හරි ඉතිං ඔන්න සෑහෙන සෑහෙන සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් මම සුපර්ගර්ල් තුළින් නැවත හමු වෙනව. ආයෙ දෙකක් නෑ ඉතිං මතක නැතුව ඇති කොහේ මොකද්ද වුණේ කියල. කොටින්ම කිව්වොත් මටවත් මතක නෑ. හරි කෙටියෙන් මතක් කරගමු මොකෝ වුණේ කියල. පසුගිය කොටසින්.. අපි දැක්ක ජේම්ස්ට කවුරුහරි කෙනෙක් වෙඩි තිබ්බ කියල. කවුරුහරි නෙවෙ…

හරි ඉතිං ඔන්න සෑහෙන සෑහෙන සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් මම සුපර්ගර්ල් තුළින් නැවත හමු වෙනව. ආයෙ දෙකක් නෑ ඉතිං මතක නැතුව ඇති කොහේ මොකද්ද වුණේ කියල. කොටින්ම කිව්වොත් මටවත් මතක නෑ. හරි කෙටියෙන් මතක් කරගමු මොකෝ වුණේ කියල.

පසුගිය කොටසින්..

අපි දැක්ක ජේම්ස්ට කවුරුහරි කෙනෙක් වෙඩි තිබ්බ කියල. කවුරුහරි නෙවෙයි. ඒ ඊව් නැත්තං ලීනගෙ සහායිකාව. ඇලෙක්ස් එක්ක එකතුවෙලා තමයි මේ ගේම් එක දෙන්නෙ. කොහොමහරි මේකෙන් පස්සෙ ලීනා ජේම්ස්ව බේරගන්න හරුන් එල් ප්‍රතිකාරය ලබා දෙනව. නමුත් ඒකෙන් ජේම්ස්ට වෙනත් විදියක බලපෑමක් ඇති වෙනව. ඒ අතරෙ තමයි සුපර්ගර්ල්ගෙ ද්විත්ව කාය ඇවිල්ල ජනාධිපති ඇතුළු පිරිසට පහර දෙන්නෙ. ඊටපස්සෙ ජනාධිපති විසින් සුපර්ගර්ල් ජනතාවගේ අංක එකේ හතුරා කියල ප්‍රකාශයක් නිකුත් කරනව. මේකෙන් පස්සෙ ඇත්ත සුපර්ගර්ල්ට පාරෙ බැහැල යන්න බැරි වෙනව. හැබැයි කාරා ඩැන්වර්ස් සුපර්ගර්ල්ගෙ නම පිරිසිදු කරගන්න වැඩේට බැහැල ඉන්නෙ.

අද කොටසින්..

ඉතිං අද කොටසින් බලාගන්න පුළුවන් මේ ආරවුල් ටික විසඳගන්න කාරා, සෑම්, ලීනා, නියා, බ්‍රෙනී, ජේම්ස් සහ කෙලී උත්සාහ කරන හැටි. මේක හිතන තරම් ලේසි නෑ එකට හේතුව ලොක්වුඩ් හැම තැනින්ම ප්‍රහාර එල්ල කරන නිසා. ඒ වගේම මේ වෙනකොට ලෙක්ස් ලූතර් නිදහස් වෙලා සම්පූර්ණයෙන්ම විශාල ප්‍රහාරයක් සැළසුම් කරමින් ඉන්නෙ. ලීනා ජේම්ස්ගෙ ලෙඩේ හොඳ කරන්න මහන්සි වෙද්දි, බ්‍රෙනී ජේම්ස්ගෙ මනස ඇතුළෙන් උදව් කරන්න ක්‍රමයක් හොයාගන්න උත්සාහ කරනව. මේ අතරෙ කාරා “ඩ්‍රීමර්” (නියා) එක්ක එකතු වෙලා අලුත් වැඩක් කරනව. ඒ වගේම ලොක්වුඩ් තමන්ගෙ කර්ම වලට වන්දි ගෙවනව. ඊලඟ කොටසින් ඉක්මනට හමුවෙමු. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,474 downloadsDownload Supergirl-S04-E19.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,474 downloadsDownload Subtitles31 KB

27 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ.. ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න :)
    Supergirl අලුත් season එකත් ආවා ඒකටත් සබ් ඕනෙ බ්‍රෝ :) :)
    ජය වේවා.!

  3. Cavil

    Thanks for sub.

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...මේ පාර ඇරෝවර්ස් එකේ කතා ටික සබ් දෙන්නෙ නැති වෙයිද?

  5. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  6. sasinduweerasinghe

    bohoma sthuthiyi saho....

  7. parindyabopage

    Thanks,,,,,,,,,,aiye batwomen ekatat sub 1 denakooo

  8. sasanwalasa

    hamme sahena kal giya neh. kochchara nahayen aduwada meka denakam. digatama sub dipuwa eka paratama nawaththanna epa bro. asawen tv seris ekak balanne ubala nisa, adareyi. jaya wewa

  9. Ayesh Prashan

    Thank You

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    Shadowhunters Season 3 එකටත් සබ් දීලා ඉවර කරමුකෝ....

    1. උදයංග සම්පත් හතරසිංහ

      තව ටික කාලෙකින් ඒක දෙනව බං. හැබැයි ඉක්මනට දෙන්න වෙන්නෙ නෑ. වැඩ 1000ක් අස්සෙ මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නෙ. ජය වේවා..!

    2. jonn jones

      සීසන් 5 එක දැන් දෙන්න සීසන් 4 අමතක කරලා

    3. Rasindu Perera

      එල.... දෙනවනම් ඒ ඇති...

  11. Harindra kumara

    ඔහොම හෙණ ගහනවා වගේ කතා නවත්තන්න එපා බන් අපි අසරණ වෙනවනේ.... අපිට Crossover එකේ සබත් නැති වෙයිද බන් මෙහෙම ගියොත්....

    1. උදයංග සම්පත් හතරසිංහ

      අපි ජොබ් එකක් විදියට නෙවෙයිනෙ බං සබ් කරන්නෙ. හැබැයි ජොබ් එකක් කරන ගමන්, ඉගෙන ගන්න ඒවත් කරන අතරෙ තමා, ලැබෙන පොඩි විවේකයක් අල්ලල මේව කරන්නෙ. බලන කට්ටියට වගේ ලේසි නෑ ලයින් 800+ සබ් කරන එක. හෙන ගහනව වගේ නවත්තන්න වෙන්නෙ, හෙන ගහනව වගේ අපිට වැඩ වැඩි වුණාම. ඒක තේරුම් ගන්න ඕන නම්, මේකෙ සීසන් 5 බාර අරන් කරගෙන යන්න. එතකොට අමාරුව තේරෙන්න ගන්නව. ජය වේවා..!

  12. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  13. Kanchana

    Thanx saho

  14. ප්‍රශාත් මදුෂංක

    thanks..

  15. Thrishala95

    thanks for sub

  16. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa............!!!!!!!!!

  17. Lahiru Kekulandara

    thanks bro sabata
    parakku wela hari dunnata bohoma sthuthi
    season 5tath ohomama denna a
    baiscorplk ekata gaya wewa!

  18. jonn jones

    අයියට ලේසි වැඩක් තියෙනවා උදයංග අයියට සීසන් 4 දීලා නිලුපුල් අයියට සීසන් 5 දෙන්න සීසන් 5එකේ තමා හොදම සීස්න් එක ඒක නිසා සීසන් 5 සබ් එක දාන්න

    1. jonn jones

      සීසන් 4 නම් කස්ටිය english සබ් එක ත් එක්ක බලලා ඇති සීසන් 5 දෙන්න

    2. අමිල

      කොහොම හරි සබ් එක වැඩ අස්සෙ උනත් දුන්නු එකට බොහොම ස්තුති සහෝදරයා

  19. Dasun Chathuranga

    Thank for sub.....

  20. chinthaka.max4

    thankx machan sub ekata

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P