Watch Trailer

Supernatural [S01 : E01] – Sinhala Subtitles | ආරම්භය මෙසේ සිදු වුනී [සිංහල උපසිරැසි සමඟ]

කවුරු වෙනුවෙන්ද: හොඳයි සුප(ර්)නැචුරල් කියන්නේ මීට අවුරුදු අටකට විතර කලින් විකාශනය පටන් ගත්ත (තවමත් විකාශනය වෙන) ඉතාම ජනප්‍රිය රුපවාහිනී වෘතාන්තයක්. මං හිතන්නේ මේ වෙනකොට මේක බලලා තියෙන බොහෝ අය ඇති. කොහොම වුනත් නොබලපු අයටයි, බලපු අයට අයිමත් බලන්නයි, මෙකට උපසැරසි දාන්න මං කලපනා කළා. මේ කතාවට, Horror,…

supernatural 1

කවුරු වෙනුවෙන්ද:

හොඳයි සුප(ර්)නැචුරල් කියන්නේ මීට අවුරුදු අටකට විතර කලින් විකාශනය පටන් ගත්ත (තවමත් විකාශනය වෙන) ඉතාම ජනප්‍රිය රුපවාහිනී වෘතාන්තයක්. මං හිතන්නේ මේ වෙනකොට මේක බලලා තියෙන බොහෝ අය ඇති. කොහොම වුනත් නොබලපු අයටයි, බලපු අයට අයිමත් බලන්නයි, මෙකට උපසැරසි දාන්න මං කලපනා කළා. මේ කතාවට, Horror, Mystery, Thriller, Drama, Fantasy කියන වර්ග ඕනම එකක් බලන ඕනම කෙනෙක් කැමති වෙයි. විශේෂයෙන් ඉස්සර X-files රසවිදපු, නැත්නම් Fringe, Harper’s Island වගේ ඒවා බලන අය මේ වැඩසටහනට කැමති වෙයි. ඒවගේම හොල්මන්, අවතාර, යක්කු, වැම්පයර්ලා, මිනිස්සු බිලිගන්න දෙවිවරු, වගේ ලෝකේ තියෙන හැම අඩිස්වාභාවික දෙයක් ගැනම වගේ මේ කතාවේ තියෙනවා. ඉතින්, ඕගොල්ලෝ ඒවාට කැමතිනම් මේක තමයි හොදම ෂෝ එක ඕගොල්ලන්ට බලන්න.

කථාව ගැන:

හොදයි, මේ කථාව ගෙතෙන්නෙ අයියා මලෝ දෙන්නෙක් වටා. සෑම් සහ ඩීන් වින්චෙස්ටර් තමා මේ දෙන්නගේ නම්. සෑම් බාලයා, ඩීන් වැඩිමලා. මේ දෙන්නගේ අම්මා මේ දෙන්න බොහොම පුංචිකාලේ හරිම අත්භූත විදිහට මැරෙනවා. එතනින් පස්සේ, මේ ගොල්ලන්ගේ තාත්තා, මේ දෙන්නව ලොකු මහත් කරන්නේ අමුතුම විදිහකට. මේ තාත්තයි පුතාල දෙන්නයි එකතුකරගෙන තියෙනවා ලොකු දැනුම් සම්භාරයක්, ලෝකේ තියෙන විවිධ අත්භූත දේවල් ගැන. මේගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ තමන්ගේ අම්මව මරපු අත්භූත බලවේගය හොයන්න. ඒත් ඒ අතරේ මිනිස්සුන්ට හිරිහැර කරන අහුවෙන හැම දුෂ්ඨ බලවේගයක් එක්කම් මේගොල්ලෝ සටන් කරනවා. කතාවේ පස්සට යද්දී තමන් මේ සටන් කරන්නේ හිතුවට වඩා බොහොම භයානක යුද්ධයක් බව මේගොල්ලෝ දැනගන්නවා. වැඩි විස්තර කිව්වොත්, කුතුහලය නැතිවෙන නිසා මං වැඩි දුර කියන්න යන්නේ නෑ

සම්මාන සහ ජනප්‍රිය බව:

මේක ඇමරිකාවේ CW කියන රුපවාහිනී නාලිකාවේ විකාශනය වෙන වැඩසටහනක්. පීපල්ස් චොයිස් සම්මාන (People’s Choice Awards) 5 කුත්, ටීවී ගයිඩ් සම්මාන (TV Guide Awards) 4කුත් ඇතුළුව මං දන්නා තරමින් සම්මාන 18ක් විතර මේ ෂෝ එක දිනාගෙන තියෙනවා. අවංකවම කිව්වොත් අන්තිමට විකාශනය වෙච්ච 8 වෙනි Season එක එච්චරම සාර්ථක නෑ. (බැලුවනම් දැනෙන්න ඇති) ඒත් ඒක එහෙම වෙලත් IMDb හී 8.5/10 කුත්, TV.com හී 9.1/10 කුත් ලෙස රේටින්ග්ස් ලබාගෙන තියෙන එකෙන්ම හිතා ගත්තැහැකිනේ මේක කොච්චර ජනප්‍රියයිද කියලා? ඉතින්, බලලම තීරණය කරන්න.

කවුද හැදුවේ, කවුද රඟපාන්නේ:

මේ වැඩසටහන නිර්මාණය කලේ පස්සේ 2012දී Revolution කියන වෘතාන්තය නිර්මාණය කරපු එරික් ක්‍රිප්කියි (Eric Kripke). මං දන්න වෙන වැඩසටහනක් නං නැහැ ක්‍රිප්කිගේ. මීට අමතරව ඩීන් වින්චෙස්ටර් (Dean Winchester) විදිහට ජෙන්සන් ඇකල්ස්නුත් (Jensen Ackles), සෑම් වින්චෙස්ටර් විදිහට (Sam Winchester) ජෙරාඩ් පැඩලෙකීත් (Jared Padalecki) ප්‍රධාන චරිත රඟපානවා. ජෙෆ්රි ඩීන් මෝගන් (Jeffrey Dean Morgan) අවස්ථා ගනනාවකදී, සෑම්ගෙයි ඩීන්ගෙයි තාත්තා ජෝන් වින්චෙස්ටර් (John Winchester) විදිහට පෙනී ඉන්නවා. Ten Inch Hero (2007), Devour (2005) වැනි චිත්‍රපට නරබා තියෙනවානම්, ජෙන්සන් ඇකල්ස්වත්, New York Minute (I) (2004), Friday the 13th (2009), Thomas Kinkade’s Christmas Cottage (2008) වැනි චිත්‍රපටි නරබා තියෙනවනම් ජෙරාඩ් පැඩලෙකීවත් ඔගොල්ලෝ මීට කලින් දැකලා ඇති.

නොබැලිය යුත්තේ කවුද?

මේ වැඩසටහනට ඇමරිකාව ඇතුළු සමහර රටවල් 14+ ලෙසත්, නවසීලන්තය, නෙදර්ලන්තයවැනි රටවල 16+ ලෙසත්, සිංගප්පුරුව, මැලේසියාවවැනි රටවල 18+ ලෙසත් වයස් සීමා ලකුණු කරලා තියෙනවා. IMDb පාඨකයන්, මේ වැඩසටහනට ලිංගිකත්වය සහ නිරුවත් පිළිබද 3/10 කුත්, ප්‍රචණ්ඩ බව සහ ලේ වැගිරීම් ගැන 6/10 කුත්, නරක වචන භාවිතය පිළිබද 3/10 කුත්, මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්බීම ගැන 3/10 කුත්, භයානක සහ උද්වේගකර දර්ශන පිළිබද 6/10 කුත් ලෙස ලකුණු දීල තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න. Common Sense කියන වෙබ් අඩවිය, ප්‍රචණ්ඩ දර්ශන (Violence) පිළිබද 4/5 කුත් ලිංගිකත්වය ගැන 3/5 කුත්, භාෂාවට 3/5 කුත්, මත්ද්‍රව්‍ය ගැන 3/5කුත්, ආදර්ශමත් පුද්ගලයන්, සහ පණිවුඩ ගැන 0/5 කුත් ලෙස ලකුණු දීල තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න. මගේ මතයනම් ලංකාවේ තත්වේ බැලුවහම මේක 16+ ලෙස නම් කලොත් හොදයි. ඒවගේම ඉතා සංවේදී අය ඉන්නවනම් මේක නොබැලුවට කමක් නෑ.

මට කියන්න තියෙන්නේ:

මේ මං පරිවර්තනය කරපු මුල්ම වැඩසටහනයි. මේ වැඩසටහන කලින් බලපු අය ඉන්නවනම් දන්නවා ඇති, මේකේ තියෙන්නේ ඉතාම ප්‍රාණවත්, හාස්‍ය මුසු ඒත් හරිම ග්‍රාම්‍ය භාෂා භාවිතයක්. ඉතින් මේකේ ඒ ජීව ගුණය තියාගෙන නිවැරදි පරිවර්තනයක් කරන එක සෑහෙන අමාරු වුනා, ඒ නිසා මේ උපසැරසි, දෙබස්වල පරිවර්තනයකට වඩා අනුවාදනයකට සමානයි. එකෙන් අපහසුවක් වුනානම් සමාව ඉල්ලනවා. අවංකවම කිව්වොත්, මං පුංචි කලේ බැලුවට පස්සේ, සිංහල උපසැරසි එක්ක චිත්‍රපටියක් බලලා නෑ කවදාවත්. මං ඉංග්‍රීසි චිතපටි සහ රුපවාහිනී වැඩසටහන් බලන්නේ සෑහෙන කාලෙක ඉදලා. මං මේ වැඩේ කරන්න කල්පනා කලේ බයිස්කෝප් එකේ කර්තව්‍ය මං ඉතාම අගය කරන නිසාමයි. පුරුදු නැති නිසා, සමහරවිට මං පාවිච්චි කරන සමහර සිංහල වචන නොගැලපෙනවා වෙන්න පුළුවන්. එකට සමාව ඉල්ලන ගමන්ම කාරුණිකව අයාචනා කරනවා වැරද්දක් දැක්කොත් පෙන්නලා දෙන්න කියලා ඊලග සීසන් එකේදී හරිගස්සන්න.

මේ වැඩසටහනේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි, විවිධ චිත්‍රපටි, සිංදු ගායකයෝ සහ සත්‍ය සිදුවීම්, වරින්වර දෙබස් වලට ගාවා ගන්න එක. ඒවා ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට මේ දෙබස්වල නියම රසය විදින්න අමාරුයි. ඒත් ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් ඇමරිකාවේ තියෙන තරම් දේවල් ගැන දන්න අය නෙමේනේ. ඉතින් මං එහෙම තැනක් දැක්කහම ඒ අදාළ උපසැරසියේම යට පුංචි සටහනක් දාලා තියෙනවා. ඒක මං බොහොම සද්භාවයෙන් කරපු දෙයක් වුනත් බලද්දී වදයක් වුනානම් සමාව ඉල්ලනවා.

 —————-

හොඳයි, මං මෙතන ඉදන් ඉස්සරහට යන්නේ ඕගොල්ලෝ මගේ මුල් ලිපිය කියවන්න ඇති කියලා හිතාගෙනයි. හැමෝම දන්නවා, ඇමරිකාවේ ටීවී. වැඩ සටහන් පටන් ගන්නේ පයිලට් (Pilot)එකකින්. එකියන්නේ මේකෙදි තමයි කතාව මොනවගේ එකක්ද, චරිත මොනවද, කතාවට මුල්වෙන පසුබිම මොකද්ද කියලා දැන හඳුනා ගන්න ලැබෙන්නේ. ඉතින් දැන් චරිත අදුනනවනේ. කථාව අපි කෙලින්ම කතාවට බහිමු.

කථාව පටන් ගන්නේ සෑම්ගෙයි, ඩීන්ගෙයි අම්ම නැතිවෙලා අවුරුදු 22 කට පස්සේ. සෑම් ඉන්නේ ස්ටැන්ෆොර්ඩ් විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ගමන්. ගෙදරින් තරහවෙලා ගිහින් වගේයි පෙන්නේ. කොහොම හරි සෑම් කැම්පස් එකට ඇවිත් අවුරුදු දෙකකට පස්සේ, ඩීන් එක පාරටම කඩා පාත්වෙනවා තාත්තා අතුරුදහන් වෙලා කියාගෙන. එයා සෑම්ට කියනවා තාත්තව හොයාගන්න උදව් කරන්න කියලා. ඉතින් සෑම්ට සිද්ධ වෙනවා ඔක්කොම දාලා තාත්තාව හොයන්න යන්න.

මේගොල්ලෝ යන්නේ තාත්තා අන්තිමට හිටියා කියලා ඩීන් හිතන තැනට. ගිහින් බැලුවහම එතන ඉන්න හොල්මනක් පාරෙ යන මිනිස්සුන්ව මරනවා. තාත්තා එතෙන්ට ගිහින් තියෙන්නේ ඒක ගැන හොයන්නයි. කොහොම හරි ඒ ප්‍රශ්නෙ විසදලා අපහු කැම්පස් එකට එන සැමට මූණ දෙන්න වෙන්න හිතා ගන්න බැරි තරම් අවාසනාවකටයි. ඉතින් මේ දෙන්නගේ තාත්තා එතන හිටියද, හොල්මන කාගේද, ඌට මොකද වෙන්නේ, සෑම්ට වෙන අවාසනාවන්ත දේ මොකද්ද, මේවා දැනගන්නනම් කථාව බලන්න.

දැනුමට:

මේ කතාවේ සුදු ඇදගත් කාන්තාව කියලා සංකල්පයක් ගැන කතා කරනවා. මේක ලෝකේ පුරාම විවිධ නම්වලින් දකින්න ලැබෙන හොල්මන් කථාවක්. මේ කතාවේ හැටියට සුදු ඇදගත්ත ගැනු කෙනෙක් පාලු පාරවල්වල වතුර පාරවල් ලග හොල්මන් කරනවා. මේ ගොල්ලන්ගේ ගොදුරු බවට පත්වෙන්නේ, මේ තැන්වලට මහා රෑ තනියෙන් එන පිරිමි අයයි. සමහර ජනප්‍රවාදවලට අනුව මේ ගැනු කෙනා පාර අයිනෙ අඩ අඩා ඉන්නවා. තවත් සමහර කතාවලට අනුව මෙයා එන්නේ ළමයෙකුත් අරගෙන. දැන් ඕගොල්ලන්ට මතක් වෙනවා ඇති මීට ඉතාම සමාන ජනප්‍රවාදයක් තියෙනවා අපේ රටේ “මෝහිනී” කියලා. ඉතින් මේ කතාවේ මෙහෙම අවතාරයක් හැදෙන්නේ කොහොමද කියන එක ගැන මතයක් පලවෙනවා, ඕගොල්ලන්ට දකින්න ලැබෙයි. බොහෝදුරට ලෝකේ පුරාම මේ සම්භන්ධයෙන් පිළිගත්ත මතයත් ඒකම තමයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

33,379 downloadsDownload Supernatural.S01E01.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                   

                   All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

33,379 downloadsDownload Subtitles104 KB

147 comments

  1. tharanga

    මචං පට්ටම වැඩක් මේක ඉතින් කරනවා කියන්නේ සුපිරි ගේමක් තමා කතා 200 ක් වගේ දැනටම තියෙනවා

    අනිවා බලන්නම ආසාවෙන් උන්නු එකක් දිගටම දෙන්න පළමු වැඩේට සුභ පැතුම් !!!

    1. ashen

      supirir wadak ....elakiri machnzla

  2. vee

    thanks maxxama wadak machna

  3. isuru

    palamu wadeyta wagema supiri kathwakata sub dunna aka agaya karanawa digatama denna

  4. eranga

    elama thama supiri

  5. venura

    baiscope aken denawa kiyanne baduma thama

  6. siraj

    ‍මේ‍ක ‍දෙ‍න‍වා ‍දෙ‍න‍වා ‍කි‍ය ‍කි‍ය ‍ඉ‍ද‍ලා ‍යන්‍‍තම්‍ ‍දෙන්‍‍න ‍ගත්‍‍තා.
    ‍බො‍හෝ‍ම ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.............
    ‍දි‍ග‍ට‍ම ‍වැ‍ඩේ ‍ක‍ර‍ගෙ‍න ‍ය‍මු..............
    ‍සු‍බ ‍පැ‍තුම්‍ ‍ස‍හෝ.............

  7. rusuru | රුසිරු

    ලොවෙත් නෑ මේ තියෙන්නේ බලන්නම ආසාවෙන් උන්නු එකක් සතියට 2 ක ගානේ වත් බස්සමු නේ මචෝ :)

    පළමු වැඩේට සුභ පැතුම්!!!

  8. wow

    wow,, maru :D

  9. kasun viraj

    නියම පහරක්නේ දීලා තියෙන්නේ
    පට්ටම කතාවක් නේ
    සිංහල සබ් එක්ක ආයේ බැලුවා කියලා පාඩුවක් වෙන එකක් නෑ :D
    ස්තූතියි MDG සහෝ

  10. kalana

    supirima kathwak thnxxx anith awath ikmnata dennakoo

  11. ruchcha

    good work!!! puluwan nam parana kotas denagamanma danata wikashanaya wena kotasuth denawanam hugak watinawa (9X8 dan yanne)

  12. yasas

    loweth na oya supirima akaki patan gena thiyenne ohoma yamu

  13. pathum

    baiscope aken dena awa baya na aniwa denawa

    thxzzzz macho

  14. was

    සුපිරිම මචං එකෙන්ම දිගටම දෙමු සුභ පැතුම්!

  15. quik

    thanks

  16. samith

    fatta tv series meywa thama

  17. jana

    maru macho

  18. Dhanushka

    දිගටම දෙමු සුපිරි......ස්තුතියි!!!!!!!!!!!!

  19. Rashmika

    meknm superb wadk saho..dant episode 200k witra tiynwa...baiscopelk polu tiynne nati nisa onna 1knma season 1 eka download krnna gatta..saho goadk loku wadkata atha gahla tiynee..digtama kargena yanna..good luck...THANK YOU VERY MUCH!!

  20. harsha

    man gawa thiyena set akama balanne kammali kame unne sub nathuwa

    niyamayiii digatama denna

  21. Keshan Wasala

    හප්පටබොල මේකත් දෙන්න අරං :D සුපිරි ඈ ..ජය වේවා !!

  22. ositha

    thxzzz lot

  23. Gayan

    maxxama katwhak machanla aniwa balanwa

  24. Ashain

    aluth ekak........ela elaz....suba pathum !

  25. ප්‍රසන්න ප්‍රියදර්ශන

    මාර සීරිස් එකකටනේ සහෝ අත ගහල තියෙන්නේ..එල එල..
    පොස්ට් එකෙත් මරුවටම විස්තරයක් දීලා තියෙන්නේ...
    .දිගටම දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!!
    ඊලග කොටසත් ලගදීම දෙන්න...
    ...ජයවේවා!!

  26. amilatk

    jayen jaya!!!

  27. අසෙල්

    මොන පුදුමයකද!!!!!
    Supernatural සින්හල සබ්
    මාත් ඕක දෙන්න කියල විකිය අයියට කියකිය හිටියෙ
    Thanx සහෝ

  28. ශාන් විමුක්ති [ විමා]

    ෂාහ් මචෝ
    මගේ නම්බර් වන් මේක තමා
    ලොකු වැඩකට අතගහලා තියෙන්නේ කොල්ලෝ උබනම්
    මරේ මරු...
    උබට මේකේ තියන හැම කතාවකටම උපසිරසි කරන්න දිරිය ශක්තිය ලැබේවා
    සබට බොහොම ස්තුතියි මචෝ
    ලිපියත් එලටම තියේ

  29. හසන්ත

    මේ වගේ වැඩක් පටන් ගන්න නම් ඇත්තටම හොඳ ධෛර්යක් තියෙන්න ඕනේ. ඒ වගේම ලස්සන ලිපියකින් වැඩේ පටන් අරන් තියෙනවා. මම හිතනවා මේක දිගටම ලැබෙයි කියලා සීසන් 9 අවසානයක් වෙනකම්ම. මොකද අපි හැමෝම බයිස්කෝප් එක ගැන සැහෙන්න විශ්වාසයක් තියාගෙන ඉන්නේ විශේෂයෙන් දෙයක් අතරමග නතර නොකරන එකට. ඇත්තටම මේ පටන් ගත්ත වැඩේ ඔයා ඉවරයක් කලොත් උපසිරැසි සීසන් 9 ඉවර වෙනකොට උපසිරැසි 195 ක හිමිකරුවෙක්. එහෙනම් මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා. ඒ වගේම ඔන්න මමත් හවුල් වෙනවා මේ කතාව බලන්න. :D

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මචං එම් ඩි ජි...
    උබ බං හෙනම පට්ට වඩක් කරලා තියෙන්නේ...
    උබට කියන්න මම හේන එක්ස් ෆයිල් පිස්සෙක්..
    මේකත් ඒ වගේ නම් ආයේ මොන කතාද බං,
    අනික ගොඩාක් අය කියල තිබ්බා ආයේ පට්ටම කතාවක් කියලා මේක...
    දැනට ටි වී කතා 10+ බලනවා..
    මේක නොබලන අස් මක්කටෙයි කියලා ඔන්න දැන් බානවා...
    30 වෙනිදට මුළු සීසන් එකම බාගන්නවා..
    එල වැඩක් කොල්ලෝ...
    දැන් නම් තව ටිකක් ශෝක් මටනම්...
    බලන වෙන සීරිස් ටිකක් නවත්තන්න වෙයි වගේ...

  31. “චූටී මල්ලි”

    මුලින්ම කියන්න ඔනි මචන් මේ මන් දැන් කියෙව්වෙ
    මේ සයිට් එකෙ ලස්සනටම ලියපු හොදම ලිපියක්
    ලිපි ලියන විලාශය නම් නියමයි
    මේක කොටස් ගොඩාක් සහිත කතාවක් නිසා
    ඔක්කොම ටික දෙන්න හැකිවෙන්න කියලා පතනවා
    අර උපසිරැසිය යටින් විස්තර දාන එකත් හොද වැඩක්
    මොකද එතකොට අමතර දැනුමකුත් ලැබෙනවා
    එහෙනම්
    සබට තුති
    ඔබට ජය.................

  32. Pubudu Supun

    සහෝ ඔයාගේ ධෛර්ය ගැන ඇත්තටම අගය කරනවා. ඒ වගේම ලිපිය බැලුවහම පේනවා බොහෝම සංවිධානාත්මකව සහ පිළිවෙලට වැඩ කරන කෙනෙක් බව. මම හිතනවා මේකේ අනිත් කොටස් ඔක්කොටම සබ් දෙන්න සහෝට පුලුවන් වෙයි කියලා. එහෙනම් බොහෝම ස්තුතියි මේ වගේ ලොකු වැඩක් පටන් ගත්තට. ජයෙන් ජය.

  33. නලින්

    අඩෙ නියමයි නේ..

    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි

    ජය වේවා MDG සහෝ..

    ඇත්ත නමෙන්ම ආවනම් තවත් මැක්සා

    ජය වේවා!

  34. sachesc

    අඩේ එල එල ... මේකෙ දැන් යන සීසන් 9 එහෙන් මෙහෙන් බැලුවා .ඒත් ටිකක් තෙරෙනවා හොරයි ... මුල ඉදලා බලන්න ඕනි දැන් ... දිගටම දියන් මචෝ මේක ... තැන්කූ වේවා !!!

  35. ශෙවින්

    සහෝ මේක දවසට එකගනේ දුන්නත් දවස 198 යනවා සතියට එක ගානේ දුන්නොත් අවුරුදු 4ක් විතර යනවා කොහොමද සහෝ මේක දෙන්න හිතාගෙන ඉන්නේ

  36. DANUKA!

    supiri

  37. “චූටී මල්ලි”

    කවුද දන්නෙ සයිට් එකෙ තිබ්බ ලිපි ලැයිස්තුවට වෙච්ච දේ ඈ.....

  38. bandula

    supirima lipiyak machan aththatama niyametama liyala oya meyka digatama dewi kiyala hithanwa

  39. NCJD

    අනිවා බලනවා. මෙච්චර කල් නොබලා හිටියේ කාලය හොයාගන්න බැරිව. දැන් ඉතින් සිංහල උපසිරැස තියෙන නිසා කාලය හොයාගෙන හරි බලනවා. දිගටම උපසිරැස දෙන්න. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  40. cdomain

    ගොඩක් හොද වැඩක් ..... මමත් කලින් බලල නෑ පොස්ට් එක කියෙව්වම බලන්නම ඕන කියල හිටගත්ත .

  41. Dilan Manoj

    එළ වැඩකටනේ අත ගහල තියෙන්නෙ. මගේ සුබ පතුම්. දිගටම දෙන්න කියල ඉල්ලනව.

  42. sarath

    thanks mdg harima asawen unne balanna. digatama denna hode.

  43. නිපුන්

    පිස්සු කොර අහ්... මැක්සා අහ් සුපිරිම සුපිරි දිගටම දෙමු සහෝ.. සදා ජය..

  44. Anushka

    pissu hadenawa fatta aha oka digatama denna supiri wadak sahooo
    keep it up broo

  45. #ChalinduDeshan (කිනා)

    නියමයි MDG. දෙමු දිගටම ඒනං සීසන් නමයම. හැමෝම බයිස්කෝප් එක ගැන විශ්වාසයෙන් ඉන්න නිසා අනිවා ඕකත් බානවා. නොකීවට මෙහෙත් බෑවෙනවා ඉබේම ඈ :D :P
    එල එල. නියම වැඩකට අත ගහල තියෙන්නේ. ජයවේවා!

  46. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. පටන් ගත්තු වැඩේ නොනවත්වා කරගෙන යන්න සුබ පතනවා වගේම අපි ඔයා ගැන විශ්වාසය තියනවා. ජය෴෴ :P :P

  47. senuri

    niymai sahoooo...digatama sub dannaaaaa..........

  48. Download Manager

    Elakiri Bro!!!!!!
    Keep it up
    obata jaya

  49. das

    patta machn

  50. shani

    thanks

Load more comments