100යි! ස්තුතියි! ඉතින් මේ තමයි මගේ සියවෙනි උපසිරැසිය. මේ සියයෙන් වැඩිහරියක් සුප(ර්)නැචුරල් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඊට අමතරව තිබුනේ පෞරාණික පිටසක්වලයෝ විතරයි. උවමනාව තිබුනත්, මේ ෂෝ එකත් එක්ක, වෙනත් උපසිරැසි කරන්න වෙලාව හොයා ගන්න අමාරු බව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ මං හිතන්නේ. කොහොමවුනත්,…
100යි! ස්තුතියි!
ඉතින් මේ තමයි මගේ සියවෙනි උපසිරැසිය. මේ සියයෙන් වැඩිහරියක් සුප(ර්)නැචුරල් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඊට අමතරව තිබුනේ පෞරාණික පිටසක්වලයෝ විතරයි. උවමනාව තිබුනත්, මේ ෂෝ එකත් එක්ක, වෙනත් උපසිරැසි කරන්න වෙලාව හොයා ගන්න අමාරු බව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ මං හිතන්නේ. කොහොමවුනත්, සුප(ර්)නැචුරල් බලන ඔබටත්, මටත් විශේෂ කඩයිමක් තව එපිසෝඩ් කීපෙකින් එන නිසා අද වැඩිය කියවන්න අදහසක් නැහැ. 😉
උපසිරැසි සියයක් දක්වා ආ ගමනේදී, මා සමග රැදී සිටි වදනකින් හෝ මා දිරිමත් කල, අදහස් දැක්වූ, උපසිරැසි බාගත කරගත් ඔබ සැමටත්, පසුබිමේ ඉදන් වෙහෙසෙන බයිකොප් කණ්ඩායමටත් බොහොමත්ම ස්තුතියි! ඉදිරියටත් මේ සහයෝගය ලැබේවි කියලා හිතනවා.
ඉතින්, මං කිව්වනේ වැඩිය කියවන්නේ නැහැ කියලා. 😛 දිගින් දිගටම බයිස්කෝප් සමග රැදී ඉන්න කියලා ආරාධනා කරන ගමන් ඔන්න එහෙනං අද කතාව පැත්තට හැරුනා.
සෑම්නුයි ඩීන්නුයි ඒගොල්ලෝ පොඩි කාලේ ඒගොල්ලන්ව බලා ගත්ත ගෑනු කෙනෙක්ගේ ගෙදර ඇතිවෙලා තියෙන භූත උවදුරක් විසදලා දෙන්න බාර ගන්නවා. ඒත් සෑම්ගෙ හැසිරීම පටන් ගත්ත තැන ඉදලම හරිම අමුතුයි. මේ අතරේ පොඩි ළමයි කණ්ඩායමක් ඩීන්ව මරන්නයි සුදානම. සෑම්ට මොකද වෙලා තියෙන්නේ? සෑම් අමුතු බව තේරුම් ගන්න ඩීන්ට කොච්චර වෙලා යයිද? ළමයි කට්ටියකට ඩීන් එක්ක තියෙන තරහ මොකද්ද? මේවා කතාව බලලම දැනගමු. (ඩීන්ට තමන්ගේ මල්ලි අතුරුදහන් වෙලා කියලා තේරුම් ගන්න මෙච්චර වෙලා යන එකනම් හරිම කනගාටුදායකයි! 😛 )
– – –
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව : ජූලී සීජ් (Julie Siege)
රුපවාහිනී තිර රචනය : ජූලී සීජ් (Julie Siege), රෙබෙකා ඩෙසර්ටින් (Rebecca Dessertine) සහ හාර්වි ෆෙඩර් (Harvey Fedor)
විකාශනය වුනේ : 2010 ජනවාරි 28 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,248 downloadsDownload Supernatural.S05-E12.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
71 comments
Oshadha114
සමීර
සුභපැතුම් සහෝ ලේසි නැහැ තනියම මේ වගේ සිරිස් එකක් අරගෙන එකෙන්ම තමුන්ගේ 100 වැනි උපසිරැස දක්වා යන එක. බොහොම දෙනෙක්ට මගදී එපා වෙනවා, හැමදාම දකින මිනිස්සු ටික දකිනකොට.. බොහොම අගෙයි.. මේ වගේම 150 දක්වා යන්නත් සුභපතනවා. (මේ කතා මාලාව නම් ඉවර වෙන පාටක් නැහැ නේ). අපි වෙනුවෙන් මේ වගේ ඔයාගේ කාලය කැප කලාට බොහොම පිං. ඔයාගේ පුද්ගලික ජිවිතයේ අරමුණු, බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඉන්නවා. ජය වේවා...!!
Sujeewa
suba patanawa,tawa idiriyata yanna,thanks
නලින්
නියමයි MDG සහෝ..
100 වෙනි කඩඉම වෙනුවෙන් මගෙන් උණුසුම් සුභ පැතුම් !
දිගටම අඩවියත් එකක් රැදෙමින් තවත් දිගටම මේ කටයුත්ත ඉටු කරන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
ජය වේවා!
supun thilanka
magen unusum suba pethum sahoo issarahatath me widihatama weda karagena yanna saho!!! :)
Kushen
Congracts machoooo :) ohoma yamu uba supernatural S10 denna patan gannakota 200 weni sub ekath dannema nathuwa dey ;) sub ekata thnx
D.chamara
mama suba pathanwa sahoo ediriyatah oya wagema sub demu . oyage subanasopiri sahooo
Era
Congratz machan...
Bhanuka
oyage watina kaalaya kapa karala hamoma wenuwen karana me deyata godak sthuthi...digatama demu....thnx....oyage hama wadakma sarthaka wenna kiyala prarthana karanawa....!!!!!
“චූටී මල්ලි”
ඔව් මේක දිලා ඉවරවෙනකොට
කොහොමත් 200ත් සෙට්වෙයි
දිගටම දියන් මචො
නවත්තන්නෙ නැතිව
අහ් තව ලෝක වාර්තාවකුත් තියලනෙ මේකා
ටීවී කතාවලටම සබ් දෙමින් සබ් 100ක් දිපු පලවෙනියා මන් හිතන්නෙ
එහෙනම් ඉක්මනට 150 ගහමු
සබට තුති
ඔබට ජය.....kavishka
ele ela .unusum suba pathum oyata.jayen jayama wewa.
nuwan
එල කොල්ලෝ එල...මේ වගේ ඉක්මනින් ගියොත් සීසන් 9 වෙනකම්ම දෙන්න පුළුවන් එල එල....
KH7
Thanks Mcho...
Ishan thilakarathne
suba anagathayak mcn. idiriyatama yamu
dinuka chamith
supperb
අයේෂ්
ඔන්න මගෙනුත් MDG ඔයාගෙ 100 වෙනි උපසිරැසියට සුභම සුභ පතුම්..
මේ වගේ දිගම දිග ටීවි සීරියස් එකකට සින්හල සබ් දෙන එක,අපි ෆන් එකේ SUPERNATURAL බලනෝ වගේ ලේසි නෑ කියලා දන්නෝ..
පටන් ගත්ත දවසෙ ඉඳලම අපි SUERNATURAL බලන්නෙ මාර ආසාවෙන්..
මම හිතන විඩියට SUERNATURAL එකෙනුත් 100 ගහන්න තියෙන්නෙ තව එපිසෝඩ් හයක් විතර නේ..
ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!..prabhath
Thanks kollo…. ubanam deiyek….
ඔන්න මගෙනුත් MDG ඔයාගෙ 100 වෙනි උපසිරැසියට සුභම සුභ පතුම්.thanks.ANJANA
thanks..
C T K
100 වෙනි කඩඉම වෙනුවෙන් මගෙන් උණුසුම් සුභ පැතුම් !
Tenisha christine
wow amazing bro!.....
keep it up!
wish you a bright future!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි සහෝ. හදවතින්ම 100වෙනි උපසිරසියට සුබ පැතුම්...
කමෙන්ට් කොච්චර අඩු උනත්, කාලය කොතරම් වැය උනත් මේ වගේ ඒක දිගට සබ ලබා දුන්නාට ස්තූතියි..
ඒ වගේම ඔයා දෙබස් වලට අමතරව වරහන් තුල ලබාදෙන වෙනත් අමතර වැදගත් තොරතුරු කාගේවත් සබ් වලින් දකින්න නැහැ. ඒවා නිසා කතාව තවත් වැඩියෙන් රසවිඳින්න පුළුවන් උනා..
:P
මං හිතන්නේ ගොඩක් අය සුපර්නැචුරල් රසිකයන් උනේ ඔයා නිසයි. ඒ වගේම පෞරාණික පිටසක්වලයන් ගැන ලබාදුන් කතා මාලාව සුපිරියි..
ඒ වගේම මම අද එකත් එක්ක දැනට දුන්නු සබ 100ම බලල ඉවරයි.
දිගටම සබ දෙන්න..සුපර්නැචුරල් s9ම බාගෙන ඉන්නේ ඔයාගේ සබ එනකල්.
tv සීරියස් වලින්ම 100 ගහපු පලවෙනි කෙනා උනා වගේම tv සීරියස් වලින්ම 150,200 ගහන්න පුළුවන් සුපර්නැචුරල් නිසා .)
ඊළඟ උපසිරසියෙන් ඉක්මනට හමුවෙමු..
ඔබට ජය .. :)තිසර නියෝ (Thisara Buddhika)
සුපර්නැචුරල් සබ දීල ඉවර කරපු දවසක Ancient Aliens ඉතුරු සීසන් ටිකටත් සබ දෙන්න සහෝ.
djnirmal
Congtrs bro...
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
නියමයි මචං, 100ක් දුන්නා වගේ 200ත් ඉක්මනටම දෙන්න පුළුවන් මේ වේගෙන්ම සුපර්නැචුරල් ඔක්කොම දුන්නොත්.
Rashmika
සියවෙනි උපසිරැසිගැන්වීමට උණුසුම් සුබපැතුම් MDG සහෝ..
අපි වෙනුවෙන් වැය කරන කාලයට බොහොම පිං
වැඩේ එලට කරගෙන යන්න කියල සුභ පතනවා
ජයවේවා!!!!!!black
thanks
සියවෙනි උපසිරැසිගැන්වීමට උණුසුම් සුබපැතුම්My Life as a Gaijin!
සුපර් නැචුරල් බලන්න ගත්තේ,පමාවක් නැතිව කඩිනමින් උපසිරැසි ලබා දුන්න හින්දා.පට්ට සිරියස් එක.
තමන්ගේ වටිනා කාලය කැප කරමින් උපසිරෑසි ලබාදීම ගැනMDG සහෝට ස්තුතියි!
සීයට සුභපැතුම්!!!Keshan Wasala
උණුසුම් සුබ පැතුම් සහෝ .. මේ කතාව බලන්නේ උනේ නැහැ තවම .. වෙලාවක් ආවම බලනවා .. 100 උපසිරැසිය දැකලයි කමෙන්ට් කරේ .. ගොඩක් ස්තුතියි අපිට සබ් දෙනවට ජය වේවා !!
Keshan Wasala
ඔන්න සහෝ දැන් තමයි මේක බලන්නේ :D බොහොම පිං
kasun
එල කොල්ලෝ එල
vinod
fattaa machan! good luck!! godak thankz brow sub dala dena help ekata!! ;)
Dharshana...
suba patum macho...
dilan
pattay aaaaaaaaaaaa....digatama sub demu..
ගයාන් රූකාන්ත (ජෝනා)
ඇත්තම කිවොත් මමනම් සීසන් 09 බලලා ඉවරයි :) :)
එත් ඉතින් සහෝගේ 100 වෙනි නිර්මාණයට සුබ පැතුවේ නැ කියන්නේ
ආයේ අහලා වැඩක් නැ ඒ ගැන මමත් සහෝගේ උපසිරැසි 100 ම් නරබලා තියනවා
සුපර්නැචුරල් කතාවට හුරුකරේ සහෝ තමා ඉතින් ආසාව වැඩි කමටම සබ් දෙන්න කලින්ම
සීසන් 09 ම නරබලා ඉවර කරා..ඉතින් 100 වෙනි නිර්මාණයට හදවතින්ම සුබ පතන ගමන්
150 කඩයිමටත් ඉතා ඉක්මනින් ලගාවෙන්න අවැසි ශක්තිය ධෛර්‍ය ප්‍රර්ථනා කරනවා. :) :) ජය.රොයිලි
උණුසුම් සුබ පැතුම් 100 වෙනි උපසිරැසියට. වැඩියේ සද්දයක් නැතුවම 100 ගැහුවා එහෙනම් ආ. එල එල 150 ටත් ඉක්මනින්ම ලඟා වෙන්න හැකිවෙන්න කියලා පතනවා. වෙනදා වගේම බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanuka
සියවෙනි උපසිරැසිගැන්වීමට උණුසුම් සුබපැතුම් MDG සහෝ..... සුපර්නැචුරල් පටන් ගත්ත දවසෙ ඉඳලම අපි බලන්නෙ මාර ආසාවෙන්... සුපර්නැචුරල් සීසන් 09 වෙනකන් දිගටම sub වැඩේ එලට කරගෙන යන්න කියල සුභ පතනවා
kasun
100 kuth gahuwa ne gd luck
Buddhika
ජයවේවා.. ගේමක් නැතුවම 100 වෙනකන් ආවා.. දිගටම කරගෙන
යන්න සුබ පැතුම්... :D :)shani
100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් !
තෑන්ක්ස් සබට.
මාත් 99 ක්ම බැලුවා.
100 අද බලනවා.HimEshCrEeD
ආව්ස් ලේසි නෑ තව ශතක ලාබියෙක්
ෆට්ට බන් ටීවී සීරිස් වලින්ම 100 දෙනව
කියන්නෙ ෆට්ට..200ත් ගහමු
ගින්නක් නෑ..
බොහොම පින් බන් සබටJagath
100 weni upasirasiyata subapathum
yasidu
Patta machan ubata godak pin mage deiyoooo....
Sandun r wimalaweera
100 ta suba pathum!
Sanjaya
Thanks bro..
100 suba pathum !
!!..jaya wewa..!!sithum
good luck bro!!!
වලාකුළ
CongraTzzz MDG
Rasika
gud luck broooooooooooooo
Dulan
century එකට සුබ පැතුම් සහෝ.. දිගටම යමු... :)
Nishshanka ruwan
ස්තූතියි :)
yashan
ela sahoo... congratz for 100..!!!!!
sanjeewa
saho.........dark angel kiyala tv series ekk tiyenawa ekata puluwan nam sub denna....super natural ekata digatama sub danna.season 9 kma tiyenawane....jaya wewa........
supun
මචෝ congratz bn,මේකේ seson ඔක්කොම ටික දීපන් ඉවර වෙනකම්ම. මරු bn supernaturl seson okkoma tika dipan machan elz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E12] | මාරුවක්…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-5.jpg)


Thanks kollo.... ubanam deiyek....