ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං අපේ ටියුබා සහෝදරය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා සුපර්ගර්ල් පස්වෙනි කොටහ අරගෙන එන්නෙ මම. දාහක් වැඩ අස්සෙ අමාරුවෙන් සබ් එක කරල එවන එවුන්ට ජාතිය මතක් කරල බනින්න එපා කියලත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පව්නෙ එහෙම කරන එක. සබ් එකක් කරලම බලන්න ඕනෙ මේක කරන්න තියෙන අමාරුව. විශේෂයෙන්ම ඉ…

ආයුබෝවන් යාළුවනේ..!

ඔන්න ඉතිං අපේ ටියුබා සහෝදරය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා සුපර්ගර්ල් පස්වෙනි කොටහ අරගෙන එන්නෙ මම. දාහක් වැඩ අස්සෙ අමාරුවෙන් සබ් එක කරල එවන එවුන්ට ජාතිය මතක් කරල බනින්න එපා කියලත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පව්නෙ එහෙම කරන එක. සබ් එකක් කරලම බලන්න ඕනෙ මේක කරන්න තියෙන අමාරුව. විශේෂයෙන්ම ඉගෙන ගන්න ගමන් හරි රස්සාවක් කරන ගමන් හරි සබ් එකක් කරන්න මැරෙන මැරිල්ල දන්නෙ කරන උන්ම තමා. කොහොමහරි මටත් මේ වතාවෙ සුපර්ගර්ල් පළවෙනි එපිසෝඩ් දෙකෙන් පස්සෙ ඉතුරු එකක්වත් බලන්න වුණේ නැහැ. වැඩ ගොඩ අස්සෙ එහෙමවත් වෙලාවක් ලැබෙන්නෙ නැහැ නිකමට ආසාවට මෙහෙම එකක්වත් බලන්න. ඒවයින් වැඩක් නෑ කවුරුත් දන්නවනෙ නිලා හිරවුණේ නැත්තං අනිවා සබ වෙලාවට දෙනව කියල. මමවත් අද වෙනකං නිලා සබ් කරන එක සීරීස් එකක්වත් නිලාගෙ සබ් එක නැතුව ඉංග්‍රිසියෙන් බලල නැහැ. මොකද වෙලාවට සබ් එක දෙනව ඔළුවෙ පණ තිබුණොත්. එහෙනම් මගෙ පම්පෝරියෙන් වැඩක් නෑ. කෙලින්ම අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටස ගැන නම් මට ලොකු දෙයක් කියන්න බෑ. ඒත් මම ඒ ගැන පොඩි විස්තරක් කරල අද කොටස ගැන විස්තරක් කරන්නම්.

පසුගිය කොටසින්..

කොහොමහරි ඔන්න කලින් කොටසෙදි ජෙන්සන් සහ ග්‍රේව්ස් අක්කමලෝ දෙන්න වායුගෝලයට ක්‍රිප්ටොනයිට් මුදා හැරපු නිසා සුපර්ගර්ල් සෑහෙන දැරුණු විදියට අඩපණ වෙනව. ඒ වගේම විශේෂ ආවරණයක් සහිත ඇඳුමක් ඇඳගෙන තමයි සුපර්ගර්ල් සටන් කරන්නෙත්. මේ ඔක්කොම යන අතරෙ බෙන්ජමින් ලොක්වුඩ් දෙබිඩි මූණක් පෙන්නගෙන සෑහෙන ලොකු සේවයක් කරනව Children of Liberty හෙවත් ස්වාධීනත්වයේ දරුවන්ට. Children of Liberty කියන එකට නිලා මොකක් පාවිච්චි කළාද කියල මම දන්නෙ නැහැ. ඒත් මම ස්වාධීනත්වයේ දරුවන් කියල ඒකට දැම්ම. කොහොමහරි බෙන්ජමින් ජෙන්සන්ව කැමති කරවගන්නව විශේෂ සත්වයෙක් ඔහුගෙ ශරීරයට ඇතුළු කරන්න. ඔන්න ඒ සතා ජෙන්සන්ගෙ කනෙන් ඇඟ ඇතුළට රිංගගන්නව. ඒ අතරෙ DEO එකට හමුදා ප්‍රධානීවරියක් ආව. එයාගෙන් ලොකු බලපෑමක් අද කතාවට වෙනව. ඔන්න එහෙම තමයි හතරවෙනි කතාංගය අවසාන වුණා.

අද කොටසින්..

ජෙන්සන්ගෙ ශරීරයට හතරවෙනි කොටසෙදි ඇතුළු කළේ විශේෂිත පරපෝෂිතයෙක්. පරපෝෂිතයා කිව්වම තේරෙනවනෙ. ඒ කියන්නෙ ධාරකයෙක් හොයාගෙන ධාරකයාගේ ශක්තියෙන් තමා පරපෝෂිතයා යැපෙන්නෙ. හැබැයි ජෙන්සන්ගෙ ඇඟට ඇතුළු කරපු පරපෝෂිතයා විශේෂයි. ඒ වගේම පිටසක්වලයන්ට ඒ පරපෝෂිතයා මරණීයයි. ඒක වෙන්නෙ කොහොමද කියල මම කියන්නෙ නෑ. එතකොට අද කොටසේ මුළු සාරයම එළියට එනව. කොහොමහරි වැඩේ කියන්නෙ සුපර්ගර්ල්ට අද ජෙන්සන් එක්ක හැප්පෙන්න බෑ. ජෙන්සන් කියන්නෙ සුපර්ගර්ල්ට අහලින්වත් යන්න බැරි තරම් බලයක් තියෙන කෙනෙක්. ඒ නිසා අද කතාවේ වැඩි ගෞරවය ලැබෙන්නෙ ඇලෙක්ස්ට. ඒ අතරතුරේ ජෙන්සන් කොච්ච්ර බලවත් වුණත් ඔහුට සීමාවක් තියෙනව. අන්න ඒ සීමාව නැති කරන්න අවශ්‍ය බලය තියෙන කෙනෙක් ගැනත් අද දැකගන්න පුළුවන්. ඒ තමයි “අමඩෙයි ඩෙරස්.” ඔහුගේ මේ විශේෂත්වය මොකද්ද? ඒකත් ඔන්න අද බලාගන්න හැකිවෙයි. ඒ වගේම අර හමුදා ප්‍රධානීවරිය ඇලෙක්ස්ට අනාගත හිසරදයක් වෙයි කියල සමහර තැන් වලදි ඇලෙක්ස්ගෙ මූණ දැක්කම ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි. අදත් ඔන්න සෑහෙන හොඳ කතාංගයක් තියෙන්නෙ. එහෙනම් බලන්නකො මේ කොටසත්. ඊලඟ සතියෙ සුපුරුදු විදියට නිලුපුල් ඔයාලට සබ් එක අරගෙන ඒවි. එහෙනම් මම ගිහින් එන්නම්, ජය වේවා..!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,961 downloadsDownload Supergirl-S04-E05.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,961 downloadsDownload Subtitles37 KB

37 comments

  1. ak

    Sub ekata thanks.

  2. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  3. 100

    Sub eakata thanx

  4. Dexa

    Ane thanks

  5. Sahan Sulakkhana

    sub ekata thanks saho

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. samanr23

    Bohoma sthuthi yalu...

  8. පැතුම් ඉෂාර

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත්කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය
    ප්‍රණාමය සහ ස්තූතිය පුද කරමි!!!...
    තවත් මෙවැනි උපසිරැසි කරන්න හැකියාව ලැබේවා!!!...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!
    බුදු සරණයි – දෙවි පිහිටයි……..ජය වේවා!!!

  9. Ayesh Prashan

    Thank You

  10. lahiru sadaruvan

    thank you so much bro

  11. nkrtharinda95

    Thankyou bro

  12. Rvmendis85

    Thanks broo...

  13. Gayan_madushanka_

    Thanks bro

  14. Danuska Sanjeewa

    Thanks

  15. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

  16. Kanchana

    Thanx sahoo

  17. TharakaWAS

    Subata Thanks bro...!!!

  18. nirodha uthpala

    Thx For Sub Bro Digatama Sub Denna Labeva Keya Hadavatinma Partana Karanava Bro Obata Jaya. ..

  19. gayan215

    godak sthuthi saaho..

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  21. kprasadms

    Thank You bro

  22. දෙනුවන්

    බ්‍රෝ ස එක HDTV 720P කොපියට දෙන්න පුලුවන්ද?❤️
    කලින් සබ් ඒව ඒ කොපි එකට සෙට් උනා. දැං පොඩි delay එකක් තියෙනවා.

    උපසිරසියට ස්තූතියි. ජයවේවා❤️

  23. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  24. Mr.pamz

    thank you brother

  25. D.Chamara

    bohoma sthuthi sahooo

  26. Viraj

    sub ekata thanks..

  27. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  28. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියි

  29. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා................!!!!!!!!

  30. Rashiiddamalgoda

    Thanx..bro

  31. Madushanka

    Thanks bro

  32. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා............!

  33. Kasun Tharaka Weerasooriya

    Thank you very much for the WEBRip!!!! Thanks a lot!! Keep post WEBRips please.

  34. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks...!

  35. wajira

    THANKS FOR SUB

  36. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
    ජය වේවා !!!!!

  37. Dewadithya

    Thanks for Sub!