කොහොමද කට්ටියට… ඔන්න එහෙනම් මේ සූදානම සුපර්ගර්ල් 4වන කතාමාලාව ආරම්භ කරන්නයි.. හොදයි එහෙනම් කෝකටත් අපි වෙනදා වගේම කලින් කතාමාලාවන් ගැන මතක් කරගෙනම ඉමුකො එහෙනම්.. පළමු සමය. පළමු සමය ඇරඹෙන්නේ CBS නාළිකාවෙන්.ඒ 2015 වසරේදී. සුපර්ගර්ල් එනම් කාරා සෝර් එල් ක්‍රිප්ටෝනියන් ලොව විනාෂවිමේදී පෘථිවියට පලා එනවා.…

කොහොමද කට්ටියට… ඔන්න එහෙනම් මේ සූදානම සුපර්ගර්ල් 4වන කතාමාලාව ආරම්භ කරන්නයි.. හොදයි එහෙනම් කෝකටත් අපි වෙනදා වගේම කලින් කතාමාලාවන් ගැන මතක් කරගෙනම ඉමුකො එහෙනම්..
පළමු සමය.
පළමු සමය ඇරඹෙන්නේ CBS නාළිකාවෙන්.ඒ 2015 වසරේදී. සුපර්ගර්ල් එනම් කාරා සෝර් එල් ක්‍රිප්ටෝනියන් ලොව විනාෂවිමේදී පෘථිවියට පලා එනවා. ඇය පෘථිවියට ආවට පස්සේ ඇයගේ පවුල වෙන්නේ ඩැන්වර්ස් පවුල. සාමාන්‍ය පවුලක සිය බලයන් සගවාගෙන හැදී වැඩෙන කාරා තමන්ගේ අනන්‍යතාවය ලෝකයාට හෙළිදරව් කරන්නේ අනතුරකට ලක්වෙන ගුවන්යානයක සිටින තම සොහොයුරියගේ දිවි ගලවාගැනීමත් සමගයි. ඉතින් ඊටපස්සේ ඇයගේ ජීවිතය සාමාන්‍ය එකක් වෙන්නේනම් නෑ. කාරා තම සොහොයුරිය සමගින් එක්ව පිටසක්වල තර්ජනවලින් පෘථිවිය ආරක්ෂා කරගැනීමේ සංවිධානයක් වන DEO සමගින් සිය නගරය සහ ලෝකය රැකගැනීමේ මෙහෙයුම අරඹනවා.පළමු කතාසමයේ ඇයගේ ප්‍රධාන හතුරෙක් වෙන්නේ අලුරා සෝර් එල් හෙවත් ඇස්ට්‍රා. ඒවගේම ලිලියන් ලුතර්වත් අපිට අමතක කරන්න බෑ ඉතින්.
දෙවන සමය.
දෙවැනි කතාසමයේදී සුපර්ගර්ල්ට මුහුණදෙන්න වෙන්නේ පෙරටත් වඩා අසීරු තර්ජනවලට. පළමු සමය අවසානයේ යානයකින් කඩාපාත් වූ අමුත්තා සමග කාරා පෙමින් බැදෙනවා. ඔහු ක්‍රිප්ටෝනියන් ලොවේ සතුරු ග්‍රහයා වන ඩැක්සම්වල කුමාරයා. ඉතින් ඔහුව සොයාගෙන ඩැක්සම්වල රජු සහ රැජිණ ද පෘථිවියට පැමිණෙනවා. ඉතින් කොහොමහරි මොන් එල්ගේ මව සුපර්මෑන්ව පවා මුළාවක දමමින් සුපර්ගර්ල්ව නසා දැමීමට එව්වා. කොහොමෙන්හරි යකඩ කෙල්ලට හැකියාව ලැබුනා සුපර්මෑන්වත් පරාජය කරන්න.අන්තිමට මතක ඇතිනේ කාරාගේ අවසන් සටන සිද්ධවෙන්නේ රෙයා එක්ක කියලා. ඒ කරලා ඩැක්සම් ආක්‍රමණයත් නැවැත්තුවානේ. හැබැයි මේ ආක්‍රමණය නැවත්වීම නිසා කාරාගේ ආදරවන්තයා මොන් එල්ටත් පෘථිවියෙන් යන්න සිද්දවෙනවා. මේ කතාසමයේදී අපිට දැකගන්න ලැබුනානේ ජේම්ස් ගාඩියන් ලෙස නගරයේ අලුත්ම වීරයා වෙන හැටිත්.
තුන්වැනි සමය.
තුන්වැනි කතාසමය ආරම්භ වෙන්නෙ කාරා ඩැන්වර්ස් එනම් සුපර්ගර්ල් මොන් එල්ගේ වෙන්වීම නිසා ඉතාමත් දුකෙන් පසුවන කාල වකවානුවක.. ඒ කෙසේ වෙතත් ඒ දේවල් යටපත් කරගෙන නගරය ආරක්‍ෂා කරන වැඩ ටික කරගන්න කාරට පුළුවන් වෙනවා..ඉතින් ඔන්න ඔහොම තියෙද්දී තමයි නගරයෙ තැන තැන අපරාධකරුවන්ව සාහසික ලෙස මරා දැමීම ආරම්භ වන්නේ. මෙලෙස සිදුවෙන ඝාතන හමුවේ සමස්ත නගරයම භීතියෙන් වෙලී යනවා. ඉතින් පසුව දැනගන්නට ලැබෙනවා ඒ දේවල් කරන්නේ ක්‍රිප්ටෝන් සම්භවයක් සහිත රේයින් කියලා. රෙයින්ව නවත්තන්න සුපර්ගර්ල් උත්සහ කළත් එය අවසන් වෙන්නෙ සුපර්ගර්ල් මරණාසන්න ලෙස තුවාල ලබලා. ඒ වගේම පස්සෙ දැනගන්න ලැබෙනවා මේ රෙයින් ඇරෙන්න තවත් ලෝකමරුවන් සිටින බව. කෙසේ හෝ ඒ සැම නවතා දමන්නට සුපර්ගර්ල්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම සුපර්ගර්ල්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ මව අලුරා සෝර් එල් ජීවත්වෙන බව.තමන්ගෙ ආර්ගෝ නගරය නිරුපද්‍රිතව පවතින බව. එසේම තම සතුරන් සිටින්නේ මේ ආර්ගෝ නගරය තුළ බව. කෙසේ හෝ ඒ සියල්ල යටපත් කරමින් ඇය රෙයින්වද විනාශ කර දමනවා.
ඉතින් නව කතා තේමාවක්, අලුත් දිනයක නව වෙලාවක් සමගින් SUPERGIRL 4වැනි කතාමාලාව 2018/10/14 දින සිට විකාශය ආරම්භ කරන්න නියමිතයි. දැනට අන්තර්ජංජාලයේ සදහන් වෙන ආකාරයට සහ නිකුත්ව ඇති පූර්ව ප්‍රචාරකපටවල දක්නට ලැබුණු ආකාරයට මෙවර කතාසමය පෙරට වඩා උද්වේගකර, ක්‍රියාදාම බහුල කතාමාලාවක් වනවා නොඅනුමානයි. එසේම අලුත් දුෂ්ට චරිත මෙන්ම වීර චරිතද මෙවර කතාවට එකතු වන බව තමයි වාර්තා වෙන්නෙ. එලෙස එකතු වන්නේ කවුරුන්දැයි බලමු.
අන්තර්ජාලයේ සදහන් වෙන ආකාරයට telypathy බලයක් සහිත සුපර්මෑන්ගෙ සතුරෙකු ලෙස ප්‍රකටව ඇති Manchester Black ,ලෙක්ස් ලූතර්ගෙ අංගාරක්ෂිකාවක් වන Mercy Graves, Dreamer හෙවත් Nia nal සහ Agent Liberty යන අය මෙවර කතාමාලාවෙන් දැකගන්න ලැබෙන බවක් තමයි වාර්තා වන්නේ..
ඉතින් දැන් එහෙමනම් බලමු සුපර්ගර්ල් හතරවන කතාසමය ආරම්භ වන්නේ කෙසේද කියා.. රෙයින්ගෙ මහා විනාශය වැළකු කාරාගෙ වත්මන් සුපිරි වීර ක්‍රියාදාමයන් සහ කාරා ඩැන්වර්ස්ගෙ සාමාන්‍ය ජීවිතය ගෙවී යන්නෙ කෙලෙසකද යන්න.
එහෙමනම් කතාවේ මොකද වෙන්නෙ කියන එක ගැන මං කිසිමදෙයක් කියන්න යන්නෙ නෑ.. මොකද ඔයාලම ඒක බලලා දැනගන්න එක හොදයිනේ.. අපි ඊළග සතියේ කතාව ගැන කතා කරමු.. එහෙනම් යලිත් ඉක්මනින්ම ඔබ හමුවට එන අපේක්ෂාවෙන් යුතුව මා සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,132 downloadsDownload SUPERGIRL-S04E01.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
47 comments
Chamidu
Chamidu
thanx brotherr ummmmahh
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයgeeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
nirodha uthpala
Supergirl sub eakak maduwagen arenna vena kagen gannada. ....thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Mr.pamz
සිංහල උපසිරැසියට ස්තූතියි
lahiru sadaruvan
thank you so much brother
sajith
thanaks bro
gagulinu
thanks saho
Kulanjana Maduranga
subata thanks saho...
දෙනුවන්
තෑන්ක් යූ වෙරි මච්. දිගටම සබ් ඒව දෙමු. ජය වේවා
Carlton Bandara
Thankz bro
Kanchana
Thanx sahoooo
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Ayesh Prashan
Thank You
tharidu sagara
සින්හල උපසිරසියට බොහොම ස්තුතියි
ජය වේවා!!!
lkwp
thnx bro
Mayura
කසම්කේ තේරී බාතේ.. අයියාරේ අයියාහ්හ්
gayan215
bohoma sthuthi saho..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
dinusha
thanx bro sub akata
100
Sub eakata thanx madu
Gayan_madushanka_
Thanks bro
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි......... ජයවේවා.......!!!!!!!!!!!!
උදයංග සම්පත් හතරසිංහ
කොටසාය ඇවිල්ලා ♥♥♥♥ තෑන්ක්ස් නිලා.. ජය වේවා !
oshanda
thanx sahoo..
Chathura Lakmal
thanks saho...
sahanga
Arrow eketh sub eka ikmanata dennako
Sandaru Wijenayake
ක්‍රිප්ටෝනියන් කෙනෙක් වගේ ඉක්මනින් සබ ලබා දීම ඉහලින්ම අගය කරනවා. ස්තුතියි!
Udara Damith Dissanayaka
සුපිරි කෙලී ඉක්කනින් දුන්නට ස්තුතියෝ
Janith Ramanayaka
tq bro jayawewa
Harindra kumara
thnx bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
D.Chamara
bohoma sthuthi sahooo
ThusharaIndunilRathnayaka
sub ekata thanks......!
Deshani
Thank you
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
TharakaWAS
Thanks for sub...!!!
Tharangani
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanusha
Thanks bro
wajira
THANKS FOR SUB
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!hasitha2001
lucifer dunnama meka enawane
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanx brotherr ummmmahhhh