Watch Trailer

Supernatural [S13 : E05] with Sinhala Subtitles | මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

කතාව පටන් ගත්තෙම මැඩිසන් වලදී සිද්දවුනු මරණයකින්. ඒකත් වෙස් බේලි කියන කෙනාගේ මැරුණු බිරිදම ඇවිත් තමයි එයාව මරලා දාලා යන්නේ. මේ අලුත් කේස් එක දැනගත්ත වින්චෙස්ටර්ලා දෙන්නා දඩයමේ යන්න තීරණය කලා. හැමදාම් තනියෙන් දඩයමේ ගියපු සෑම්, ඩීන් දෙන්නා වෙනසකටත් කියලා ජැක්වත් එයාලගේ ගමනට එකතු කරගත්තා. ඇත්තටම මේක…

 

කතාව පටන් ගත්තෙම මැඩිසන් වලදී සිද්දවුනු මරණයකින්. ඒකත් වෙස් බේලි කියන කෙනාගේ මැරුණු බිරිදම ඇවිත් තමයි එයාව මරලා දාලා යන්නේ. මේ අලුත් කේස් එක දැනගත්ත වින්චෙස්ටර්ලා දෙන්නා දඩයමේ යන්න තීරණය කලා. හැමදාම් තනියෙන් දඩයමේ ගියපු සෑම්, ඩීන් දෙන්නා වෙනසකටත් කියලා ජැක්වත් එයාලගේ ගමනට එකතු කරගත්තා. ඇත්තටම මේක සෑම් බල කරලා ඩීන්ට කියපු හන්දයි එක්කගෙන ගියේ. පස්සේ ගිහින් පරික්ෂා කිරීමක් කරලා බලද්දී මේ අයට මුකුත්ම හොයාගන්න ලැබුනේ නැහැ. කොටින්ම මේ අයගේ EMF මීටර් එකටවත්. මේ නිසා මේ අය හිතුවේ වෙස්ගේ බිරිදගේ මිනීවල හාරලා ලුණු දාලා ගිනි තිබ්බම හැමදේම හරියාවි කියලා. ජැක්ව එක්කන් ඇවිත් තිබුනේ සෑම් නෙහ්. ජැක්ට ඕනා උදව් කරන්න. ඒත් ඉතින් ඩීන් කොච්චරවත් කැමති නැහැ ජැක්ව පේනමානයටවත් ලං කරගන්න. මේ අය ලුණු දාලා මිනිය ගිනි තිබ්බම හරි කියලා හිතුවට වැඩි වෙලාවක් යන්න කලින් තවත් මරණයක් සිද්දවුණා. ග්ලෝරියා කියන ගෑනු කෙනාගේ අවුරුදු ගානකට කලින් වතුරේ ගිලිලා මිය ගියපු ස්කොටි කියන තමන්ගේම ළමයා ඇවිත් තමයි ග්ලොරියාව මරලා දාලා ගියේ. මේ අතරේම දැකගන්න ලැබුනා කැස් හරි පාරක් හොයාගෙන අදුරු තැනක ඇවිදිනවා. මේ අතරෙම තවත් මොකෙක්දෝ මන්දා කෙනෙකුත් නිර්මාණය වෙලා එයා පස්සෙන් යන්න පටන් ගත්තා. පොලිසියේ තිබිලා කලින් මැරුණු දෙන්නගේ ජ’නල් වගයක් හොයාගෙන තිබුණා. මේ දෙන්නම තමන්ගේ දුක කියන්න එකම කවුන්සිලයකට ගියපු දෙන්නෙක්. ඉතින් මේ කවුන්සිලය ගැන හොයන්න ඕන නිසා සෑම්, ඩීන් වගේම ජැක් අය හොර රහසේ රෝගීන් වගේ කවුන්සිලයට ගියා.

මේ අය එතනදී කිව්වේ එයාලගේ අම්මා මිය ගියා. ඒ ගැන දුක ප්‍රකාශ කරන්නයි ඕන වුණේ කියලා. මේ තුන්දෙනා බොරුවට අම්මා කෙනෙක් ඇදලා ගත්තට මේරී ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එක ගැන මතයන් දෙකක ඉන්න සෑම් හා ඩීන් අතර බහින්බස් වීමක් ඇතිවුණා. පස්සේ සෑම්ට මේ කවුන්සිලය තියෙන ගෙදර තිබිලා ශිෆ්ටර් කෙනෙක් විය හැකි බවට සාක්ෂි ලැබුනා. මේ අය සැක කලා වගේම එතන හිටිය කවුන්සිලය පවත්වාගෙන ගියපු මියා වැලේන්ස් කියන ගෑනු කෙනා ශේෆ් ශිෆ්ටර් කෙනෙක් කියලා ඔප්පු වුණා. හැබැයි නරක අතට නෙවෙයි. හොද අතට ඉන්න කෙනෙක්. එයා මෙතෙක් කල් කරලා තියෙන්නේ කවුරුහරි කෙනෙක් තමන්ගේ මිය ගිය කෙනෙක් ගැන කියාගෙන දුක කියන්න ආවහම ඒ මැරුණු කෙනාගේ ස්වරූප අරං ඒ අදාළ කෙනාව හමුවෙනවා. හමුවෙලා ඒ අයගේ දුක නැතිවෙන්න වැඩ කරනවා. සමහර අයට සමු දෙන්න බැරි වුණා නම් ඒ අයට සමුදෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් මේ වැඩේ කරන අතරේ තවත් ශිෆ්ටර් කෙනෙක් තමයි මේ මීයාගේ රෝගීන්ගේ ආදරණියන්ගේ ස්වරුපය අරං අදාළ අයව හොය හොය ගිහින් මරලා දාලා තියෙන්නේ. පලිගැනීමක් හැටියට. මියා වගේම ශේෆ් ශිෆ්ටර් කෙනෙකුට තියෙන්න ඕන හැකියාවන් තියෙන කෙනෙක් තමයි බඩි කියන්නේ. ඉතින් මියා හා බඩි අතර සම්බන්ධයක් තිබිලා තියෙනවා. මියා මිනිස්සුන්ට උදව් කලත් බඩිට ඕන කරලා තිබිලා තියෙන්නේ මිනිස්සු දුක් විදිනවා බලන්න. මේ නිසාම මියා බඩිව දාලා ඇවිත් තියෙන්නේ. ඉතින් මේ නිසා මියාගෙන් පලිගන්න කියලා හිතාගෙන තමයි බඩි ඇවිත් තිබුනේ. බඩිව අල්ලගන්න සැලසුම් ගහලා තිබුනත් ඒ හැම සැලසුමක්ම කඩාකප්පල් වෙලා බඩි හැදුවේ මියා, ඩීන්, සෑම් වගේම ජැක්වත් මරලා දාන්න. නමුත් ඉතින් පාවිච්චියට ගන්න බැරි වුනු ජැක්ගේ බලයන් පාවිච්චි කරලා මැරෙන්න ගියපු සෑම්ව බඩිගෙන් බේරගත්තා. මේ සිද්දිය නිසාම තමයි ඩීන්ගේ හිත පොඩ්ඩක් වෙනස් වෙලා ජැක් උදව් කරන්න උත්සහ කරන එක මුල්ම වතාවට අගය කලේ. කැස්ටියල්ව වැටිලා තිබුනේ ඒන්ජල්ලා වගේම ඩීමන්ලා මැරුනහම යන පොදු තැනකට. ජැක් කතා කරපු වෙලාවේ කැස්ටියෙල් ඇහැරුණු නිසාම, අර සත්වයෙක් වගේ නිර්මාණය වෙලා කැස්ටියල්ගේ පෙනුම අරං ආව කෙනාත් ඇහැරිලා. එයා කිව්වේ කස්ටියෙල් ඇහැරිලා ඉන්න එක එයාට නිදාගන්න බාධාවක් කියලා. කොහොමහරි කැස්ටියෙල්ට ඕන වුණේ ආයේ පෘතුවියට එන්නයි. අන්තිමට ඒකත් බලාගන්න පුලුවන් වුණානේ.

දහවන කතාසමය අවසානයේ ඩීන් මාරයව මරලා දානවා හොදටම දැක්කා. හැබැයි මාරයා නම් නම් මැරිලා නැහැ. ඒ හිටිය මාරයා මැරිලා. හැබැයි මිට කලින් ඔයාලට දකින්න ලැබුණු රීපර් කෙනෙක් දැන් මාරයාගේ රාජකාරිය කරන්න පටන් අරන්. ඒ ගැන අද කොටසින් බලාගන්න පුලුවන් වේවි. අද කතාවට වැඩියෙන් මූලිකත්වය ලැබෙන්නේ එවන් හා ෂෝන් කියලා පිරිමි දෙන්නෙක් අතහැරලා දාපු මානසික ප්‍රතිකාර කරන තැනකට ගිහින් ඒකෙ හිටිය හොල්මන් කරපු දොස්තර කෙනෙක් එවන් කියන කොල්ලව මරලා දාලා. අනික් කෙනා බයවෙච්ච පාරට මානසිකව වැටිලා. නිකන්ම දොස්තර කෙනෙක් නෙවෙයි. ඒ දවස් වල විවිධ මානසික රෝග හැදුනු අය එහෙට ගියාම කරලා තියෙන එකම ප්‍රතිකාරේ. මොලේ පසු කොටස කපලා අයින් කරපු එක. ඒ නිසා මිනිහා හොල්මන් කරන්නෙත් හිල් විදින එකක් අරගෙනමයි. මේ ඔක්කොම විස්තරත් එක්ක

කැස් කොහොමද වින්චෙස්ටර්ලා දෙන්නට ආයේ එකතු වෙන්නේ කොහොමද කියලා බලාගන්නත් අද කොටස බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!

 

   

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,772 downloadsDownload Supernatural-13x05-1.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

12,772 downloadsDownload Subtitles25 KB

33 comments

  1. malith

    sub ekata Thank you ela

  2. SULAKSHANA MIHIRANGA

    Thank for sub

  3. Devinda

    Ty Malli.Gdk Pin....

  4. Ishanka

    Thanks bro

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sandun

    Subata thanks

  7. Sajith Anthony

    උපැසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Charushika

    ගොඩක් ස්තුතියි සහෝ.......

  9. Kasun Widusha

    Tnx sahoo

  10. Dinusha

    tnz mcn ikmnta dunnata

  11. Sanjaya

    බොහොම ස්තූතියි ☺☺☺
    ජය වේවා..!!

  12. Crazy guy

    Macho upasirasiya ganna bane

  13. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  14. lasitha

    bro sub aka download karana aka yatin show ake link akath danna berida?

  15. nisha

    thanks

  16. madusara manawasinghe

    එල නියමයි බ්‍රෝ.
    ජයවේවා!

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  18. Sanath Perera

    thanks machan sub eka aran awata...
    me kotasa enakan balagena hitiye....
    ela kiri wadak ban...
    jayen jaya...

  19. Dimuthu Lakmal

    ela sub akata thanks

  20. D.Chamara

    niyami sahooo niyamai degatama karagena yamoo jaya

  21. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  22. Sandaru Madurapperuma

    ela

  23. isuru madhushan

    Niyamai bro

  24. Hashith Milan Eranga

    Thanks bro.

  25. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. ‌lahiru

    tanxxx broo

  28. Hinniyaka

    dodak sthuthi

  29. Sajithlakshan

    බොහොම ස්තූතියි

  30. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  31. Amila Mudalige

    Sub ekta Thanks

  32. Sandarunimsara

    Sub ekata tnx bro

  33. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා....❤️❤️❤️