ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.
මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.
අපි ගිය කොටසේ වුණේ මොනාද කියලා බලමු. දැන් අර රීච්ලා අල්ලගත්ත පැනලා ගියපු අයව. කණ්ඩායම බේරගත්තනේ දහවෙනි කොටස හෙවත් Before The Dawn කොටසෙදි. දැන් ඒගොල්ලො ඉන්නෙ ස්ටාර් ලැබ් එකේ. ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගෙ බලයන් පාලනය කරන්න එතනදි උගන්නනවා සහ ඒගොල්ලොන්ව රීච්ලගෙන් එතනදි පරිස්සම් කරනවා. ඒත් එගොල්ලොන්ට මේක වදයක්. ඒගොල්ලො ඉතින් කතාවෙනවා මෙතනින් පැනගන්න ඕනෙ කියලා. කොහොමහරි එතනින් ඒ කට්ටිය පැනගන්නවා. ඔය කට්ටිය අතරෙ ඉන්නවා බ්ලූ බීට්ල්ගෙ යාළුවා වන අර ටයිත්. ඔන්න ඒගොල්ලො බස් නැවතුම්පොළක් ගාව ඉන්නකොට ඒගොල්ලොන්ව ස්ටාර් එකේදී බලාගත්ත ඩොක්ටර් විල්කොක්ස් එනවා මේගොල්ලොන්ව හොයාගෙන. එතකොට ටයිගෙ බලය වැඩිවෙනවා. එයාගෙ බලය හරිම අමුතුයි. ඒකනම් කියන්න ඉතින් තේරෙන්නෙ නැහැ. ගිය කොටස බලපු අය ඒක දකින්න ඇතිනේ. කොහොමහරි බ්ලූ බීට්ල් මෙයාලව හොයාගන්නවා. ඊටපස්සෙ බ්ලූ බීට්ල් ටයිට සහ අනිත් අයටහෙළි කරනවා ඇත්තටම එයා ජෙයිමි කියලා. ටයි නම් ඉතින් පොඩ්ඩක් බය වෙනවා. ඊට පස්සෙ ජෙයිමි ,අනිත් අයට කියනවා, ග්‍රීන් බීට්ල් හම්බුවෙන්න යන්න එන්න කියලා. හරියට ග්‍රීන් බ්ලූට උදව් කරා වගේ. එගොල්ලොන්ට උදව් කරයි කියලා කියනවා. ඔය අස්සෙ ස්ටාර් ලැබ් එකට වොල්කේනෝ පහර දෙනවා. එයාට ඕනෙ වෙලා තියෙන්නේ ස්ටාර් ලැබ් එකේ තියන ඇමේසෝගෙ ඇගේ කොටස් ටික. ඉතින් නයිට්වින්ග් ,බ්ලූට කථා කරලා කියනවා මේ ප්‍රශ්නෙ ගිහිල්ලා විසදන්න කියලා. ඊටපස්සෙ බ්ලූයි,අනිත් කට්ටියයි යනවා මේක විසදන්.න.කොහොමහරි විසදනවනේ. ඊටපස්සෙ අර ටයියි, එයාගෙ මිතුරො ටිකයි බ්ලූගෙන් පැනලා යනවා. ඊටපස්සෙ ඒගොල්ලොන්ට ලෙක්ස් හම්බුවෙනවා. ලෙක්ස් ඒගොල්ලොන්ට ඊටපස්සෙ යෝජනා කිහිපයක් කරනවා. ඒවා බලපු අය දන්නවනේ.
එහෙනම් අද කොටසට යමු. අද එකේ තියෙන්නේ යුද්ධයක් වගේ එකක්. කොටසෙ නමත් the war .පෘථිවියට යුද ලොව කියලා ලෝකයක් පහර දෙනවා. ඒ ලෝකය හදන්නේ පෘථිවිය විනාශ කරන්න. ඔච්චරයි එහෙනම් කියන්නේ. අදට යනවා.ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,136 downloadsDownload Young-Justice-S02E15.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
10 comments
sachintha
denizshulz
thanks for sub
Ishan Madusha
බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Ayesh Prashan
Thank You
Chathux Bro
Ohm yn s3 1th krgn ymu. Gd lck
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය