ඔන්න ඉතිං වැඩ ඇරිල ආපු ගමන් සබ කොටන්න පටන් ගත්ත වෝකින් ඩෙඩ් එකේ.. දැන් වෙලාව රෑ 2.00යි. හෙට උදේ 8ට ආයෙ වැඩට යන්නත් ඕනෙ. ඉතිං මේක බලන්න පටන් ගත්ත කාලෙ මම සබ් කරන්න හීනෙන්වත් හිතල තිබුණෙ නෑ.. සීසන් 9කට පස්සෙ විමා නිසා මගේ අතට මේ කතා මාලාව ලැබීම මටවත් තාම හිතාගන්න බෑ. විමා කාර්‍යබහුල වෙලා […]

ඔන්න ඉතිං වැඩ ඇරිල ආපු ගමන් සබ කොටන්න පටන් ගත්ත වෝකින් ඩෙඩ් එකේ.. දැන් වෙලාව රෑ 2.00යි. හෙට උදේ 8ට ආයෙ වැඩට යන්නත් ඕනෙ. ඉතිං මේක බලන්න පටන් ගත්ත කාලෙ මම සබ් කරන්න හීනෙන්වත් හිතල තිබුණෙ නෑ.. සීසන් 9කට පස්සෙ විමා නිසා මගේ අතට මේ කතා මාලාව ලැබීම මටවත් තාම හිතාගන්න බෑ. විමා කාර්‍යබහුල වෙලා නිසා අද ඉඳල ඉදිරියට වෝකින් ඩෙඩ් ලබා දෙන්නෙ මම. කොහොමහරි ඉතිං ආපු දවසෙම සබ් එක දෙන විමාගෙ පිළිවෙල නැතිකරන්න හොඳ නැති නිසා අදම ඉවරයක් කරල දැම්ම. වැඩ කරන ගමන් මේ වැඩේ කරන එක ලේසි නැති නිසා සමහර දවස්වලදි ආපු දවසෙම සබ දීගන්න බැරි වුණොත් සමාවෙන්න ඕනෙ. ඒත් පොරොන්දු වෙනව අනිත් දවසෙ උදේ අනිවා සබ දෙනව කියල. එහෙනම් කලින් දවසෙ කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසින්..
කට්ටියට සීසන් 8 අවසානෙ මතකනම් ඉයුජින්ගෙ උප්පරවැට්ටියක් නිසා නීගන්ගෙ පිරිස පරාජයට පත් වෙලා නීගන් යටත් කරගන්න රික්ට හැකියාව ලැබෙනව. ග්ලෙන්ව මරපු කේන්තියෙන් ඉන්න මැගීට නීගන්ව මරන්න ඕන වුණත්, රික් කියන්නෙ වෙනස් විදියට හිතන කෙනෙක් නිසා නීගන්ට සහ සේවියර්ලට ජීවිතදානය ලැබෙනව. හැබැයි මේකෙන් රික් සහ මැගී අතර විරසකයක් ඇතිවුණාදෝ කියල හිතෙන් දේකුත් අවසානෙ දැක්කනෙ. කොහොමහරි සීසන් 9 වෙනකොට තත්වය හිතපු තරම්ම නරක නොවුණත් මැගී නම් හොඳටම වෙනස් වෙලා කියල පේන්න තිබුණ. කට්ටියට වගා කටයුතු කරගන්න තෙල් නැති නිසා ප්‍රාථමික ක්‍රමයට ආයෙ වැඩ පටන් ගන්න කෞතුකාගාරයකින් නගුල් වගේ දේවල් ගන්න යනව. ඒව අරගෙන එනකොට ඇවිදින්නන්ගෙ ප්‍රහාරයකින් හිල්ටොප් වල කොල්ලෙක් මැරුණ. මේක වාසියට හරව ගන්න ග්‍රෙගරි මැරුණු කොල්ලගෙ තාත්තට බොන්න දීල, මැගීව මරන්න කියල එවනව. හැබැයි එතනදි මැගීගෙ ජීවිතේ ආරක්ෂා වෙනව. මේ ගැන අහන්න ග්‍රෙගරි ලඟට එන මැගීව පිහියකින් ඇනල මරන්න, ග්‍රෙගරි ආයෙත් උත්සාහ කරනව. හැබැයි ඒකෙන්නම් ග්‍රෙගරිට හොඳක් වෙන්නෙ නෑ.. අවසානෙ මැගී තීරණය කරනව ග්‍රෙගරිව එල්ලල මරන්න. ඒ වගේම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරල ග්‍රෙගරිව මරනව.
අද කොටසින්..
ඉතිං අද සම්පූර්ණයෙන් වගේ කතාව ගලාගෙන යන්නෙ කොහොමද ශිෂ්ටාචාරය නැවත ගොඩනගන්නෙ කියන කාරණාව පදනම් කරගෙන. ඒ වගේම මැගීගේ තීරණ මිශෝන් ප්‍රශ්න කරනව සහ තනි මනුස්සයෙක් තීරණ ගන්න එකෙන් වෙන්න පුළුවන් වැරදි ගැන ජීසස් ලවා පැහැදිලි කරවන්න උත්සාහ කරනව. ඒ වගේම තමයි මේ අතරෙ කැඩුණු පාලමක් පිළිසකර කරන්න කට්ටිය යොදවල රික් වැඩටික කරගෙන යනව. සේවියර් කෙනෙක් එක්ක මෙතනදි ඩැරල් පොඩි වලියක් යනව. මේ වලියේ ඉතාම දරුණු අතුරු ප්‍රතිඵලයක් පස්සෙ වෙලාවකදි අත්විඳින්න වෙන්නෙ ඩැරල්ටවත් සේවියර් හාදයටවත් නෙවෙයි. අපි ආදරේ කරන ඉතාම වැදගත් චරිතයක් වෙන ඇරොන්ට. ඒ මොකද්ද? ඇරොන්ට ජීවිතය බේරගන්න පුළුවන් වෙවිද? ඇරොන්ගේ ජීවිතය අනතුරේ වැටෙන්නෙ ඇයි? රික් මේකට මොන් විදියට ප්‍රතිචාර දක්වයිද? ඔන්න පරණ මිත්‍රයා නීගන් ආයෙ අද කරලියට එනව. එහෙනම් ඊලඟ කොටසත් අරන් ආයෙ එන්නම්. ජය වේවා..!
We do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත සඳහා පමණක් වලංගු වේ.
11,387 downloadsDownload The.Walking.Dead_.S09E02.WEBRip.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
56 comments
sachintha
mmadhawa
උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!
maduranga012
බලාගෙන හිටිය සබ් එකක් බ්‍රෝ.. ජය වේවා..
Naveendra_rox
Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
dil_shan
tnz sub ekata.. digatama demu me wage.. ela
Thisal
thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!pathum90
thankz sub ekata
dhanuka95
ස්තූතියි සහෝ
Madhura prasad
බොහොම තුති බ්‍රො සබ් එකට. ජයවේවා!!!
kdelshan
sub eka set wenna na bn
උදයංග සම්පත් හතරසිංහ
දීල තියෙන්නෙ වෙබ් කොපි එකට.. ඒක බාගන්න. HDTV එකට නම් කොහෙත්ම ඕක සෙට් වෙන්නෙ නෑ
kdelshan
hari bro dn hari giya thank sub ekta
kdelshan
hari bro dn hri
Asela Indrajith
බොහෝම ස්තුතියි
Charuka Indunil
Thankzz
ප්‍රසාද් රත්නායක (Prasad)
fattoooo
Udara Damith Dissanayaka
එල
නියමයිKulanjana Maduranga
subata thanks saho....
Ayesh Prashan
Thank You
Thsithaprasad
ස්තුතියි සහෝ!!!!!!
dhanuha vk
thanks aiya digatama denna one aaa
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..වැඩ රාජකාරී තියෙන දවසට ප්‍රමාදයක් උනා කියලා අපේ කිසි අමනාපයක් නෑ සහෝ. පුලුවන් වෙලාවට කරලා දෙන්න. බුදුසරණයි..ජය වේවා!
Randi
උපසිරැසියට ස්තූතියි උදේ...
ජය වේවා!විමා
සබට තුතියි මචෝ
ඔන්න දැන් තමා බලල ඉවර උනේ
සබ ලෙසටම තිබ්බා
ලෙසටම වැඩේ කරගෙන යමු :DSKmalli
ස්තූතියි සහෝ
Madusara
elama kollo.
digatama uba denne web ekatada?
mn gaththe HDTV eka puruddata.උදයංග සම්පත් හතරසිංහ
ඔව් මචං.. ඉස්සෙල්ලම එන කොපියට තමා සබ දෙන්න වෙන්නෙ . ඒත් මම වෙබ් කොපියට තමා සබ් එක දෙන්න ඉන්නෙ. සබ් එක එනකං වෙබ් කොපිය ආවෙ නැත්තං තමයි HDTV එකට දෙන්න වෙන්නෙ ඒ නිසා පුළුවන්නම් සබ දුන්නම ගැලපෙන කොපිය බාගන්න බලපං. ස්තූතියි..!
supun chalana
Thanks saho sub akata. jaya wewa..
Shehan putha
thanks bro us...jaya wewa !
JackJill
dan ethokata oya WEB copy ekama baganna oneda ? ehema nathnum onema WEB copy ekakata sub eka match wenawada?
උදයංග සම්පත් හතරසිංහ
කොහෙන්හරි කමක් නෑ මම සබ් එක දෙන ජාතිය බලල ඒ ජාතියේ කොපියක් බාගන්න. එතකොට ගැලපෙනව මිත්‍රයා.
wajira
thanks for sub
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranuwan
thanks....
Manoj Sanjaya
thanks bro
sahan sankalpa
සබ් එකට ස්තුතියි බ්‍රෝ,
ආදරෙයි හැමෝටම
imalka anjana
Thnkz bro sub 1ta..
Kavindu Madusha000
Mata ube WEB coppy eka pennanne nane ,AI bn e ,Kohomada download kara gnne
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
gayanharshana1989
තුන් වෙනි එපියත් ආවා ඉක්මනට සබ් එක දියන් මචන් ජය වේවා
Ruwan Rasanga
Thakns macho sub ekata ubata jaya
sandha1218
thanks bro'''keep it up
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තරිඳු ගමගේ
නියමයි සහෝ !!! ජය !!!
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
sajeewa gu
Thanks bro ethuru tikath karagena yan
xanjaya
S09 E03 sub eka dalada thiynne saho
myhome
ela bro
sasindu kavish
උපසිරැසියට බොහොම ස්තූතියි
Sajithlakshan
thanks .....................
Kaveen Gayath
Thanks bro
Kavindra527
Thanxxx brother
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි උදයංග සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය