Watch Trailer

Supernatural [S12 : E07] with Sinhala Subtitles | ලූසිෆර්ව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේරීට ඩීන්ව හම්බෙලා දඩයම් ජීවිතෙන් අයින් වෙලා ගත කරන කාලේ ඇය කාටත් හොරෙන් දඩයම් ජීවිතේ යෙදිලා තියෙනවා. එහෙම කෙනෙක් තමයි ඒසා ෆොක්ස් කියන්නේ. වර්වුල්ෆ් කෙනෙක් ඒසා කියන පුංචි පිරිමි දරුවා පස්සේ පන්නනකොට මේරී තමයි මැදිහත්වෙලා ඒ වර්වුල්ෆ්ගෙන් ඒසාව බේරගෙන තියෙන්නේ. එදායින් පස්සේ ඒසාට ආසා හිතිලා තියෙනවා ම…

Supernatural S12-1

මේරීට ඩීන්ව හම්බෙලා දඩයම් ජීවිතෙන් අයින් වෙලා ගත කරන කාලේ ඇය කාටත් හොරෙන් දඩයම් ජීවිතේ යෙදිලා තියෙනවා. එහෙම කෙනෙක් තමයි ඒසා ෆොක්ස් කියන්නේ. වර්වුල්ෆ් කෙනෙක් ඒසා කියන පුංචි පිරිමි දරුවා පස්සේ පන්නනකොට මේරී තමයි මැදිහත්වෙලා ඒ වර්වුල්ෆ්ගෙන් ඒසාව බේරගෙන තියෙන්නේ. එදායින් පස්සේ ඒසාට ආසා හිතිලා තියෙනවා මේ දඩයම් ජීවිතේට පය තියන්න. එහෙම හිතුවා වගේම එයා ටිකක් ලොකු එයාගේ මුළු ජීවිතේම දඩයමේ යන එක කරගන්නවා. දඩයක්කරුවන් අතර පවා එයා ජනප්‍රිය වෙනවා. vගොඩක් සුවිශේෂී වෙන්නේ “වෙන්ඩිගෝ” එහෙමත් නැත්තම් එයා එක රැයකින් රාක්ෂයෝ පස්දෙනෙක් මරපු නිසා. නමුත් එක්තරා රාත්‍රියක ඒසා ෆොක්ස්ව මරලා දානවා. මේ අතරේ සෑම් හා ඩීන් හිට්ලර්ව මරලා ගෙදර එනවා වෙනුවට ජෝඩිව වගේම එයාගේ දුවලා දෙන්නව බලලා යන්න එනවා. ඒ එද්දී දුබලා දෙන්නා නම් ඔමාහාවල සතිඅන්තය නතර වෙන්න ගිහින්. මේ අතරේ තමයි ජෝඩිට ඇමතුමක් එන්නේ ඒසා ෆොක්ස් මැරිලා කියලා. එයාගේ මිනිය අද තියලා පහුවදා දවසේ ලුණු දාලා පුච්චන්න හදන්න සියලුම වැඩ ලැස්ති කරලා තිබුණේ. ලුණු දාලා පුච්චනවා කිව්වම වැරදියට හිතන්න එපා දඩයක්කරුවන් හොල්මන්වල ලුණුදාලා මිනියක් හම්බුනාම ලුණුදාලා පුච්චනවනේ ඒ වගේ තමයි මේක මේ දඩයක්කරුවන්ගේ සිරිතක්.  කැනඩාවේ තමයි මේ මළගෙදර තියෙන්නේ. මේක ලොකු ගෙදරක් මේ ගෙදරට හැම දඩයක්කාරයෙක්ම වගේ ඇවිල්ලා. ඉතින් මේ අතරේ මේ තුන්දෙනා ගිහින් කට්ටියව අදුරගන්නවා. සෑම් හා ඩීන් එහෙම දඩයක්කාරයෝ අතර හුගක් ජනප්‍රිය කට්ටිය. මොකද මේ අය ගැන නොදන්නා කවුරුත් නෑනේ. ආපු කට්ටියත් යන්න යනවා. පස්සේ සෑම්, ඩීන්, ජෝඩි වගේම තවත් කිහිප දෙනෙක් නතර වෙලා ඒසා කරපු වැඩ ගැන කතා කර කර ඉන්නකොට මේ ගෙදර කවුදෝ මන්දා කෙනෙක් ඇවිල්ලා එයාලගේ කෙනෙක්ව මරලා දැම්මා.ඒ වෙන කවුරුත් නෙවෙයි බිලී. මතක ඇතිනේ අර රීපර්. අන්න එයා. සුපුරුදූ පරිදි ආත්මයක් අරං යන්නයි එයා ඇවිල්ලා තිබුණේ. මේ ගැන කට්ටිය මුලින්ම දැනගත්තේ නෑ.

මේරී යන්න ගියාට එයා යන්නේ කොහෙද කියලවත් හරිහැටි දැනන් i=හිටියේ නැති නිසා එයා ජෝන්ගේ ජර්නල් එක අරං ඒකෙන් ප්‍රයෝජන අරගෙන තිබුණා. පස්සේ  එයා අදුරන හැම කෙනෙක් ලගටම ගිහින් තිබුණා. ඒත් ඒ යද්දී හැම කෙනෙක්ම මැරිලා. මොකද මේරී හරි නම් ඒ අයගේ වයසේ ඉන්න ඕනේ එක්කෝ මැරිලා ඉන්න ඕනේ. මේ නිසා එයා කෙලින්ම ඒසාව හොයන් එනවා එයා ජීවතුන් අතර ඉන්නවා ඇති කියලා. නමුත් එද්දී එයත් දැනගෙන තිබුණා ඒසා මැරිලා කියලා. මෙයත් මළගෙදරට ආවා. ඒසාගේ අම්මා මේරීට දොස් කිව්වා ඒසා මැරුණේ එයා නිසයි කියලා. පස්සේ කට්ටියටම දැනගන්න ලැබුණා ඒසාව මරලා තිබුණේ වෙන කවුරුවත් නෙවෙයි බකී නිසා කියලා. ඇත්තටම ඒක නම් අත්වැරැද්දක්. අත්වැරැද්ද වුණත් වැරැද්ද වැරැද්දමනේ. නමුත් මේක කොහොවත් හිටිය ජේඑල් කියන ඩීමන්ගේ පිට දාලා බකී එයාගේ ඇග බේරගෙන තිබුණේ. ඩීමන් ජෝඩිගේ ඇගට ආවේශ වුණු නිසයි ඇත්ත දැනගන්න ලැබුණේ. පස්සේ  කට්ටියම ඇත්ත දැනගත්තට පස්සේ ඩීමන් යන්න ගියා. ඒසාගේ මිනිය පුච්චලා යන්න හදද්දී බිලී ඇවිත් මේරීට යෝජනාවක් කළා එයාව මේ ආත්ම්යනේ නිදහස් කරලා ඒ කිව්වේ මරලා ආයේ ස්වර්ගයට යවන්න. නමුත් ඒකට මේරී කැමති වුණේ නෑ. සෑම් වගේම ඩීන් බලාපොරොත්තු වුණේ මේරී ආයේ ගෙදර එයි කියලා. නමුත් ඇය තව ටික කාලයක් එහෙම ජීවත් වෙන්න ඕනි කියලා කිව්වා. එයාගේ මේ අමුතු හැසිරීමත් එක්ක අමුතුම බයක් හිතෙන්නේ මට විතරද? :/ 🙁 .

අද කොටසේ වෙන්නේ ලූසිෆර්ව හොයාගෙන යන එකයි. ක්‍රව්ලි එක්ක කෑස් ටීම් එකක් හදිලානේ හිටියේ කොහොමත්. මේ ටීම් එකට අද සෑම් වගේම ඩීනුත් එකතු වෙනවා. හොයාගන්න පුලුවන් වේවිද? මොනා වේවිද කියලා බලලම ඉන්නකෝ.

ගිහින් එන්නම්. ජය.! සුභ සතිඅන්තයක් වේවා!

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Supernatural.S12E07.720p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 

4,230 downloadsDownload Supernatural.S12E07.Baiscopelk.com_.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,230 downloadsDownload Subtitles29 KB

25 comments

  1. kushani sanjula

    බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්

  2. pasindu madushan

    Thanks for subtitle

  3. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ ජය වේවා ෴

  4. Anuradha Dissanayake

    tnx bro &lt;3

  5. Vihanga

    Hmme thnx ayye, meka denakan iwasillak nathuwa hitiye:)

  6. නවින් නිසල්

    එනකම් බලාගෙන ඉදියේ . තැන්ක්ස් මචන් !! ★★★★★

  7. Gayashan

    එල thanks kollo....,

  8. D

    thank u saho

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. praneeth madu

    ela chamarayo jaya

  11. Gayan Madushanka

    fattai bro

  12. Mahesh

    Sub ekata thanx aaaaaaaa

  13. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා චාමර

  14. Mihindu Sandakelum

    රෙස්පෙක්ට් චාමර
    තෑන්ක්ස් වේවා....

  15. Mihindu Sandakelum

    $ee you in 8th epi.....

  16. DevilD A RuNN

    ~*Supiri*~

  17. Ðêvïñdú Måxx

    thanx bokka

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. vihanga herath

    Thanx ayye,next episode ekath ikmanata denna

  20. Sanju

    Ela sahooo

  21. Dilip Prasanna

    බොහෝම ස්තුතියි

  22. lakshan

    බොහොම ස්තූතියි සහෝ

  23. siraj99

    Ado mt down krnda be na bn

  24. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ