Watch Trailer

Supernatural [S06 : E07] | පවුලෙ අවුල්… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, පහුගිය කොටස ඉවර වුන හැටි දැක්කනේ. පුරුදු විදිහට මේවගේ වෙලාවට උදව්වට ඉන්න හොදම යාලුවා, කැස් එනවා උදව්වට. ඇවිත් හොයා ගන්නවා සෑම් ඇත්තටම “හැගීම් නැති රොබෝ-සෑම්” කෙනෙක් බව. ඒ කිව්වේ මොකද්ද කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ සැමුවෙල්ට පොටක් පෑදෙනවා වැපයර්ලගේ ඇල්ෆා ඉන්න තැනක් ගැන. මතකනේ 6.5 එපිසෝඩ් එ…

Supernatural-S6-2

හොදයි, පහුගිය කොටස ඉවර වුන හැටි දැක්කනේ. පුරුදු විදිහට මේවගේ වෙලාවට උදව්වට ඉන්න හොදම යාලුවා, කැස් එනවා උදව්වට. ඇවිත් හොයා ගන්නවා සෑම් ඇත්තටම “හැගීම් නැති රොබෝ-සෑම්” කෙනෙක් බව. ඒ කිව්වේ මොකද්ද කියලා කතාව බලලම දැනගමු.

මේ අතරේ සැමුවෙල්ට පොටක් පෑදෙනවා වැපයර්ලගේ ඇල්ෆා ඉන්න තැනක් ගැන. මතකනේ 6.5 එපිසෝඩ් එකේ ඩීන් වැම්පයර් කුඩුවේදී හීනෙන් දැක්ක එක්කෙනාව. සෑම්නුයි ඩීන්නුයිත් බලෙන් වගේ මේ දඩයමට රිංග ගන්නවා. මේ අතරේ සැමුවෙල්ගේ වැඩකටයුතුත් හරිම සැකකටයුතු බව ඩීන්ට දැනෙනවා. සැමුවෙල් හොරාට හොරාට කරන්නේ මොනවද කියලා කතාව බලලම දැන්නකෝ.

දැනුමට:
Purgatory කියන එකට සිංහල වචනයක් යෝජනා කරන්න කියලා මම මුල් එපිසෝඩ් එකේදී ඉල්ලීමක් කලානේ. ඒකට අදහස් දක්වපු අයට බොහොම ස්තුතියි.

ඕගොල්ලොත් බොහෝ දෙනා කියලා තිබුනා වගේම purgatory කියන්නේ මැරුණට පස්සේ ස්වර්ගේට යන්න නියමිත අය (දෙවියන් ඇදහු අය) ඔවුන්ගේ සුළු මට්ටමේ පව් ගෙවා දමා ශුද්ධත්වය ලබන තැනක්. අපාය වගේ තමයි. හැබැයි සදාකාලික නැහැ. මළවුන් සදහා යාඥා කිරීමෙන් ඔවුන්ව එතනින් ගලවා ස්වර්ගෙට යොමු කරන්න පුළුවන් බවයි කියවෙන්නේ. මැකබීස් 12:42-46. මෙහෙම තැනක් ගැන බයිබලේ යන්තමින් සදහන් වුනත්, මේ වචනේනං බයිබලේ දකින්න ලැබෙන්නේ නෑ. (අඩු ගානේ මං දන්න තරමින් විස්තරේ ඕකයි, තව විස්තර දන්න අය ඉන්නවනං කාටත් දැනගන්න කියන්න)

කොහොම වුනත් මේක මධ්‍යතන යුගයේදී වැඩි වර්ධනය වුන සංකල්පයක්. ඉතාලි කවි ඩාන්ටේගේ Divine Comedy පොතේ Purgatorio කියන දෙවැනි කොටස මේ ගැන කතා කරද්දී විශේෂයි. කියවලා බලන්නකෝ.

ඉතින්, purgatory කියන එකට පැහැදිලි සිංහල වචනයක් මම දන්න තරමින් නැහැ. ඒ මදිවට සුප(ර්)නැචුරල් එකේ තියෙන්නේ ඔය උඩ විස්තර කරලා තියෙන purgatory එක නෙමේ, වෙනම එකක්. අද කතාව බැලුවම තේරෙයි. ඒ නිසා ඉතාම සාර්ථක වචනයක් නොවුනත්, කොයිකටත් ගැලපෙන්න, මම “පාතාල ලෝකය” / “පාතාලය” කියන වචන මෙතන ඉදන් ඉස්සරහට මේ සදහා භාවිතා කරනවා. මේ වචනේ යෝජනා කරපු අයත් කීප දෙනෙක් හිටියා. පාතාලේ කිව්වම underworld වගේ තේරුමකුයි තියෙන්නේ. අනික, මීට කලින් සීසන්වලිදී මම මේ වචනේ භාවිතා කළා “අපාය”ට විශේෂයෙන් “pit” යන්නට සමාන පදයක් විදිහට. (ඒ ඒ වෙලාවට ඔලුවට එන වචන දැම්ම මිසක් මෙච්චර ඉස්සරට සැලසුම් කලේ නැහැනේ 😉 ) ඉතින්, මෙතනින් ඉස්සරහට “පාතාලේ” කියන්නේ Purgatory කියන එක මිස අපායවත්, underworld වත් නෙමේ කියලා සලකන්න. මේ කෙහෙල්මල් කතාවේ ඉස්සරහට underworldනුත් නොඒවා කියලා ප්‍රාර්ථනා කරමු. නැත්නං ඒකට වචනයක් මවන්න වෙනවා 😛

—
අද කතාවේ නම “Family Matters” 90 ගණන්වල ප්‍රහසන වෘතාන්තයක්
අධ්‍යක්ෂණය : ගයි බී (Guy Bee)
ලිව්වේ : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 නොවැම්බර් 5
මීලග කොටසෙන්:
6.08 All Dogs Go to Heaven
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,189 downloadsDownload Supernatural.S06E07.zip100 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,189 downloadsDownload Subtitles100 KB

38 comments

  1. C T K

    ela bro tnks

  2. AsanTha AkiLa

    thanx macho sub ekata ada mama mulinmada koheda :)

  3. Dilip

    thnx bro

  4. nishshanka ruwan

    ස්තුතියි :)

  5. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!

  6. chandima amarasinghe

    niyami...onna bawa.

  7. sajeevi

    thanks

  8. nuwan

    sub walata godaak pin

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. nuwan

    උබ නම් මාර පොරක් බන්...ඇත්තට එල...........

  11. Kushen

    Sub ekata godak thanks Sahoooooooo

  12. udesh

    season 6 mata echcharama gemmak ne wage kalin kotasa supiri balamu mekath kohomada kiyala tnz sub walata digatama ikkmanata demu good luck

  13. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  14. prabhath

    thanks MDG

  15. Oshan

    thanx MDG

  16. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  17. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. KH7

    thanks bro..

  19. Dulan

    Thanks bro !

  20. D.Chamara

    niyamai saho niyamai thanks sub walata.... :D

  21. ඉසි ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  22. ඉමල්ක

    ගොඩක් ස්තුතියි සහෝ

  23. BulBul

    Thanks buddy... :)

  24. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    උපසිරැසියට තුති
    ජය වේවා...

  25. Rasika

    umma kate mage.........

  26. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  27. ඉනූෂ අඹගහවත්ත

    සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම ඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා&gt;….

  28. pubudu

    thankz macho

  29. Rashmika

    ela ela thanks lot MDG saho JAYA WEWA!!

  30. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  31. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  32. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  33. mac

    purgatory=ශුද්ධ ගිනි ස්ථානය
    පාපයන්ගෙන් ශුද්ද වන තුරු තාවකාලිකව වද විදින(ගින්නේ දැවෙන ) තැන

  34. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  35. Vidura Prasangana

    thanx for sub machan

  36. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  37. Rumesh Asanka

    thank you

  38. Anonymous

    season 6 episode 06 eke sub ekamai bn meketh thiyenne 07 eka daapn