ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම…

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, මාවල් ෆිල්ම්ස් කරපු නිසා ඒකෙ වරදකුත් නැහැ ඉතිං. ඒත් ඉතිං හොඳ කතාවක් නම් ඉතිං මාවල්ද DC ද කියලා භේදයක් නැහැ සහ ජීවනයෙන් වෙසෙන අපිට නම් 😀 අනික ඉතිං මේ ඔර්ජිනල් DC ස්ට්‍රීම් එකෙන් නිකුත් වෙන ඒවා නිසා ඔය DC ජරාවල් වගේ නම් නැහැ 😛 එහෙනම් අටුවා-ටීකා-ටිප්පනි ඕන නැහැනේ මේ වෙනකම් රැඳී හිටිය රසික හිතවතුන්ට.පහුගිය කතාංගයේ මොනාද උනේ කියල මතක් කරගමු එහෙනම්
මේ වෙනකොට කණ්ඩායම එකතු වෙලා ඉන්නේ.කට්ටිය තමන්ට පුළුවන් දේවල් මොනාද කියලත් පෙන්නුවා. අන්තිමට ඩික් කියන්නේ රොබින් කියලත් අනිත් අය දැනගත්තනේ. ඒත් එක්කම අර අමුතු විකාර පවුලේ අවසානය සිද්දවුණා. ඒ විතරක් නෙමේ පවුලේ ඉව පස්සේ පන්නපු ඩික් ග්‍රේසන් හරිම අමාරුවක තමා වැටුනේ. අන්තිමට රොබින්ව බේරගන්න තව රොබින් කෙනෙක් ආවා… අන්න එහෙමයි ගිය සුමානේ සාරාංශ වශයෙන් කිව්වොත් එහෙම කියන්න වෙන්නේ
දැක්කද අන්තිමටම තවත් රොබින් කෙනෙක් එනවා වත්මන් රොබින්ව, එහෙමත් නැත්නම් ඩික් ග්‍රේසන්ව බේරගන්න? හරි වැඩේ තමා නේ. මේ දවස්වල චරිත සේරම ඩබල් ඩබල් එන්නේ. කතා වලත් ඩබල් ඩබල්. ඩික්ව බේරගන්න ඒ එන්නේ ජේසන් ටොඩ්. ඩික් ග්‍රේසන් කියන්නේ බැට් මෑන් විසින් හදාගන්න ගන්න ළමයෙක්නෙ. ඉතිං භේද වෙලා බැටාගේ සහයක තනතුරෙන් ඉවත් වෙලා තමා ඉන්නේ මේ වෙනකොට ඩික්. එතකොට ඩික් නයිට්වින්ග් කියන සමාජ ආරක්ෂකයා බවට පත්වෙනවා. ඒ බැට් මෑන්ගේ අන්තේවාසික කමින් අයින් වෙලා. ඒ අතරවාරයේ බැට් මෑන් තවත් රොබින් කෙනෙක්ව පුහුණු කරනවා. ඒ කෙනා තමා මේ ජේසන් ටොඩ්.. මතකද BvS එකේදී ජෝකර් බැට්සිට පණිවුඩයක් එවල තියෙනව මේ පහල රුපයේ තියෙන විදියට. මේ තියෙන්නේ දෙවැනි රොබින් ඇඳුම ඒ අනුව සැක් ස්නයිඩර්ත් කියල තියෙනව ජෝකර් අතින් මැරුම් කෑවේ ජේසන් ටොඩ් බව. “A Death in the Family” (1989) චිත්‍ර කතාවේදී තරුණ ජෝකර් අතින් තරුණ ජේසන් මැරුම් කනවා ඒ අනුව.. ඊට පස්සේ ජේසන් රෙඩ්හුඩ් වෙනවා 😀

එතකොට මේ අලුතෙන් මතු වෙච්ච ජේසන් ටොඩ් කියන්නෙත් බැට් මෑන් විසින් හදාගන්න ගන්න අනාථ ළමෙක්. Batman #357 චිත්‍ර කතාවෙන් 1983දී තමා මේ චරිතය එලියට එන්නේ.එතකොට ඒ රොබිනුත් මේ රොබිනුත් හැර තවත් රොබින්ලා ඉන්නවද? අපොයි මොකද නැත්තේ. 1991 දී Robin limited series එකකින් තව රොබින් කෙනෙක් එනවා ජෙසට් රෙඩ් හුඩ් උනාට පස්සේ. ඒ රොබින්ගේ නම ටීම් ඩ්‍රේක්. එතකොට තව ඉන්නවද? බුදු අම්මේ නැතුව නැතුව. 😀 හතරවෙනි රොබින් තමා ස්ටෙෆනි බ්‍රව්න්. ඔව් හත් දෙයියනේ මේ රොබින් ගෑනු ළමෙක්.මෙයාම බැට් ගර්ල් විදියටත් ඉඳලා තියෙනවා. ටීම් ඩ්‍රේක් සාර්ථක වෙන්න කලින් සුළු කාලයක් තුල තමා මේ කෙලි රොබින් වෙලා ඉන්නේ හැබැයි. ඔන්න ඊට පස්සේ තමා බැටාගේම ලේ තියෙන කෙනෙක් රොබින් වෙන්නේ. ඒ තමා ඩේමියන් වේන්. Batman #655 නිකුතුවෙන් 2006දී තමා මේ රොබින් කල එලි බහින්නේ. මේ කියපු රොබින්ලා අතරින් ඩික්,ජේසන් සහ ඩේමියන් තමා ඇත්තටම හරියටම නිල වශයෙන් රොබින් චරිතය හා බැඳෙන්නේ අනිත් අය වෙනත් යුනිවර්ස්වල රොබින්ලා. ඉතිං පටලගන්න එපා වැඩි දැනුමකට කිව්වේ..

රෙඩ් හුඩ් තරුණ ජේසන් ටොඩ් කුඩා ජේසන් ටොඩ්
රොබින්ලා ගැනම කිව්වේ මොකද අද කතාව ජේසන් ටොඩ් වෙනුවෙන් නම්වෙලා තියෙන නිසා… එහෙනම් ඉඩක් ලැබුනොත් තවත් කොටසක් අරගෙන එන්න බලන්නම්. එහෙම නැතත් හසා අතින් මැරුම් නොකෑවොත් ඇක්වා මෑන් එක්ක එන්න ලැබේවි DC රසිකයෝ හමුවට 😛 පැත්ත මාරු කළා කියල හිතන්න එපා. DC ජනතාවට සේවය කරන්න ආවට මම තාම මාවල් ආගමේ සාමාජික. ජනතා සේවය කොහෙත් එක නිසා DC පිලට පොඩ්ඩක් පැන්නේ.. ගිහින් එන්නම් එහෙනම්

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,086 downloadsDownload Titans.2018.S01E06.Jason_.Todd_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
66 comments
සනිඳු ලක්ඛිත
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Ayesh Prashan
Thank You
nike_11
Thx brother
Stranger
thanks
Supunkb
elmaa..........
dsdkavishka
Thenks aiya
D
Tnx aa❤
Subhash13
එල එල විමා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි විමා සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයmadawaththa
Tnx broh...
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො..
Sahan Sulakkhana
thanks saho sub ekata...............
Gathsara Umesh
තප්පරේකට මට ලංකාවේ පර්ල්මේන්තුව ක්‍යන කාටූන් එක මතක් උන අයියේ...
Latter එකනම් fෆට්ට.
බ්හෝම ස්තූත්යි....කවිශල් රසින්ත (කවී)
බොහොම තුති අයියේ සබට.... මාර වැඩේ කියන්නේ මාර්වෙල් ලොකු අප්පච්චි ඩීසී එකක් කරපු එකනේ, කමක් නෑ, කමක් නෑ හැබයි මාර්වෙල් සංගමයේ දිලා තියෙන පට්ටම නම් නැති කරගන්න එපා... ජය වේවා...!!!
Nadeesha rox alahakoon
Tnx bro.meka anakan bakan hitiye.
Kanchana
Thanx sahoo
geeganagamage
ගොඩාක් ස්තුතියි සහෝ දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ
Naveendra_rox
Thanks
Kingdomd
Thanks bro
Kaushan Rasanga
උබද රොබින් මමද රොබින්
තෑන්ක්ස්
Anujaya chathuranga
thanks
SHEHAN350
marvel lata jaya veeva
Uvindu Dilshan
Thanks bro sub ekata
Ashen Weerasinghe
thanx bro (y)
100
Sub eakata thanx
Gayan_madushanka_
Thanks bro
RKO
Thanks bro
docter
thq bokka
Optimus_Prime
Tnq brother️
Bruce___Wayne
thanks macho ela
Bruce___Wayne
Thanks macho keepKeep....
thiwanka anuhas
SUPIRI BRO
GodDamn
Thanks for both info and sub
Lakshan
Thanks Bro.
LuckyDhananjaya
Vimaaaa....?
DC Ekak.....?
Pudumai.....?
Thanks.....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් බලන් හිටියේ...Nilupul Madukapriya Perera
උපසිරසියට ස්තුතියි විමා..
හැබැයි ඕන් උඹ මේ DCවලට සේවය කරන්න කියලා පිල් මාරු කරන්න ඕන් නෑ ඕන්.. උඹ මහවල් පිලේම ඉදාන්.. DC ෆිල්ම් සීරිස් ගැන අපිලා බලාගන්නම් ඈ... ආවා මෙතන ඒ ගමන ඒ ටිකටත් විදින්න..sasala
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
lahirumax
Thanks sub ekata,quantico s3 ekata sub denne nedda? ane ekath colony s2 wage denne nethuwa innada hadanne.ehemanam karanna epa plz
Shehan putha
tnx bro jaya wewa !
toonmo
welcome to DC bro, godak tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahanimoradeniya
Thanx bro
jmferdinando
thanks bro
Mr.pamz
thanks bro
Kulanjana Maduranga
subata thanks saho..keep it up
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



හම්මේ...මෙන්න විමා DC සබක් කරලා. මං තුන් හතර පාරක්ම නම බැලුවා ශාන් විමුක්ති ද කියලා. ඇරෝලා දෙන්නෙක්,රොබින්ලා දෙන්නෙක් ඉන්න කාලෙක විමාලා දෙන්නෙක් ඉන්නත් බැරිකමක් නෑනේ. කොහොමහරි සබට බොහොම ස්තූති විමෝ. අර කිව්වත් වගේ බලපු හොදම Dc series එක මේක තමා. හැබැයි පුතේ Aquaman එකට අත ගහන එක ලේසි වෙන එකක්නම් නෑ.
බුදුසරණයි...ජය වේවා!