Watch Trailer

The Blacklist [S05 : E07] with Sinhala Subtitles | කිල්ගැනන් සමාගම! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතු වෙන්නේ කළුලැයිස්තුවේ පස්වෙනි සීසන් එකේ හත්වෙනි කොටසත් එක්කයි. හොදයි සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන අවධානය යොමු කරමු. ලිස් සහ ටොම් දෙදෙනාගේ විවාහය සිදුවුනා මතක ඇති කියලා හිතනවා. ඒ දෙන්නා කලින් විවාහ වෙන්න හදපු වෙලාවෙත් ඒක ව්‍යාර්ත වුනේ රෙඩින්ටන්ගේ මැදිහත්වීම නිසා කියලත් මතක ඇති කියලා හ…

හොදයි මේ එකතු වෙන්නේ කළුලැයිස්තුවේ පස්වෙනි සීසන් එකේ හත්වෙනි කොටසත් එක්කයි. හොදයි සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන අවධානය යොමු කරමු.  ලිස් සහ ටොම් දෙදෙනාගේ විවාහය සිදුවුනා මතක ඇති කියලා හිතනවා. ඒ දෙන්නා කලින් විවාහ වෙන්න හදපු වෙලාවෙත් ඒක ව්‍යාර්ත වුනේ රෙඩින්ටන්ගේ මැදිහත්වීම නිසා කියලත් මතක ඇති කියලා හිතනවා.  ඒ වගේම තමයි පසුගිය සතියෙදී සංචාරක ඒජනස්යික් පවත්වගන යන මුවාවෙන් වසර ගනනක් තිස්සේ මිනීමැරුම් සිදු කරලා පස්සේ නිහඩව කාලය ගත කරපු කණ්ඩායමක් ඝාතනය වෙන්න ගත්තා මතක ඇතිනේ. අන්තිමට අපිට දැනගන්න ලැබුන විදියට මිනීමැරුම් සිදු කරපු ඝාතකයාගේ බිරිඳ තමයි ඔහු ලවාම ඔහුගේ සමාගමේ අයව මරවලා තියෙන්නේ. ඒ ඝාතකයාට කෙටි කාලීන මතක අමතක වෙන රෝගයක් තිබුනා මතක ඇතිනේ. ඉතිං අවසානයට රෙඩින්ටන්ගේ උදව්වෙන් මේ සංචාරක ඒජන්සියට සම්බන්ධ නොවිසඳුනු මිනීමැරුම් දුසිම් ගනනක් එළිකරගන්න පුළුන් වුනා. ඒ වගේම තමයි නික් කෝප්‍රල්ගේ මරණය හැමෝටම මතක ඇති කියලා හිතනවා. කෙලින්ම නොවුනත් නික්ගේ මරණයට ටොම් වක්‍රාකාරව හරි වගකින්න ඕන කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ඔබට මතක ඇති රෙඩින්ටන් දැන් දන්නවා කැප්ලන් සූට්කේස් එක දුන්නේ ටොම් කීන්ට කියලා. රෙඩින්ටන් ඒ ගැන ටොම්ගෙන් ප්‍රෂ්න කලානේ. හැබැයි මට නම්හිතෙන්නේ මේ වෙනකොට ටොම් ජීවතුන් අතර ඉන්නේ ලිස් ටොම්ට ආදරය කරන නිසා විතරයි කියලා.

හොදයි එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙන් කියවෙන්නේ බෝට්ටුවෙන් පිටරටවලට හොරෙන් මිනිස් ජාවාරමේ යෙදෙන සමාගමක් ගැනයි. අපි නොදැන හිටියට රෙඩින්ටන් එයාගේ ව්‍යාපාර කඩන් වැටෙන්න කලින් මේ වගේ ව්‍යාපාරයක යෙදිලා තිබුන බව අපට දැනගන්න ලැබෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා ‍කතාව බලනකොට ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි අද ඩෙම්බේ වෙස්වලාගන මෙහෙයුමකට යනවා, මේ මිනිසුන් හොරෙන් රට රටවලට අරන් යන සමාගම අල්ලගන්න ලිස් ඇතුළු පිරිසට උදව් කරන්න. සූට්කේස් එකේ කතාවත් දිගටම ගලාගන යනවා බලාගන්න පුළුවන්. අද ටොම් ලීනා ඒ කියන්නේ පීට්ගේ පෙම්වතිය එක්ක එකතු වෙලා පීට්ව හොයාගන යනවා. ඒක අවසන් වෙන්නේ නම් ටොම් සහ ලීනා කවදාවත් හිතුවේ නැති විදියටයි. ඒ වගේම තමයි ලීනාට පසුගිය කොටසේදී තර්ජනය කරපු කෙනා කාගේ අණක් යටතේද ඒක කලේ කියලත් අපිට අද දැනගන්න ලැබෙනවා.හොදයි එහෙමනම් කතාව බලන්නකෝ. මීළඟ කොටසින් හමුවෙමු

 

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

4,653 downloadsDownload The-Black-list-S05E07.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

             

Subtitles

4,653 downloadsDownload Subtitles81 KB

13 comments

  1. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝදරී සිංහල උපසිරැසියට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    1. Madura J. Kawshalya

      OMG 1st comment .

  2. Charith Madhusanka

    Thanks sis!

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට!

  4. Shenin Perera

    බොහොම ස්තූති සින්හල උපසිරැසියට :>)

  5. Devaka Sadaruwan

    ඉක්මනටම උපසිරැසිය අරගෙන ආවට ස්තුත්යි අක්කා..
    ලිපියේ අද කොටස ගැන ගොඩාක් නොදානවානම් පුද්ගලිකමව මම නම් කැමති

  6. රන්දික

    තැංකූ අක්කේ.. ලෙසටම වැඩේ කරනව.. සදා ජය...!

  7. Jeewantha

    ඉක්මනින්ම සබ් දුන්නට බොහොම ස්තුතියි.

  8. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. podda

    thanks . niyemeta thiyenawa

  11. Sajithlakshan

    බොහොම ස්තූතියි

  12. Anonymous

    Thnx sub ekta ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.