෙස.සම්භවය ක්‍රිප්ටෝන්හි සහෝදර ග්‍රහලෝකයක් වන ඩැක්සම් ග්‍රහයාගෙන්.මොන් එල්ටත් අපේ සුපර්ගර්ල්ට වගේ සුපිරි ශක්තිය,වේගය,සුවවීමේ හැකියාව,හිට් විෂන් වගේ සෑම බලයක්ම තියෙනවා කොමික්වල. කතාවේ ඒක වෙනස් වගේ පේන්නේ.නමුත් මොහුගේ දුර්වලතාවය වෙනස්. සුපර්ගර්ල්,සුපර්මෑන් දෙන්නගෙම දුර්වලකම ක්‍රිප්ටෝනයිට් පාශානය වුනත් මොන් එල්ට ක්‍රිප්ටෝනයිට්වලින් හානියක් වෙන්නේ නැහැ.ඔහුගේ දුර්වලකම lead ලෝහය.හැබැයි කොමික්වල එහෙම වුනාට කතාවේ කොහොමද දන්නේ නැහැ.

කොමික්වලට අනුවනම් මොන් එල් කියන්නේ ගවේෂකයෙක්.ක්‍රිප්ටෝන් විනාශ වෙන්න මොහොතකට පෙර ඔහු ක්‍රිප්ටෝන් වෙත පැමිණ ඇති අතර පසුව JOR-EL විනාශය ගැන අනතුරු අගවලා පෘථිවියට එන්න සිතියමක් ලබා දීලා තියෙනවා. ඉතින් පෘථිවියට එද්දී තමන්ගේ හරිසිහිය නැතිවෙච්ච මොන් එල්ව සුපර්බෝයිට තමා හම්බවෙන්නේ. මොන් එල්ටත් තමන්ගේම බලයන් තිබිච්ච නිසා තමන්ගේ සහෝදරයෙක් විදිහට සලකලා මොන් එල් කියලා නම දානවා. මොන් කියලා කියන්නේ සදුදා දිනයක පෘථිවියට ආව නිසා. එල් කියලා දාලා තියෙන්නේ සුපර්බෝයිගේ පවුලේ නාමය එල් කියන එක. ඉතින් කට්ටිය හොදටම දන්නවනේ CW නාලිකාව කොමික් වෙනස් කරනවා කියලා..අද කොටහෙදිත් ඒක හොදටම පේනවා. ඒ නිසා ඔන්න ප්‍රශ්න තියෙනවනම් CW එකෙන්ම අහගන්න එකයි ඇත්තේ.
මම ලිව්වෙත් මේ අන්තර්ජාලෙන් බලලා හොදේ. මේකේ නිරවද්‍යතාවනම් කොහොමද දන්නේ නැහැ. හොදට විස්තර දන්න අය ඉන්නවනම් අපිටත් දැනුවත් වෙන්න කියාගෙන යන්න.මේ ටිකෙන් කට්ටියට මොන් එල් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. තව විස්තර බොහොමයක් කොමික්වල සදහන් වුනත් ඒවා මෙතනට අදාළ නැති නිසා මම ලියන්නේ නැහැ. මේක ලිව්වෙම ඇතැමුන්ට මොන් එල් කියන්නේ සුපර්බෝයිද කියලා තිබ්බ සැකේ නැති කරන්න. එහෙමනම් යලිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජය..

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E04.HDTV.x264-LOL

Supergirl.S02E04.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,954 downloadsDownload Supergirl-S02E04.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>

Subtitles

4,954 downloadsDownload Subtitles33 KB

29 comments

  1. ranga

    Sthuthi Saho

  2. මාලින්ද

    ඉස්තූති

  3. dharshana...

    Thanks...

  4. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......

  5. lahiru

    bohoma sthuthi madukapriya saho sub ekata.........!!!!!! :) :) :D :D

  6. Suu

    thank u :)

  7. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි.
    කලින් කොටසත් තව බැලුවේ නෑ

  8. Hima Bene

    thanq... :)

  9. Anujaya

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..

  10. harith fernando

    Thanks bro.. api hamadama sub eka gannawa. Eth hamadama thanks kiyanne na. Adanam thanks kiyanawa. Thanks again bro..

  11. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  12. කවීන් ලහිරු

    නියම්යි කොල්ලෝ
    පට්ටම දිගටම සබ් දෙමු
    #ජය

  13. රයන් ද සිල්වා

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  14. කවීන් ලහිරු

    මැක්සා මචෝ
    05 ට් ආපු ගමන් සබ් ඕනා

  15. පැතුම් අතුකෝරල

    ඊයෙ සයිට් එක පැත්තේ එන්නත් බැරි උනා
    ආපු ගමන් බැලුවේ මේකට සබ් දාලද කියලා
    තෑන්ක්ස් සබ් එකට....

  16. ඩිලාන් හසිත

    තෑන්ක්ස් බ්‍රෝ එලම

  17. Kaazz_bat

    එල බ්‍රෝ,. තෑන්ක් සබ් එකට,.

  18. ayesh

    thank you

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Sanath Indika

    thx brooo

  21. Damitha Ranasinghe

    Ela Bro TnX ;)

  22. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!!!

  23. Kasun

    බොහොම ස්තුඉතියි සහෝ.....

  24. Gihan Iddamalgoda

    thanx 4 sub.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. mindika

    Thanks !!!!!!!!!!!

  27. Tharaka Lahiru

    tnx

  28. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  29. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!